Dec 22, 2014

21Dec 2014
හම්බන්තොට පුරපතිගේ ලක්ෂ තුන හමාරේ ඔරලෝසුවත් නැwebතිවේ
ම්බන්තොට බස් නැවතුම්පළේ වීදි නාට්‍යයක් බලන්නට ගිය තමාට වූයේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකියි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.
වීදි නාට්‍යකරුවන් නගර සභාවෙන් අවසර ගෙන නොතිබිණැයිද එතැන සිටි පිරිසක් ඔවුන් හා ගැටුමක් ඇති කරගනිද්දී එය බේරීමට ගිය බවද රුපියල් ලක්ෂ තුන හමාරක් වටිනා තම අත් ඔරලෝසුවද එහිදී නැතිවී යැයිද පුරපති කියයි.
‘‘මම ඒ ගැටුම බේරන්න ගියා. මගේ අතත් තුවාල වුණා. ඔර්ලෝසුවත් නැතිවුණා.
පිස්තෝලකාරයත් හිටියා‘
සිවිල් සංවිධාන කිහිපයක් එක්ව හම්බන්තොට දී  වීදි නාට්‍යයක් පෙන්වමින් සිටිය දී එතැනට පැමිණි මැර පිරිසක් පොලිසිය බලා සිටිය දී තමන් ඇතුළු පිරිසට පහර දුන් බව හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ් ඛාන් මහතා පැවසීය.
තුවාල ලැබූ ඔහු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.
‘අපිට ගහන්න ආණ්ඩුවේ දේශපාලනඥයකුත් ආවා. ඔහු අත පිස්තෝලයකුත් තිබුණා.‘
http://www.lankadeepa.lk/index.php/articles/284160

Opposition attacked at Hambantota protest
Several UNP local government members, including Opposition Leader of the Hambantota Municipal Council Auyb Khan were attacked by a gang at protest campaign held at the Hambantota bus halt this morning.
The protest campaign ‘Viyaruwata Erehi Veediye Wirodhay’ organized by civil society member Jayathilake Bandara was wounded along with others who were injured during the attack were admitted to the Hambantota and Ambalantota hospitals.   
Protestors said Hambantota Mayor Eraj Fernando and a gang of individuals had attacked the peaceful street protest.
 Opposition leader Khan who is admitted at the Hambantota General Hospital said the Police had watched as the protesters were beaten with helmets and sticks by the Mayor and his gang. “The Mayor and some of the individuals had weapons in their hands that they threatened us with,” he said.   Sources said Bandara wanted to transfer to a more secure hospital after treatment and was in a secure facility at the moment as he feared for his life.   
 Meanwhile, parliamentarian Mangala Samaraweere who was at a media briefing in Matara when the attack occurred said he had called DIG for the Southern Province to complain about the incident.(Krishan Jeewaka Jayaruk)
- See more at: http://www.dailymirror.lk/59403/opposition-attacked-at-hambantota-protest#sthash.QA7vIJbE.dpuf
20 Dec 2014
Maithri pledges war crime inquiry


Opposition Common Presidential candidate Maithripala Sirisena said the country cannot be charged with war crimes in the International Criminal Court, but he will launch a domestic inquiry if he wins a January election.

Maithripala Sirisena said in a policy statement on Friday that Sri Lanka has not ratified the statute that established the international court, and that he would therefore institute an investigation by a local independent court.
 Mr. Sirisena is challenging President Mahinda Rajapaksa for the presidency.
http://www.dailymirror.lk/59395/maithri-pledges-war-crime-inquiry
20 Dec 2014
ගිනි අවි භාවිතා කිරීම්, රාජ්‍ය දේපළ හා නිලධාරීන්a යොදා ගැනීම්, සහනාධාර බෙදීම්, ප්‍රචාරක දැන්වීම්, පූර්ව මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් 336 ක්‌
පැෆරල් වාර්තා කරයි
ඉන් 289 ක්‌ බරපතළයි
ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් තුන්සියය තිස්‌හයක්‌ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයට (පැෆරල්) වාර්තා වී ඇතැයි එම සංවිධානය පවසයි.
මෙම නීති රීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් අතරින් වඩාත් බරපතළ සිද්ධීන් දෙසීය අසූනවයක්‌ ඇතැයි ද ප්‍රචණ්‌ඩ ක්‍රියා හැත්තෑතුනක්‌ ද ඒ අතර වන බව පැµරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා පෙරේදා
(18 වැනිදා) කොළඹ, පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
මේ අතර ගිනි අවි භාවිතා කිරීම් පහක්‌ වාර්තා වී ඇතැයි ද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් දහනවදෙනාගෙන් එක්‌ අපේක්‍ෂකයකු සියලු රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපළ හා රාජ්‍ය නිලධාරීන් යොදවා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බව නිරීක්‍ෂණය වී ඇතැයි ද ඒ මහතා පැවැසීය.

