Showing posts with label President speeches. Show all posts
Showing posts with label President speeches. Show all posts

Jan 6, 2015

මහින්ද රාජපක්‍ෂ - "අනාගතයට සුරක්‌ෂිත රටක්‌ ගොඩනගනවා

06 Jan 2015
අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත රටක්‌ ගොඩනගා ඔවුන්ට සුබ අනාගතයක්‌ ඇති කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 වැනිදා) පැවසීය.
දෙබරවැව පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් ඒ බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 දා) අම්බලන්ගොඩ, මතුගම සහ කැස්‌බෑව යන ප්‍රදේශවල පැවති අවසන් ප්‍රචාරක රැලි කිහිපයකට ද සහභාගි විය. මැතිවරණයක්‌ නිසා උපන් මවුබිම බෙදීමට තමන් කිසිවිටෙකත් කටයුතු නොකරන බවත් උතුරේදීත් දකුණේදීත් කියන දෙය කරන නායකයකු වන තමා රට පාවා දෙන ඉල්ලීම්වලට එකඟ නොවන බවත් හෙතෙම කීය.
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු කෙරෙන යෝජනා සඳහන් වුවද මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නා තමන් ඊට කිසි ලෙස ඉඩ නොදෙන අතර එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශ කුණු බක්‌කියට විසිවනු ඇතැයි ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය. සෘජු ප්‍රතිපත්ති ඇති නායකයකු වන තමා ප්‍රභාකරන් වැනි අයට බියේ පැන නොගිය බවත් ඉදිරියටත් ජීවත්වන්නේ මේ රටේම බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

I will win by huge margin: Mahinda
2015-01-05 23:55:44
http://www.dailymirror.lk/60419/i-will-win-by-huge-margin-mahinda

Jan 5, 2015

මහින්ද රාජපක්‍ෂ - මම ගෙන්දගම් පොළව පෑගුවේ මගේ හිටපු ලේකම්ටත් කලින්

05 Jan 2015

"මම ගෙන්දගම් පොළොව පෑගුවේ මගේ හිටපු ලේකම්තුමාටත් කලිනුයි. ඒ නිසා මාව අන්දන්න අමාරුයි. එංගලන්තය, ඉන්දියාව, ඇමරිකාව හැම තැනින්ම මාව අන්දන්න හැදුවා ඒත් බැරිවුණා. දැන් ඔහු මෝදිට ඇඳලා. විහිළු සපයනවා. නමුත් ජනතාව මේවාට කිසිසේත් රැවටෙන්නේ නැතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (03දා) ගිනිගත්හේන මහනුවර, ඇහැලියගොඩ හා කන්තලේ නගරවලදී පැවැති ජනරැලිය අමතමින් පැවැසීය.
එහිදී මෙම රැළි අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
අනුකම්පාව ගැනීමට කරන සංදර්ශන තුළින් ඵලක්‌ නොවන බවත් ජනාධිපති මැතිවරණය විහිළුවකට නොගන්නා ලෙසත් ඒවාට බුද්ධිමත් ජනතාව රැවටිය නොහැකිය බවත් සඳහන් කළේය.
මේ රට රුදුරු ත්‍රස්‌තවාදයෙන් මුදවාගෙන අපි ශීඝ්‍ර සංවර්ධනයක්‌ කරමින් පවතිනවා. මෙම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳව අපි පෞද්ගලිකවම සොයා බලනවා. ශ්‍රීපාද අඩවිය පිහිටි මෙම ප්‍රදේශය බෞද්ධ, හින්දු, මුස්‌ලිම් ජනතාව එකට ජීවත්වන ආසනයක්‌ නිසා අපි ඒ තීන්දුව විශේෂයෙන් අරගෙන තිබෙනවා. මේ කාලයේ බොරු ප්‍රචාර ගෙනියනවා. රැස්‌වීමක්‌ තියන්න බෑ. හිස්‌ පුටු දෙකක්‌ තියනවා. නුවරදී පුටු 04 ක්‌ තියලා තිබ්බා. මේ අය කියනවා ඔන්න දැන් ලොක්‌කෙක්‌ එනවා දැන් එනවා කියලා. අන්තිමට ලොක්‌කත් නෑ කවුරුත් නෑ. අට වෙනිදා උදේටත් සමහර විට මේ අය කියයි මහින්ද රාජපක්‍ෂත් අස්‌වෙලා එයි කියලා. ඒවායින් නවත්වන්නේ නෑ. මේ අය දැන් සංදර්ශනයක්‌ පවත්වනවා. පසුගිය දවසේ එක්‌කෙනෙක්‌ එනවා කියලා එයාට උගන්වනවා. තමුන්නාන්සේලා ඒක රූපවාහිනියෙන් දකින්න ඇති. එයාට උගන්වනවා කියන්න ඕන දේවල්. අන්තිමට මරන්න ඉන්න බව කියන්න කියලා උගන්නනවා. මේක තවත් අයෙක්‌ පටිගත කරල ටී. වී. එකේ පෙන්නුවා. මේ රඟපෑම, බොරුව එතනින් නැවතුනේ නෑ. නිළියකට ගැහුවා කියලා බොරු රඟපෑමක්‌ කළා. මේ බොරු දේවල් වලට ජනතාව රවට්‌ටන්න බෑ. චිත්‍රපටි, ටෙලිනාට්‍ය හදනවා වගේ දේවල් දවසින් දවස ඉදිරිපත් කරනවා. ඒ විතරක්‌ නෙවෙයි මේ ළඟදී ගල් ගහපු කථාවක්‌ කියනවා. තව ටික දවසකින් මොනවා කර ගනීද දන්නේ නෑ. මම කියනවා මගේ හිටපු ලේකම්ට අනුකම්පාව ගන්න කරන මේ බොරු සංදර්ශන වලින් වැඩක්‌ නෑ. මේක ජනාධිපති මැතිවරණයක්‌. විහිළුවක්‌ විදිහට සලකන්න එපා කියලා.

