Jan 2, 2015

මහින්දගේ ජය පතා බෞද්ධ සංවිධාන රැසක්‌

02 Jan 2015
වෙන් වෙන්ව කටයුතු කළ බෞද්ධ සංවිධාන රැසක්‌ ඊයේ (01 වැනිදා) එකම වේදිකාවකට පැමිණ "ගලඋඩ අවසන් සටනට" එක්‌වන ලෙස ශ්‍රී ලංකාවාසී සමස්‌ත බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිමින් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා දිනවීම සඳහා සහාය පළකළහ.
බොදුබල සේනා සංවිධානය, ජාතික සංවිධාන එකමුතුව, රාවණා බලය සංවිධානය, රුහුණු රට භික්‍ෂු පෙරමුණ ඇතුළුව බෞද්ධ සංවිධාන රැසක්‌ මෙලෙස ජනාධිපතිවරයාගේ සහායට එක්‌ව සිටිති.
රටට එරෙහි සියලු සතුරු බලවේග විපක්‍ෂය වටා ගොනු වී ඇති හෙයින් සිංහල බෞද්ධ බලවේග එක පෙරමුණකට ගොනු විය යුතුව ඇති බවත් මෙම අවස්‌ථාව මඟහැරියොත් ඉතිහාසයක කිසි දිනෙක සමාව නොදෙනු ඇති බවත් එම සංවිධාන නියෝජිතයෝ ඊයේ (01 වැනිදා) අවධාරණය කර සිටියහ. දැන් පවතින්නේ ශුද්ධ සහ අශුද්ධ සන්ධානය අතර සටනක්‌ බවත් අශුද්ධ සන්ධානය නියෝජනය කරනුයේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවද මෙම බෞද්ධ සංවිධාන අවධාරණය කර සිටියහ.
බොරැල්ල කොටා පාරේ පිහිටි ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්‌ථානයේදී ඊයේ (01 වැනිදා) පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී එම සංවිධාන නියෝජිතයෝ මෙම අදහස්‌ පළකළහ.
මෙම අවස්‌ථාවට මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස, රුහුණු රට භික්‍ෂු පෙරමුණේ සභාපති ඕමාරේ කස්‌සප ආචාර්ය ධම්මිස්‌aසර යන හිමිවරුද දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්‌ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ද එක්‌වූහ.

http://www.divaina.com/2015/01/02/news23.html

‘රූකඩ නායකයකුට ඉඩදෙන්න එපා‘ - බොදු බල සේනාව

2015 ජනවාරි මස 02 14:35:34 | .
 
