Nov 28, 2014

27 Nov 2014  .MS
මහත්මා ගාන්ධි සහ නෙල්සන් මැන්ඩෙලාගේ
දර්ශන මාගේ ප්‍රතිපත්ති බවට පත්කර ගන්නවා
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන

සියලු දෙනා එකතුවී සිටින්නේ රාජපක්‍ෂ රෙජීමය
පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමටයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ

අපේ රටේ තැලෙන පෙළෙන පොඩි
මිනිහා දිනවන්න කටයුතු කරවනවා
සජිත් ප්‍රේමදාස
http://www.divaina.com/2014/11/27/news36.html

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන සහ එජාප නායක හා ජාතික නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඊයේ (26දා) සිරිකොතදී හමුවීමෙන් පසුව එජාප ආසන සංවිධායකවරු දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ එජාප නියෝජිතයන් ඇමතූ අයුරු හා එම අවස්‌ථාවට පැමිණි පිරිසෙන් කොටසක්‌.

මහත්මා ගාන්ධි දර්ශනය සහ නෙල්සන් මැන්ඩෙලා දර්ශනය තම ප්‍රතිපත්ති බවට පත් කර ගන්නා බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොතදී ඊයේ (26 දා) පැවැසීය.

එජාප නායකයන්, ආසන සංවිධායකයන්, දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන්, හමු වූ අවස්‌ථාවේ පැවැති උත්සවයේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා - 

මේ රටේ දේශපාලනයේ ඓතිහාසික තීන්දුවක්‌ ගත් අවස්‌ථාවක්‌ මේක. එජාපය නමැති මේ රටේ කීර්තිමත් දේශපාලන පක්‍ෂයේ මූලස්‌ථානයට මේ රටේ කීර්තිමත් ශ්‍රීලනිපයේ මහා ලේකම්වරයා එක්‌කරගෙන ඇවිත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා ලෙස පත් කරන්නට කටයුතු කරන්නට පක්‍ෂයේ නායකයාගේ සිට සියලු පාක්‍ෂිකයා දක්‌වා මට ලබා දුන් ශක්‌තියට මා ස්‌තුතිවන්ත වෙනවා.............



27 Nov 2014  - EC
ජනාධිපතිවරණය නිම වන තෙක්‌
බඳවාගැනීම්, උසස්‌වීම් තහනම්

ජනාධිපතිවරණය අවසන් වන තෙක්‌ රාජ්‍ය ආයතනයන්හි කිසිදු ආකාරයක බඳවා ගැනීම්, පත්වීම් හා උසස්‌වීම් සිදු කිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විශේෂ චක්‍රලේඛයකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ විධිමත් ලෙස සිදුකරන බඳවා ගැනීම්, පත්වීම්. උසස්‌වීම් හා මාරුකිරීම් මීට අදාළ නොවන බවද ඒ මහතා දැනුම් දී ඇත.
26 Nov 2014    BASL

Ready to take legal action against illegal activities in run-up to election: BASL

Nov 27, 2014

26 Nov 2014

මෛත්‍රී පිළිගන්න සිරිකොතට ජන ගඟක් ( ඡායාරූ 28 ක්)

මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පැමිණියේය. පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ පළමු වරටය.
 ඔහුට අතිශය ඉහළ පිළිගැනිමක් එහිදි ලැබුණු අතර පසුගිය කාලයේ වාදබේදවලට හසුව සිටි. එජාපයේ සියළූම නායකයන් පැමිණ ඔහු පිළි ගැනීම විශෙෂයෙන්ම කැපී පෙණුනි.
26 Nov 2014    Bar Association