දැනට මාස කීපයකට පෙර රාජිත සේනාරත්න මහතා මට කීවා ජාත්‍යන්තරයේ, කොටි සංවිධානයේ කුමන්ත්‍රණයක්‌ තිබෙනවා. අපේ මන්ත්‍රීවරු දෙන්නෙක්‌ අරගෙන ඒ දෙන්නා හරහා මේ ආණ්‌ඩුව පෙරළීමේ වැඩපිළිවෙළක්‌ තිබෙන බව. එයා කීවා තවත් කට්‌ටිය ගන්න බලනවා. අපේ පක්‍ෂයේ කෙනෙකුට නායකත්වය දීලා මේ කුමන්ත්‍රණය කොටියන් විසින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබෙන බව. මම වගකීමෙන් මේ කථාව කියනවා. රාජිත සේනාරත්න මහතා එහෙම කීවා. දැන් මේ කුමන්ත්‍රණය එළිවෙලා බලනකොට මිනිහත් මේ කුමන්ත්‍රණයට අහුවෙලා. එක දවසක්‌ කියනවා මහාරජාණෝ කියලා. අනික්‌ පාර මම මුරුංගා අත්තේ තියලා හිටියා. මම ඔහේ හිටියා කඩන් වැටෙයි කියලා. දැන් කියනවා මම එක එක ඒවා කියන්නේ නෑ කියලා. එක එක්‌කෙනා කියලා මාව ඇන්දුවා කියලා. බලනකොට මගේ හිටපු ලේකම්තුමානේ මාව අන්දන්න හදලා තියෙන්නේ. මම ගෙන්දගම් පොළව පෑගුවේ එයාට ඉස්‌සරවෙලා. ඒක නිසා මාව අන්දන්න අමාරුයි. එංගලන්තේ, ඉන්දියාවේ, ඇමෙරිකාවේ හැම තැනින්ම මාව අන්දන්න හැදුවා. මාව අන්දන්න බැරිවුණා. දැන් කවුද මෝඩිට ඇඳල ඉන්නේ? තමන් ඉන්න විදිහට ඉන්න එපැයෑ දෙවියනේ. මේක විහිළුවක්‌ කර ගන්න හොඳ නෑ. මම හිතනවා ජනතාව රවට්‌ටන්න හොඳ නෑ කියලා.

Jan 4, 2015

Mahinda pledges to restore honour and dignity of northerners

03 Jan 2015
President’s tour of Jaffna
January 2, 2015, 8:16 pm

President Mahinda Rajapaksa yesterday pledged to restore the honour and dignity of the people of Jaffna and the Northern Province. He was addressing the Momentum Forum in Jaffna for professionals in Jaffna.  President Rajapaksa said that support would also be given to set up high tech industries and business off-shoring centres so that new high-paying employment opportunities could be created for the seeking and deserving youth of Jaffna.

The highlights of President Rajapaksa’s speech: "I am very happy to speak to you today at this historic city. This is a place with a great record in the freedom struggle of our country. It was Handy Perinpanayagam, the Jaffna Youth Leader, who made the first call for freedom from colonial rule for our motherland. The great Arumugar Navalar will always be remembered for the contribution he made for education in Jaffna and the country. Jaffna has also produced many other great Sri Lankans in politics and statesmanship such as Sir Ponnambalam Arunachalam and Sir Ponambalam Ramanathan, whose names will always be remembered with honour and national pride.
When I reflect on Jaffna and about the people of Jaffna, there is something very special that strikes me. This is the identity of the people of Jaffna with hard work commitment to good education, dedication to duty and the achieving of excellence in one’s work.  Over the years you have given strength to every aspect of social life, from the best of education to highest standards in administration, and outstanding academic achievements. You have stood out for the contributions you made to the progress of our country and the advance of society.  I am glad to note today that many of you are still carrying on this great tradition of service to the nation.

Jan 3, 2015

රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇත්තේ විපක්‍ෂ නායකකම රැක ගැනීම පමණයි - ජනාධිපති

03 Jan 2015
නායකත්වයක්‌ නැති එජාප නායක
රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇත්තේ  කවුරුන් හෝ බිල්ලට දී විපක්‍ෂ නායකකම රැක ගැනීම පමණයි   - ජනාධිපති මිනුවන්ගොඩ දී කියයි
හකීම්ලා වෙන්වෙලා ගියාට අපි පුදුම වෙන්නේ නෑ - ඇමැති දිනේෂ් ගුණවර්ධන
මේ යහපාලන නඩේ පෙන්නලා බෙදුම්වාදී  කැත අක්‌කා පෙළවහකරලා දෙන්නයි හදන්නේ   - ඇමැති විමල් වීරවංශ


