Nov 16, 2014


Nov 15, 2014

විධායක බලතල පාවිච්චි කළ ආකාරය ගැන ජනපති රටට කියයි (VIDEO)

මම එහෙම අයුතු ලෙස කොයි වෙලාවකවත් මං පාවිච්චි කළේ නෑ. මං විධායක ජනාධිපතිකම පාවිච්චි කරලා තියෙනවා නැත්තේ නෑ හාමුදුරුවනේ. යුද්දේ අවසන් කරන්න, රටේ සංවර්ධනය කරන්න. මේවාට අපි පාවිච්චි කළා. අපි මේවා කරනකොට මේවා දිහා වෛරයකින් ක්‍රෝධයකින් ඉරිසියාවකින් බලන පිරිසක් ඉන්නවා. යුගයක් තිබුණා පත්තරේ කෑලි කපලා. පත්තරේ ගහලා තියෙනවා පත්රේ හිස්. බලධාරියා විසින් කපා හරින ලදි. මොකද ජනාධිපතිට බැන්නොත් ආණ්ඩුවට විරුද්ධව කියුවොත් පත්තරේ කැපුවා. අද ජනමාධ්‍යට අමතක වෙළා මේවා. අපි කියුවා නෑ ඕනේ එකක් ලියනවා.  ඉඩමක් තිබුණා නම් ඒ ඉඩම බැසිල් රාජපක්ෂගේ, අලුතින් ගෙයක් හැදුවා නම් ඒක ගෝඨාභයගේ,ගාලු පාරේ ඉඳලා ටෙම්පල් ට්‍රීස් එකට එනකන් මම අරගෙන මෙහෙම තමයි කියුවේ එදා,නමුත් ජනතාව ඒවා පිළිගත්තේ නෑ. මම හැම වෙලාවෙම විශ්වාස කරනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපිට තියෙනකන් දළදා වහන්සේ අපිට තියෙනකන් මේ රට දෙවිවරු බලාගන්නවා.



Nov 16, 2014
මහින්ද පන්නන්න රනිල් ඇණයක් වෙන ලකුණු
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී 'පොදු අපේක්ෂකයා' ලෙස එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මහතා ඉදිරිපත් කළ නොහැකි බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 'සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ' නියෝජිතයින් පිරිසකට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) රාත්‍රී එබව දැනුම් දී ඇත.
 කරු ජයසූරිය මහතාට 'පොදු අපේක්ෂකත්වය' ලබා දීමට සජිත් ප්‍රේමදාස මහතා බලවත්සේ විරෝධය පළකර ඇතැයි සඳහන් කර ඇති වික්‍රමසිංහ මහතා, එය නොසලකා කටයුතු කළහොත් පක්ෂය දෙකඩවීමේ අනතුරක් ඇතැයි ද සඳහන් කර තිබේ.
 තමන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව ද වික්‍රමසිංහ මහතා තමා හමුවීමට පැමිණි එම 
පිරිසට පවසා ඇත...............................

 16 November 2014

හෙල උරුමය එනතුරු ගිවිසුම කල්යයි!

http://sinhala.lankanewsweb.net/news/14444-2014-11-16-10-11-24



14 November 2014

ජනාධිපතිවරයා ටිරාන්ගේ නිවසට සෝභිත හිමි කැඳවයි!


2014 නොවැම්බර් මස 16
පළාත් පාලන මන්ත්‍රී දීමනා දෙගුණයකින් වැඩි වේ
මහ නගර සභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන්ගේ දීමනා  නොවැම්බරයේ සිට දෙගුණයකින් වැඩි කැර ඇත.
ඒ අනුව නගරාධිපති හා නගර සභාපතිවරුන්ගේ දීමනාව රුපියල් තිස්දහසකි.උප නගරාධිපති හා උප සභාපතිවරුවන්ගේ දීමනාව රුපියල් විසිපන්දහසකි.මහ නගර සභා හා සුළු නගර සභා මන්ත්‍රී දීමනාව විසිදහසකි.මීටපෙර නගරාධිපතිට හා නගර සභාපතිවරුන්ට ගෙවුයේ රුපියල් පහළොස් දහසකි.සභිකයකුගේ දීමනාව රුපියල් හත්දහසකි.
ප්‍රාදේශිය සභාපති දිමනාව රුපියල් විසිපන්දසකි.උප සභාපති දීමනාව රුපියල් විසිදහසකි.මන්ත්‍රී දිමනාව රුපියල් පහළොස් දහසකි. මීටපෙර ප්‍රාදේශීය සභාපතිවරයකුට රුපියල් දස දසහක්ද උප සභාපතිවරයකුට රුපියල් හයදහස් පන්සීයක්ද  මන්ත්‍රීවරයකුට රුපියල් පන්දහසක්ද ලැබිණි.
ශ්‍රී ලංකාවේ  මහනගර සභා 23කි .නගර සභා 41 කි.ප්‍රාදේශිය සභා 271 කි.ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව තුන්දහස ඉක්මවයි.