අපේ ඉල්ලීමට ප්‍රතිචාර නැහැ

"ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (26) පැවති මාධ්‍ය හමුවකදී පවසා පැවසීය.
පිටු 28කින් යුත් වාර්තාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණද එය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතයමදැයි නොදන්නා බවත්,එවැනි මතයක් අධිකරණයෙන් ලබා දෙතියි සිතිය නොහැකි බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සභාපති උපුල් ජයසූරිය මහතා පවසයි.
එහිදී උපුල් ජයසූරිය මහතා වැඩිදුරටත් පවසන්නේ "ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නැහැ. ඇතැම් විට ඔහු එය දකින්නත් ඇත්තේ පුවත්පත්වලින් වෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා දෙන්නැයි අපි දින දහයකට පමණ පෙර ලේඛකාධිකාරීගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. නමුත් තවම නිසිම ප්‍රතිචාරයක් නැහැ." යනුවෙනි.
මැතිවරණ නීතිය උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්......
26 Nov 2014
We have plundered enough: Amaraweera
http://www.dailymirror.lk/57447/we-have-plundered-enough-amaraweera

Presenting an interesting political theory, Disaster Management Minister Mahinda Amaraweera yesterday said voters must not topple this government as chances are minimum for corruption among UPFA members as they may have amassed ill lucre enough by now and if the UNP came to power, they would start afresh to make a killing.

Responding to a journalist at yesterday’s media briefing at the SLFP head office, Minister Amaraweera admitted that there may be corruption and irregularities in the UPFA government but the voters must not make it a reason to topple this regime.

“Yes, there may be corruption in the government. But look what will happen if you voted against this government and bring the UNP back to power. Members of the UNP like Ravi and Daya are hungry to grab power and they will start to amass money afresh. This is not good for the country. The UPFA members do not want to earn further,” he stressed.
- See more at: http://www.dailymirror.lk/57447/we-have-plundered-enough-amaraweera#sthash.5sP8KZVM.dpuf

26 Nov 2014

ඩිව් සටන පාවාදී මහින්දගේ තුරුළේ... අමාත්‍යංශය නැති වුණොත් පක්ෂෙත් ඉවරයි

ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ඩිව් ගුණසේකර ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ රැකියා ලබා දී ඇති ආකාරය පහතින් දැක්වේ.
ලක්ෂ්මන් ද සිල්වා - පෞද්ගලික ලේකම් (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
අගා ජයසේන - මහජන සම්බන්ධතා නිලධාරී (පක්ෂයේ සංවිධායක ලේකම්,දේශපාලන මණ්ඩල සභික)
එල්. ආර්. ස්ටීවන් - මහජන සම්බන්ධතා නිලධාරී (පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලේකම්)
ලැම්බට් බණ්ඩාර - මාධ්‍ය ලේකම් (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
ඊ. ඒ. සමරසිංහ - සභාපති - පුනරුත්ථාපන අධිකාරිය (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
ඩී. කේ. ජිනදාස - ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ - පුනරුත්ථාපන අධිකාරිය (පක්ෂයෙ මධ්‍යම කාරක සභික)
ඩී. එම්. ජයසුන්දර - පාර්ලිමේන්තු කටයුතු ලේකම් (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
සංජීව බණ්ඩාර - පර්යේෂණ නිලධාරී (ලේකම් - ලංකා ජාතික ශිෂ්‍ය සංගමය)
ගා. දේනෙත්ති (මධ්‍යම කාරක සභික)
මොවුන්ගේ වැටුප්වලට අමතරව වාහනඅතිකාල යනාදී සියලු වරප‍්‍රසාද මොවුන් භුක්ති විඳී. කොමියුනිස්ට් පක්ෂ ගොඩනැගිල්ලක අයථා ගණුදෙනුවකින් රුපියල් කෝටි ගණනක අයථා මුදල් ගැරීමක් පිළිබඳව පසුගියදා ලංකාටෘත් හෙළිදරව් කර තිබුණි

