Dec 19, 2014

19 DEc 2014
මහින්දත් ගෝඨාභයත් යුද්ධයේ
අවසන් මොහොතේ රටේවත් සිටියේ නැහැ
ජීවිත ආරක්‍ෂාව සඳහා විදේශගත වුණා
- පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන

* යුද්ධය මුලිනුපුටා දැමීමට කටයුතු කළ
ජෙනරාල් ෆොන්සේකාට අනේක වධ හිංසා පැමිණුවා
* ජනතාව නියම පිළිතුරු ලබා දෙන්න බලා සිටිනවා
* කුමාරවරුන්ට බකිංහැම් මාලිගාවේ අශ්වයෝ ගෙනාවා

මේ රටේ පවත්වන සෑම මැතිවරණයකදීම යුද ජයග්‍රහණයේ ගෞරවය ලබා ගනිමින් මේ රටේ ජනතාව නොමඟ යවා, ජනතා ඡන්දය කොල්ල කන මේ රටේ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බිහිසුණු යුද්ධයේ අන්තිම සටන වෙලාවේ මේ රටේවත් සිටියේ නැහැ. ඔවුන් ජීවිත ආරක්‍ෂාව සඳහා විදේශගත වුණා. යුද්ධය යුද්ධයක්‌ හැටියට යුද බිමේ සිට මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුලිනුපුටා දමා රට බේරාගත් වීර සෙන්පති ජෙනරාල් ෆොන්සේකා මහතාට යුද ජයග්‍රහණයෙන් පසු අනේක වධ හිංසා පමුණුවා, ඔහුගේ ප්‍රජා අයිතිය පවා අහිමි කළ මහින්ද රාජපක්‍ෂ මහතාට නියම පිළිතුර ලබා දෙන්න මැතිවරණ දිනය එළැඹෙන තුරු මේ රටේ බුද්ධිමත් ජනතාව බලා සිටින බව ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙ
රේදා (17 දා) ඇල්පිටිය නගරයේ පැවැති ජන හමුව අමතමින් ප්‍රකාශ කළේය.

ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
දැන් මේ රජය මට මඩ ගැසීම සඳහා ඉතා පහත් ආකාරයට කටයුතු කරනවා. යුද ජයග්‍රහණයෙන් පසු මා කළ ප්‍රකාශයන් විකෘති කොට ජාතික රූපවාහිනියෙන්, අයි.ටී.එන්. එකෙන් ප්‍රචාරය කරනවා. එදා යුද ජයග්‍රහණයේදී යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයා ගැන මා පමණක්‌ නොවෙයි මුළු රටම කතා කළා. ඒත් මේ රටේ ජනතාව සිතුවේ යුද්ධයේ ප්‍රතිඵල රටේ සමස්‌ත ජනතාවට ලැබේවි කියලයි.

19 DEc 2014
මැතිවරණ පැමිණිලි විභාගයේදී පොලිසියට බලපෑම්
හේමන්ත රන්දුණු
පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධයක්‌ නැති එක්‌තරා නිලධාරියකු විසින් ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට කථා කරමින් මැතිවරණ පැමිණිලි විභාග කිරීම්වලට බාධා එල්ල කිරීම නිසා පොලිස්‌ නිලධාරීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ජනාධිපතිවරණයේදී පොලිසිය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මෙම නිලධාරීයා විසින් ලිඛිතව සහ වාචිකව පොලිස්‌ නිලධාරීන්ට බලපෑම් එල්ල කරන බව වාර්තා වෙයි.
රට පුරා ඉදිකර ඇති කටවුට්‌ බැනර් ඉවත් නොකරන්නැයි කියමින් මෙම නිලධාරියා ඇතැම් පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට බලපෑම් කර ඇති බවද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි.
පොලිස්‌පතිවරයාගේ නියෝගවලට පටහැනිව ක්‍රියා කරන මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය පිළිබඳව පොලිස්‌ නිලධාරීන් සිය අප්‍රසාදය පළ කර සිටිති.
ඇතැම් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවන්ට සම්බන්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම කල් දමන ලෙසද මොහු පොලිස්‌ නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

