සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩ
රජය අහිමි කරමින් සිටිනවා
-ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ
විධායක බලය හරහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදාගෙන අශිෂ්ට ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන තිබෙන බව හෙතෙම ඊයේ (17 වැනිදා) කොළඹ පිහිටි පොදු අපේක්‍ෂක මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ විජයදාස රාජපක්‍ෂ මහතා-
ආණ්‌ඩුව වෙනුවෙන් පෙනී සිටින එක්‌තරා භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් ප්‍රකාශ කර තිබෙනවා. මෙවර ඡන්දයෙන් මහින්ද පරාජය වුවත් තව වසර දෙකක් ජනාධිපති ධූරයේ ඉන්න පුළුවන් බවට. එය ඉතා කනගාටුවට කරුණක්. භික්‍ෂූන් වහන්සේලා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන කරන මෙවැනි නොමනා ප්‍රකාශ සමස්‌ත බෞද්ධ ප්‍රජාවට කරන හානියක්.
අති උතුම් පාප්වහන්සේගේ ලංකා ගමනය පිළිබඳව කළ සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, මැල්කම් රංජිත් කාදිනල්තුමාට ප්‍රතිඥවක් දී තිබෙනවා. පරාජය වූවොත් ජනාධිපති ධුරයෙන් ඉවත් වන බවට. එසේ තිබියදීත් ඇතැම් භික්‍ෂූන් වහන්සේලා කරන මෙවැනි ප්‍රකාශ බරපතළ ෙ€දවාචකයක්.
මෙහිදී බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, නීතිඥ ශිරාල් ලක්‌තිලක යන මහත්වරුද අදහස් දැක්‌වුහ.
http://www.divaina.com/2014/12/18/news36.html
No comments:
Post a Comment