නායකත්වයක්‌ නැති එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අද අවශ්‍යව ඇත්තේ කවුරුන් හෝ බිල්ලට දී විපක්‍ෂ නායකකම රැකගැනීම පමණක්‌ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
සිරිසේන මහත්තයට අමාත්‍යාංශ තුනක්‌ භාරදුන් බවත්, ඒ එකක්‌වත් ඔහුට හරියට කර ගැනීමට නොහැකිවූ බවද ජනාධිපතිවරයා පැවැසීය.
මිනුවන්ගොඩ නගරයේ දී පසුගිය 30 වැනිදා පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මෙවර ජනාධිපතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරිපත්වෙලා නෑ. 2010 වසරේදීත් ඔවුන්ගේ පක්‍ෂයෙන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණා. ගියපාර මගේ හමුදාපති අරගෙන දැමුවා. ඒකට අපේ කෙනෙක්‌ අහුවුණා. මහින්ද රාජපක්‍ෂ නම කිව්ව පමණින් මොවුන් වෙව්ලනවා. ඒ නිසා ඔවුන් ඉදිරිපත් නොවී මගහැරලා ඒ සඳහා කවුරු හෝ කෙනකු හොයාගන්නවා. මේ වගේ අයටද අපි රට භාරදෙන්නේ. එක්‌සත් ජාතික පක්‍ෂයට අද නායකත්වයක්‌ නැහැ. කවුරුහරි බිල්ලට දීලා පක්‍ෂ නායකකම, විපක්‍ෂ නායක ධුරය රැකගැනීමට වික්‍රමසිංහ මහත්තයට අවශයි. ඉන් එහාට වෙන කිසිදෙයක්‌ නැහැ.
දැන් මේ අය කියන්නේ මොකක්‌ද? වසර දහයක්‌ ඉතා දරුණු ඒකාධිපතියෙක්‌ රට පාලනය කළාලු. මේ සොඳුරු ආඥදායකයා යටතේ හරි අමාරුවෙන් සිටියලු. අවුරුදු දහයක්‌ මේ ආණ්‌ඩුව වැරදි කළාලු. එහෙම වැරදි කළා නම් ඒ වැරදිවලට සිරිසේන මහත්තයත් වගකියන්න ඕනෑ නැද්ද? මේ ආණ්‌ඩුව වැරදි කළා නම් සෑම කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ම සාමුහිකව වගකිව යුතුයි.

Jan 2, 2015

මහින්ද රාජපක්‍ෂ -පොදු විපක්‍ෂයේ අරමුණ රට කෑලි කෑලි කඩන්නයි

රටේ හාල් මිල පාලනය කළේ පොළොන්නරුවේ සිරිසේන සහෝදරයෝයිපොදු විපක්‍ෂයේ අරමුණ රට කෑලි කෑලි කඩන්නයි 
- මහින්ද රාජපක්‍ෂ
රාජ්‍ය දේපළ විකිණු චන්ද්‍රිකා අද යහපාලනය ගැන කතා කරනවා
- බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග
තමන්ට නටවන්න පුළුවන් ශ්‍රී ලංකාවක්‌ හදන්න
බටහිර රටවල් විපක්‍ෂයට සල්ලි පොම්ප කරනවා
- ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකගේ පෙරමුණ කැඳ හැලියක්‌
- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ආර්ථික විද්‍යාවේ මූලධර්මවත් සිරිසේන දන්නේ නැහැ
- ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා
මෛත්‍රී පිල විදේශිකයන්ගේ රූකඩයක්‌
- ඇමැති සරත් කුමාර ගුණරත්න
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්‌. මේ මැතිවරණයේ ප්‍රතිඵල මත රටේ ඒකීයභාවය අපේ දරුවන්ගේ නිදහස්‌ අධ්‍යාපනය සහ ඔවුන්ගේ යහපත් හෙට දවස ගැන තීරණය වෙනවා යෑයි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
මීගමුව, ක¹න, කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශවල 30 වැනිදා පැවති ජනහමුවලට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මෙම ජනහමු ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
පොදු විපක්‍ෂයේ ප්‍රධාන අරමුණ රට කෑලි කෑලිවලට කඩා එහි පාලන කටයුතු ජාතිවාදීන්ට පාවාදීමයි. රටේ මෙතෙක්‌ පවතින නිදහස්‌ අධ්‍යාපනයට මිනීවල කපන්නත් ඔවුන් සූදානම්. අද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම කියනවා තාක්‍ෂණ අධ්‍යාපනය හදාරන සහ විශ්වවිද්‍යාලවලට යන අපේ දීප්තිමත් දරුවන්ගෙන් එම අධ්‍යාපනය සඳහා මුදල් අයකරන බව. මෙය නිදහස්‌ අධ්‍යාපනයට වළ කැපීමක්‌. රටේ නිර්ධන පංතියෙන් උගතුන් බිහිවුණේ නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන්. මේ අය බලය ඉල්ලන්නේ දුප්පතුන්ට රජයෙන් දායාද කළ නිදහස්‌ අධ්‍යාපනය මරා දැමීමට දැයි ජනතාව ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි. අද යහපාලනය ගැන කතාකරන කණ්‌ඩායමේ සිටින හිටපු ධීවර ඇමැතිවරයා ධීවර දුක කියන්න ධීවර අමාත්‍යාංශය වෙත පැමිණි ධීවරයන්ට මැරවරයන් ලවා එලව එලවා පහර දුන්නා. අද මේ අය යහපාලනය ගැන කතාකරනවා. රටේ හාල් මිල පාලනය කළේ පොළොන්නරුවේ සිරිසේන සහෝදරයින්. අසරණ ගොවි ජනතාව පීඩනයට පත් කර ගොවීන්ගේ වී තොග වශයෙන් කුණුකොල්ලයට ගෙන රටේ ඇති කළ හාල් මිල පාලන ඒකාධිකාරය ජනවාරි මස 8 වැනිදායින් පසු සදහටම නැතිකර දමනවා.

Dec 31, 2014

30 Dec 2014
Video: I’ll get more votes from North at this election-MR


President Mahinda Rajapaksa in an interview with Tamil Nadu TV station Thanthi TV said he would get more votes from Tamils in the North than the last time.
“I have a strong feeling that I might get more than last time. Last time I got some 18 % or 20% from the Tamils in the North, but this time I might get about 30 to 35 %,” the President said while expressing confidence that he would win the election easily.