http://www.divaina.com/2014/12/19/news02.html
19 Dec 2014
මැතිවරණ වැඩවලට සෘජුව සම්බන්ධ වන නිලධාරීන් උත්සවවලට එපා
- මැතිවරණ කොමසාරිස්‌ දන්වයි
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සෘජුව සම්බන්ධ වන තේරීම්භාර නිලධාරීන්ට (දිසාපතිවරුන්ට) දේශපාලනඥයන් සහභාගි වන රාජ්‍ය උත්සව සඳහා ආරාධනා නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දන්වා ඇත.
රාජ්‍ය උත්සවවලට දේශපාලනඥයන් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙසද මෙම උත්සව පවත්වන ස්‌ථානවල ජාතික කොඩිය පමණක්‌ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙසද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.
ජනාධිපති අපේක්‍ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන දැන්වීම් පුවරු, කටවුට්‌, ධජ පතාක, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම වැළැක්‌වීමට පියවර ගන්නා ලෙසද එහි දැක්‌වේ.
19 Dec 2014
සිම රාජ්‍ය ආයතනයක ඡන්ද ප්‍රචාර වැඩ තහනම්
මැකො දැනුම් දෙයි 
කිසිම රාජ්‍ය ආයතනයක ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් වෙනුවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීම හෝ රැස්‌වීම් පැවැත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ආයතන ප්‍රධානීන්ට ඊයේ (18 දා) දැනුම් දී තිබේ.
මේ අනුව රජයේ හෝ පළාත් සභා කාර්යාල හෝ රජයේ පාසල්, පළාත් පාලන ආයතන හෝ වෙනත් රාජ්‍ය සංස්‌ථා, මණ්‌ඩල සතු ආයතනවලට මෙම නීතිය බලපැවැත්වෙයි.
ඡන්දය ආයාචනය කිරීම, අත් පත්‍රිකා බෙදීම, රැස්‌වීම් පැවැත්වීම හෝ එවැනි වෙනත් කාර්යයන් වලින් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව සියලුම දේශපාලනඥයන්ට, ක්‍රියාකාරීන්ට හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට කොමසාරිස්‌වරයා දැනුම් දී තිබේ. 
මෙම නීති විරෝධී ක්‍රියාවලට ඉඩ නොදීම එම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව ද ඒ මහතා පෙන්වා දී තිබේ.
රාජ්‍යආයතනවල ගාස්‌තු අයකර රැස්‌වීම් පැවැත්වෙන ස්‌ථානවලට මෙම නීතිය බල නොපැවැත්වෙයි.


19 Dec 2014
ජනාධිපති අපේක්‍ෂකයන් රාජ්‍ය දේපළ
ප්‍රවර්ධන වැඩට යොදා ගන්න එපා

-
මැතිවරණ කොමසාරිස්‌ නියෝග කරයි
රාජ්‍ය දේපළ, රජයේ හා සංස්‌ථා වාහන ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා යෙදවීමෙන් වළකින ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා චක්‍රලේඛයක්‌ මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍ර්‍රධානීන්ට නියෝග කොට ඇත.

ලංගම බස්‌ රථ ජනාධිපති අපේක්‍ෂකයින්ගේ ප්‍රවර්ධන කටයුතුවලට යොදා ගැනීමෙන් වළකින ලෙසත්, මුදල් ගෙවා බස්‌ රථ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් සහභාගි වන රැස්‌වීම්වලට පුද්ගලයන් ප්‍රවාහනය කිරීමට යොදවා ගෙන ඇත්නම් බස්‌ රථ සඳහා මුදල් ගෙවන ලද රිසිට්‌පත් හා ලිපි ලේඛන මැතිවරණ කාර්යාලයට යොමු කරන ලෙසද මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලය ලංකා ගමනාගමන මණ්‌ඩලයේ ප්‍රධානීන් ට දන්වා ඇතැයිද වාර්තා වේ.
පසුගිය දිනවල ජනාධිපති අපේක්‍ෂකයින් සහභාගි වන රැස්‌වීම් සඳහා ලංගම බස්‌ රථ යෙදවීම නිසා මගීන් හා රාජකාරි සඳහා යන කාර්යාල සේවක සේවිකාවන් මහත් දුෂ්කරතාවලට මුහුණ දුන්හ.

