මගේ අයවැය කොපිකර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා
නායකයෝ කළ යුත්තේ අඬන එක නොවෙයි;
අඬන ජනතාවගේ දැස්‌වල කඳුළු පිසදැමීමයි
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
නායකයෝ ඉන්න ඕන ජනතාවගේ කඳුළු පිසදමන්න මිස ඉකිගසමින් අඬන්න නොවෙයි. අද මේ අය මේ ජනතාව ඉදිරියට ඇවිත් කිඹුල් කඳුළු හෙළනවා. ඔවුන් කඳුළු සලන්නේ ජනතාව වෙනුවෙන් නොව ඔවුන් වෙනුවෙන් යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
විපක්‍ෂ අපේක්‍ෂකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමාගේ අයවැය කතා එහාට මෙහාට කරලා කොපිකරලා හදිසියේ සකස් කළ පොතක් යයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.රත්නපුර මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය 22 දා පැවැති ජනාධිපතිවරණ ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
අති විශාල ජනතාවක් රැස්‌ව සිටි එම ජනහමුව අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. තමුන්නාන්සේලා මට හැමදාම වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක් රත්නපුරයෙන් ලබාදෙනවා. ඒනිසා මට හැමදාම තමුන්නාන්සේලා විශ්වාසයි. අපි රත්නපුරයට යටිතල පහසුකම් වැඩිපුර ලබාදී තිබෙනවා.
දැන් ඔබට කොළඹ යන්න පැය කීයක් ගතවෙනවාද? තව අවුරුදු දෙකකින් ඔබට කොළඹට යන්න ගතවෙන්නේ පැය භාගයයි. එපමණක් නොවෙයි දුම්රියත් මෙහාට එවනවා. අපි දුම්රිය උඩවලවටම ධාවනය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. එවිට මේ දුම්රිය මාර්ගය මාතර සිට කතරගමට දික්‌වන දුම්රිය මාර්ගයට එකතු වෙනවා. මෙයයි සැලැස්‌ම. වැඩපටන්ගන්නයි හදන්නේ.