සීඅයිඩිය තිස්ස අත්තනායකගෙන් ප්‍රශ්න කරයි
2014 දෙසැම්බර් මස 30 13:21:35 |
‘රනිල් මෛත්‍රී ගිවිසුම‘ ගැන රහස් පොලිසිය එජාපයේ හිටපු මහ ලේකම් හා සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලියා ගත්තේය.
කොළඹ පිහිටි ඔහුගේ නිවසට ගිය රහස් පොලිස් කණ්ඩායමක් පැය එක එමාරක් පමණ ප්‍රශ්න කළ බව ද පොලිසිය පවසයි. මෙවැනි ගිවිසුමක් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිට ලිපියක් යවමින් කියා සිටියේ තමාගේ අත්සන එහි හොරට ගසා ඇති බවයි.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඒ ගිවිසුම බොරුවක් බව ප්‍රකාශ කරමින් තිස්ස අත්තනායකගෙන් රුපියල් කෝටි 250ක් ඉල්ලා එන්තරවාසි යවා ඇත.
http://www.lankadeepa.lk/index.php/top_story/286512
ඇමැතිගෙන් සී.අයි.ඩී. එක ප්‍රශ්න කරයි
ඇමැතිවරයාගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර රහසිගත ගිවිසුමක් ඇති බවට කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන්ය.
ඊයේ පෙරවරු 8.30 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සෞඛ්‍ය ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදී ඇත................
http://www.divaina.com/2014/12/31/news07.html
No comments:
Post a Comment