http://www.divaina.com/2014/12/19/news14.html
19 Dec 2014
රාජ්‍ය සේවයේ අඳුරු යුගය
- මෛත්‍රී ඇල්පිටියේදී කියයි
වත්මන් පාලනයෙන් පීඩාවට පත්ව සිටින සමස්‌ථ රාජ්‍ය සේවකයන් ඉන් මුදාගෙන ඔවුන්ට ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත්විය හැකි පාලනයක්‌ ලබන 8 වැනිදායින් පසුව අරඹන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇල්පිටියේ දී පැවැසීය.

ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කිරීමත් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වැඩි නොකිරීමත් නිසා අද ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බව හෙතෙම කීය.
එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු සංවිධායක මණ්‌ඩලය විසින් ඇල්පිටියේ දී පෙරේදා (17දා) සංවිධානය කර තිබූ එම ජනරැලිය අමතා තවදුරටත් අදහස්‌ දැක්‌ වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය. 
වත්මන් පාලනය යටතේ රාජ්‍ය සේවය අන්ත දූෂිත තත්ත්වයකට ඇද දමා තිබෙනවා. ඉතිහාසයේ කිසිදු යුගයක රාජ්‍ය සේවකයන් මෙවැනි අස්‌වාභාවික තත්ත්වයකට මුහුණ පෑවේ නැහැ. ජනවාරි අට වැනිදා අපි ලබන ජයග්‍රහණයත් සමග මේ අඳුරු යුගය නිමා කර රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්‌ථ රට වැසියන් මේ අවාසනාවන්ත පාලනයෙන් මුදා ගන්නවා.
http://www.divaina.com/2014/12/19/news07.html
19 Dec 2014
රාජ්‍ය සේවයේ ස්‌වර්ණමය යුගය දැන් ගතවේ
- ජනපති මුලතිව්හිදී කියයි
රාජ්‍ය සේවයේ ස්‌වර්ණමය යුගය මේ යුගය බවත් රාජ්‍ය සේවයේ යෙදෙන අයට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අප රජය බැඳී සිටින බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (18 වැනිදා) මුලතිව්හි පැවැති ජනහමුවකදී පැවසීය.

රාජ්‍ය සේවයේ ගෞරවය ඇතිකර ඔවුන්ට බියෙන් සැකෙන් තොරව සේවය කිරීමට අවස්‌ථාව සලසා දුන් බව පැවසූ ජනාධිපතිවරයා ලක්‍ෂ තුනකට අඩු කිරීමට නියමිතව තිබූ රාජ්‍ය සේවකයන් ලක්‍ෂ පහළොව දක්‌වා වැඩි කිරීමට පියවර ගත් බවත් පැවසීය.
ලබන වසරේදී තවත් තරුණ තරුණියන් එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ දෙනාට රාජ්‍ය සේවයට එක්‌වීමට ඉඩ දීමට අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද සඳහන් කළේය.
අපි ජාතීන් වශයෙන් බෙදී සටන් කළොත් ජාතීන් වශයෙන් වෛරයෙන් කටයුතු කළහොත් රටත් ජාතියත් ඔබත් දියුණු වන්නේ නැතැයි ජනාධිපතිවරයා කියා සිටියේ ය. සියලු ජාතීන්ට හා ආගම්වලට එකට අත්වැල් බැඳගෙන යා හැකි සමාජයක්‌ ගොඩනගන බවද හෙතෙම පැවසීය.
මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ හා පක්‍ෂ කිහිපයක ක්‍රියාකාරී සාමාජිකයෝ තිස්‌එක්‌ දෙනෙක්‌ ජනාධිපතිවරයාට සහාය පළ කරමින් සන්ධානයට එක්‌වූහ............