He said the northern people especially the youngsters would always think about their future.
Speaking about the support from Tamils of Indian origin, the President expressed confidence that he would be able to get more votes this time.
“I am confident of retaining the support of the Tamils of Indian origin. It is natural that some politicians are going and coming, but the main man, CWC Leader Arumugam Thondamam is with me. I am sure to get more votes than the last time from upcountry Tamils,” the President said.
 http://www.dailymirror.lk/60015/video-i-ll-get-more-votes-from-north-at-this-election-mr
30 Dec 2014
ෙද්‍රdaහීන්ට අනාගතය බාර දෙනවද?
ගොවියා, පොහොර සහනාධාර අමතක කරපු
රෑට එකට කාලා උදේට පනින 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
පොළොන්නරුවෙන් ආපු විපක්‍ෂයේ අපේක්‌ෂකයා ගොවි ජනතාව, පොහොර සහනාධාරය අමතක කිරීම ෙද්‍රdaහිකමක්‌ නොවෙයිද? මේ අය ඉතිහාසය අමතක කරලා. ඉතිහාසය අමතක කර රටක ජීවත්විය නොහැකි යෑයි ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
අපි ළඟත් මුනාසික්‌ලා හිටියා. රෑට කෑම කාලා උදේට පනිනවා. මා කිව්වොත් කිව්වමයි, ගිය අය නැවත කිට්‌ටුවකට ගන්නේ නෑ යෑයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මාතලේ නගරයේදී ඉකුත් 26 වැනිදා පැවැති 2015 ජනාධිපතිවරණ ජනරැලියට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,
ජනාධිපතිවරණය සඳහා සූදානම් වන වෙලාවේ රට පුරා තිබෙන රැස්‌වීම්වලට ගිහින් අපි ජනතාව මුණගැසුණා. අද මේ ප්‍රදේශයට පැමිණියා. මේ මහා වර්ෂාව මධ්‍යයේ පළාතටම ගංවතුර ගලලා තිබෙන වෙලාවක ඔබ අප වෙනුවෙන් අද මෙම ස්‌ථානයට පැමිණීම පිළිබඳව මගේත්, සන්ධානයේත් ගෞරවය හා ස්‌තුතිය පුද කෙරෙනවා.
මාතලේ කියන්නේ මහා ඓතිහාසික උරුමයක්‌ තිබෙන පළාතක්‌. නිදහස්‌ අරගලය තුළ මාතලේ අමතක කරන්න බැහැ. මාතලේ ආර්ථික හා සමාජීය වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක්‌. ඒ වගේම ඔබ අප සමඟ හැමදාම සිටියා. මේ මාතලේ ඓතිහාසික පැරණි දේශපාලන නායකයන් ඉන්නවා. බණ්‌ඩාරනායක මැතිතුමාගේ කාලයේ ඉඳලා ටී. බී. තෙන්නකෝන් මහතා එදා දඹුල්ල නියෝජනය කළා. ඒ වගේම මගේ මිත්‍ර මොන්ටි ගොපල්ලව මහතා ගෞරවයෙන් මතක්‌ කරනවා. එස්‌. බී. යාලේගම, චන්ද්‍රසේන මුණවීර වැනි දැවැන්තයන් මේ ප්‍රදේශයෙන් අපේ පක්‍ෂයට ශක්‌තිය ලබා දුන්නා. 89 - 90 යුගයේ මම මේ පළාතේ ටයර් සෑයවල පිළිස්‌සෙන තරුණ තරුණියන්ගේ විස්‌තර සොයාගෙන මව් පෙරමුණ හදන්න අම්මාවරුන් සොයාගෙන මම ආපු ගමන මට මතක්‌ වෙනවා. නන්දිමිත්‍ර සහෝදරයා වැනි අය එකතු වෙලා එදා අපි මව් පෙරමුණ හැදුවා. අද එවැනි යුගයක්‌ සමහරුන්ට අමතක වෙනවා. ඒ පරිසරය අමතක වෙනවා.

Dec 29, 2014

29 Dec 2014
විපක්‍ෂයේ පොරොන්දු කොළ කෑල්ල 9 වැනිදා කුණු කූඩයට යනවා
එදාටත් ජනපති මමයි එනිසා බියවිය යුතු නැහැ
ජනපති මහින්ද රාජපක්‍ෂ

කොටි ඡන්දවලින් ජාතියේ ඉරණම තීන්දු කරන්න දෙන්න බැහැ
ඇමැති විමල් වීරවංශ


මෙය ගම්සභා ඡන්දයක්‌ නොවෙයි. රටක්‌ පාලනය කරන්න භාරදෙන මැතිවරණයක්‌. ඒ නිසා ආවට ගියාට මොනව හරි කොළ කෑල්ලක ලියලා ජනතාව රවටා ඡන්ද ගන්න සූදානම් වන්නේ නම් එය මහා පාපයක්‌ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පසුගිය 25 වැනිදා පස්‌වරුවේ පැවති ජනාධිපතිවරණ ජනහමුවට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී රැස්‌ව සිටි ජනතාව ඇමැතූ ජනාධිපතිවරයා,

මේ ධාරානිපාත වර්ෂාවේ තෙමි තෙමී මෙතරම් වේලාවක්‌ රැඳී සිටීම පිළිබඳව තමුන්නාන්සේලාට මාගේ ප්‍රණාමය පිරිනැමෙනවා. එදා 2005 දී වගේම 2010 දීත් මේ දකුණු පළාතේ ජනතාව අපි කෙරෙහි වැඩිම විශ්වාසයක්‌ තබා කටයුතු කළා. ඔබ ලබා දුන් ඒ වරම්වලින් අපි හරියට රටට අවශ්‍ය දේ ඉටු කළා.
මේ ගාලු නගරයේ මේ ස්‌ථානයට ආවම අපිට දේශපාලනයේ ඉතිහාසය මතක්‌ වෙනවා. එදා අපි පාද යාත්‍රා යන විට, පළාත් සභාව ගන්න කොට අප සමග සිටි දොඩංගොඩ, රිචඩ් පතිරණ මැතිතුමන්ලා අමතක කරන්න බැහැ. ඒ වගේම දහනායක මහත්තයා අපිට අමතක කරන්න බැහැ.

