Dec 25, 2014

25 Dec 2014
පන්නිපිටිය මුද්‍රණාල හිමිකරුට පොලිස් ඇප
මඩ පොත් තොගය පොලිසියේ (වීඩියෝ දර්ශන සහිතයි)
ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව එජාපය නමින් ව්‍යාජ පොතක් මුද්‍රණය කළ බව කියන පන්නිපිටියේ මුද්‍රණාලයක් අද(25) අලුයම වටලා පොත් තොගයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුද්‍රණාලය හිමිකරු පොලිස් ඇප මත මුදාහළ බවද පොලිස් ආරංචි පවසයි.
‘සජිත්ගේ බලකාමී සිහිනය බොඳකරන නවීන්ගේ සිරිකොත ආගමනය‘ නමින් මෙම පොත සිරිකොතින් මුද්‍රණය කරන ආකාරයට මුද්‍රණය කර තිබූ බවත් එක්සත් ජාතික පක්ෂයේ ඔත්තුවක් අනුව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පොලිසිය සමග ගොස් එය වැටලූ බවත් දැනගන්නට ඇත.
25 Dec 2014
මෛත්‍රී කෝටි 250ක් වන්දි ඉල්ලයි
අත්තනායකගේ හොර ගිවිසුමට නඩු
තමා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොර ගිවිසුමක් අත්සන් කළැයි සෞඛ්‍ය ඇමැති හා හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කළැයි කියන ප්‍රකාශයෙන් වු හානිය වෙනුවෙන් ඔහුගෙන් රුපියල් කෝටි 250ක වන්දියක් ඉල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) එන්තරවාසියක් යැවීය.
තම අත්සන ව්‍යාජ ලෙස යොදා ගිවිසුමක් යැයි කියන ලියැවිල්ලක් ජනමාධ්‍යයෙන් ප්‍රචාරය කිරීමෙන් සිදු වු අපහාසයට වන්දි ලබාගැනීම එහි අරමුණ බව සිරිසේන මහතාගේ නීතීඥ සඳුන් එස් කේ ගමගේ මහතා පවසයි.
25 Dec 2014
වීදියේ විරෝධයට පහර දුන්  තවත් සිව් දෙනෙක්‌ දැලේ
වීදියේ විරෝධය නාට්‍ය කණ්‌ඩායමට හම්බන්තොට නගරයේදී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙක්‌ හම්බන්තොට පොලිසිය මගින් ඊයේ (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ හම්බන්තොට නගරාධිපති එරාඡ් ප්‍රනාන්දු මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඉකුත් 21 වැනිදා දහවල් ගායන ශිල්පි ජයතිලක බණ්‌ඩාර මහතා ඇතුළු සිවිල් සංවිධාන කීපයක සාමාජිකයන් හම්බන්තොට නගරයේදී සාමකාමීව වීදි නාට්‍යයක්‌ ප්‍රදර්ශනය කර අත්පත්‍රිකා බෙදා හැර තිබිණි.
එහිදී සැකකාර නගරාධිපතිවරයා ඇතුළු පිරිසක්‌ දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී ජයතිලක බණ්‌ඩාර මහතා ඇතුළු පිරිසකට අමානුෂික ලෙස පහර දී තිබේ.
එහිදී තුවාල ලැබූ ජයතිලක බණ්‌ඩාර ඇතුළු කීප දෙනකු රෝහල්ගත කර තිබූ අතර තවත් කීපදෙනෙක්‌ බාහිර ප්‍රතිකාර ලබා ගත්හ.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර හම්බන්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

http://www.divaina.com/2014/12/25/news21.html
25 Dec 2014
කොලොන්නාවේ මෛත්‍රීගේ
පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌
ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් කොළොන්නාව නගරයේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසක්‌ වෙත
පෙරේදා (23 වැනිදා) කඩාවැදුණු පාතාල කණ්‌ඩායමක්‌ ඔවුන්ට කඩු පොලුවලින් පහරදී තිදෙනකුට තුවාල කර පලා ගොස්‌ ඇත.