රටට වින කැටූ, සිංහල බෞද්ධකමට අවමන් කළ ෆෙඩරල් කල්ලි සියල්ල අද රූකඩ නායකයකු බිහි කිරීම වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන බවත් මේ තත්ත්වය හමුවේ සිංහල බෞද්ධ ප‍්‍රජාව ඉතාමත් පරිස්සමින් නිවැරදිම තීන්දුව ගත යුතු බව  බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි බොරැල්ල  ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
‘‘කොළඹ හතේ පහළ වෙලා මේ රට පාලනය කරපු කිසිම නායකයකුට ත‍්‍රස්තවාදයට, ත‍්‍රස්තවාදය කියලා කියන්නවත් කෂේරුකාවක් තිබුණේ නැහැ. ‘යුද්ධය දිනන්න බැහැ. පිරබාහරන් පරාජය කරන්න බැහැ’ කියන යුද විරෝධී මතයන් නියෝජනය කරපු අයගේ පාලනය අවසන් කරලා රටට ආදරය කරන සියලූ ජාතික බලවේග එකට එකතු වෙලා 2005 මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටේ නායකත්වයට පත් කර ගත්තා. එතුමාට රට භාර දුන්නේ ත‍්‍රස්තවාදයෙන් රට ගලවා දෙන්න කියලයි.
දෙමළ බෙදුම්වාදයේ පෙරමුණු තුනක් තිබෙන බව අප සෑමවිටම පවසනවා. යුදමය පෙරමුණ පරාජය කළත් දෙමළ බෙදුම්වාදයේ දේශපාලන පෙරමුණත් ජාත්‍යන්තර පෙරමුණත් පරාජයට පත් කරන්න අපි තවමත් සමත් වෙලා නැහැ. 2009 යුද ජයග‍්‍රහණයෙන් අනතුරුව මේ රටේ ඉතාමත් සැලසුම් සහගත සූක්‍ෂ්ම කුමන්ත‍්‍රණයක් දියත් වුණා. ඒ අනුව තමයි යුද ජයග‍්‍රහණයෙන් ඉතාම කෙටි කාලයක් තුළ එනම් 2010 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයේදී යුද ජයග‍්‍රහණයට දායක වූ තමන්ගේ හමුදාපතිවරයා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිවාදියා වුණේ.
නමුත් 2015 දී ඉතාමත් සැලසුම් සහගත ලෙස මෙම කුමන්ත‍්‍රණය එළියට ඇවිත් තිබෙනවා. 2010දී බැරි වුණු දේ සිදු කරගන්න 2011 සිටම දෙමළ බෙදුම්වාදයේ අඳුරු සෙවණැලි සමගින් මෙම කුමන්ත‍්‍රණය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදිරියට පැමිණියා. රටට හැමදාම වින කැටූ සිංහලත්වයට, බෞද්ධත්වයට හැමදාම අවමන් කරපු සියලූ බලවේග අද වන විට මෙම කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් විදියට එක පෙළට සිටගෙන සිටිනවා.
අපි අහනවා  ඔය තරම් දඟලන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ රටට කරලා තියෙන අපරාධය කුමක්ද? කියලා. සිංහල ජාතිය ඉතාම නරක ජාතියක් වෙයි මේ මොහොතේ වැරදි තීන්දුවක් ගත්තොත්. යුද්ධය අවසන් කරලා තවම අවුරුදු 04යි. අපි අපි හිතන්නේ නැහැ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හැමදාම බලයේ ඉන්න  ඕනේ කියලා. නමුත් මේ රට අක‍්‍රිය කරලා පෞරුෂයක් තිබෙන නායකයා එළවලා දමලා, ෆෙඩරල් මතය දරන රූකඩ නායකයන් කිහිප දෙනකුට බලය දීලා හදන රට කුමක්ද? කියලා අපි විමසා බලන්න  ඕනෙ.
http://www.lankadeepa.lk/index.php/articles/287226

පොදු අපේක්‍ෂක මෛත්‍රී අත්අඩංගුවට ගත යුතුයි - ගලගොඩඅත්තේ ඥනසාර හිමි

02 Jan 2015
රටට එරෙහි කුමන්ත්‍රණවල නියෑළී සිටීමේ චෝදනාව මත විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගතයුතු යෑයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (1 වැනිදා) සඳහන් කළහ.
ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්‌ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද කීහ.
මෙම කුමන්ත්‍රණය සරත් ෙµdන්සේකා මහතා ලවා කරගන්න බැලුවා. ඒක හරි ගියේ නැහැ. ඉන්පසු 2011 වසරේ සිට බෙදුම්වාදී අඳුරු සෙවණැලි රටට එරෙහිව ඉතා සැලසුම් සහගතව කුමන්ත්‍රණ දියත් කරමින් සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා ඇතුළතත් පිටටත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කර ඇති බව. හරි නම් මෛත්‍රීපාල සිරිසේන මහතාව අත්අඩංගුවට ගත යුතුයි.

http://www.divaina.com/2015/01/02/news14.html

Army will not be withdrawn from Jaffna - Sirisena

02 Jan 2015
Army will not be withdrawn from Jaffna - Sirisena

Military personnel engaged in Rajapaksa’s Presidential Election campaign - Ranil

 
article_image
by Zacki Jabbar


The National Democratic Front’s (NDF) Presidential candidate Maithripala Sirisena said yesterday that he would ensure maximum security to ensure the territorial integrity of the country including Jaffna, if he secured the presidency on Jan. 8.
Addressing the diplomatic community in Colombo to explain his policies, he observed that President Mahinda Rajapaksa having realised that the writing was on the wall was spreading blatant lies in the hope that he could arrest the slide, but it would be a futile exercise.


" One of Mahinda’s allegations is that if I became President, I would withdraw the army from Jaffna. But it’s a blatant lie since I have never said such a thing", Sirisena said, adding that he would strengthen and not weaken national security where necessary.
The NDF’s Presidential Candidate, who maintained that he was the Acting Defence Minister during the last two weeks or so of the war which ended on May 19, 2009 said that the hard won victory over the LTTE which was achieved due to the combined efforts of successive political and military leaders and sacrifices made by people of all communities, would not be bartered away to please anyone.
The UPFA government was behaving very childishly and foolishly by even releasing old proposals submitted to it by political parties that had deserted it in the recent, past after labeling them as new ones. Such was their desperation, he noted.