Dec 28, 2014

27 Dec 2014
මගේ අයවැය කොපිකර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා
නායකයෝ කළ යුත්තේ අඬන එක නොවෙයි;
අඬන ජනතාවගේ දැස්‌වල කඳුළු පිසදැමීමයි 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

නායකයෝ ඉන්න ඕන ජනතාවගේ කඳුළු පිසදමන්න මිස ඉකිගසමින් අඬන්න නොවෙයි. අද මේ අය මේ ජනතාව ඉදිරියට ඇවිත් කිඹුල් කඳුළු හෙළනවා. ඔවුන් කඳුළු සලන්නේ ජනතාව වෙනුවෙන් නොව ඔවුන් වෙනුවෙන් යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
විපක්‍ෂ අපේක්‍ෂකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමාගේ අයවැය කතා එහාට මෙහාට කරලා කොපිකරලා හදිසියේ සකස්‌ කළ පොතක්‌ යයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රත්නපුර මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය 22 දා
පැවැති ජනාධිපතිවරණ ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
අති විශාල ජනතාවක්‌ රැස්‌ව සිටි එම ජනහමුව අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. තමුන්නාන්සේලා මට හැමදාම වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක්‌ රත්නපුරයෙන් ලබාදෙනවා. ඒනිසා මට හැමදාම තමුන්නාන්සේලා විශ්වාසයි. අපි රත්නපුරයට යටිතල පහසුකම් වැඩිපුර ලබාදී තිබෙනවා.
දැන් ඔබට කොළඹ යන්න පැය කීයක්‌ ගතවෙනවාද? තව අවුරුදු දෙකකින් ඔබට කොළඹට යන්න ගතවෙන්නේ පැය භාගයයි. එපමණක්‌ නොවෙයි දුම්රියත් මෙහාට එවනවා. අපි දුම්රිය උඩවලවටම ධාවනය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. එවිට මේ දුම්රිය මාර්ගය මාතර සිට කතරගමට දික්‌වන දුම්රිය මාර්ගයට එකතු වෙනවා. මෙයයි සැලැස්‌ම. වැඩපටන්ගන්නයි හදන්නේ.

Dec 27, 2014

27 Dec 2014
පොදු අපේක්‍ෂකයා මගේ අය වැය කොපිකළා වගවිභාගයක්‌ නැති ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ සෑදූ නායකයන් විශ්වාස කළ හැකිද?
ජනපති රුවන්වැල්ලේදී 

පොළොන්නරුවේ කෝටිපති පවුලක්‌ 
පිරිසිදු පාලනයක්‌ ගැන කථා කරනවා
ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා

විපක්‍ෂයේ අපේක්‍ෂකයා තම අයවැය කොපි කර කිසිදු වගවිභාගයකින් තොරව හදන ලද ලියවිල්ලක්‌ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ඉදිරිපත් කොට ඇති බවත් එවැනි නායකයන් පිළිබඳ ජනතාවට විශ්වාස තැබිය හැකි දැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙම අදහස්‌ පළ කළේ 2015 ජනාධිපතිවරණ සටනේ විජයග්‍රාහී රුවන්වැල්ල ජනරැලියට රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පසුගිය දා එක්‌වෙමිනි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‌ෂක, ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණෙන් සංවිධාන කෙරෙන ජනරැලි මාලාවේ රුවන්වැල්ල ජනරැලිය ද අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
අද මෙතැනට මුළු තුන් කෝරළයේම, මුළු සතර කෝරළයේම ජනතාව අපට සහයෝගය දක්‌වන්න පැමිණ සිටිනවා. මේ මහා ඓතිහාසික ප්‍රදේශයක්‌. ඔබ පැවත එන ඒ මහා රජ උරුමයන්ගෙන් හා මේ රට වෙනුවෙන් පෙනී සිටිය උරුමයක්‌ තිබෙන පිරිසකගේ නිජබිමක්‌. මේ රටේ හිටපු වමේ නායකයන්ගේ නිජබිමක්‌. අපි හැමවෙලාවෙම ඒ ඒ ප්‍රදේශවල මේ රට වෙනුවෙන් සේවය කරපු පැරණි නායකයින්, අප රට වෙනුවෙන් ඉදිරිපත් වුණු වමේ නායකයින් සැමරීම අපේ යුතුකමක්‌ ලෙස හැම වෙලාවේම සළකනවා. 