20 Dec 2014
සියලු ජාතීන් සමග අත්වැල් බැඳගෙන
පෙරට යන සමාජයක්‌ ගොඩනගනවා

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මුලතිව්වලදී කියයි

අපි මේ රටේ සියලු ජාතීන්ට ආගම්වලට එක හා සමානව එකට අත්වැල් බැඳගෙන පෙරට යන්න පුළුවන් සමාජයක්‌ ගොඩනගන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
අපි ජාතීන් වශයෙන් බෙදී සටන් කළොත්a, එකිනෙකාට වෛර කළොත් ඔබත්, රටත්, ජාතියත් දියුණු නොවන බවත්, පැවසූ ජනාධිපතිවරයා දැන් ඔබ ඒ අඳුරු යුගය අමතක කර අනාගතයට ගමන් කිරීමට සූදානම් විය යුතු යෑයි ද ජනාධිපතිවරයා කීවේය.
මුලතිව්හි පෙරේදා (18 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක
රැලියට එක්‌වෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.
ඔබේ පළාතට පැමිණ ඔබ අමතන්න අවස්‌ථාවක්‌ ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. අවුරුදු තිහක්‌ මේ පළාත් අඳුරේ තිබුණු බව ඔබ දන්නවා. මේ අවුරුදු තිහ තුළ නොයෙක්‌ කම්කටොළුවලට මුහුණ දෙන්න ඔබට සිදු වුණා.........


20 Dec 2014
කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවට 
පැමිණීමට කළ ඉල්ලීම ඉවතට 

වීසා දීම රජය ප්‍රතික්‍ෂේප කරයි
ඔස්‌ටේ්‍රලියානු පුරවැසියකු වූ කුමාර් ගුණරත්නම්ට මෙරට දේශපාලනය කිරීමට හිමිකමක්‌ නැති නිසා ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.
ජනාධිපතිවරණ රැස්‌වීම් ඇමතීම සඳහා ඔහු මෙරටට ගෙනඒමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය දැඩි උත්සාහයක්‌ ගෙන තිබේ.
කුමාර් ගුණරත්නම් ඔස්‌ටේ්‍රලියාවේ දේශපාලන රැකවරණ ලැබූවෙකි. එවැන්නකුට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්විය නොහැකියි. ඔහුට වෙනස්‌ නමක්‌ පවා දුන්නේ ඔස්‌ටේ්‍රලියානු බලධාරීන් යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
මේ අතර කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවට ඒමට වීසා ලබානොදීම පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් ඊයේ (19දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
කුමාර් ගුණරත්නම් මහතාට මෙරටට ඒම සඳහා නීත්‍යානුකූලව වීසා අයදුම් කර තිබෙන අතර එය ලබා නොදීම පිළිබඳව ජනාධිපතිවරණයේ වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව හා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික චමීර කොස්‌වත්ත යන මහත්වරුන් විසින් මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල කර ඇත. .......

http://www.divaina.com/2014/12/20/news13.html
 
20 Dec 2014
වඳුරඹ වේදිකාවට ගිනි තැබීම මුතුහෙට්‌ටිගම සැකකරුවන් පැහැරගෙන!
පොලිසිය පස්‌සෙන් පන්නා යළිත් අත්අඩංගුවට ගනී

ගාල්ල වඳුරඹ ඉදිකර තිබූ වේදිකාවකට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර තිබූ ලොරියකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තිදෙනා ඊයේ
(19 වැනිදා) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඇතුළු පිරිසක්‌ විසින් එම සැකකරුවන් තිදෙනා පොලිසියට බලපෑම් කර පැහැරගෙන ගොස්‌ ඇත.