ආණ්ඩුව සමග ඩිව්ගේ ගේමක් හෙළිවෙයි



25 Nov 2014 -

විමල් ඇමතිකම බේරාගැනීමේ සටනක.. ඇමතිකම නැතිනම් පක්ෂයකුත් නැහැ

ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් සහ හිතවතුන් නිවාස අමාත්‍යංශයේ ආයතනවල දරණ තනතුරු කිහිපයක් පහතින් දැක්වේ.
සරත් වීරවංශ - ඇමති පුද්ගලික ලේකම් (විමල් වීරවංශ ඇමතිවරයාගේ සහෝදරයෙක්)
ජයන්ත සමරවීර - සභාපති, නිවාස අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
දීපාල් ගුණසේකර - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
මොහොමඩ් මුසම්මිල් - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
වෛද්‍ය වසන්ත බණ්ඩාර - අමාත්‍යංශ උපදේශක (මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය)
පද්ම උදය ශාන්ත - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, නිවාස සංවර්ධන අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ ඌව පළාත් සභා සන්ධාන මන්ත්‍රී)
සුජිත් මුතුකුමාරණ - අලෙවි සංවර්ධන නිලධාරී, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති)
ඒ. එච්. ඉංදික, සුසිල් සමන්ත, කේ.වී.අයි. ප්‍රියංගනී ඇතුළු හැටකට ආසන්න පිරිසක් ඉංජිනේරු සංස්ථාවේ අලෙවි සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන කිසිදු රාජකාරියක් නොමැතිව නිවාස අමාත්‍යංශයෙන් වැටුප් ලබයි.
26 Nov 2014 - මැ. කො. කියයි
ජනාධිපතිවරණ දිනය තීරණය කළේ ස්‌වාධීනවඑක එක්‌කෙනාගේ ඉල්ලීමට නොවේ
- මැ. කො. කියයි

ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කළේ තමා ස්‌වාධීනව මිස නැකැත්කරුවන්ගේ හෝ වෙනයම් අයගේ ඉල්ලීම් මත නොවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පාප්වහන්සේගේ පැමිණීම ඡන්දයට බාධා නොවිය යුතු සේම ඡන්දය පාප් වහන්සේගේ පැමිණීමට බාධාවක්‌ නොවිය යුතු බවත් ඒ දෙකටම මධ්‍යස්‌ථව දිනය තීරණය කිරීමට තමා කටයුතු කළ බවත් ඊයේ (25 දා) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොමසාරිස්‌වරයා කීය.
නීතියෙන් තමාට පැවරී ඇති බලය කාටවත් වෙනස්‌ කළ නොහැකි බවද ඒ අනුව කටයුතු කළ බවද හෙතෙම කීය.
ජනාධිපතිවරණ දිනය තීරණය කිරීමේදී තමාට කිසිදු බලපෑමක්‌ නොපැමිණි බවද නාම යෝජනාවලට අවශ්‍ය දින ප්‍රමාණයත් ප්‍රචාරක කටයුතුවලට නීතියෙන් ඇති දින ප්‍රමාණයත් බලා කටයුතු කළ බවත් කී කොමසාරිස්‌වරයා සඳුදා සහ සිකුරාදා දිනවල මැතිවරණ නොපවත්වන නිසා ඊට සුදුසුම දිනය තීරණය කිරීමට තමාට පහසු වූ බවද කියා සිටියේය.
ජනාධිපති විසින් තමාව පත් කළත් තමා රජයේ නිලධාරියකු මිස ආණ්‌ඩුවේ නිලධාරියකු නොවන නිසා නිදහසේ ස්‌වාධීනව කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

http://www.divaina.com/2014/11/26/news01.html
26 Nov 2014   - JHU
I was the mastermind behind making Maithripala the common candidate -

ast week, the Sri Lanka Freedom Party (SLFP) stalwart and its General Secretary Maithripala Sirisena’s decision to cross over to the opposition and his nomination as the common opposition candidate shocked the country. In an interview with Dailymirror Jaathika Hela Urumaya (JHU) General Secretary and the leading figure of the Pivithuru Hetak (Clean Tomorrow) National Council Ven. Athuraliye Rathana Thera revealed that he had played an instrumental role in this political twist. - See more at: http://www.dailymirror.lk/57389/i-was-the-mastermind-behind-making-maithripala-the-common-candidate#sthash.qANY37ZW.dpuf
http://www.dailymirror.lk/57389/i-was-the-mastermind-behind-making-maithripala-the-common-candidate