Dec 25, 2014

24 Dec 2014
ලෝකයේ දියුණු ජාතීන් අතරට ඔසවා තබන
මහින්ද චින්තනයේ තුන්වැනි අදියර අලුත් පරම්පරාවක්‌ ගොඩනැගීමටයි  - මහින්ද රාජපක්‌ෂ

  • මට තියෙන්නේඑක ගිවිසුමයි   ඒ මහින්ද චින්තනයයි
  • එක කැසිනෝ බලපත්‍රයක් බාර්ලයිසන් එකක්‌ නොදුන් දෑතක්‌ මට තියෙනවා
  • මෙරට ලිබියාවක්‌ ඇµaගනිස්‌ථානයක්‌ ඊජිප්තුවක් සිරියාවක්‌ වෙන්න දෙන්නේ නැහැ
  • අම්මලාගේ සිත්වල මරණ බය ඇතිකරන්න යළි ඉඩ තියන්නේ නෑ
    ගිහි පැවිදි සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව ව්‍යවස්‌ථාවක්‌ වසරක්‌ ඇතුළත සම්මත කිරීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහින්ද චින්තන ලොව දිනන මග සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීමේ අවස්‌ථාවට එක්‌වෙමින් පැවැසීය.
මහින්ද චින්තන තුන්වන අදියර ශ්‍රී ලාංකික ජාතිය ලෝකයේ දියුණු ජාතීන් අතරට ඔසවා තබන වැඩපිළිවෙළක්‌ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ස්‌ථාපිත වූයේ ත්‍රස්‌තවාදය විනාශ කිරීම නිසාවෙන් බවත් පැවසූ ජනාධිපතිවරයා මේ රටේ අම්මලාගේ හිත්වලට ආයෙත් මරණ බිය ඇති වෙන්න ඉඩ නොදෙන බවත් පැවැසීය.
තමා දේශපාලන පවුලක කෙනෙක්‌ බවත් අපි කිසිකෙනෙක්‌ ඉන් හම්බ කළේ නැති බවත් පැවසූ ජනාධිපතිවරයා අපි සියලුම දෙනාම රටේ දියුණුවට කැපී පෙනෙන කාර්ය භාරයක්‌ ඉටු කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (23 දා) පෙරවරුවේ පැවැති මහින්ද චින්තන ලොව දිනන මග සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. ----

24 Dec 2014
'මහින්ද චින්තන' ලොව දිනන මග ප්‍රතිපත්ති ප්‍රකාශනය


ජනතා අපේක්‍ෂාවන් හඳුනාගෙන නිර්මාණය කෙරෙන නව ව්‍යවස්‌ථාවෙන් පවතින විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය, නීතියේ ආධිපත්‍ය හා යහ පාලනය වැනි ක්‍ෂේත්‍ර ආවරණය කෙරෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (23දා) එළි දැක්‌ වූ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්‌වේ.

මහින්ද චින්තන ලොව දිනන මග මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව වේ.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්‌, පුළුල් දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌, අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌, සදාචාර සම්පන්න සමාජයක්‌, රටට වැඩ කරන ජාති හිතෛශී රාජ්‍ය සේවයක්‌, පොහොසත් රටක්‌, ජාතික කර්මාන්ත න්‍යාය පත්‍රය, සංවර්ධනයේ මිහිරි ඵල ගමට ගෙන යන දිවි නැගුම ජාතික පෞර්ෂත්ව අධ්‍යාපනයක්‌, නිරෝගීකම පරම ලාභයයි, දීර්ඝායු පිණිස ක්‍රීඩා, යසෝදරා පරපුරට පොහොසත් හෙට දවසක්‌, තුරුණු හෙටක්‌ පිරුණු රටක්‌ ගමනට සුවපහසුව, පණ සේ සුරකින පරිසරය, තිරසාර ජන සෙවණ, යටිතල පහසුකම්, විප්ලවය නොනැවතී ඉදිරියට, විද්‍යා තාක්‍ෂණ හා නවෝත්පාදනය, කලා කෙත අස්‌වනු මංගල්‍යය, සමාජ ආරක්‍ෂණය, සාමයේ සංහිඳියාවේ ප්‍රතිලාභ ජනතාවට යන මූලික කරුණු 20 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

Dec 24, 2014

23 Dec 2014
විපක්‍ෂයට ප්‍රතිපත්තියක්‌ නැති නිසා 
එකමුතුකමින් ගමනක්‌ යන්න බැහැ 
 ජනපති කාත්තන්කුඩියේදී හා මඩකලපුවේදී කියයි 8 වැනිදා බුලත් කොළය දිනවා
14 වැනිදා තෛයිපොංගල් සමරමු
නි. ඇමැති විනයාගමුර්ති මුරලිදරන් 


රාජ්‍ය සේවය කප්පාදු කිරීමට එදා විපක්‍ෂය ගෙනගිය ප්‍රතිපත්තිය තවමත් වෙනස්‌ වී නැති බව ඔවුන්ගේ අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිළි වන්නේ යෑයිද, එදා ලක්‍ෂ තුනක්‌ දක්‌වා කප්පාදු කළ රාජ්‍ය සේවය ලක්‍ෂ පහළොව දක්‌වා වැඩිකර රාජ්‍ය සේවයට නිසිතැන ලබාදුන්නේ තම රජය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්තියක්‌ නොමැති නිසා විපක්‍ෂයේ පක්‍ෂවලට එකමුතුකමින් ගමන් කිරීමට හැකියාවක්‌ නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා සිංහල, දෙමළ, මුස්‌ලිම් කියා ජාතිවාදී දේශපාලනය නැතුව අපි සැවොම එක මවකගේ ලංකා මාතාවගේ දරුවන් ලෙස කටයුතු කරමු යෑයිද වැඩිදුරටත් සඳහන් කළේය.

මඩකලපුව හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී හා කා
ත්තන්කුඩි නගරයේදී පසුගිය 19 වැනිදා පැවති ජනාධිපතිවරණ ජනහමුවලට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

තමුන්නාන්සේලා මේ මහා වර්ෂාව නොතකා අපට සහයෝගය දැක්‌වීමට පැමිණීම පිළිබඳව මම ස්‌තුතිවන්ත වෙනවා. පසුගිය යුගයේ ඔබ සුනාමි ව්‍යසනයට මුහුණ දුන්නා. ඉන්පසු තවත් ව්‍යසනයන්ට හසුවුණා.