පෝස්‌ටර් අලවමින් සිටි ආධාරකරුවන්ට පහරදී කපා කොටා තුවාල කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක සාමාජිකයන් බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
මෙම පාතාල කල්ලිය කොළොන්නාව ප්‍රදේශයේ බලවත් දේශපාලනඥයකුගේ ආධාරකරුවන් ලෙස කටයුතු කරන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි

http://www.divaina.com/2014/12/25/news13.html
25 Dec 2014
මෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ
පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබති
ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේ ඊයේ (24 වැනිදා) සවස පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීම සඳහා සැරසිලි කරමින් සිටි පිරිස අතරට කඩා වැදී ඇති පාතාල කණ්‌ඩායමක්‌ ටී 56 ගිනි අවි යොදාගෙන හතර අතට වෙඩි තබා මුළු ප්‍රදේශයම භීතියට පත්කර පලා ගොස්‌ ඇත.මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඊයේ
(24 වැනිදා) අලුයම 1.00 ට පමණය. වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානි සිදුවී නැති අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනතාව ඇමතීමට නියමිතව තිබූ වේදිකාවට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල වී ඇත.

මෙම වේදිකාවට සහ ප්‍රදේශයේ ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන් යොදවා සිටියදීත් මේ ආකාරයට පාතාල කණ්‌ඩායම් පැමිණ වෙඩි තැබීම් සිදු කර නිරුපද්‍රිතව පලා යැම පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළ කර සිටිති.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීම සඳහා කොලොන්නාවේ විශාල පිරිසක්‌ පෙරේදා රාත්‍රි කාලයේ සිට උමගිලිය ක්‍රීඩාංගණයේ සැරසිලි කරමින් සිට ඇත.
ඒ අවස්‌ථාවේ කළු පැහැති ජීප් රථ දෙකකින් සහ වෑන් රථයකින් පැමිණ ඇති විසිදෙනකුගෙන් පමණ සමන්විත පාතාල කණ්‌ඩායමක්‌ හතර අතට වෙඩි තබා තිබේ.
සිද්ධිය වූ ස්‌ථානයේ වැටී තිබී ටී 56 හිස්‌ පතරොම් උණ්‌ඩ 18ක්‌ පොලිසිය මගින් සොයා ගෙන ඇත.
කොන්නාව, ප්‍රදේශයේ එක්‌තරා දේශපාලනඥයකු සමග සිටින දෙමටගොඩ පාතාල කල්ලියක නායකයා ඇතුළු සගයන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ. ඊයේ සවස්‌ වනතුරුත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.

http://www.divaina.com/2014/12/25/news03.html
25 Dec 2014
ශාන්ත මුතුහෙට්‌ටිගම සහ ඔහුගේ රියෑදුරු වහාම 
අත්අඩංගුවට ගන්න
බද්දේගම මහෙස්‌ත්‍රාත් නියෝග කරයි
වඳුරඹ පොලිස්‌ අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනකු පැහැරගෙන යැම සම්බන්ධයෙන් සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම හා ඔහුගේ රියෑදුරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස බද්දේගම මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (24 දා) වරෙන්තු නියෝගයක්‌ නිකුත් කළේය.සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වඳුරඹ පොලිසිය මගින් වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආරක්‍ෂක පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ඉසුරු රුවන්සිරි, මනෝ- ප්‍රියන්ත හා ඉෂාර චතුරංග නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

වැඩිදුර වාර්තා ගොනු කරමින් කරුණු දැක්‌වූ පොලිසිය, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය උදෙසා වඳුරඹ නගරයේ සංවිධානය කර තිබූ ජන රැලියේ වේදිකාවට හා වාහනවලට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පොලිස්‌ ස්‌ථානයේ රඳවා සිටියදී සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා තවත් පිරිසක්‌ සමග පැමිණ එම සැකකරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවත් සිද්ධියට අදාළව සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා හා ඔහුගේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම හා ඔහුගේ රියෑදුරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නියෝග නිකුත් කරමින් අනෙක්‌ සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හරිමින් පැමිණිල්ල ලබන 29 දා යළි කැඳවන ලෙසත් නිsයෝග කළේය.