Nov 25, 2014

24 Nov 2014     JHU

කොටියා පෙන්නලා මුවෝ මරන්න දෙන්න බෑ. බොරු දේශප්‍රේමීන්ට චම්පිකගෙන් උත්තරයක්

යළි බෙදුම්වාදයට මේ රට කැන්දාගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කරන බවට විමල් වීරවංශ ප්‍රමුඛව රෙජීමයට පක්ෂපාත කොටස් ගෙන යන විසුළුකාරී ප්‍රකාශයට උත්තරයක් දෙමින් පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව ඇති බවත් එය යුධ අපරාධ චෝදනාවලට මුවාවෙලා යටපත් කරන්න ඉඩ නොදියයුතු බවත් හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
 'ඒක කොටියො පෙන්නල මුවෝ මරනව වගේ වැඩක්. ඒ නිසා අපි මේ දෙක දෙකක් ලෙස සැලකිය යුතුයි. අපි ජනතාවට ප්‍රකාශ කරනව ව්‍යාජ ප්‍රචාරවලටල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ විදේශගත බලවේගවල ප්‍රචාරවලට අපි හසුවිය යුතු නෑ. අපි බොහොම පැහැදිලිව මේ රටේ ඒකීය භාවයත්, මේ රටේ භෞමික අඛණ්ඩතාවයත්, රණවිරුවන්ගේ අයිතියත් වෙනුවෙන් එදත් පෙනී සිටිය. අදත් පෙනී ඉන්නව. ව්‍යාජ බලවේග කුමක් කීවත් මේ කටයුත්ත අභීතව ඉටුකළේ ජාතික හෙළ උරුමය. ඉදිරියටත් අභීතව ඒ කටයුතු අපි ඉටු කරනව.' යනුවෙන්ද ඔහු පැවැසීය.

අද (24) කොළඹ, කොටුව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට එක්වෙමින් රණවක මහතා මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

24 Nov 2014 - JVP

video: ඒකාධිපති පාලනයට එරෙහිව පුළුල්ම මැදිහත්වීම කරනවා

කාධිපති පාලනය පැරදවීම වෙනුවෙන් ගොඩනගන පුළුල්තම මැදිහත්වීම සිදුකිරීමටත් එය ජනාධිපතිවරණය පවත්වන දිනයෙන් අවසන් නොවන එයින් ඔබ්බට යන පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම දක්වාත් ඉන් දිරියට සිදුකරන ජනතා පෙලගැස්මක් දක්වා කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ වත්මන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ක්‍රියාකාරීත්වය පැහැදිළිකරමින් අද (24) පෙරවරුවේ පැවති මාධය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා පැවසීය.
බත්තර මුල්ල පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැමති එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතාද සහභාගී වූ අතර තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා...
"දැන් ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා. මේ ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධීනීති විරෝධී එකක් විදියටයි අපි සලකන්නේ. ව්‍යවස්ථාව අනුව රාජපක්‍ෂ මහතාට යළි කිසිදු දිනෙක ජනාධිපතිවරණයකට තරඟ කරන්න බැහැ. ඒ වගේම ඔහුගේ දෙවන ධුර කාලයට වසර 4ක් පිරුණු පසුව ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි බවත් ව්‍යවස්ථානුකූලව පැහැදිළියි. නමුත් මහින්ද රාජපක්‍ෂ උපක්‍රමශීලීවඉතාම සටකපට ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් ලබාගෙන තිබෙනවා. ඒ මතය කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ.
අපි හඳුනාගන්නා ලෙස අපේ රට ප‍්‍රධාන අර්බුද 5ක ගිලී තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස පිළිබඳ ප‍්‍රශ්නය පළමුව මතුවී තිබෙනවා. දෙවනුව ආර්ථිකයේ මහා කඩාවැටීමක් මතුවී තිබෙනවා. ආර්ථිකයේ අත්පත්කරගන්නා ප‍්‍රතිලාභ ජනතාව අතරට සාධාරණව නොයෑමේ තත්වයක් මතුවී තිබෙනවා. ඒ නිසා බොහෝ ජන කණ්ඩායම් අධ්‍යාපනයේදීසෞඛ්‍යයේදී එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේදී මහා විෂමතාවයකට ලක්ව තිබෙනවා. විශාල ජනතාවකගේ ජීවිත අර්බුදයකට ලක්ව තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ සමානාත්මතාවය වෙනුවෙන් අපට මැදිහත්වීමට සිදුවී තිබෙනවා. සිව්වනුව අපේ රටේ සිංහල,දෙමළමුස්ලිම්බර්ගර්මැලේ ජන කොට්ඨාශ අතර සහජීවනය ගොනැගිය යුතුව තිබෙනවා. විශාල වශයෙන් ඉහවහා ගිය වංචාවදූෂණය පිටුදැක යහපාලනය උදෙසා වූ අරගලයක් සඳහා මැදිහත්විය යුතුව තිබෙනවා. අවසාන වශයෙන් ජාත්‍යන්තරව මහා හුදකලා තත්වයකට පත්කර තිබෙන රට මුදවා ගත යුතුව තිබෙනවා. වෙනදාට වඩා ලෝකය සමීප වී තිබියදී ඒ සමීප ලෝකය ඇතුලේ අපේ මාතෘභූමිය හුදකලා වීමේ අනතුරකට ලක්ව තිබෙනවා. රාජපක්‍ෂ පාලනයේ දස වසරකට ආසන්න කාලය ඇතුළත පෙන්නුම් කරමින් තිබෙන්නේ අපේ රටේ ක්ෂේත‍්‍ර ගණනාවක් අර්බුදයකට ඇදදමා තිබෙන බවයි.
24 Nov 2014 - රනිල් වික්‍රමසිංහ
මෛත්‍රීපාල ජයග්‍රහණය කරවා යහපත් රටක්‌ බිහිකරමු
එජාප නායක රනිල් වික්‍රමසිංහ කෑගල්ලේදී කියයි