මෙවන් ව්‍යසනයන්ට මුහුණදුන් ඔබ අද අපේ ආණ්‌ඩුව යටතේ සංවර්ධනය වෙමින් පවතින තත්ත්වයකට ගොඩනැගිලා. අපේ බලාපොරොත්තු ඔබ හැමගේ ජීවිත වඩාත් යහපත් කිරීමයි.



Dec 22, 2014

20 Dec 2014
සියලු ජාතීන් සමග අත්වැල් බැඳගෙන
පෙරට යන සමාජයක්‌ ගොඩනගනවා

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මුලතිව්වලදී කියයි

අපි මේ රටේ සියලු ජාතීන්ට ආගම්වලට එක හා සමානව එකට අත්වැල් බැඳගෙන පෙරට යන්න පුළුවන් සමාජයක්‌ ගොඩනගන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
අපි ජාතීන් වශයෙන් බෙදී සටන් කළොත්a, එකිනෙකාට වෛර කළොත් ඔබත්, රටත්, ජාතියත් දියුණු නොවන බවත්, පැවසූ ජනාධිපතිවරයා දැන් ඔබ ඒ අඳුරු යුගය අමතක කර අනාගතයට ගමන් කිරීමට සූදානම් විය යුතු යෑයි ද ජනාධිපතිවරයා කීවේය.
මුලතිව්හි පෙරේදා (18 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක
රැලියට එක්‌වෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.
ඔබේ පළාතට පැමිණ ඔබ අමතන්න අවස්‌ථාවක්‌ ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. අවුරුදු තිහක්‌ මේ පළාත් අඳුරේ තිබුණු බව ඔබ දන්නවා. මේ අවුරුදු තිහ තුළ නොයෙක්‌ කම්කටොළුවලට මුහුණ දෙන්න ඔබට සිදු වුණා.........


Dec 19, 2014

19 DEc 2014
එක්‌සේසත් කළ රට යළි
දෙකඩ කරන්න දෙන්නේ නැහැ

ජනපති මහින්ද රාජපක්‍ෂ
මෙවරත් ජනාධිපතිවරණයට රූකඩයක්‌ පත් කරලා
ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාසෝභිත හිමිගේ සටන් පාඨය දැන් අත්හැරලා
ඇමැති විමල් වීරවංශ නරි එක්‌ක සිංහයෝ එක්‌වෙන්නේ නෑ
දයාසිරි ජයසේකර


අනුර බාලසූරිය

එක්‌සේසත් කළ රට යළි දෙකඩ කරන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැහැ. ඔබට ඇත්තේ ලබන 8 වැනිදාට අප හා අත්වැල් බැඳගෙන රට දිනවීම යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

කුලියාපිටිය, ශාලිකා ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රධාන ප්‍රචාරක රැලියට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

විශාල ජනතා සහභාගිත්වයකින් පැවැති මෙම ජන හමුව අමතා වැඩිදුරටත් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,

මේ අති විශාල දැවැන්ත ජනහමු දැක්‌කම ලබන 8 වැනිදා ජයගන්නේ කවුද කියලා ජනතාවටම පෙනෙනවා. 2005 දී අපි බලයට එන විට මේ රටේ ජනතාව ඉල්ලුවේ වෙන මොකුත් නෙවෙයි වසර 30 ක කාලයක්‌ තිස්‌සේ පවතින කුරිරු යුද්ධය අවසන් කර රට බෙදීම නවත්තලා රට නිදහස්‌ කර දෙන ලෙසයි. ඒ සඳහා අපි දුන්න පොරොන්දුව 2009 දී වසර හතරක්‌ යන්න කලින් ඉටු කර රට නිදහස්‌ කළා. එදා රට නිදහස්‌ කරගත් දවසේ මුළු රටම සතුටු වුණා. වයඹ පළාතේ ඔබලාත් වැඩියෙන්ම සතුටු වුණා.

18 Dec 2014
Gota blasts those ashamed of being Sinhalese
2014-12-17 21:11:34

Defence Secretary Gotabaya Rajapaksa today said it was extremely unfortunate to note that there were some influential figures within Sri Lanka who have said openly that the country should submit itself to an international investigation.

“One such figure has even admitted to being proud of her children for saying they were ashamed to be Sinhalese and Sri Lankans after having watched what is little more than an LTTE propaganda film aired on Channel 4,” Mr. Rajapaksa said addressing businessmen and professionals at the Momentum forum.

The full speech:

Dec 18, 2014

18 Dec 2014
ට නිවැරැදි මග ගෙනියන්න ඔබ අප සමඟ එක්‌වන්න
-ජනපති මහින්ද රාජපක්‍ෂ හලාවතදී කියයි
මේ රටේ සියලු ජනතාවට නිදහසේ ජීවත්විය හැකි ආරක්‍ෂිත රටක්‌ නිර්මාණය කර තිබෙනවා. අපි මේ ලෝකය දිනන්න පුළුවන් දරුවන් බිහිකළ යුතුයි. ඒ වෙනුවෙන් අපි සියලුදෙනා අත්වැල් බැඳගත යුතු යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

හලාවත ෂර්ලි කොරයා ක්‍රීඩාංගනයේදී පෙරේදා (16දා)
පැවැති ප්‍රධාන ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
විශාල ජනකායක්‌ එක්‌වූ මෙම ජනහමුව ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද කීවේය.
කලකට පස්‌සෙ හලාවත මෙතරම් විශාල ජනතාවක්‌ සහභාගීවන ජනහමුවක්‌ පැවැත්වෙන්නේ. 2005 දී තමුන්නාන්සේලා මගෙන් ඉල්ලා සිටියේ මේ රට නිදහස්‌ කරල දෙන්න කියලයි. එදා කොටි ගහනවා මුහුදු යන්න බෑ. ව්‍යාපාරයක්‌ කරන්න බෑ. නිදහසේ ගමනක්‌ බිමනක්‌ යන්න බෑ. ඒ වගේ භීෂණ තත්ත්වයක්‌ මේ ප්‍රදේශයේ තිබුණේ. ඒ යුගය පසුකළා. අවුරුදු 30 ක්‌ කිසිම නායකයකුට විසඳන්න බැරිවූ ත්‍රස්‌තවාදය අවුරුදු 4 කටත් කලින් අපි අවසන් කර රට නිදහස්‌ කර දුන්නා.


