Dec 11, 2014

11  DEc 2014
විධායකය අහෝසි කරනවා කියන මෛත්‍රී ඊට 
සංශෝධන ගේන බවට ප්‍රතිඥ දෙමින්
හෙළ උරුමය සමග ගිවිසුමක්‌ අත්සන් කළා

උද ගම්මන්පිල කියයි


විහාරමහාදේවි උද්‍යානයේදී දින සියයෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥ දෙමින් ගිවිසුමක්‌ අත්සන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පැය තුනකට පසු විධායක ක්‍රමයට සුදුසු සංශෝධන ගෙන එන බවට ප්‍රතිඥ දෙමින් ජාතික හෙළ උරුමය සමග තවත් ගිවිසුමක්‌ අත්සන් කළ බව හෙළ උරුමය පක්‍ෂයෙන් ඉවත් වූ උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙවන් පරස්‌පර විරෝධී අදහස්‌ දරන්නකු මේ රටේ ජනාධිපතිවීමට උත්සාහ දරන බවද කී ඒ මහතා මේ කතා දෙකෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කියන ඇත්ත කතාව කුමක්‌ද යන්න ප්‍ර්‍රශ්න කළේය........................
http://www.divaina.com/2014/12/12/news24.html
.....................................

JHU splits as Udaya
switches allegiance to President




................................................................................
 JHU splits; Udaya to govt  :Video:
2014-12-11 12:04:16

- See more at: http://www.dailymirror.lk/58729/jhu-splits-udaya-to-govt#sthash.cHEOECrg.dpuf
JHU strongman and ex-Minister of the Western Provincial Council Udaya Gammanpila sat at the government (UPFA) press conference that is being held at the SLFP headquarters now.

The Deputy General Secretary of the JHU Mr. Gammanpila pledged his support to President Mahinda Rajapaksa during the press conference.

"I am resigning from the JHU and will support President Rajapaksa as an independent member," he said.
http://www.dailymirror.lk/58729/jhu-splits-udaya-to-govt

මව්බිමේ බෙල්ල බේරාගන්නයි ආවේ‘ :  video 
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහ පාලනය ගැන ප්‍රශ්න තියෙනවා.නමුත් යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා.පොදු විපක්ෂයක් එක්ක එකතුවෙලා රටට විනාශයක් වුණොත්  එහි කොටස් කාරයෙක් වෙන්න මට බැහැ .ඒනිසා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට මා තීරණය කළා ‘යැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  උදයගම්මන්පිල මහතා කියයි.
පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයා  සමඟ එක්වී සිටින අය ගැන සැක සංකා තියෙනවා. යැයිද මන්ත්‍රීවරයා  පැවසීය...................PHOTOS 
11 Dec 2014
Tissa sworn in as Health Minister
2014-12-11 10:29:22



Former General Secretary of the United National Party Tissa Attanayake, who  crossed over to the Government, sworn in as the Minister of Health a short while ago at the president’s House in Kandy.
 http://www.dailymirror.lk/58695/tissa-new-health-minister
11 Dec 2014   මෛත්‍රිපාල සිරිසේන
රුදුරු ආඥදායකත්වය 8වැනිදා අවසන් කරනවා
-පොදු අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මතුගමදී කියයි




සොඳුරු ආඥදායකත්වයකින් පටන් අරගෙන රුදුරු ආඥදායකත්වයක්‌ කරා ගමන් කරන මේ රටේ පාලනය නතර කිරීමට ලබන ජනවාරි 08 වැනිදා හැකි වනු ඇතැයි විපක්‌ෂයේ ජනාධිපති පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මතුගමදී ඊයේ (10 වැනිදා) පැවැසීය.