මේක මහරජාණන්ට අයිති රටක්‌ නොවෙයි. සියලු ශ්‍රී ලාංකීය ජනතාවගේ රටක්‌. විනාශය කරා ගෙන යන රට මුදවා ගන්නට අද සියලු විපක්‍ෂයේ බහුතර බලවේග එකමුතුවෙලා තිබෙනවා. ඒ සටනට අවතීරණවීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්‌තුති කරනවා. පොදු අපේක්‍ෂකයා හැටියට එතුමා ජයග්‍රහණය කරවා මේ රට තුළ නව දේශපාලන සංස්‌කෘතියක්‌, දියුණු සංවර්ධිත දේශයක්‌ ගොඩනංවන්නට ක්‍රියාකරමු. කෝටි 500 ක්‌ පමණ වියදම් කර මට විරුද්ධව මඩ පෝස්‌ටර් මුද්‍රණය කළා. ඒවා අලවන්නේ නැතිව ළඟින්ම තියාගන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යයි එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22දා) කෑගල්ල ගලිගමුවේදී පැවැසීය.

එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් ශෂීම් මහතාගේ මූලිකත්වයෙන් පැවැති කෑගල්ල දිස්‌ත්‍රික්‌ එජාප බල මණ්‌ඩල රැස්‌වීම අමතා වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද පැවැසීය..............
http://www.divaina.com/2014/11/24/news27.html
24 Nov 2014 -ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
අප පඹයෝ කරන්න පිටරටට ඉඩදෙන්නේ නෑ...
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අරාබි වසන්තය ආකාරයට අප රට සෙලවිය නොහැකි බවත් වෙනත් කිසිදු රටකට අප රට පාලනය කිරීමට හෝ අපිව පඹයින් කරන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
රුපියල් බිලියන දහයක වියදමින් ඉදිකරන ලද දැදුරුඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22 දා) එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
මෙම ඓතිහාසික අවස්‌ථාව දැක බලාගැනීමට අතිවිශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.
ජනාධිපතිවරයා මෙසේද කීවේය.
අද අපේ රටේ වාරි ඉතිහාසයේ තවත් ඓතිහාසික අවස්‌ථාවකට අපි අද සම්බන්ධ වුණා. වයඹ ජනතාවගේ පරම්පරා ගණනක තිබූ ප්‍රාර්ථනාවක්‌ ඉටුවුණා මේ දැදුරු ඔය ජලාශයේ මංගල දියවර නිකුත් කරන අවස්‌ථාව දැක ගන්න. දැදුරු ඔය වැඩ ආරම්භ කරලා කියලා අපි දැනගත්තේ එදා කථානායකතුමාගේ වාහනය වටකරලා කියලා දැනගත්තු වෙලාවේ.