මෙසේ පැහැරගෙන යමින් සිටි සැකකරුවන් ලුහුබැඳ ගිය බද්දේගම පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් නියෝජ්‍ය ඇමැතිවරයා භාරයේ සිටි එම සැකකරුවන් තම භාරයට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා බද්දේගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාගේ ආධාරකරුවන් වන දිමුත් ප්‍රදීප්, ජානක දුමින්ද සහ ජනක රුවන් කුමාර යන අය බව පොලිසිය පවසයි.

Dec 20, 2014

20 Dec 2014
නාධිපතිවරණ මහජන රැලි.......
ජනාධිපති
ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන රැලි දෙකක්‌ අම්පාර මහජන ක්‍රීඩාංගණයේදී සහ අක්‌කරපත්තුව මහජන ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැත්වේ. මෙයට අමතරව කල්මුණෙයි, පොතුවිල්, පානම, තිරක්‌කෝවිල් ප්‍රදේශවලදී ද ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ජනහමු පැවැත්වේ. 
මෛත්‍රීපාල 
ජනාධිපතිවරණයට තරග කරන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන හමු 13 ක්‌ අද (20 වැනිදා) සහ හෙට (21 වැනිදා) පැවැත්වේ.

අද ගම්පොළ, පාතදුම්බර, තෙල්දෙණිය, උඩුනුවර, නාවලපිටිය සහ කුණ්‌ඩසාලේද හෙට හඟුරන්කෙත, වලපනේ, නුවරඑළිය, හැටන්, යටියන්තොට, දැදිගම සහ අත්තනගල්ලේදී ද පැවැත්වේ.
19 Dec 2014

video: නඩු දාන හැටි, අයින් කරන හැටි මෙන්න

අද (19) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ තමා ආණ්ඩුවට එක් වීමේ ප්‍රධාන එකඟතාවය වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවර ඇති නඩු ඉවත් කිරීම බව හෙළි කර සිටියේය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් මැදිහත් වන බවට එකඟ වූ බවත්ය.
පසුගිය කාලය පුරාවට රාජපක්ෂ පාලනය රටේ අධිකරණයයට බලපෑම් සිදු කළ අවස්ථා වාර්තා වූ අතර ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ආරක්ෂක ලේකම්වරයාට මෙරටඅධිකරණයේ තීන්දු තීරණනඩු කටයුතු වෙනස් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව බවය.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 2010 ජනාධිපතිවරණයට තරඟ කිරීම නිසා සරත් ෆොන්සේකා මහතාගෙන් පළිගැනීම වෙනුවෙන් ඔහුට බොරු චෝදනා එල්ලකර නඩු  පැවරූ බව සියලු දෙනා දන්නා කරණක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති............
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13190:video-&catid=41:local&Itemid=74

ෆොන්න්සේකාගේ බෑණා ධනුනට ඇප ලැබේ

හමුදාවට යුද උපකරණ මිලදී ගැනීමේදී රජය සතු මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරෙන්තු නිකුත් කර සිටියදී අධිකරණයට භාරවූ හිටපු හමුදාපති සරත් ෆොන්න්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා රුපියල් ලක්‍ෂ 104 ක්‌ වටිනා ඇපයකට යටත් කොට දැඩි කොන්දේසි සහිතව මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගණී පෙරේරා මහත්මිය ඊයේ (19 දා) නියෝග කළාය..........


19 Dec 2014
Positive response on relief for SF: Ketagoda
2014-12-19 21:42:01


Parliamentarian Jayantha Ketagoda who was a member of the Democratic Party led by former army commander Sarath Fonseka said today that both President Mahinda Rajapaksa and Defence secretary Gotabaya Rajapaksa had responded positively to his request to grant relief to Fonseka.

“I had discussions with President Rajapaksa and the Defence Secretary on restoring Mr. Fonseka’s military rank and decorations including his pension. I also requested that the Rs.70 million frozen in his bank account be released to him. They said they will consider my requests positively after the poll. I believe, the release of Dhanuna Tillekaratne’s release today is an indication of that,” Mr. Ketagoda told media at today’s news briefing at the SLFP head office.