http://www.divaina.com/2014/12/25/news01.html
25 Dec 2014
සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයට ප්‍රහාරයක්‌ 
සිරිකොත අබියස සාමකමී උද්ඝෝණෂණයක නිරතවූ තම සංවිධානයේ සාමාජිකයන්ට සංවිධානාත්මක පිරිසක්‌ විසින් මාරාන්තික ලෙස පහර දුන් බවත් ඡන්දයක්‌ අබියස යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කතා කරන අවස්‌ථාවක එක්‌සත් ජාතික පක්‍ෂය මෙවැනි පහරදීමක්‌ කරයි කියා කිසිලෙසකින්වත් හිතුවේ නැති බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා පැවසීය.
තම සංවිධානයේ 800ක පමණ පිරිසකට සිරිකොත ඉදිරිපිටදී මුජිබර් රහුමාන් ප්‍රමුඛ පිරිසක්‌ තම සංවිධානයේ සාමාජිකයන් සමග කිසිදු කතා බහක්‌ සිදු නොකොට පොලුවලින්, බෝතල්වලින් මාරාන්තික ලෙස පහර දුන් බවත් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා කියා සිටියේය.
මෙම පිරිස ඉතාමත් මාරාන්තික ලෙස අපිට පහර දෙන නිසා අපේ සංවිධානයේ සාමාජිකයන් තුන් පැත්තකට දිව ගියා. එහි කොටුවූ පිරිසට සිරිකොත ඇතුළෙන් විශාල ගල්, කළුතෙල් ප්‍රහාර හා බෝතල් ප්‍රහාර එල්ල කළ බවද බණ්‌ඩාර මහතා ප්‍රකාශ කළේය. ඉන් කිහිපදෙනෙකුට සිරිකොත ඇතුළේදී පහරදී තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අත්සන් කළේ යෑයි කියන ගිවිසුමට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (24දා) පෙරවරුවේ සිරිකොත ඉදිරිපිට පැවැත්වූ සාමකාමී උද්ඝෝaෂණයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාගෙන් දිවයින කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

http://www.divaina.com/2014/12/25/news22.html

පහරදීමට මැරයන් යෙදවූයේ ආණ්‌ඩුවයි"- රනිල් වික්‍රමසිංහ
සිරිකොතට පැමිණි උගත්, බුද්ධිමත් පිරිසට පහරදීමට ආණ්‌ඩුව මැරයින් පිරිසක්‌ යෙදවූ බව එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24 දා) පැවසීය. එක්‌සත් අධ්‍යාපන සේවක සංගමයේ වාර්ෂික හමුව ඊයේ සිරිකොතදී පැවැත්වෙන අවස්‌ථාවේදී එම ස්‌ථානයට ආණ්‌ඩුවේ පිරිසක්‌ ගෙන්වා මෙම මර්දනකාරී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ බවද ඒ මහතා කීය.විපක්‌ෂයට උගතුන් අවශ්‍ය වුවද ආණ්‌ඩුවට අවශ්‍ය වී ඇත්තේ මැරයන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා එම හමුවට සහභාගි වෙමින් සඳහන් කළේය

