මෙම ප්‍රචාරක උපක්‍රමය මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් තැපැල්පතිවරයාට කරල ලද නියෝගයක් අනුව එම ලිපි ලක්ෂ දෙක බෙදා හැරීම මුළුමනින්ම අත්හිටුවා තිබේ.මෙවැනි ලිපි ලක්ෂ දෙකක් බෙදා හැරීමට ලැබුණු බව තැපැල්පතිවරයා සනාථ කර ඇති අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක එම ලිපි බෙදා හැරීම සාධාරණීකරණය කිරීමටද උත්සාහ කර ඇත. මාධ්‍ය හමුවකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබුණේ සේනාධිනායකයාගේ රුව යොදා ගත් පමණින් එය ඡන්ද ප්‍රචාරක ව්‍යාපෘතියක් නොවන බවය.හමුදාවේ නිලධාරීන් සහ සෙබලුන් සාතිශය බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමේ නැඹුරුවක් පවතින පසුබිමක හමුදා සාමාජිකයින්ගේ පවුල්වලට බලපෑම් කිරීම සඳහා මෙම ලිපි යොදා ගැනීමට සැලසුම් කර තිබිණ. එමෙන්ම හමුදාපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් වීඩියෝ දර්ශන සහිත දේශන මාලාවක් පැවැත්වීමෙන්ද එම පවුල්වල ඡන්දය කෙරෙහි බලපෑම් කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බව අප මෙයට පෙර අනාවරණය කළෙමු.
No comments:
Post a Comment