යහපත් පාලනයක් ඇති කරනවා
මෛත්‍රීපාල
ජයග්‍රහණයෙන් පසු රට සංවර්ධනය කර මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවට යහපත් අනාගතයක් උදාකර දෙනු ඇතැයි විශ්වාස කළ ද මේ වන විට ඒ සියලු බලාපොරොත්තු කඩවී රට හැම අතින්ම විනාශය කරාගෙන ගොස් තිබෙන බව හෙතෙම කීය.
එහිදී තවදුරටත් අදහස් දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
අපි බලාපොරොත්තු වුණා 2009 මැයි මස 18 වැනිදා ප්‍රභාකරන් ඝාතනය වීමත් සමඟ මහින්ද රාජපක්‍ෂ මහත්තයා කාටත් පිළිගත හැකි හොඳ දේශපාලන ගමනක් යයි කියලා. නමුත් ඔහු කළේ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා, ජනතාවගේ දුගී බව නොසලකා ඔවුන් පීඩනයට පත්කරමින් රට අගාධයට තල්ලු කිරීමයි.
මහින්ද රාජපක්‍ෂ මහත්තයා 2010 පසු කිසිම ඇමැතිවරයෙක් කියන දේකට ඇහුම්කන් දුන්නේ නැහැ. උගත් බුද්ධිමත් මේ රටේ ප්‍රබුද්ධ ජනතාව කියන දේවල්වලට ඇහුම්කන් දුන්නේ නැහැ. ජනතා හඬට කන්දුන්නේ නැහැ. කිසිම කෙනෙකුගේ හඬකට කන් නොදුන් රාජපක්‍ෂ මහත්තයා ඔහුගේ පවුලේ බලය ශක්‌තිමත් කරගනිමින් මුළු මහත් රටේ දේපළ පෞද්ගලික පරිහරණය සඳහා පාවිච්චි කරමින් වැරැදි ගමනක් යැමට පටන් ගත්තා. ඒ නිසා අපට සිදුවුණා මේ දූෂිත තත්ත්වය වෙනස් කිරීමට නායකත්වය ගන්න. අපි ගත්ත ඒ තීරණය දැන් සාර්ථක වී තිබෙනවා..........
http://www.divaina.com/2014/12/15/news05.html.
No comments:
Post a Comment