http://www.divaina.com/2014/12/25/news04.html

විමල්ගේ මැරයින්ට ප්‍රහාරයක්... සේවකයනුත් බිලිදෙයි

මෙහිදී දෙපිරිස අතර බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කරගනිමින් පවතී. විමල් වීරවංශ ඇමතිවරයා මෙහෙයවන ජාතික සංවිධාන එකමුතුව විසින් මෛත්‍රී - රනිල් ගිවිසුමක් ඇතිය පවසමින් එයට එරෙහිව විරෝධතාවය පළ කරන මුවාවෙන් අමාත්‍යාංශ සේවකයන් යොදාගනිමින් සිරිකොතට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ඒ ආසන්නයේ පොලීසිය රැඳී සිටින අතර ඔවුන්ට තත්වය පාලනය කර නොහැකි මට්ටමක පවතින බව වාර්තා‍ වේ.
මෙම විරෝධතාවය සඳහා GI8272 දරණ වෑන් රථයෙන් ඉංජිනේරූ සංස්ථාවේ සේවකයන් ප්‍රවාහනය කළ බව මේ වනවිට හෙළිදරුව් වී තිබේ.........photos

25 Dec 2014
සිරිකොත ඉදිරිපිට යුද පිටියක්‌
35 දෙනෙක්‌ තුවාල ලබති
ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (24 දා) සිරිකොත එජාප මූලස්‌ථානය ඉදිරිපිට ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයට එජාප පාක්‌ෂිකයින්ද විරෝධය පළ කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ ඇතිවී 35 දෙනෙක්‌ තුවාල ලැබූහ.

සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
"සෝල්හයිම්ට බැරිවූ දේ රනිල් - මෛත්‍රී ඉටු කරයි, යුද අධිකරණ පරීක්‍ෂණයට ඉඩදීම බලු පාවාදීමක්‌" වැනි විවිධ සටන් පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයෝ පිරිසක්‌ විපක්‍ෂයට එරෙහිව ඊයේ සිරිකොත ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ද්‍රෝහී තිස්‌ස රට විකුණයි, මෛත්‍රී සමග නිදහසේ පෙරට ආදී සටන් පාඨ කියමින් සිරිකොතෙහි සිටි පිරිසක්‌ද ආණ්‌ඩුවට සහ පැමිණි පිරිසට එරෙහිව විරෝධය පළ කළහ.
ඒ සමඟ දෙපාර්ශ්වය අතර බහින් බස්‌වීම් සිදු වී එය ගැටුමක්‌ දක්‌වා දුර දිග ගිය අතර දෙපාර්ශ්වයම ගල්, පොලු, බෝතල්, කලුතෙල් ආදිය රැගෙන සටනට අවතීර්ණ වීම නිසා සිරිකොත ඉදිරිපිට යුද පිටියක සිරි ගත්තේය.
ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් විරෝධතා ව්‍යාපාරයට පැමිණෙන විට සිරිකොත තුළ එජාපයට අනුබද්ධ එක්‌සත් අධ්‍යාපන සේවක සංගමයේ සමුළුවක්‌ද පැවැත්වෙමින් තිබිණි. එයට විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වී සිටියේය.
සිද්ධිය මැඬ පැවැත්වීම සඳහා උසස්‌ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද ඇතුළුව පොලිසියේ කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක බවුසර් ද කැඳවා තිබුණි. අවශ්‍ය වුවහොත් කඳුළු ගෑස්‌ ප්‍රහාරයකටද සෙබළු සූදානම් වී සිටියහ.
කෙසේ වෙතත් සිරිකොත පාර්ශ්වයෙන් එල්ලවූ දැඩි ප්‍රහාරය හමුවේ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් ඒ ආසන්නයේ වූ පටු මාර්ගයකට කොටුවු අතර එබැවින් සිරිකොත සිටි පිරිස ඔවුනට වටකොට පහර දෙන අයුරු දක්‌නට ලැබුණි.
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාද සිය සාමාජිකයින් සමඟ එහි කොටුවූ අතර ඔහු අත්අඩංගුවට ගන්නැයි සිරිකොත පාර්ශ්වයේ පිරිස්‌ කෑ ගැසූහ.
අතුරුව පොලිස්‌ ආරක්‍ෂාව සහ හූ හඬ මධ්‍යයේ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් එම ස්‌ථානයෙන් ඉවත්ව ගිය අතර ගැටුම හේතුවෙන් සිරිකොත අවට වාහන ගමනා ගමනයද ඇනහිට දැඩි මාර්ග තදබදයක්‌ද ඇති විය.
සිරිකොත තුළ පිහිටි බුද්ධ ප්‍රතිමාව ඇතුළු ඒ අවට තිබූ වාහන, ගොඩනැඟිලි වලටද සුළු අලාභහානි සිදුවිය. පොලිස්‌ නිලධාරීන් මෙන්ම සිද්ධිය වාර්තා කිරීමට ගොස්‌ සිටි මාධ්‍යවේදීන්ට, කලු තෙල් ප්‍රහාර එල්ල වී තිබුණු අයුරු දැකගත හැකි විය.
බස්‌නාහිර පළාත් සභා එජාප මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ෆයිරුස්‌ හාජියාර්, එක්‌සත් භික්‍ෂූ පෙරමුණේ බෝපිටියේ ධම්මිස්‌සර, තිනියාවල පාලිත යන හිමිවරුන් සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කළහ. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද එම ස්‌ථානයට පැමිණියේය.