"එක්‌වෙමු වෙනසක්‌ කරමු මෛත්‍රී පාලනයක්‌" මැයෙන් මතුගම පෞද්ගලික බස්‌ නැවතුම්පළේදී මෙම ජනහමුව පැවැත්විණි.
රජකමට ලොල් වුණු ඡන්ද තියමින් 'සිනහ වෙමින්' ජනතාවට තාවකාලික සහන දෙමින් අන්ත දූෂණ පාලනයක්‌ රටේ ආරම්භ කළා. දේශපාලන බලය පවුලේ සුඛ විහරණයට භාවිතා කළා. කොටුවේ ජනාධිපති මන්දිරය තුළ කෝටි සිය ගණනක්‌ පසුගිය වසර කිහිපය තුළ නාස්‌ති කර තිබෙනවා. අනුරාධපුර, මහනුවර, නුවරඑළිය ජනාධිපති මන්දර කෝටි ගණන් මුදල් වැය කරමින් ප්‍රාන්ත රජවරයකුගේ මාළිගාවන් ලෙස දියුණු කළා. ඇඹිලිපිටියේත් අලුත් ජනාධිපති මන්දිරයක්‌ හැදුවා. මේවා ජනතාවගේ සල්ලි. ජනාධිපති පවුලේ වියදම දිනකට කෝටි 5 ක්‌ පමණ වෙනවා. මෙය ලෝකයේ කිසිම ජනනායකයකු වියදම් කරන මුදලට වඩා ඉහළයි. ඒත් පවුල් 27 ලක්‌ෂයක්‌ රටේ අධික දුක්‌ විඳිනවා. රජයේ සේවකයන් දුක්‌ විඳිනවා. පෞද්ගලික අංශයේ රැකියා කරන අයට ආණ්‌ඩුවෙන් පිළිසරණක්‌ නැහැ. විදේශ රැකියා කරන පිරිස ලක්‌ෂ ගණනක්‌. ඔවුන්ට ආණ්‌ඩුව ලබා දුන්නේ මොනවාද?................
http://www.divaina.com/2014/12/11/news28.html


10 Dec 2014
දැන් ඔබට හිතන්න කාලය ඇවිත්
-ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 
සමහර අය ඉතිහාසය අමතක කළත්
අඳුරු යුගය තුරන් කළා
රාජ්‍ය සේවයේ ස්‌වර්ණමය යුගය උදාකළා
අනුර බාලසූරිය


කුමන බාධා, වෙඩි හඬ තිබුණත් ඔබ ඔබෙන් වියයුතු යුතුකම ඉටුකිරීමට ඉදිරිපත්වන්න. මේ රටේ නිල නොලත් අඳුරු නීතිය දමාපු යුගයක්‌ තිබුණා. ඒ භීෂණ යුගයේ කී දෙනෙක්‌ මාතාවන් හා දරුවන් නැතිවුණාද? එහෙම යුගයක්‌ තිබුණා. මේ ඉතිහාසය අපට සමහර වේලාවට අමතක වන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී පෙරේදා (9 දා) පැවැති රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය අමතා ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
ජනාධිපතිවරයා උත්සවය අමතා මෙසේද කීවේය.
ලෝක පවුල් සෞඛ්‍ය සැමරුම් දින උත්සවවලදී මම තමුන්නාන්සේලා හමුවුණා. නිරෝගිමත් දරු පරපුරක්‌ බිහිකරන්න සෞඛ්‍යමත් පවුල් පරිසරයක්‌ ගොඩනගන්න කැපවෙලා කරන සේවය අපි සෑම අවස්‌ථාවකදීම අගය කරනවා. අපි දකින්නේ මෙම සේවාව ඉතාමත් කාරුණික සේවාවක්‌ ලෙසයි.............................

http://www.divaina.com/2014/12/11/news27.html
10 Dec 2014  Puravasi

අපිට කොටි කියපු උන්ටම දැන් කොටි ලේබල් වැදිලා (audio)

Darmasiri-bandaranayaka
එන්ජීඕ කාරයෝ කොටි හිතවාදී ආදී ලෙස තමන්ට ගහපු තහඩු දැන් දැන් උන්ටම එල්ලිලා යැයිද අපේ තහඩු දැන් කොරෝෂන් බැඳිලා යයිද ධර්මසිරි බණ්ඩාරනායක පවසයි. ඔහු මෙසේ කීවේ පුරවැසි බලය අද පැවැති මාධ්‍ය හමුවේදී ය.
ජයතිලක බණ්ඩාරයන්ට පහර දීම ගැන දැඩි හිත්වේදනාවෙන් අදහස් දැක්වූ ධර්මසිරි බණ්ඩාරනායක මේ පුරවැසි බලය සංවිධානය ලබන 8 වෙනිදායින් අහවර නොවී පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් තහවුරු කර ගන්නා තුරු පවත්වාගෙන යන්නක් බවද පැවසීය.

