අනේ මගේ විඩියෝව බලන්න - ගෝඨාභය
2014 දෙසැම්බර් 28 දාතමින් SL AF/17/1/ AIR අංකයෙන් යුතුව ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් ලේකම් කාර්යාලයේ සී.එච්.ආර්. සොයිසා (GpCapt) විසින් මෙම වැඩසටහන නරඹන ලෙසට සියලු හමුදා නිලධාරීන් උනන්දු කරවීම සඳහා අණදෙන නිලධාරීන් වෙත කරන ලද නියෝගයෙන් මේ බව සනාථ වේ.එම නියෝගයේ සඳහන් වන්නේ ආරක්ෂක ලේකම්වරයා ජාතික ආරක්ෂාවට අදාල අතිශය වැදගත්කමක් ඇති කරුණු ගණනාවක් පිළිබඳව එහිදී අදහස් පළකර ඇති බවයි. කෙසේ වුවත් එය ජනාධිපතිවරණය අභිමුව කරන ලද දේශපාලනික අදහස් දැක්වීමකි. ආරක්ෂක ලේකම්වරයා විසින් මෙවැනි වැඩසටහන් කිහිපයක් පුද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයක්ම යොදාගෙන ඉදිරිපත් කරන ලදී. මෙම ප්‍රවෘත්තිය පළකරන අවස්ථාව වන විටත් එම විඩියෝව අන්තර්ජාලය ඔස්සේ නරඹා තිබුණේ 17දෙනෙකු පමණි.
No comments:
Post a Comment