යුද හමුදාව යොදා ඡන්ද වැළැක්වීමේ තැතක්- රනිල්

02 Jan 2015
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150101_ranil_maithripala_army

1

1 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 21:08 GMT
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැප වන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විදේශ තානාපතිවරුන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් අමතමින් ප්‍රකාශ කරයි.
රටේ යහපත් රාජ්‍ය පාලනයක් ඇති කිරීම, මූලික අයිතිවාසිකම් ප්‍රතිස්ථාපනය කිරීම , සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අවශ්‍ය ආයතන ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටත් ඔහු අවධාරණය කළේය.
දූෂණය අවසන් කොට ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තර ප්‍රජාව අතර ඉහල පිළිගැනීමක් ඇති රටක් බවට පත් කරන බවටත් ඔහු ප්‍රතිඥා දුන්නේය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන ප්‍රතිපත්ති සියලු ශ්‍රී ලාංකිකයන්ට පිළිගත හැකි ආකාරයට සකස් කරන බවත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.
ඔහු සඳහන් කළේ උතුරේ සිට දකුණ දක්වාත් නැගෙනහිර සිට බස්නාහිර දක්වාත් සියලු පුරවැසියන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බවයි.

ස්වාධීන කොමිසන් සභා
18 වැනි සංශෝධනය අවලංගු කොට ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ස්වාධීන කොමිසන් සභා පිහිටුවන බව ඔහු ප්‍රකාශ කළේය.
අධිකරණය, පොලීසිය, මැතිවරණ කටයුතු, රාජ්‍ය සේවය, නීතිපති දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව යන ආයතන අධීක්ෂණය පිණිස ස්වාධීන කොමිසන් සභා පිහිටුවන බවයි ඔහු පැවසුවේ.
මහ බැංකුව ආර්ථිකය පාලනය කරන ස්වාධීන ආයතනයක් බවට පත් කරන බව සඳහන් කල ඔහු රාජ්‍ය මාධ්‍ය, පවතින රජයේ දේශපාලන ප්‍රචාරණ යන්ත්‍ර ලෙස යොදවා ගැනීම වහාම නතර කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය. දේශපාලන කටයුතු සඳහා යුද හමුදා නිලධාරීන් යොදවා ගෙන ඇති ආකාරයත් ඔහු සඳහන් කළේය. එමගින් උත්සාහ දරන්නේ විවිධ ඡන්ද ප්‍රකාශ කිරීම වළක්වාලීම බවයි ඔහු කියා සිටියේ.
මේ අවස්ථාවට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ යුද හමුදා නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියට යොදවා ගැනීම පිළිබඳව ආරක්ෂක අංශ වලින් තොරතුරු ලැබී ඇති බවයි.

විශ්‍රාමික හමුදා නිලධාරීන්
“ආරක්ෂක අංශවලින් අපට තොරතුරු ලැබෙනවා. ඔවුන් සහ අප අතර හොඳ සම්බන්ධයක් තියෙනව. යුද හමුදා නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියේ දී බාධා සිදු කිරීම් සඳහා යොදවා ගැනීමේ සැලැස්මක් තිබෙනවා. ඔවුන් ලවා උතුරු නැගෙනහිර පලාත්වල මෙන්ම තවත් පළාත්වල ජනතාව ඡන්ද ප්‍රකාශ කිරීම වැළැක්වීමේ උත්සාහයක් තිබෙනවා,” ඔහු පැවසුවේය. තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙම ක්‍රියාවලියට විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා ගෙන ඇති බවයි.
“මේක කරන්න යන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්. ඔවුන් දැනට සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සමඟ සම්බන්ධව තමයි මේ කාර්ය කරන්න යන්නේ. පුහුණු වැඩ සටහන්ද සිදු කරලා තියෙනව”
යුද හමුදාව මැතිවරණ ක්‍රියාවලියේ යොදවා ගැනීමේ වැඩ පිළිවෙළට අදාළ ලේඛන තුනකින් පළමුවැන්න තමන්ට යුද හමුදාව තුලින්ම ලැබී ඇති බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ.
අඥාන වැඩ
“හැම කෙනෙකුගේම නම් එහි සඳහන් වෙලා තියෙනවා. එහෙම වුනත් ජනතාව ඡන්දය දීමට පසුබට වන්නේ නැහැ. ඔවුන් ඡන්දය දෙනවා. මේ නම් සඳහන් අයට අපි අවවාද කරනවා එවැනි අඥාන වැඩ කරන්න එපා කියල,”ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සහ විදේශ මැතිවරණ නිරීක්ෂකයන් දැනුවත් කරන බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ. සියලුම රටවල් සමඟ ශ්‍රී ලංකාව පාරම්පරික සම්බන්ධකම් පවත්වා ගෙන යමින් යහපත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගෙන යාමට බලාපොරොත්තුවන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