ධර්මසිරිගේ ආවේගශීලී කතාවට මෙතැනින් සවන් දිය හැක.

10 Dec 2014   news
බරපතළ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල 
වගකීම පළාත භාර පොලිස්‌ ලොක්‌කාට
ජනාධිපතිවරණයේදී මිනිස්‌ ඝාතන හෝ බරපතළ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවූවොත් එහි සම්පූර්ණ වගකීම අදාළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා (එස්‌. ඩී. අයි. ජී.) විසින් භාරගත යුතු බවට පොලිස්‌පතිවරයා ලිතව නියෝග කර ඇත.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ගිනි අවි රැගෙන යන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්‌පතිවරයා එක්‌ එක්‌ පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට උපදෙස්‌ ලබා දී තිබේ.
එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටින පුද්ගලයන් සහ වාහනවල අවි ආයුධ තිබේදැයි සොයා දිගින් දිගටම පරීක්‍ෂා කරන ලෙස ද පොලිස්‌පතිවරයා පොලිසිය වෙත උපදෙස්‌ ලබා දී ඇත.
පසුගිය 2010 ජනාධිපතිවරණයේදී මිනිස්‌ ඝාතන 6 ක්‌ සිදුවූ බවත් මෙවර මැතිවරණයේදී කිසිදු මිනිස්‌ ඝාතනයක්‌ සිදු නොවීමට වගබලා ගතයුතු බවත් දන්වමින් පොලිස්‌පතිවරයා සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට ලිතව දැනුම් දී ඇත.
ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක වන කාලසීමාවේදී හදිසි මාර්ග බාධක යොදා වාහන සහ සැකකටයුතු පුද්ගලයන් පරීක්‍ෂා කිරීම පොලිස්‌ ස්‌ථාන මට්‌ටමින් සිදු කිරීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කරමින් සිටියි.
එමෙන්ම රාත්‍රි මුර සංචාර වැඩි කිරීම සහ ජංගම සංචාර, සෝදිසි කිරීම් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට ද පොලිසිය සැලසුම් කර ඇත.

http://www.divaina.com/2014/12/10/news03.html

රට පුරා ඉදිකර ඇති කටවුට්‌ බැනර් මැද
පොලිසිය හිරවෙයි

http://www.divaina.com/2014/12/10/news02.html

Dec 10, 2014

10 Dec 2014

 ජවිපෙ නිට්ටඹුවේ රැලියටත් මහ සෙනගක්

ජනතා විමුක්ති පෙරමු‍ණේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ "ඒකාධිපති පාලනය පරදවමු! ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු!" රැලිය අද (09) නිට්ටඹුව නගරයේදී පැවති අතර එහිදී ජවිපෙ නායක අනුර දිසානායක මහතාජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ ජවිපෙ මධ්‍යමකාරක සභික මහින්ද ජයසිංහ මහතා ජනතාව අමතූහ.
එහිදී අනුර දිසානායක මහතා ජනතාව ඇමතූ හඬ පටය.............
10 DEc 2014
මාධ්‍ය රැකීමේ යෝජනා පොදු අපේක්ෂකට
ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරකින යෝජනා තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයට ඉදිරිපත් කර ජනවාරි අට වැනිදා ජයග්‍රහණයෙන් පසු එය ක්‍රියාත්ම කරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැති ජනමාධ්‍ය සමුළුවක දී කීවේය.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයනට ඒ සඳහා ඇරැයුම් කර තිබුණු අතර බත්තරමුල්ලේ සීලරතන හිමි, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, සරත් මනමේන්ද්‍ර සහ සිරිතුංග ජයසූරිය මහත්වරු ඊට සහභාගී වූහ.   අනෙක් අපේක්ෂකයෝ සහභාගී නොවූහ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද ඊට එක්වූහ...........
10 Dec 2014
මහ ඇමැති ආරක්ෂකත් ප්‍රා මන්ත්‍රීත් රිමාන්ඩ්
එප්පවාල දී ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල්ට සහ නාට්‍ය කණ්ඩායමකට පහර දුන්නැයි සැකපිට දින හතරකට පසු අත්අඩංගුවට ගත් සැකකරුවෝ සිව් දෙනෙක් තඹුත්තේගම අතිරේක මහේස්ත්‍රාත් ලෙව්කේ බන්ණ්ඩාර මහතා විසින් බ්‍රහස්පතින්දා (11) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
තලාව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වසන්ත බණ්ඩාර, උතුරු මැද මහ ඇමැතිගේ පෞද්ගලික ආරක්ෂක, උදිත නිශාන්ත ප්‍රනාන්දු , එම් ඒ සංජීව පුෂ්පසිරි සහ අසංක නන්දපාල සැකකරුවෝය.
10 Dec 2014
Digambaram relinquishes portfolio
2014-12-10 13:37:19