http://www.divaina.com/2014/12/25/news02.html
24 Dec 2014
ලබන මාසයේ 4 වැනිදා 5 වැනිදා වන විට
අරලියගහ මන්දිරයේ ඉතිරි වෙන්නේ කැරපොත්තෝ මීයෝ ගෙම්බෝ විතරයි  -මෛත්‍රිපාල සිරිසේන

පක්‍ෂ කඩකඩ ශ්‍රීලනිපය විනාශ කරන්න හැදුවා  -  රනිල් වික්‍රමසිංහ
ගියවර අපි ලබාගත් ජයග්‍රහණය ආණ්‌ඩුව කොල්ල කෑවා  -  සරත් ෙµdන්සේකා
අපේ ලේ නහර උරාගෙන අධික කොමිස්‌ ගහගෙන පාරවල් හදනවා  - පාඨලී චම්පික රණවක
රාජපක්‍ෂ පවුල  සුරක්‍ෂිත වෙනකොට ජාතියම ලෝකයට ණයකාරයෝ වෙලා  -  අතුරලියේ රතන හිමි

ලබන මාසයේ 4 වැනිදා 5 වැනිදා වන විට අරලියගහ මන්දිරයේ ඉතිරි වෙන්නේ කැරපොත්තෝ, මීයෝ සහ ගෙම්බො විතරක්‌ බව තමාට ස්‌ථීරවම විශ්වාස යෑයි ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (22 වැනිදා) අගලවත්ත, බණ්‌ඩාරගම, මහරගම සහ ජාඇල දී පැවැති ජනහමුවලදී ප්‍රකාශ කළේය.
"එක්‌වෙමු - වෙනසක්‌ කරමු" යන තේමාව යටතේ මෙම ජනහමු පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව තුළ ශ්‍රීලනිපයක්‌ නැහැ. බණ්‌ඩාරනායක ප්‍රතිපත්ති හෝ බන්ඩාරනායක දර්ශනයක්‌ නැහැ. සන්ධාන ආණ්‌ඩුවේ පක්‍ෂ නායකයින් කියන දේවල් ජනාධිපතිතුමා අහන්නේ නැහැ. පක්‍ෂ නායක රැස්‌වීම් පවත්වන්නේ නැහැ. මේ වනවිට 16 දෙනෙක්‌ අපේ පැත්තට ඇවිත් තිබෙනවා. රිෂාඩ් බදියුදීන් මහතා සහ අමීර් අලි මහතාත්, පළාත් සභා මන්ත්‍රීවරු 7 දෙනෙක්‌ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 69 දෙනෙක්‌ අද දිනයේත් අපි සමග අත්වැල් බැඳ ගත්තා.
ආණ්‌ඩුව අභ්‍යන්තරයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක්‌ අද නැහැ. පාර්ලිමේන්තුවට, අධිකරණයට, රාජ්‍ය සේවයට, පොලිසියට අද කිසිදු බලයක්‌ නැහැ. ඒවා අකර්මණ්‍ය වෙලා තිබෙන්නේ. ස්‌ත්‍රි දූෂණ, ළමා අපචාර, මංකොල්ලකෑම් අද මේ රජයේ ආශිර්වාදය ඇතිව සිදු වෙනවා. ඒවායේ වැරදිකරුවන්ට දඬුවම් නැහැ. ඒවාට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූ මට ඒවා නතර කිරීමට අණ ලැබුණා. මුළු රටට අරාජික වුණා.
24 Dec 2014
ලෝකයේ දියුණු ජාතීන් අතරට ඔසවා තබන
මහින්ද චින්තනයේ තුන්වැනි අදියර අලුත් පරම්පරාවක්‌ ගොඩනැගීමටයි  - මහින්ද රාජපක්‌ෂ