අචල ජාගොඩගේ සහය මෛත්‍රීට

02 Jan 2015

2015 ජනවාරි මස 02 11:32:04 |
_DSC0252
   එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක් විය...........photos
http://www.lankadeepa.lk/index.php/top_story/287150

ඡන්ද චණ්‌ඩි 112 ක්‌ දැලේ ඒ අතර දේශපාලකයෝ 14 දෙනෙක්‌

02 Jan 2015
ජනාධිපතිවරණයට අදාළ විවිධ සිදුවීම්වලට සම්බන්ධ දේශපාලනඥයන් 14 දෙනකු ඇතුළු සැකකරුවන් 112 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලයන්ට පහරදීම්, බැන තර්ජනය කිරීම් ඇතුළු සිද්ධි 161 ක්‌ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්‌ මූලස්‌ථානයේ ඊයේ (1 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.
අත්අඩංගුවට ගත් දේශපාලනඥයන් අතර නියෝජ්‍ය ඇමැතිවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු, ප්‍රාදේශීය සභා සභාපතිවරු පස්‌ දෙනකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හත් දෙනකු සිටින බවද හෙතෙම කීය.
සිද්ධිවලට අදාළව පුද්ගල පහරදීම් තිස්‌අටක්‌, දුරකථනවලින් බැන වැදීම් විසි එකක්‌, ගිනි අවි භාවිතා කිරීම් විසි එකක්‌ වාර්තාවී ඇතැයිද හෙතෙම පැවැසීය. මෙම සිද්ධීන් ජනාධිපතිවරණය ප්‍රකාශ කළ නොවැම්බර් 20 වැනිදායින් පසු සිදුවී ඇත.

http://www.divaina.com/2015/01/02/news26.html

තව දින 6යි ආරක්‍ෂාවට 83,000ක්‌

02 Jan 2015
ජනාධිපතිවරණයේ ආරක්‍ෂාව සඳහා පොලිසියේ විශේෂ කාර්ය බළකායේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් 83,000 ක්‌ යෙදවීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව අවශ්‍යතාවක්‌ ඇති වූවොත් යුද හමුදාවේ සහායද ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.
මේ අතර මැතිවරණ දිනයේදී කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇති වූවොත් ඊට මුහුණදීම සඳහා කැරලි මර්දන ඒකකයේ කණ්‌ඩායම් 150 ක්‌ ද සූදානම්ව සිටින බව නවරත්න මහතා කියා සිටියි.
ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 8 වැනිදා සහ ඊට පෙර දිනයේ රට පුරාම පිහිටි ඡන්ද මධ්‍යස්‌ථාන අවට ප්‍රදේශවල ආරක්‍ෂාව සඳහා පොලිස්‌ ජංගම සංචාර 2885 යොදවා ඇත.
පොලිස්‌ මාර්ග බාධක 420 ක්‌ යොදවා සැකකටයුතු වාහන සහ පුද්ගලයන් පරීක්‍ෂා කිරීමට ද සැලසුම් කර තිබේ.

