Nov 22, 2014


22 Nov 2014

මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ අදහස් පළ වූ නිදහස් පක්ෂයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව (FULL VIDEO)

http://newsfirst.lk/sinhala/2014/11/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6/
21 Nov 2014  Al Jazera ....

Clinging to power in Sri Lanka? [ video]


21 Nov 2014

පොදු අපේක්ෂකයා පිළිබඳව ජනපති අදහස් පළ කරයි (VIDEO)

21 Nov 2014  - JVP
නීති විරෝධී ජනාධිපතිවරණය හමුවේරට තුළ දේශපාලන කැළඹිල්ලක්‌ නිර්මාණය වී තිබෙනවා
- ලාල් කාන්ත කියයි

http://www.divaina.com/2014/11/22/news16.html
21 Nov  2014  President :
මට කියන්න තියෙන්නේ අනේ පව් මෛත්‍රී
- ජනාධිපති දිවිනැගුම ජාතික සම්මේලනය අමතා කියයි


දැන් ඉදිරි ජනාධිපතිවරණයට අපේ පක්‍ෂයේ මහලේකම් තුමා ඉදිරිපත් වී සිටිනවා. එක්‌සත් ජාතික පක්‍ෂයට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නෙ අපේ පක්‍ෂයේම කෙනෙක්‌. මේ හරියට එ.ජා.ප. මහලේකම් තිස්‌ස අත්තනායක මහතා අපේ පක්‍ෂයෙන් ඇවිත් ජනාධිපතිවරණයට ඉල්ලනවා වගේ වැඩක්‌.
දැන් රනිල් වික්‍රමසිංහ මහතාට ගෙදරටත් මෛත්‍රි, පිටත් මෛත්‍රි. එදා සරත් ෙµdන්සේකා මහතා අහුවුණා. අද අපේ පක්‍ෂයේ මහලේකම්තුමා අහුවෙලා. මට කියන්න තියෙන්නෙ අනේ පව් මෛත්‍රී කියලා.
දිවිනැඟුම වැඩ පිළිවෙල දිළිඳුකම තුරන් කිරීමට වගේම ගම හදන ගමේ නායකයෝ හදන රටට නායකයන් බිහිකරන පුළුල් පරාසයක්‌ ආවරණය කරගත් වැඩපිළිවෙලක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
කොළඹ, කැම්බල්පිටියේ දී ඊයේ (21 දා) පැවැති දිවිනැඟුම ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය..........................
http://www.divaina.com/2014/11/22/news15.html
21 Nov 2014

ආණ්ඩුව දැනටමත් පරාදයි - වික්ටර් අයිවන්

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141121_ivon_mahinda_maithreepala
21 නොවැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:36 GMT

පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැවැන්ත අභියෝගයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රකාශ කරයි.
විරුද්ධ පක්ෂ විසින් හොඳ ඉත්තෙකු යොදා ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සියලු දේශපාලන ව්‍යාපාර එක හඬින් ජනාධිපතිවරයා පරාජය කිරීමට එක්ව සිටින බව පවසන ඔහු සමස්ත සටනම ජනාධිපතිවරණයකට යාමට පෙර අවසන් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“විශාල කඩා වැටීමක්, බිඳ වැටීමක්, කල් තියා පරාජය පේන්න සැලැස්වීමක්,” යනුවෙනුයි ඔහු තවදුරටත් අලුත්ම දේශපාලන පෙළ ගැස්ම ගැන අදහස් දක්වමින් කියා සිටියේ.
ජනාධිපතිවරණ සටන සියයට 70 කින් අවසන් වී ඇති බව පවසන ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, ජනාධිපතිවරයා සියලුම තුරුම්පු ගසා අවසන් වී ඇති බවත් විපක්ෂය තම සටන ආරම්භ කළා පමණක් බවත් සඳහන් කළේය.
ජනාධිපති පරාජය වීමේ ඉඩකඩ වැඩියි -වික්ටර් අයිවන්
21 Nov 2014 TNA opinion
මෛත්‍රීපාල ජනපති ක්‍රමය අහෝසි කරාවි - ටීඑන්ඒ
පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා බලයට පත්වුවහොත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරනු ඇති බවට දෙමළ ජාතික සන්ධානය විශ්වාසය පළ කරයි.
පක්ෂය රැස්ව මෙතෙක් තීරණයක් ගෙන නැති නමුත් පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ට සහයෝගය පළ කරන්නේද යන්න පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා රූපවාහිනිය ඔස්සේ දැක්වූ අදහස් සාධනීය යැයි තමන්ට ඒත්තු ගිය බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා දේශපාලන කාර්යභාරය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් පැහැදීමක් ඇති වූ බව වැඩිදුරටත් සඳහන් කළේය............