  • මට තියෙන්නේඑක ගිවිසුමයි   ඒ මහින්ද චින්තනයයි
  • එක කැසිනෝ බලපත්‍රයක් බාර්ලයිසන් එකක්‌ නොදුන් දෑතක්‌ මට තියෙනවා
  • මෙරට ලිබියාවක්‌ ඇµaගනිස්‌ථානයක්‌ ඊජිප්තුවක් සිරියාවක්‌ වෙන්න දෙන්නේ නැහැ
  • අම්මලාගේ සිත්වල මරණ බය ඇතිකරන්න යළි ඉඩ තියන්නේ නෑ
    ගිහි පැවිදි සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව ව්‍යවස්‌ථාවක්‌ වසරක්‌ ඇතුළත සම්මත කිරීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහින්ද චින්තන ලොව දිනන මග සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීමේ අවස්‌ථාවට එක්‌වෙමින් පැවැසීය.
මහින්ද චින්තන තුන්වන අදියර ශ්‍රී ලාංකික ජාතිය ලෝකයේ දියුණු ජාතීන් අතරට ඔසවා තබන වැඩපිළිවෙළක්‌ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ස්‌ථාපිත වූයේ ත්‍රස්‌තවාදය විනාශ කිරීම නිසාවෙන් බවත් පැවසූ ජනාධිපතිවරයා මේ රටේ අම්මලාගේ හිත්වලට ආයෙත් මරණ බිය ඇති වෙන්න ඉඩ නොදෙන බවත් පැවැසීය.
තමා දේශපාලන පවුලක කෙනෙක්‌ බවත් අපි කිසිකෙනෙක්‌ ඉන් හම්බ කළේ නැති බවත් පැවසූ ජනාධිපතිවරයා අපි සියලුම දෙනාම රටේ දියුණුවට කැපී පෙනෙන කාර්ය භාරයක්‌ ඉටු කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (23 දා) පෙරවරුවේ පැවැති මහින්ද චින්තන ලොව දිනන මග සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. ----

24 Dec 2014
'මහින්ද චින්තන' ලොව දිනන මග ප්‍රතිපත්ති ප්‍රකාශනය


ජනතා අපේක්‍ෂාවන් හඳුනාගෙන නිර්මාණය කෙරෙන නව ව්‍යවස්‌ථාවෙන් පවතින විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය, නීතියේ ආධිපත්‍ය හා යහ පාලනය වැනි ක්‍ෂේත්‍ර ආවරණය කෙරෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (23දා) එළි දැක්‌ වූ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්‌වේ.

මහින්ද චින්තන ලොව දිනන මග මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව වේ.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්‌, පුළුල් දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌, අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌, සදාචාර සම්පන්න සමාජයක්‌, රටට වැඩ කරන ජාති හිතෛශී රාජ්‍ය සේවයක්‌, පොහොසත් රටක්‌, ජාතික කර්මාන්ත න්‍යාය පත්‍රය, සංවර්ධනයේ මිහිරි ඵල ගමට ගෙන යන දිවි නැගුම ජාතික පෞර්ෂත්ව අධ්‍යාපනයක්‌, නිරෝගීකම පරම ලාභයයි, දීර්ඝායු පිණිස ක්‍රීඩා, යසෝදරා පරපුරට පොහොසත් හෙට දවසක්‌, තුරුණු හෙටක්‌ පිරුණු රටක්‌ ගමනට සුවපහසුව, පණ සේ සුරකින පරිසරය, තිරසාර ජන සෙවණ, යටිතල පහසුකම්, විප්ලවය නොනැවතී ඉදිරියට, විද්‍යා තාක්‍ෂණ හා නවෝත්පාදනය, කලා කෙත අස්‌වනු මංගල්‍යය, සමාජ ආරක්‍ෂණය, සාමයේ සංහිඳියාවේ ප්‍රතිලාභ ජනතාවට යන මූලික කරුණු 20 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