- කුමාර් ගුණරත්නම් - මෛත්‍රීට සහාය දෙන්න ජවිපෙ රහස්‌ ගිවිසුමක්‌ ගහලා

02 Jan 2015

ජනතා විමුක්‌ති පෙරමුණ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීම සඳහා රහස්‌ ගිවිසුමක්‌ ඇතිකරගෙන තිබෙන බව පෙරටුගාමී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (01 වැනිදා) "දිවයින"ට පැවසීය.
මෙම ගිවිසුම 2010 වසරේදී ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්‌ව වත්මන් ආණ්‌ඩුව පෙරළීමට ඇතිකර ගත් අසාර්ථක ගිවිසුම හා සමාන බවද පැවසූ ඒ මහතා මෙවැනි අර්ධ ගිවිසුම් නිසා ජ.වි.පෙ. ක්‍රියාකාරී යාන්ත්‍රණය දැඩි කලකිරීමට ලක්‌ව ඇති බවත් මේ වන විට ජ.වි.පෙ. නායකත්වය දැඩි විවේචනයට ලක්‌ව ඇති බවත් පැවසීය.
තමා ඊයේ (01 වැනිදා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේ පෙරටුගාමී පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දුමින්ද නාගමුව මහතාගේ මැතිවරණ කටයුතු ශක්‌තිමත් කිරීමට මිස ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකිරීමට නොවේ යෑයි ද කීවේය.
ජ.වි.පෙ. යටින් මෛත්‍රීට සහාය දක්‌වමින් උඩින් වාමාංශික දේශපාලනය ගැන කතා කරනවා. ඔවුන්ගේ මෙම අර්ධ තීරණ නිසා ජ.වි.පෙ. අභ්‍යන්තරය තුළ දැඩි විරෝධයක්‌ මතුව තිබෙනවා. තවමත් ජ.වි.පෙ. තුළ සැබෑ වාමාංශිකයන් පිරිසක්‌ ඉන්නවා. මම ඔවුන්ට කියන්නේ කලබල වෙන්න එපා. මේක මැරතන් එකක්‌. අපි සැබෑ වාමාංශික බලවේගයක්‌ රට තුළ ගොඩනගමු. එතෙක්‌ ඉවසගෙන ඉන්න. ඒ සඳහා මම පුළුල් මැදිහත්වීමක්‌ සිදුකරනවා.
ඉදිරියේදී සැබෑ වාමාංශික දේශපාලනය සක්‍රීය කරන්න අපි පුළුල් ලෙස සංවිධානය වෙනවා. ඒ සඳහා අපි අපගේ අරමුණු සමග එක්‌ව කටයුතු කරන පොදු ක්‍රියාකාරීන් සහ සංවිධාන සමග එකට වේදිකාවේ පෙනී සිටිනවා. තමාගේ පැමිණීම හදිසියේ සිදුවූවක්‌ නොව දිගු කාලයක සිට ගත් උත්සාහයක ප්‍රතිඵලයක්‌ බවත් කුමාර් ගුණරත්නම් මහතා වැඩිදුරටත් කීය.
http://www.divaina.com/2015/01/02/news02.html

Gunaratnam: JVP shaken to core by its support for MS

Calls its present day leaders traitors to the revolutionary cause


රවුµa හකීම් - මුස්‌ලිම් කොංග්‍රසය වෙනම පරිපාලන කලාපයක්‌ ඉල්ලා නෑ

02 Jan 2014
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ආණ්‌ඩුවෙන් වෙනම පරිපාලන ඒකකයක්‌ ඉල්ලා නොසිටි බවත් එසේම උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කළ යුතු බවට කිසිදු පාර්ශ්වයක්‌ සමඟ සාකච්ඡා පවත්වා නැති බවත් එහි නායක හිටපු අධිකරණ ඇමැති රවුµa හකීම් මහතා පැවසීය.
එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් සමඟ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (01 දා) මාධ්‍ය හමුවක්‌ පවත්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
තම පක්‍ෂය වෙනම පරිපාලන ඒකකයක්‌ ඉල්ලා නොසිටි නමුත් අම්පාර වෙරළ තීරයේ ජීවත්වන දෙමළ කතා කරන ජනතාවගේ පහසුව පිණිස අතිරේක ලේකම්වරයෙකු පත් කළ යුතු යෑයි ආණ්‌ඩුවට ප්‍රකාශ කළ බවත් පසුව එවැනි නිලධාරියකු පත්කොට පරිපාලනය විමධ්‍යගත කිරීමට ආණ්‌ඩුව කටයුතු කළ බවත් ඒ මහතා කීය.
කෙසේ වෙතත් ආණ්‌ඩුව මෙම මැතිවරණ ව්‍යාපාරයේදී තම බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරමින් මුස්‌ලිම් කොංග්‍රසය වෙනම පරිපාලන කලාපයක්‌ ඉල්ලා සිටි බවට මැතිවරණ වේදිකාවේ කරන ප්‍රකාශ තම පක්‍ෂය දැඩි ලෙස හෙලා දකින බවද රවුµa හකීම් මහතා කියා සිටියේය.
තම පක්‍ෂය, විපක්‍ෂය සමඟ එක්‌වීම නිසා ආණ්‌ඩුව දැන් වියරු වැටී ජනතාව අතර අසත්‍ය තොරතුරු වපුරන බවත් ආණ්‌ඩුව පවසන පරිදි වෙනම පරිපාලන ඒකකයක්‌ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඉල්ලා නැති අතර උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය හෝ වෙන පාර්ශ්වය සමඟ කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැතැයිද හෙතෙම කීය.
උතුරු නැගෙනහිර පළාත් වෙන් කිරීම නිසා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය බිහිවූ බවද මෙම මාධ්‍ය හමුවේදී හකීම් මහතා අවධාරණය කළේය..............
http://www.divaina.com/2015/01/02/news08.html