19 Dec 2014
SL govt. orders 1.25 lakhs bikes from India

Bajaj Auto has bagged an order for 1.25 lakh units of Discover-125M motorcycles from Sri Lankan government.
The company through its distributor David Pieris Motor Company in Sri Lanka had secured an order for supply of around 50,000 units of Discover-125M motorcycles.
The company has already supplied 48,000 units successfully against this order, Bajaj Auto Ltd said in a filing to the BSE.
“The company has now secured a repeat order from them through the company’s distributor in Sri Lanka for the supply of 1.25 lakh units of Discover-125M, which the company expects to execute in next 3-4 months,” it added.
http://www.dailymirror.lk/59355/sl-govt-orders-1-25-lakhs-bikes-from-india
19 Dec 2014
ගුරු සංගමේ පැමිණිල්ල ලැබුණේ පස්සෙලු
ජනපතිවරණය අවසන්වනතුරු මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිය දී අද (19) පාසල් කිහිපයක විද්‍යාගාර විවෘත කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ද විද්‍යාගාරයක් විවෘත කළ බවත්, ජනපතිගේ රුව සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරමින් නිවාඩු කාලයේ දේශපාලකයන් ගෙන්වා එම උත්සවය පවත්වා ඇති බවත්, වැඩසටහන පැවැත්වීමට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවට දැන්වුවත් එය වැලැක්වීමට පියවරක් ගෙන නැති බවත් ස්ටාලින් මහතා කීවේය.
නිවාඩු කාලයේ පාසල්වල මහින්දෝය විද්‍යාගාර විවෘත කරන්නේ ජනාධිපතිවරණයට ප්‍රචාරයක් ලබා ගැනීමට විනා වෙන දේකට නොවන බවත් ඔහු පැවසීය.
මේ ගැන කළ විමසීමක දී ගම්පහ තේරීම්භාර නිලධාරී හා මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ පරිගණක විද්‍යාගාර විවෘත කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ල ලැබුණේ උත්සවය අවසන්වූ පසු බවයි
19 DEc 2014
වෛරයක් නෑ : පලිගැනීමක් නෑ‘
මෛත්‍රීපාල සිරිසේන