හොඳ වැඩක්‌ කරන කොට මුලින්ම එන්නේ විරෝධය. කොළඹ ගෙවල් හදන කොටත් අපිට මුලින්ම ආවේ විරෝධයක්‌. අරහේ, මෙහේ අරන් යන්න හදනවා, මේක බොරු වැඩ, නොකෙරෙන වැඩ කියලා විරෝධය පෑවා. අපිට මෙතැන විරෝධය පිළිබඳව ආරංචි වුණාම අපි ඒ ගැන සොයා බැලුවා. ඒවා ක්‍රියාත්මක කළේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ මගින්. ඒ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ලැබෙන්නේ කුමන තානාපති කාර්යාලයෙන්ද කියලා අපි දන්නේ නැහැ.

නමුත් ඒවාට අපි පළිගන්න අය නොවෙයි. අපි පළිගැනීමේ දේශපාලනය පැත්තකට දමා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි භාරගන්න කොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 58 ක්‌ හිටපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අද 127 ක්‌ ඉන්නවා. දැන් කීප දෙනෙක්‌ ගිහින් හිටියත් පාර්ලිමේන්තුවේ 161 දෙනෙක්‌ අපේ සන්ධානයේ තබාගන්න හැකිවුණේ අපි මිනිසුන්ට අපහාස නොකළ නිසා. මිනිසුන්ගෙන් පළිනොගත් නිසා...........
http://www.divaina.com/2014/11/24/news26.html


ජනපති සුරතින් සඳ හිරු සෑයේ
සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරේ
සඳහිරු සෑයේ ධාතු තැන්පත් කරද්දී
දශක තුනක කාලයක්‌ අප මාතෘභූමිය වෙලාගෙන සිටි ත්‍රස්‌තවාදයේ භීෂණය නිමාකොට සිරිලක්‌ දෙරණේ සාමය ස්‌ථාපිත කිරීම සනිටුහන් කිරීම පිණිස ඓතිහාසික අනුරාධපුර පුණ්‍යභූමියේ කුරුණෑගල මංසන්ධියේ හමුදා රණවිරුවන්ගේ ශ්‍රමයෙන් ඉදිවෙන ස්‌වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේට පමණක්‌ දෙවැනි වූ සඳහිරුසෑයේ ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ තැන්පත් කිරීම ඊයේ (23 දා) පෙරවරු 9.30 ට සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදුවිය.....................


24 Nov 2014 - JVP
ජනාධිපතිවරණය නීති විරෝධීයි
අපේ විරෝධය ඊට එරෙහිවයි


ප්‍ර. ජනාධිපතිවරණය දැන් ප්‍රකාශයට පත් කරල තියෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණ මොකද කරන්න යන්නේ? 

පි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරල තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ ගැන මතය විමසීමෙන් පසුවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය අපි දන්නේ නැහැ. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් දහදෙනාම ජනාධිපතිවරයාට තවත් වරක්‌ ජනාධිපති ධූරයට ඉදිරිපත්වීම සඳහා නීතියෙන් බාධාවක්‌ නැති බවට ප්‍රකාශ කොට තිබෙන බව. එහෙත් ඔහු එම තීරණයෙන් කොටසක්‌ කියවූවා මිස සම්පූර්ණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ඒ වුණාට අපි කියන්නේ ජනාධිපතිවරයාට තවත් වරක්‌ ඉදිරිපත් විය නොහැකි බවයි. එය ව්‍යවස්‌ථාවට පටහැනි ක්‍රියාමාර්ගයක්‌ හැටියටයි අපි දකින්නේ...........
http://www.divaina.com/2014/11/24/feature01.html