මෛත්‍රීපාල සිරිසේන -වෛර නොකර ක්‍රෝධ නොකර අතිවිශාල ජන බලයට හිසනමා රජ පුටුවෙන් නික්‌ම යා යුතුයි

02 Jan 2015
වත්මන් පාලනයට එරෙහිව එල්ල වී ඇති විශාල ජනතා විරෝධයට හිස නමා වෛර නොකර, ක්‍රෝධ නොකර මෛත්‍රීයෙන් හා සෙනෙහසින් රජ පුටුවෙන් නික්‌මීමට මහින්ද රාජපක්‍ෂ මහතාට දැන් සුදුසු කාලය එළැඹ ඇතැයි විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (31 වැනිදා) ආණමඩුව, කුලියාපිටිය, හලාවත සහ පුත්තලමේ පැවැති ජනහමු අමතමින් ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.
මහින්ද රාජපක්‍ෂ පාලනය දැනටමත් අවසන් වී හමාරයි. මේ වන විට ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු 25 ක්‌ ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා තිබෙනවා. එයින් මනාව පැහැදිලි වෙනවා මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට තවදුරටත් ඉදිරියට යැමට නොහැකි බව. තමන් දැනටමත් පරාද බව මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට දැනිලා තිබෙනවා. හැබැයි මහින්ද රාජපක්‍ෂ හෝ එයාගේ ගෝලබාලයෝ ඡන්ද දූෂණ, අක්‍රමිකතා කරන්න හැදුවොත් අපි ඒවාට විරුද්ධවත් කටයුතු කරනවා. කිසිම ඡන්ද මංකොල්ලයක්‌ කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ.
අද දහවල් අපි මැතිවරණ කොමසාරිස්‌වරයා මුණ ගැසුනා. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්‌ඩුව සිදුකරන දේවල් පිළිබඳව අපි මැතිවරණ කොමසාරිස්‌ දැනුවත් කළා. මැතිවරණ දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමසාරිස්‌වරයා ගැන මගේ සම්පූර්ණ විශ්වාසය තිබෙනවා. ජනවාරි 9 වැනිදා උදේ වන විට අවුරුදු 10 ක්‌ තිබූ මහින්ද රාජපක්‍ෂ අදූරදර්ශී පාලනය අවසන් කර අපි අලුත් ආණ්‌ඩුවක්‌ හදන එක ස්‌ථීරයි.
ජාති, ආගම් භේදයකින් තොරව අලුත් ආණ්‌ඩුවක්‌ හැදීමට ජනතාව පෙළ ගැසී තිබෙනවා. පවතින ආණ්‌ඩුව වෙනස්‌ විය යුතු යෑයි පොදු මතයකට ඇවිත් තියෙනවා. එසේ ජනතාව පෙළඹුණේ ඇයි? රටේ මහ ලොකු සංවර්ධනයක්‌ සිදුවන බව මේ ආණ්‌ඩුව ඔබට පෙන්වනවා. ඒත් ඒ සංවර්ධනයේ සුන්දරත්වය පිටුපස මහා ලොකු දූෂණයක්‌ සිදු වෙනවා. අවුරුදු 10 ක්‌ රටේ කළ සංවර්ධන වැඩ වලින් සියයට 50 ක්‌ ආණ්‌ඩුව තමන්ගේ සාක්‌කුවට දා ගත් විට එකතු වන මුදල කොපමණක්‌ද කියලා ඔබට හිතා ගන්නවත් බැහැ. මේ තරම් දූෂිත පාලකයෙක්‌ මේ රටේ කවදාවත් හිටියේ නැහැ. එක පවුලක්‌ විසින් මුළු රටම දූෂණයට ලක්‌ කළා. සමාජය අශීලාචාර වුණා. කුඩු, එතනෝල් රටේ රජ කළා. ආණ්‌ඩුවට ආදායම් එන රාජ්‍ය ආයතන සියල්ල විනාශ කළා. රාජ්‍ය භාණ්‌ඩාගාරයට දැන් ඒ ආයතනවලින් මුදල් එන්නේ නැහැ. රාජ්‍ය ආදායම අඩු වුණහම, රජයට මුදල් නැති වුණහම බඩු මිල ඉහළ යනවා. දුප්පත්කම වැඩි වෙනවා. ජනතාවගේ බඩ ගින්න නිවීම අපේ ආණ්‌ඩුවේ මුඛ්‍ය අරමුණයි. රාජකුමාරවරුන්ට හෙලිකොප්ටර්, රත්තරන් පිස්‌තෝල, රත්තරන් අශ්වයෝ ඉන්නවා. කිසිම රාජ්‍ය නායකයෙක්‌ මෙලෙස හැසිරිලා නැහැ. රාජ මාළිගා හැදුවේ නැහැ. කොටුවේ ජනාධිපති මන්දිරය රජ ගෙයක්‌ ලෙස නවීකරණය කර තිබෙනවා. අලුත් රාජ මාළිගා 7 ක්‌ ඇති කළා. අපේ රටේ විතරක්‌ නොවේ ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක්‌ මේ විදිහට සුර සැප විඳින්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ - ජාතික ගීයේ යෙදුම් මැතිවරණ දැන්වීම්වලට යොදා ගැනීම මවුබිමට අගෞරවයක්‌