‘ අපිට ඉදිරියට යෑමට නොදී විවිධ කඩාකප්පල්කාරී දෑ කළත් අප කිසිවිටක ඔවුන්ට වෛර කරන්නේ නෑ. පස් වතාවක් බෝම්බ ප්‍රහාර වලට ලක්වන්නට ගිය මා කිසි දිනක මේ රටේ ත්‍රස්තවාදය නැවත හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ.‘ යි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) විහාරමහා දේවී උද්‍යානයේ දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.
උත්සවයට පැමිණි සිරිසේන මහතා බුදු පිළිමවහන්සේට මල් වට්ටියක් පූජා කළේය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරමුණ පැහැදිලි කිරීමෙන් පසු ජයමංගල ගාථා සජ්ජාඣායනා කරන අතරතුර  මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහා සංඝරත්නයට හා පැමිණ සිටි දේශපාලන නායකයන්ට පිළි ගැන්වීය.
එය පිළිගන්වද්දී විදුලිය විසන්ධි වූ අතර සිරිසේන මහතා නැවත කතාව ආරම්භ කර මද වේලාවකින් විදුලි ජනන යන්ත්‍රයක් ආධාරයෙන් විදුලිය ලබා ගත්තේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා -
‘‘නහිවේරේන වේරානි‘ හා ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී‘ කියන ප්‍රතිපත්තිය මත පිහිටා අපි කටයුතු කරනවා. අපිට මොන හිරිහැර කරත් අපි වෛර කරන්නේ නෑ. ක්‍රෝධ කරන්නේ නෑ. අවිහිංසාවාදීව අපි කටයුතු කරනවා.
මා මිත්‍ර මහින්ද රාජපක්ෂ මහත්මා කියනවා අපි බලයට ආවොත් මේ රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති වෙනවා කියා. දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවී තිබෙන්නේ දැනුයි.
යුද්ධ ඉවර කළ ශ්‍රේෂ්ඨ යුද නායකයා ඉන්නේ අප සමගයි. මේ රටේ නැවත යුද්ධයක් ඇති වෙන්න, කොටි සංවිධානයට නැවත හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නෑ.
යුද්ධය අවසන් වන අන්තිම සති දෙකේ ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ මමයි. මා කොටි ප්‍රහාර පහකට ලක් වුණා. එස්ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ මැතිණියගේ දියණිය කොටි ප්‍රාහරයකට ලක්ව ඇහැක් අහිමි වුණා.
මා බලයට එන්නේ දෙවැනි වරත් ඉල්ලන්න නොවෙයි. මාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දෑ ඒ විදියටම ක්‍රියාත්මක කරන බව මා ප්‍රතිඥා දෙනවා.
අවුරුදු නවයක් තිස්සේ මගේ හඬ එක්සත් ජානතා නිදහස් සන්ධානයට වැදගත් වූවාසේම දැනුත් මගේ හඬ නැතිව බැරි වෙලා. ඒ නිසා තමයි මා වසර ගණනාවකට කළ ප්‍රකාශයක් නැවත විකාශය කරන්නේ. ජනතාව දන්නවා දැන් මා කියන ප්‍රකාශ සහ පැරණි ප්‍රකාශ ගැන. රාජ්‍ය මාධ්‍යවල ඉන්න මාධ්‍යවේදීන්ට ඉහළ බලපෑම් හමුවේ අසරණ වෙන්න වෙලා. මා ඒ අයට අනුකම්පා කරනවා. ‘
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා -
‘මේ රටේ ත්‍රස්තවාදය නැති කළාට පස්සේ රාජපක්ෂ උවදුරට මුහුණ දෙන්න වුණා. ජයග්‍රහණය මතින් බලය අරගෙන ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා.
අද මේ පාලනය අවසන් කරන්න සියලු දෙනා එකතු වෙලා ඉන්නවා. 1948 වසරෙන් පසු දැන් තමයි සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ. ඒ රාජපක්ෂ රෙජීමය එළවන්නයි. ඒ සඳහා අපි තෝරා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතායි.‘
සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පහත වෙබ් අඩවියෙන් පිවිසිය හැකිය.
19 Dec 2014
මෛත්‍රී ප්‍රතිපත්ති පිළිගන්වද්දී ලයිට් යයි..video , phtos
DSC_0589
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනය සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මදුළුවාවේ සෝභිත හිමියනට විහාරමාහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසළදී පිළිගැන්වීය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හෙළඋරුමයේ අතුරලියේ රතන හිමි, ලේකම් පාඨලි චම්පික රණවක මහතාද පැමිණ සිටි අතර වූහ.
විධායක ජනාධිපති ක්‍රමය හා 18 වන  සංශෝධනය අහෝසි කිරීම, ආදිය  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත්ය.
ජයමඟුලු ගී ගයා ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වද්දි ප්‍රධාන වේදීකාවේ විදුලිය විසන්ධි විය

Video: Maithri launches manifesto
Common opposition candidate Maitripala Sirisena launched his manifesto titled, ‘A Maithri Administration and a Stable Country’at the Colombo Vihara Maha Devi Park a short while ago.
 One of the highlights in the manifesto is the abolishing of the executive presidency.
http://www.dailymirror.lk/59323/maithri-launches-manifesto
19 Dec 2014

