එම බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ 82,000ක් පමණ පිරිසක් සේවය කරන අතර එයින් අවම වශයෙන් 25,000කට ජනාධිපතිවරණයට පෙර ණය ලබා දීමට සිදු වුවහොත් රුපියල් කෝටි 625ක් පමණ අවශ්‍ය බැවින් මෙම මුදල කෙටි කාලයක් තුළ ලබා දීමෙන් බැංකුව බරපතල අවධානමකට ලක්වෙන බවය. බැංකුවෙන් ලබා දීමට නියමිත මෙම ණය සඳහා පොලිය මහා භාණ්ඩාගාරයෙන් බැංකුවට ගෙවන බව වැඩිදුරටත් දන්වා තිබේ.
ආණ්ඩුවේ විවිධ ව්‍යාපෘති සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය ලබා දීමට අවශ්‍ය මුදල් පියවා ගැනීම වෙනුවෙන් එම බැංකුව විසින් විදේශ වාණිජ බැංකුවකින් ඩොලර් මිලියන 1000ක ණය මුදලක් පසුගිය වසරේ ලබා ගත්තේය. එම ණය මුදල ලබා ගැනීමෙන් බැංකුව දැඩි අනතුරකට පත්වන බැවින් හිටපු සභාපති සුමින්ද ඒස් සිරිසේන මහතා එය ප්‍රතික්ෂේප කරනු ලැබීය. ජනාධිපතිවරයාගේ නියෝගය පරදි ඔහුට ඉල්ලා අස්වීමට සිදු වූ අතර මහා බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටී වත්මන් සභාපතිනි ඩබ්.ඒ. නාලනී මහත්මිය ගෙන්වාගෙන පත්කරනු ලැබීය. ඇය පත් කර දින දෙකකින් විදේශ වාණිජ බැංකුවෙන් එම ණය මුදල ලබා ගැනීමේ ගිවිසුම් අත්සන් කරන ලදි................
No comments:
Post a Comment