Dec 17, 2014

17 DEC 2014
මවුබිමෙන් සහමුලින් අතුගා දැමුවත් පිටරට සිට
ක්‍රියාත්මක ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටන පවතිනවා

පානදුර, උඩුගම, කරන්දෙනිය ජනහමු අමතමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියයි

මාතෘ භූමියෙන් ත්‍රස්‌තවාදය සහමුලින් අතුගාදැමුවත් පිටරට ඉඳගෙන අපට එරෙහිව කෙරෙන ත්‍රස්‌තවාදය තවමත් අවසන්වී නැහැ. එම නිසා එය පරාජය කිරීමේ සටන අපට තවදුරටත් තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

අපිට රට දියුණු කරන දර්ශනයක්‌ වැඩපිළිවෙළක්‌ තිබෙනවා, ගමන් මගක්‌ තිබෙනවා. මේ රට සංවර්ධනය කර රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ගොඩනගන්න, දරුවන්ට සුරක්‍ෂිත හෙටදවසක්‌ උදාකිරීමේ වගකීම ඉටුකරන බවත් තමාට වෙන න්‍යායපත්‍රයක්‌ නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පානදුර, දඬුගම, කරන්දෙනිය ප්‍රදේශවල පෙරේදා (15 වැනිදා
) පැවැති ජනහමුවලට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
පෙරේදා (15 දා) සන්ධ්‍යාකාලයේ පානදුර ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වැසි නොතකා විශාල සෙනඟක්‌ එහි රැස්‌ව සිටියහ.
ජනාධිපතිවරයා එම මහජන රැලිය අමතමින් මෙසේද කීවේය.
හවස ඉඳලා අව්වට වේලෙමින්, දැන් මේ මහ වැස්‌සට තෙමෙමින් ඔබ මේ පෙන්නුම් කරන්නේ කුමන්ත්‍රණකරුවන්ට, බෙදුම්වාදීන්ට මේ රට අවස්‌ථාවර කිරීමට ඉඩ නොතබන බවයි.
එදා 2009 මැයි මස 19 වන දින ත්‍රස්‌තවාදය ලංකා භූමියෙන් අතුගාදැම්මත් පිටරට ඉඳගෙන අපට එරෙහිව කරන ත්‍රස්‌තවාදය අවසන් වෙලා නෑ. බෙදුම්වාදීන් අදත් ඉන්නවා ඔවුන් වෙනම පාර්ලිමේන්තුවක්‌ හදාගෙන ඇමැති මණ්‌ඩලයක්‌ පත්කරගෙන යන මේ වැඩපිළිවෙළින් අපි පරිස්‌සම් විය යුතුයි.

17 Dec 2014
මඩ දේශපාලනයට කැමති නෑ - ජනාධිපති
1
16 දෙසැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:11 GMT
මඩ දේශපාලනයට තමන් අකමැති බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
අද, අඟහරුවාදා, හලාවතදී ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සෙසු ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ විදුරු ගෙවල් වල සිට අනුන්ට ගල් නොගසන ලෙසයි.
ජාත්‍යන්තරය
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තිබෙන අතර ජාත්‍යන්තරයට අවශ්‍යව ඇත්තේ ඒ සියල්ල අස්ථාවරත්වයට පත් කිරීම බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
වර්තමානයේ රටේ පවතින්නේ මඩ දේශපාලනයක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
“අද දේශපාලනේ මඩ ගහන දේශපාලනයක්. වෙන මොකුත් නැහැ. හැම සංවර්ධනයක් විවේචනය කරනවා. ඕක අපිට තුනෙන් එකෙන් කරන්න තිබුණ. කරේ නැහැ හැබැයි. එක්කෙනෙක්වත් කළේ නැහැ මෙච්චර කලක්,” මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළේය.... VIDEO
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141216_mahinda_chilaw_video
16 Dec 2014
වෛර චින්තකයන් ගැන ජනපති කියයි -VIDEO
සංවර්ධනය කරා රට යොමු කළ නොහැකිවූ ඇතැම් නායකයන් රටේ වත්මන් සංවර්ධනය පිළිබඳව පසු වන්නේ වෛරකාරී චින්තනයකින් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පොළ පැවැති ජන රැලියකදී කීය.
අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, මධ්‍යම පළාත් සභාවේ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිතීඥ අනුරාධ ජයරත්න මහතා ප්‍රමුඛ මහජන ක්‍රියාකාරීන් රැලිය සංවිධානය කර තිබුණි.
‘‘ගම්පොල ඉදලා කොළඹට යන්න කොපමණ පමණ කාලයක් ගත වෙනවාද? පැය හතර හමාරක් පමණ ඒ සදහා ගත කළ යුතුයි. කාපට් යෙදා මාර්ග සකස් කිරීමට පෙර පැය පහක් පමණ ගතවුණා. නමුත් යෝජිත අධිවේගී මාර්ගයෙන් තව වසර කිහිපයකින් පසු ඔබට පැයකුත් මිනිත්තු දහයකදී කොළඹට ළඟා විය හැකි බව මම සතුටින් පවසනවා...........