Dec 23, 2014


හම්බන්තොට පුරපති දින දෙකකට රිමාන්ඩ්
වුල් වාදයට එරෙහි වීදියේ විරෝධය පාන්නට හම්බන්තොට බස්නැවතුම්පොළට ගිය ජයතිලක බණ්ඩාරගේ කණ්ඩායමට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු හම්බන්තොට වැඩ බලන මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය......... video

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට
හම්බන්තොට නගරයේ වීදි නාට්‍යයක්‌ පවත්වමින් අත් පත්‍රිකා බෙදාහරිමින් සිටි 'වියරුවට එරෙහි වීදියේ විරෝධය' සංවිධානයේ සාමාජිකයන්ට අමානුෂික ලෙස පහර දුන් බව කියන හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු හයදෙනෙක්‌ පොලිසිය මගින් ඊයේ (22 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර නගරාධිපති විරා- ප්‍රනාන්දු ඇතුළු පිරිසක්‌ පිස්‌තෝල, දැලි පිහි, යකඩ පොලු, බයිසිකල් ෙච්න්වලින් සන්නද්ධව පැමිණ වීදි නාට්‍ය රඟදක්‌වමින් සිටි පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දී තිබුණේ පෙරේදා (21 වැනිදා) දහවල්ය.
මෙම පහරදීමෙන් ගායන ශිල්පී ජයතිලක බණ්‌ඩාර, නගර සභාවේ විපක්‍ෂ නායක අයුබ් ඛාන් මහත්වරුන් ඇතුළු කිහිපදෙනෙක්‌ තුවාල ලැබූහ.
මෙම පිරිස හම්බන්තොට නගරයේ වීදි නාට්‍ය පවත්වමින් අත්පත්‍රිකා බෙදාහරිමින් සිටියදී නගරවාසීන් පිරිසක්‌ සමඟ සුළු ආරවුලක්‌ ඇතිවී තිබිණි.
සිද්ධියෙන් පසු ඩිපෙන්ඩර් රථ කීපයකින් එම ස්‌ථානයට පැමිණි හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු මැර පිරිසක්‌ වීදි නාට්‍ය කණ්‌ඩායමට පන්න පන්නා පහර දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක්‌ පවත්වා තරාතිරම නොබලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතා හම්බන්තොට පොලිසියට උපදෙස්‌ දී තිබිණි.
ඒ අනුව සැකකරුවන් පිරිස ඊයේ සවස අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.