22 Nov 2014 - Vaasu

බරපතල පහරක්, ඒත් මගේ සහාය මහින්දට: වාසු

21 නොවැම්බර් 2014 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉවත්වීම බරපතල පහරක් සහ පාඩුවක් වුවත් ජනපතිවරණයේදී ජනාධිපති රාජපක්ෂට සහාය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයකුට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් මැලිකමක් දක්වනු ඇති බව පවසන ජාතික භාෂා සහ ඒකාග්‍රතාවය පිළිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර, විශේෂයෙන්ම සිරිසේන හිටපු අමාත්‍යවරයා මැතිවරණයේදී "බටහිර අධිරාජ්‍යවාදී, ප්‍රතිගාමී කඳවුර" නියෝජනය කිරීම ඔහුට අවාසියක් වනු ඇති බවත් සඳහන් කළේය.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තමාද විරුද්ධ නමුත්, "කඳවුර ආරක්ෂා කරගැනීම පිණිස" එයට පක්ෂව ඡන්දය දීම පිළිබඳව කිසිදු කණගාටුවක් නොමැති බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේ.
මැතිවරණයෙන් ජයග්‍රණය කිරීමෙන් අනතුරුව දින 60 ත්, 100 ත් අතර කාලයක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂට බලපෑම් කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
දින 100 ක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට විපක්ෂයේ පොදු අපේක්ෂකයාත් ප්‍රතිඥා දී තිබෙන්නේ නොවේ දැයි විමසූ විට අමාත්‍ය නානායක්කාර කියා සිටියේ හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මේ වන විට සිටින්නේ 'ජනතාවාදී බලවේග සමඟ නොවන' බවයි.......
22 Nov 2014
ශ්‍රීලනිප නව ලේකම් අනුර ප්‍රියදර්ශන
මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හිස්වූ ශ්‍රීලනිප මහලේකම් හැටියට අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ඇත
http://www.lankadeepa.lk/index.php/articles/277315
21 Nov 2014
නම් දීම දෙසැම්බර අට : ඡන්දය ජනවාරි අට
ජනාධිපතිවරණයට නාම යෝජනා දෙසැම්බර අට වැනි දා ද, ඡන්දය ජනවාරි අට වැනි දා ද පැවැත් වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේය
http://www.lankadeepa.lk/index.php/articles/277237
21 Nov 2014 - town Hall  චන්ද්‍රිකා
එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ -චන්ද්‍රිකා
http://www.lankadeepa.lk/index.php/articles/277183
‘මාදුළුවාවේ සෝභිත හිමි,අතුරලියේ රතන හිමි,එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු තවත් බෝහෝ දෙනා එකතු වී සාධාරණ නීතී ගරුක රටක් ඇති කිරීමට  සුදානම් වෙනවා‘ යැයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නවනගර ශාලාවේදී   අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය.
කුමාරතුංග මහත්මිය මෙසේද කීවාය.
මට යළි මගේ දේශපාලන මහ ගෙදරට එන්න අවස්ථාව ලැබීම ගැන මා සතුටු වෙනවා. ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වාඩි වුණාට පසු හුඟ දෙනකුගේ සහභාගීත්වයෙන් මා පක්ෂයේ සභාපතිත්වයෙන් යැව්වේ ඔබතුමාට එය නිල වශයෙන් භාර දෙන්න අවස්ථාව දෙන්න කියා මා ඉල්ලද්දී එ අවස්ථාව වත් නොදී.
නමුත් නීති විරෝධී දේ කරමින් කැත වැඩ කරමින් සිටිය දී මා බොහෝ කාලයක් නිහඩව බලා සිටියා. මා මේ නිහඬ බව රකිමන් සිටියත් යළි දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න මා තීරණය කළා. ඒ කළේ මට සිදුකළ වද හිංසා හා කෙනෙහිළිකම් නිසා නොවෙයි. සාමාන්‍ය පුද්ගලයකුට දරා ගත නොහැකි තරම් වද හිංසා මට සිදුවුණා. ඒවා එකිනෙක කියන්න මට ලැජ්ජයි.

21 Nov 2014
ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

http://www.lankadeepa.lk/index.php/articles/277264
21 Nov 2014  -
gossip  news  - මෛත්‍රීට ජනාධිපති කුණු හරුපයෙන් බැණ එලවා ගනී!
21 Nov 2014 -
 Mayithripaala sirisena - Town Hall full video

https://www.youtube.com/watch?v=Ok11EYeeP8M&feature=youtu.be
21 Nov 2014  - Town Hall video
එජාපෙනුත් මෛත්‍රීට හරසර