National Languages and Social Integration Deputy Minister P. Digambaram of the National Workers Union has resigned from his portfolio this morning, the party spokesman said.

The President appointed Mr. Digambaram and Democratic People’s Congress member Praba Ganeshan as deputy ministers on August 21.

Radhakrishnan resigns

Botanical Gardens and Public Recreation Deputy Minister V. Radhakrishnan submitted his resignation a short while ago. 
http://www.dailymirror.lk/58587/radhakrishnan-resigns
10 Dec 2014
MR offers prayers at Tirupati
Sri Lanka President Mahinda Rajapaksa on Wednesday offered prayers at the Lord Venkateswara Temple here, where he performed Suprabhatam, the first temple service of the day.

According to reports, President Rajapaksa was in the temple for about an hour and received from the shrine's management a sacred silk cloth and holy water.

President Rajapaksa's visit comes a day after the he filed his nomination papers for the upcoming presidential elections in that nation, slated to be held next month.
 According to reports, the temple town has been fortified in view of the likely protests by Tamil Nadu-based activists and political parties who are against Rajapaksa's visit. (ANI)
10 Dec 2014  මෛත්‍රීපාල සිරිසේන
රාජ්‍ය සම්පත් කොල්ලකාපු අය
දින 100ක්‌ ඇතුළත කොටු කරනවා

- මෛත්‍රීපාල සිරිසේන කියයි

අපේ ආණ්‌ඩුව යටතේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ
පෞද්ගලික අංශ සේවක වැටුප් වැඩි කරනවා

- රනිල් වික්‍රමසිංහ
ජනවාරි 9 වැනිදා ජයග්‍රහණයෙන් පසුව සාධාරණ යුක්‌ති සහගත පාලනයන් සඳහා මේ රටේ බෞද්ධ රාජ්‍යයක්‌ පිහිටුවීමට පියවර ගන්නා බවට දළදා සමිඳුන් වැඩ සිටින කන්ද උඩරට මහනුවරදී ප්‍රතිඥවක්‌ දෙන බව ජනාධිපති මැතිවරණයේ පොදු අපේක්‌ෂක මෛතිS්‍රපාල සිරිසේන මහතා මහනුවර මංගල රැලියේදී ඊයේ (9 වැනිදා) ප්‍රකාශ කළේය.

රැලිය මහනුවර මධ්‍යම වෙළෙඳපොළ භූමියේදී පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

