මෙම චක්‍රලේඛණය නිකුත් කර ඇත්තේ එහි නිදහස් සේවක සංගමයේ නමින් වුවද මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන කාර්ය මණ්ඩල ලැයිස්තුව සකස් කර ඇත්තේ අධිකාරියේ පාලන අංශය මගිනි. සියලු දෙනා (ගැබිනි සේවිකාවන් ඇතුළුව) මෙම ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී විය යුතු බවට වාචික උපදෙස් ලබා දී ඇති අතර යම් හෙයකින් එයට සහභාගී නොවන සේවක සේවිකාවක් සිටී නම් ඔහු හෝ ඇය යාපනයේ රාජකාරී සඳහා යෑමට සූදානම් වන ලෙසටද තර්ජනය කර තිබේ.
එළැඹෙන විසිවන සෙනසුරාදා දිනයේ පටන් ගෙන සියලු සති අන්තයන්හි ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ විය යුතු බවට නියෝග ලැබී තිබේ. ඒ සඳහා ඔවුන් වාර්තා කළ යුතුව ඇත්තේද අධිකාරියේ අධ්‍යක්ෂකවරයකු වෙතටය. එසේම ජනවාරි තුන්වන සෙනසුරාදා කොළඹ පැවැත්වෙන ප්‍රචාරක රැලිය සඳහා අනිවාර්යයෙන් සහභාගී විය යුතු බවටද ඔවුන්ට නියෝග ලැබී තිබේ.
අධිකාරියේ සේවකයින් මේ තත්වය මත අතිශය අසීරුතාවයකට පත්ව සිටින නමුදු පාලනය කරන බ්‍රෙගේඩියර්වරුන් හමුවේ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට පසුබට වෙති.............
No comments:
Post a Comment