http://www.divaina.com/2014/12/19/news06.html
19 Dec 2014
ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්‌වීම්

ජනාධිපති
ජනාධිපතිවරණය ඉලක්‌ක කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විසින් සංවිධානය කරන ප්‍රචාරක රැස්‌වීම් මාලාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වන රැස්‌වීම් තුනක්‌ අද (19දා) මඩකලපුව, කින්නියා සහ කන්තලේ පැවැත්වේ.
මෙම රැස්‌වීම්වලට සහභාගි වීමට පෙර අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සේරුවාවිල රජමහා විහාරස්‌ථානයට ගොස්‌ ආගමික වතාවත්වල නිරත වීමට නියමිතය.
මෛත්‍රීපාල 
ජනාධිපතිවරණයට තරග කරන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ජනහමු 5 ක්‌ අද (19 වැනිදා) මාතලේ, දොඩම්ගස්‌ලන්ද, මාවතගම, ගලගෙදර සහ හාරිස්‌පත්තුවේදී පැවැත්වේ.
18 Dec 2014
Gota blasts those ashamed of being Sinhalese
2014-12-17 21:11:34

Defence Secretary Gotabaya Rajapaksa today said it was extremely unfortunate to note that there were some influential figures within Sri Lanka who have said openly that the country should submit itself to an international investigation.

“One such figure has even admitted to being proud of her children for saying they were ashamed to be Sinhalese and Sri Lankans after having watched what is little more than an LTTE propaganda film aired on Channel 4,” Mr. Rajapaksa said addressing businessmen and professionals at the Momentum forum.

The full speech:
18 Dec 2014
MR has to go immediately if defeated– UNP

No staying on for the unutilised two years of his present term

 
article_image
By Dasun Edirisinghe

If President Mahinda Rajapaksa was defeated at the January 08 Presidential Election he would have to vacate the post immediately though he had two more years of his previous term, UNP Colombo District MP Wijayadasa Rajapakshe, PC said yesterday.

Addressing the media at the Opposition Presidential Candidate Maithripala Sirisena’s office on Havelock Road, Rajapakshe said that President Rajapaksa did not have legal power to continue for two more years in case of defeat.
The President’s Counsel maintained that it was clearly indicated in Article 31 (4) (b) of the Constitution. According to the Article 31 (4) (b) of the Constitution, where the President in office is not a candidate or is not re-elected, at a poll for the election of President, his term of office shall be deemed to have expired on the date on which the result of such election is declared. The person elected as President at such election shall assume office forthwith, but not later than two weeks from such date.
A section of Buddhist monks recently told the media that President Rajapaksa could continue for two more years to complete his previous term in case of his defeat at the January 08 polls, but he could not do so, the UNP MP said.
Rajapakshe said that President Rajapaksa had promised Colombo Archbishop Malcolm Cardinal Ranjith to vacate the post if he was defeated.
Western Provincial Council UNP member Srinath Perera PC said that the statement of a section of Buddhist monks that President Rajapaksa could continue for two more years proved that Rajapaksa camp had already accepted defeat.
He asked Buddhist monks to think twice before issuing such statements.
Former Western Provincial Council UNP member Shiral Lakthilaka also addressed the media.
18 Dec 2014
Video: ‘Maithri will be sworn-in immediately’
2014-12-18 15:23:26

Common opposition candidate Maithripala Sirisena will be sworn in immediately if he is elected the President of this country, the common opposition said today.