දළදා සමිඳුන් වැඩ වසන මේ ශුද්ධ භූමිය ඔබ අප කාගේත් වන්දනීයත්වයට පත්වෙනවා. නාමයෝජනා දීමෙන් අනතුරුව අපේ මංගල ප්‍රචාරක රැලිය මේ පින්බිමේ පවත්වන්න ලැබීමට තරම් අප වාසනාවන්ත වී තිබෙනවා. රටේ භෞමික අඛණ්‌ඩභාවය පිළිබඳවද කන්ද උඩරටට විශාල බැඳීමක්‌ පවතිනවා. ඒත් හම්බන්තොටට මං තීරු 4 කාපට්‌ පාරවල් හැදෙන කොට මේ මහනුවර උතුම් නගරයට සංවර්ධනයේ නාමයෙන් මොනවද කරලා තිබෙන්නේ. මාසයකට සැරයක්‌ ජනාධිපතිතුමා දළදා සමිඳුන් වැඳ පුදා ගත්තත් මහනුවර නගරය ජනාධිපතිතුමා සංවර්ධනය පැත්තෙන් අමතක කරල තිබෙනවා. 94 පොදු පෙරමුණ ප්‍රකාශනයේත් 2005 මහින්ද චින්තනයේත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන් වුණා. ඒත් ඒ පොරොන්දුව මගේ නොවෙයි. මාස 3 ක්‌ ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මම ඓතිහාසික දළදා පුදබිමේදී ජනතාවට දිවුරා පොරොන්දු වෙනවා. රාජ්‍ය සම්පත් මෙතරම් කොල්ල කාපු ආණ්‌ඩුවක්‌ ඉතිහාසයේ තිබුණේ නැහැ. ඒ වගේම රාජ්‍ය සම්පත් කොල්ලකාපු උදවිය දින 100 ක්‌ ඇතුළත කොටු කරනවා. ඔක්‌කොම හොරු කොටු කරනවා. සංවර්ධන වැඩ මේ කරනවා වගේ තුන් ගුණයකින් වැඩි කරනවා. පවුල් ලක්‌ෂ 27 ක්‌ අන්ත අසරණ දුගී භාවයෙන් පෙළෙනවා.


මේ ආණ්‌ඩුව හොර කම් කරන මුදල් ඒ දුප්පත්කම නැති කරන්න යොදනවා. රේගුව පිරිසිදු කර කෝටි ගණනක මුදල් ජනතා සේවයට යොදනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුවට එන මුදලින් ජනතා සේවයට යෙදවිය හැකියි. හොර කල්ලිය සිදු කරන හොරකම් නතර කරනවා. ජනතාවට සේවය කරන්න පුළුවන්. ඒත් ජනතා සුබ සාධනය දැන් ආණ්‌ඩුවට හදිසියේ මතක්‌ වෙලා. බයිසිකල් සහන ණය මිලකට ලබා දෙනවා. ඒ බයිසිකල්වල ණය මුදල් අපි කපා දමා ඔවුන් ඒ ණය බරින් නිදහස්‌ කරනවා. අධිකරණ නිදහස නැති වී තිබෙනවා. ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියව ගෙදර යෑව්වට. නීතියේ ආධිපත්‍යය ශක්‌තිමත් කිරීමට අපි කටයුතු කරනවා. අරලියගහ මැඳුරෙන් එන දුරකථන ඇමැතුමට අවනත නොවීම නිසයි හිටපු අගවිනිසුරුවරිය ගෙදර යෑව්වේ. ඒ තත්ත්වය අපි නැති කරනවා. වත්මන් ආණ්‌ඩුව විස සහිත පොහොර රසායන ද්‍රව්‍ය රටට ගෙන එනවා. අප ඒවා තහනම් කරනවා. නියම ප්‍රමිතියෙන් යුතු පොහොර හා රසායන ද්‍රව්‍ය ගෙනවිත් වකුගඩු රෝගය සහමුලින් තුරන් කිරීමට කටයුතු කරනවා. සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද එකතු කිරීමට එරෙහිව මාව ආණ්‌ඩුවේ උදහසට ලක්‌ වුණා. ආණ්‌ඩුවේ ලොක්‌කො සිගරැට්‌ සමාගම්වලින් කෝටි ගණන් මුදල් සාක්‌කුවේ දාගත්ත. ඒ වුණාට හරිම සිල්වත් විදිහට හැසිරෙනවා. ළමයි වඩාගන්නවා. සිනහ වෙනව. වෙනස්‌ම විදිහකින් ඉන්නවා. ඒත් පුළුවන් උපරිමයෙන් යටිමඩි ගහනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සටනට එයි කියලා පසුගිය මාස 6 පුරාවට රුපියල් කෝටි සිය ගණන් වියදම් කර රනිල් වික්‍රමසිංහ මහතාට පහර ගහන්න රජයේ මුදල් නාස්‌ති කරා. ඒත් අරලියගහ මැඳුරේ ඇතුලේම තම ප්‍රතිවාදියා සිටින බව දැන සිටියේ නැහැ. රනිල් මහතාට එරෙහිව සිදු කළ මහන්සිය අපතේ ගියා. කොහොම හරි දිනනවා, මොනවා හරි කරලා දිනනවා කියලා ආණ්‌ඩුව කියනවා. එහෙම දිනන්න බැහැ. අපි ජනතාවගේ ඡන්ද බලයෙන් දිනනවා. ධන බලය සහ අවි බලය දණගස්‌සවලා ජනතා බලයෙන් අලුත් ආණ්‌ඩුවක්‌ අපි හදනවා. ඒ ආණ්‌ඩුව ඇතුළේ ජනතාව සුත මුදිත කරනවා.

