ඡන්දය පටන්ගෙන අවසන් ප්‍රතිපලය නිකුත්වන තුරු
දූෂණ නෑ..නෑ..නෑ..
- මැතිවරණ කොමසාරිස්
මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය ඉතාම ශක්‌තිමත් බවද රාජ්‍ය නිලධාරීන් ඉතා කැපවීමෙන් අවංකව හා ස්‌වාධීනව රාජකාරී සිදු කරන නිසා ඡන්ද දූෂණ සිදුවීමට කිසිදු ඉඩක් නොමැති බවද ඊයේ (30 දා) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේය.
ඡද ප්‍රකාශ කිරීම, ඡන්ද පෙට්‌ටි ප්‍රවාහනය කිරීම, ඡන්ද ගණන් කිරීම ඇතුළු අවස්‌ථා ගණනාවකදීම සිය නිරීක්‍ෂණ සිදු කිරීමට තරග කරන අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන්ට ඉඩ ලබාදී ඇති බවද, ඡන්ද පෙට්‌ටි, ඡන්ද පත්‍රිකා සියල්ලටම ආරක්‍ෂිත රහස්‍ය අංක හා වෙනත් ක්‍රමෝපායන් අනුගමනය කර ඇතැයිද කොමසාරිස්‌වරයා පැවසීය.
ඡන්ද විමසීම කොතරම් ස්‌වාධීනව පැවැත්වුවද පරාජිත අපේක්‍ෂකයන් නිදහසට හේතු ලෙස පවසන්නේ ඡන්ද දූෂණ සිදුවූ බවට යෑයිද, එසේ කියන්නේ ඡන්ද විමසීමේ නිවැරැදි බව හොඳින් දැන දැනම යෑයිද ඔහු කියා සිටියේය.
http://www.divaina.com/2014/12/31/news01.html
No reason for postponing election – Polls Chief
December 30, 2014, 7:40 pmhttp://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=116861
No comments:
Post a Comment