මහින්දත් ගෝඨාභයත් යුද්ධයේ අවසන් මොහොතේ රටින් පැන්නා

maithreepala-warning
මේ රටේ පවත්වන සෑම මැතිවරණයකදීම යුද ජයග්‍රහණයේ ගෞරවය ලබා ගනිමින් මේ රටේ ජනතාව නොමඟ යවා, ජනතා ඡන්දය කොල්ල කන මේ රටේ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බිහිසුණු යුද්ධයේ අන්තිම සටන වෙලාවේ මේ රටේවත් සිටියේ නැහැ.
ඔවුන් ජීවිත ආරක්‍ෂාව සඳහා විදේශගත වුණා. යුද්ධය යුද්ධයක්‌ හැටියට යුද බිමේ සිට මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුලිනුපුටා දමා රට බේරාගත් වීර සෙන්පති ජෙනරාල් ෆොන්සේකා මහතාට යුද ජයග්‍රහණයෙන් පසු අනේක වධ හිංසා පමුණුවා, ඔහුගේ ප්‍රජා අයිතිය පවා අහිමි කළ මහින්ද රාජපක්‍ෂ මහතාට නියම පිළිතුර ලබා දෙන්න මැතිවරණ දිනය එළැඹෙන තුරු මේ රටේ බුද්ධිමත් ජනතාව බලා සිටින බව ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (17 දා) ඇල්පිටිය නගරයේ පැවැති ජන හමුව අමතමින් ප්‍රකාශ කළේය.
 ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.
 එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
 දැන් මේ රජය මට මඩ ගැසීම සඳහා ඉතා පහත් ආකාරයට කටයුතු කරනවා. යුද ජයග්‍රහණයෙන් පසු මා කළ ප්‍රකාශයන් විකෘති කොට ජාතික රූපවාහිනියෙන්, අයි.ටී.එන්. එකෙන් ප්‍රචාරය කරනවා. එදා යුද ජයග්‍රහණයේදී යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයා ගැන මා පමණක්‌ නොවෙයි මුළු රටම කතා කළා. ඒත් මේ රටේ ජනතාව සිතුවේ යුද්ධයේ ප්‍රතිඵල රටේ සමස්‌ත ජනතාවට ලැබේවි කියලයි.
19 Dec 2014
ජනවාරි 9 වැනිදා බිහිවන නව ආණ්‌ඩුවට ජනතා පොරොන්දු ඉටුකරන ලෙස බලකරනවා
- ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි
ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන ආණ්‌ඩුවේ කොටස්‌කාරයන් බවට පත් නොවී ඔවුන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරවා ගැනීම සඳහා බලපෑම් කිරීමේ කටයුත්තට ජනතා විමුක්‌ති පෙරමුණ මැදිහත් වන බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

මේ ජනාධිපතිවරණය රාජ්‍ය බලය පාවිච්චි කිරීම, රාජ්‍ය දේපළ යොදා ගැනීම අතින් ලෝක වාර්තාවක්‌ තියන්නයි යන්නේ. ඒ තරමටම රාජ්‍ය බලය සහ දේපළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් තිබෙනවා. ජනාධිපතිවරණයට දින නියම කරන්න කලින් සිටම මහින්ද රාජපක්‍ෂ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ආරම්භ කළා. මහා මාර්ගවල විදුලි කණුවල කටවුට්‌ එල්ලුවා. පාර වැහෙන තරමටම කටවුට්‌ ගහන්න පටන් ගත්තා. ඒ සඳහා සමාජ විරෝධය එල්ල වීමත් නීතිඥ සංගමය නීතිමය පියවර ගැනීමට සූදානම් වීමත් නිසා මෙම කටවුට්‌ ඉවත් කිරීමට ආණ්‌ඩුවට සිදුවුණා. නමුත් තවමත් නීති විරෝධී කටවුට්‌ මුළුමනින්ම ඉවත් කරලා නැහැ. මේ වනවිටත් බොහෝ රාජ්‍ය ආයතන ඇතුළේ කටවුට්‌ සවිකරමින් තිබෙනවා. පසුගිය කාලයේ අනුලා විද්‍යාලය තුළ ගුරුවරුන්ගේ විරෝධය නොසලකා කටවුට්‌ සවිකළා. අධිවේගී මාර්ග අවසන් වන ස්‌ථානවල මාතර, කොට්‌ටාව වැනි ප්‍රදේශවල විශාල වශයෙන් කටවුට්‌ ප්‍රදර්ශනය කරමින් තිබෙනවා. මෙහි බරපතළකම කොච්චරද කිව්වොත් ආරම්භයේදී කටවුට්‌ සවිකිරීමට පොලිස්‌ නිලධාරීන් පවා යොදාගත්තා. අඟුණකොළපැලැස්‌ස ප්‍රදේශයේ දී පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ වගකීම සහිතව කටවුට්‌ සවිකරලා තිබුණා. මැතිවරණ නීතිය ආරක්‍ෂා කිරීමට ඉන්න පොලිසිය පවා තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්න මහින්ද රාජපක්‍ෂ කටයුතු කළා.