Joint spokesman for the common candidate and UNP MP Mangala Samaraweera told a media briefing that Mr. Sirisena would be sworn  it by January 10 if he wins the presidential election and would not allow the incumbent president to continue for two years as mentioned by some ruling party members.
 He also said the opposition had no intention of instigating violence in the event a second preference count takes place after the election.  He made this point with regard to an allegation made by the head of a pro government organization recently.
 Mr. Samaraweera said action would be taken against all prominent state personnel who get the junior officers of the state to engage in election work of the ruling party candidate. Accordingly he said action would be taken against high ranking police officers and ministry secretaries who engaged in election work.
 The other joint spokesman Dr. Rajitha Senarathe who responded to a statement made by Defense Secretary Gotabaya Rajapaksa that there were traitors in the opposition and patriots in the government, said Mr. Rajapaksa was not a member of the armed forces during the initial stages of the war. He said the real hero behind the war was former Army Chief Sarath Fonseka. However Dr. Senaratne said Fonskea did not heed to his request not to contest for the presidency in 2010. Dr. Senarathe said he was fully against the arrest of Fonseka by the present regime.
 UPFA national list MP Dr. Rajeewa Wijesinha who also participated in the news conference alleged that all ambassadors who are stationed at Sri Lankan missions abroad had also been called in to engage in political work today.
 Meanwhile Galle District JNP leader Aruna Takshala De Silva and SLFPs Ratgama Organizer M. Gunapala De Silva later joined in the briefing and said they had decided to back the common candidate. (Yohan Perera)

WATCH
- See more at: http://www.dailymirror.lk/59269/maithri-will-be-sworn-in-immediately#sthash.mwD8WJdb.dpuf
17 Dec 2014

‘ඡන්ද වැඩ ප්‍රචන්ඩ වෙයි‘
2014 දෙසැම්බර් මස 18 16:18:09 | . , සුරංජිත් පෙරේරා

බරපතල සිදුවීම් 12ක් සමඟ ජනාධිපතිවරණ පුර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 51 වර්තා වී ඇති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
ගිනි අවි භාවිතා කළ සිදුවීම් තුනක්, බරපතල පහර දීම් හතරක් සහ දේපොල වලට පහර දී විනාශ කිරීම් පහක් ලෙස බරපතල  සිදුවීම් හි සංයුතිය ලෙස දැක්විය හැකි බව ස්වාධීන නිරික්ෂණ නිලධාරී ජාතික මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ සනත් වීරරත්න මහතා පැවසීය.
ජනාධිපතිවරණ පූර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 51 න් බරපතල සිදුවීම් 12ක් හැරුණූ විට 39 සුළු සිදුවීම් බවද ඒ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණිලි 17ක් සන්ධානයෙන් පැමිණිලි 15ක් සහ වෙනත් පක්ෂ වලින් පැමිණිලි 19ක්ද ලැබී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවද ඔහු කීවේය

Dec 18, 2014

18 Dec 2014
ජනපති මුලතිව් යයි
2014 දෙසැම්බර් මස 18 16:39:40 | . , ඡායාරූප සුදත් සිල්වා

මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද පස්වරුවේ මුලතිව් විනයාගමුර්ති ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
එම රැස්වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු  දේශපාලනඥයෝ රැසක් ද රැලියට එක්වූහ.,,photos

18 Dec 2014
ආසියාවේ විශාලම වෘත්තීය ගම්‍යතා සමුළු 
කොළඹ තැන් 4 ක පැවැත්වෙයි


ශ්‍යාම් නුවන් ගනේවත්ත

තිරසාර ශ්‍රී ලංකාවක්‌ සඳහා වෘත්තිකයන් විසින් සංවිධානය කරන ලද ආසියාවේ විශාලතම වෘත්තීය ගම්‍යතා සමුළුව (මොමෙන්ටම් - 2014) ව්‍යාපාරික හා සමාජ ක්‍ෂේත්‍රයන්හි ඉහළම පෙළේ වෘත්තිකයන් රැසකගේ සහභාගිත්වයෙන්
ඊයේ (17දා) කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