02 Jan  2015
ජාතික ගීයේ යෙදුම් මැතිවරණ දැන්වීම්වලට  යොදා ගැනීම මවුබිමට අගෞරවයක්‌
- විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ
ජාතික ගීතයේ ශ්‍රී ලංකා මාතාවට ගරු කිරීම සඳහා යොදා ගන්නා "අපගේ ශක්‌තිය ඔබයි. අපගේ ආලෝකය ඔබයි. අපගේ අනුප්‍රාණය ඔබයි. අපගේ ජීවය ඔබයි" ආදී යෙදුම් තමන්ගේ ජනාධිපතිවරණ වෙළෙඳ ප්‍රචාරණය සඳහා යොදා ගැනීමෙන් ජාතික ගීතයට පමණක්‌ නොව ලංකා මාතාවටද අගෞරව කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ක්‍රියාකර ඇතැයි විපක්‌ෂ නායක සහ එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඹේතැන්න සහ උකුවෙල පැවැති ප්‍රචාරක රැස්‌වීම් අමතමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ජාතික ගීතයේ යෙදුම් පෞද්ගික ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි කරුණක්‌ බවයි. මේ ආකාරයට ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාවකට එක්‌වීම ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක්‌ ගෙන ඒමට හේතු සාධක කර ගත හැකි කරුණක්‌ බවද විපක්‌ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රටේ දේපළ, රටේ සම්පත් රටේ ධනය සොරකම් කිරීමෙන් නොනැවතී දැන් රාජපක්‌ෂ රෙජිමය ජාතික ගීතයද සොරකම් කර ඇතිබව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ රටක්‌ නිරුපණය කරන ජාතීක ගීතය හා ජාතික ධජය ජනරජයට හා ජනතාවට අයත් දේපළක්‌ බවත් මෙවැනි පුද්ගලික හා දේශපාලන ප්‍රචාරණ වැඩපිළිවෙළ සඳහා යොදා ගැනීම පොදු දේපළ පනත උල්ලංඝනය කිරීමක්‌ බවත්ය.
මේ ආකාරයෙන් තමන් ලක්‌මාතාවට සමාන තලයක සිටින බව පෙන්වීමට උත්සාහ කිරීම දේශෙද්‍රdaහී ක්‍රියාවක්‌ සහ අපරාධයක්‌ බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මේ අතර පොදු විපක්‌ෂ ආරංචි මාර්ග සඳහන් කළේ මේ ආකාරයෙන් ජාතික ගීතය දේශපාලන ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීමෙන් සිදු කළ සාපරාධී ක්‍රියාවට ව්‍යවස්‌ථා උල්ලංඝනයට මෙන්ම දේශපාලනඥයකු ලක්‌මාතාවගේ තලයට ඔසවා තැබීමට එරෙහිව ද නෛතික පියවර ගැනීමට ඔවුන් කටයුතු කරන බවය.
http://www.divaina.com/2015/01/02/provin04.html