09 Dec 2014
විපක්ෂ රැල්ල මහනුවරට
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මංගල ජන රැලිය අද (9) සවස මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේදී ඇරඹිණි. රැලිය ආරම්භ වීමටත් ප්‍රථම විශාල ජනකායක් එහි එක් රැස්ව සිටින ආකාරය දැකිය හැකි ...photos 
_DSC0129

_DSC0140
http://www.lankadeepa.lk/index.php/top_story/281217

http://www.dailymirror.lk/58513/maithri-in-kandy

මෛත්‍රිපාල සිරිසේනගේ පළමු ජනාධිපතිවරණ රැළිය‍ මහනුවරින් ඇරඹෙයි (VIDEO)



Dec 9, 2014

09 dec 2014   මෛත්‍රිපාල සිරිසේන
ආණ්‌ඩුවේ ධන බලයට අවිබලයට එරෙහිව ජනබලය
සමඟ එක්‌ව අවිහිංසාවෙන් ජනපතිවරණය ජයගන්නවා
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
http://www.divaina.com/2014/12/09/news21.html
ආණ්‌ඩුවේ ධනබලය සහ අවිබලයට එරෙහිව ජනබලය සමඟ අවිහිංසාවාදී මැතිවරණ ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කොට ඉදිරි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාගන්නා බව විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (08 දා) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌a දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා - ලබන 8 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ දිනයේ පටන් මේ රටේ ජනමාධ්‍ය අප වෙත ලබා දුන් සහයෝගයට මා විශේෂයෙන් ස්‌තුතිවන්න වෙනවා. මා නාමයෝජනා භාරදී ජනතාවගෙන් ලද උණුසුම් සුබපැතුම් සමඟ අප මේ මැතිවරණ සටන නිල වශයෙන් ආරම්භ කරනවා..................


09 Dec 2014 news
දහනව දෙනෙක්‌ නම් දෙති
දේශපාලන පක්‍ෂ 17 කින් 17 ක්‌ 




බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), එම්. බී. නාමිනිමුල්ල (ඔක්‌කොම වැසියෝ ඔක්‌කොම රජවරු සංවිධානය), පානි විඡේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සිරිතුංග ජයසූරිය (එක්‌සත් සමාජවාදී පක්‍ෂය), මහින්ද රාජපක්‍ෂ (එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය), ජයන්ත කුලතුංග, එක්‌සත් ලංකා මහා සභා පක්‍ෂය), විමල් ගීගනගේ (ශ්‍රී ලංකා ජාතික පෙරමුණ), මෛත්‍රීපාල සිරිසේන (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ), අයි. එම්. ඉල්ලියාස්‌ (ස්‌වාධීන), නිස්‌තාර් මොහොමඩ් (එක්‌සත් සාම පෙරමුණ), අනුරුද්ධ පොල්ගම්පල (ස්‌වාධීන), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), ඒ. එස්‌. පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂය), සුන්දරම් මහේන්ද්‍රන් (නව සම සමාජ පක්‍ෂය), ප්‍රසන්න ප්‍රියංකර (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය), නාමල් අජිත් රාජපක්‍ෂ (අපේ ජාතික පෙරමුණ), ආර්. ඒ. සිරිසේන (දේශප්‍රේමී ජාතික පෙරමුණ), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රුවන්තිලක පේදුරුආරච්චි (එක්‌සත් ලංකා පොදුජන පක්‍ෂය) යන අපේක්‍ෂකයෝ සියලු දෙනා ජනාධිපතිවරණයට තරග කරනු ලබති.