සිනමන් ලේක්‌සයිඩ්, ගලධාරි, ජයික්‌ හිල්ටන් සහ කළම්බු රෙසිඩන්සීස්‌ යන ස්‌ථාන හතරෙහිම
එකවර පැවති මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආර්ථික භූ දර්ශනයේ තිරසාරත්වයේ වැදගත්කම පිළිබඳව දැනුම බෙදාහදාගනු ලැබීය.
යුද ජයග්‍රහණයෙන් පසු ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට මතුව ඇති අභියෝග මෙන්ම සුබවාදී අපේක්‍ෂාවන්ද ජාත්‍යන්තර සම්බන්ධතා පශ්චාත් යුද ආර්ථිකයේ දියුණුවට හේතුවූ ආකාරය අනාගත බලපෑම්, ආර්ථික සංවර්ධනය අඛණ්‌ඩව ඉදිරියට පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය වන දේශපාලන ස්‌ථාවරත්වය යන කරුණු මෙම සමුළුවේදී ඉහළ අවධානයකට භාජන විය.
මෙම සංසදයේ ප්‍රධාන දේශකයන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුද එක්‌ව සිටියහ.
ඊට අමතරව මාස්‌ හෝල්ඩින්ස්‌ සමූහයේ අධ්‍යක්‍ෂ ඩයන් ගෝමස්‌, කාගිල්ස්‌ සමූහයේ නියෝජ්‍ය සභාපති/ප්‍රධාන විධායක නිලධාරි රංජිත් පේඡ්, ජෙට්‌වින් සමූහයේ සභාපති හිරාන් කුරේ සහ ෂෙව්රොන් ලුබ්‍රිකන්ට්‌ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ කිෂු ගෝමස්‌, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද මෙහිදී අදහස්‌ පළ කළහ.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් විසින් පවත්වනු ලැබූ කණ්‌ඩායම් සාකච්ඡා වටයකින් මෙම සමුළුව අවසන් විය.

http://www.divaina.com/2014/12/18/news02.html

18 Dec 2014


මහින්ද රාජ්‍ය දේපොළ පාවිච්චි කිරීමෙන් ලෝක වාර්තාවක් තබයි
''මේ ජනාධිපතිවරණය රාජ්‍ය බලය පාවිච්චි කිරීම, රාජ්‍ය දේපළ යොදා ගැනීම අතින් ලෝක වාර්තාවක් තියන්නයි යන්නේ. ඒ තරමටම රාජ්‍ය බලය සහ දේපළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් තිබෙනවා.'' යැයි අද (18) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධන කාර්යාලයේදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රවෘති සාකච්ඡාවේදී මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා.
''ජනාධිපතිවරණයට දින නියම කරන්න කලින් සිටම මහින්ද රාජපක්‍ෂ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ආරම්භ කළා. මහා මාර්ගවල විදුලි කණුවල කටවුට් එල්ලුවා. පාර වැහෙන තරමටම කටවුට් ගහන්න පටන් ගත්තා. ඒ සඳහා සමාජ විරෝධය එල්ල වීමත් නීතිඥ සංගමය නීතිමය පියවර ගැනීමට සූදානම් වීමත් නිසා මෙම කටවුට් ඉවත් කිරීමට ආණ්ඩුවට සිදුවුණා. නමුත් තවමත් නීති විරෝධී කටවුට් මුළුමනින්ම ඉවත් කරලා නැහැ. මේ වනවිටත් බොහෝ රාජ්‍ය ආයතන ඇතුළේ කටවුට් සවිකරමින් තිබෙනවා. පහුගිය කාලයේ අනුලා විද්‍යාලය තුළ ගුරුවරුන්ගේ විරෝධය නොසලකා කටවුට් සවිකළා. අධිවේගී මාර්ග අවසන් වන ස්ථානවල මාතර, කොට්ටාව වැනි ප‍්‍රදේශවල විශාල වශයෙන් කටවුට් ප‍්‍රදර්ශනය කරමින් තිබෙනවා. මෙහි බරපතළකම කොච්චරද කිව්වොත් ආරම්භයේදී කටවුට් සවි කිරීමට පොලිස් නිලධාරීන් පවා යොදාගත්තා. අඟුණකොලපැලැස්ස ප‍්‍රදේශයේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ වගකීම සහිතව කටවුට් සවිකරලා තිබුණා. මැතිවරණ නීතිය ආරක්‍ෂා කිරීමට ඉන්න පොලීසිය පවා තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්න මහින්ද රාජපක්‍ෂ කටයුතු කළා...........