මහින්ද රාජපක්‍ෂ -පොදු විපක්‍ෂයේ අරමුණ රට කෑලි කෑලි කඩන්නයි

රටේ හාල් මිල පාලනය කළේ පොළොන්නරුවේ සිරිසේන සහෝදරයෝයිපොදු විපක්‍ෂයේ අරමුණ රට කෑලි කෑලි කඩන්නයි 
- මහින්ද රාජපක්‍ෂ
රාජ්‍ය දේපළ විකිණු චන්ද්‍රිකා අද යහපාලනය ගැන කතා කරනවා
- බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග
තමන්ට නටවන්න පුළුවන් ශ්‍රී ලංකාවක්‌ හදන්න
බටහිර රටවල් විපක්‍ෂයට සල්ලි පොම්ප කරනවා
- ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකගේ පෙරමුණ කැඳ හැලියක්‌
- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ආර්ථික විද්‍යාවේ මූලධර්මවත් සිරිසේන දන්නේ නැහැ
- ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා
මෛත්‍රී පිල විදේශිකයන්ගේ රූකඩයක්‌
- ඇමැති සරත් කුමාර ගුණරත්න
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්‌. මේ මැතිවරණයේ ප්‍රතිඵල මත රටේ ඒකීයභාවය අපේ දරුවන්ගේ නිදහස්‌ අධ්‍යාපනය සහ ඔවුන්ගේ යහපත් හෙට දවස ගැන තීරණය වෙනවා යෑයි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
මීගමුව, ක¹න, කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශවල 30 වැනිදා පැවති ජනහමුවලට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මෙම ජනහමු ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
පොදු විපක්‍ෂයේ ප්‍රධාන අරමුණ රට කෑලි කෑලිවලට කඩා එහි පාලන කටයුතු ජාතිවාදීන්ට පාවාදීමයි. රටේ මෙතෙක්‌ පවතින නිදහස්‌ අධ්‍යාපනයට මිනීවල කපන්නත් ඔවුන් සූදානම්. අද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම කියනවා තාක්‍ෂණ අධ්‍යාපනය හදාරන සහ විශ්වවිද්‍යාලවලට යන අපේ දීප්තිමත් දරුවන්ගෙන් එම අධ්‍යාපනය සඳහා මුදල් අයකරන බව. මෙය නිදහස්‌ අධ්‍යාපනයට වළ කැපීමක්‌. රටේ නිර්ධන පංතියෙන් උගතුන් බිහිවුණේ නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන්. මේ අය බලය ඉල්ලන්නේ දුප්පතුන්ට රජයෙන් දායාද කළ නිදහස්‌ අධ්‍යාපනය මරා දැමීමට දැයි ජනතාව ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි. අද යහපාලනය ගැන කතාකරන කණ්‌ඩායමේ සිටින හිටපු ධීවර ඇමැතිවරයා ධීවර දුක කියන්න ධීවර අමාත්‍යාංශය වෙත පැමිණි ධීවරයන්ට මැරවරයන් ලවා එලව එලවා පහර දුන්නා. අද මේ අය යහපාලනය ගැන කතාකරනවා. රටේ හාල් මිල පාලනය කළේ පොළොන්නරුවේ සිරිසේන සහෝදරයින්. අසරණ ගොවි ජනතාව පීඩනයට පත් කර ගොවීන්ගේ වී තොග වශයෙන් කුණුකොල්ලයට ගෙන රටේ ඇති කළ හාල් මිල පාලන ඒකාධිකාරය ජනවාරි මස 8 වැනිදායින් පසු සදහටම නැතිකර දමනවා.

Jan 02 - අද රැස්‌වීම්

02 Jan 2015
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන ජන රැලි තුනක්‌ අද (2 දා) යාපනය, මන්නාරම හා කන්තලේදී පැවැත්වේ.
මෙයට අමතරව වව්නියාවේ පැවැත්වෙන ජනහමුවකට සහභාගී වන ජනාධිපතිවරයා යාපනයේ පැවැත්වෙන වෘත්තීයවේදීන්ගේ හමුවකටද එක්‌වීමට නියමිතය.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක
මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන ජනහමු අද (2 වැනිදා) කලවාන, රක්‌වාන, රත්නපුර, පැල්මඩුල්ල, බලන්ගොඩ හා බණ්‌ඩාරවෙල යන ප්‍රදේශවල පැවැත්වේ