24 Dec 2014
මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී
පුළුල් දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌ අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ ඇතුළු මූලික කරුණු විස්‌සක්‌ ඉටුකිරීම අරමුණු කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (23 දා) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් එළිදැක්‌විණි.
'මහින්ද චින්තන ලොව දිනන මඟ' නමින් යුත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (23 දා) පෙරවරුවේ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්‌වුණු අතර මෙම අවස්‌ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සියලුම පක්‌ෂ නායකයින් නියෝජිතයන් අගමැති ඇතුළු මැති ඇමැතිවරු සහභාගි වූහ.
පෙරවරු 9.15 ට පමණ සම්මන්ත්‍රණශාලාව වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබීය.
අනතුරුව මඟුල් බෙර සක්‌හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීය. ඉන්පසු යෙදුණු සුබ මොහොතින් මහින්ද චින්තන ලොව දිනන මග ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌විණි.
ප්‍රථමයෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මහා සංඝරත්නයට අන්‍ය ආගමික පූජකතුමන්ලාට හා සන්ධානයේ පක්‌ෂ නායකයන්ට අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්ට පිළිගැන්වීය.
තරුණ ප්‍රජාව වෙනුවෙන්ද ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තරුණ පිරිසකට භාරදෙනු ලැබීය.

http://www.divaina.com/2014/12/24/news03.html
24 Dec 2014
රනිල් සමඟ මගේ කිසිම රහස්‌ ගිවිසුම් නෑ
- මෛත්‍රී කියයි

ක පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිම ගිවිසුමක්‌ අත්සන් කර නැතැයි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා
ඊයේ (23 දා) පැවසීය.
රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඊ
යේ කොළඹදී ව්‍යාපාරික ප්‍රජාව හමු වූ අතර එහිදී පැවැති සුහද සංවාදය අතරතුරදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා පෙරේදා (22දා) එජනිස මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ පරිදි ෙත්‍රෙSපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස්‌ ගිවිසුමක්‌ තිබේදැයි ව්‍යාපාරිකයෙක්‌ මෙහිදී විමසීය.
ඊට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා පෙන් වූ එම ව්‍යාජ ලියවිල්ලට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ සම්බන්ධව කරුණු පැහැදිලි කර ජනතාව දැනුවත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
ආණ්‌ඩුවේ දේශපාලන ව්‍යාපාරය කොතරම් බංකොලොත්දැයි මෙවැනි ව්‍යාජ ක්‍රියාවලින් හෙළිවන බවත් ඒවා ඉතා අසත්‍ය බවත් ඒ මහතා කීය.
මෙවැනි ගිවිසුම් හෝ අසත්‍ය ලියවිලි ආණ්‌ඩුව ඉදිරියේදීත් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද කියා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවැනි අසත්‍ය ප්‍රකාශ නොකොට තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස ජනාධිපතිවරයාට නැවත අභියෝග කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්‌ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වේදිකාවේ අසුන්ගෙන සිටි අතර තිස්‌ස අත්තනායක මහතාට පක්‍ෂයේ ලේකම්ධුරය සහ ඇමැති ධුරයක්‌ ලබා දීම පිළිබඳව තමන් කනගාටු වන බවත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව අයදින බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.

http://www.divaina.com/2014/12/24/news01.html