 Nov 15, 2014

දූෂිත පාලකයා නෙරපන්න අපේ පක්ෂය පෙරමුණ ගන්නවා – සරත් ෆොන්සේකා (VIDEO)




 Nov 15, 2014

‘මම ඉපදුන දා සිට ඕනෑ ම දේකට ලෑස්තියි’ – සජිත් ප්‍රේමදාස (NEWSLINE)



 Nov 14, 2014

මාසෙන් මාසෙට වෙනස් කරන්න ව්‍යවස්ථාව සඟරාවක් නෙවෙයි – ජනපති (VIDEO)



 Nov 13, 2014

අපි ලිහන්න තියෙන මල්ලක් ඔබලා බලමින් ඉන්නේ: මේ මල්ල 19 වෙනකොට ලිහෙයි – උදය ගම්මන්පිල (VIDEO)



 Nov 13, 2014

විවිධ නම් වලින් හඳුන්වපු පාතාලකාරයෝ අද නැහැ – ගෝඨාභය රාජපක්ෂ (VIDEO)



 Nov 13, 2014

ජනපති ධුරයට තෙවනවරට ත් තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියවිල්ල එජාපය ඉල්ලයි (VIDEO)


 Nov 13, 2014

‘ශ්‍රේෂ්ඨාධිකරණ මතය’ ගැන අනුර දිසානායකගේ මතය (Newsline)



 Nov 12, 2014

ආණ්ඩුව හොල්ලන ‘ඒකාධිපති බලතලවලට එරෙහි ජන රැල්ල’ට පාර්ශව රැසක් (PHOTOS)



 Nov 12, 2014

‘ඒකාධිපති බලතලවලට එරෙහි ජන රැල්ල’දී පළ වූ අදහස් (VIDEO)


 Nov 11, 2014

අප රට ලිබියාවක් කිරීමට, ඔබ සුදානම් නොවිය යුතුයි – ජනපති (VIDEO)

2014 නොවැම්බර් මස 12
ජාතික සංවිධාන එකමුතුවේ සහාය මහින්දට
රට ආපස්සට අදින පරගැති  මෙහෙයුම් පරදවමු -යන තේමාව යටතේ ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ විශේෂ ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණ.
ඒ සදහා  බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති,ආචාර්ය මැදගොඩ අභයතිස්ස,මැදගම ධම්මානන්ද,බෙංගමුවේ නාලක,ඉත්තැදෙමලියේ ඉන්ද්‍රසාර යන හිමිවරුද ආචාර්ය ගුණදාස අමරසේකර,ඇමැති විමල් වීරවංශ,මහාචාර්ය උපාලි ජයසේකර ඇතුළු පිරිසක් ද සහභාගී වුහ.
විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂපාතිව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් කථිකයෝ සභාව ඇමැතූහ.
විදේශ කුමන්ත්‍රණ ඇතුළු එන් ජී ඕ නඩ වලට අවශ්‍ය පරිදි  රට මෙහෙයවීමට ඉඩ නොදෙන  බව ඔවුහු කීහ.

 Nov 11, 2014

ජනපති මහින්දට තුන්වරක් පුළුවන් ද? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවේදී හෙළි කරයි


 Nov 11, 2014

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනෙක් ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් ජනපතිට සහය දැක්වීමට එක්වෙති (VIDEO)


2014 නොවැම්බර් මස 11
ජනපතිට තුන්පාරක් පුළුවන්
ඉහළ උසාවිය ජනපතිට දන්වයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාට තවත් වාරයක් ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය බාධාවක් නැතැ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇතැයි සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දස පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභානායකවරයා එම ප්‍රකාශය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3) ඒ (1) (1) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් තවත් වාරයක් තෝරා පත් වීමට, තරග කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති බව තීන්දුවේ සඳහන් වන්යේ යැයි ද සභානායක කීවේය.
එසේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ද, මැතිවරණයක් කැඳවීමට ද අයිතියක් ඇති බව ද එම තීන්දුවේ සඳහන් බව ඇමැතිවරයා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වරක් තරග කළ නොහැකි බවට කවරකුට හෝ සැකයක් සංකාවක් තිබුණා නම් ඒ සියල්ල දුරු කර නිර්භයව ඕනෑම වේලාවක මැතිවරණයකට ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි බව ද සභානායකවරයා කීවේය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දී ඇති බලතල අනුව මෙය කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කැරුණු තීන්දුවේ පැහැදිලිව සඳහන් බව ද හෙතෙම කීවේය.
මේ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වැනි වාරයටත් ජනාධිපතිවරණයට තරග කළ හැකි බවට යහපත් තීන්දුවක් දී ඇතැයි සභා නායකවරයා පැවසීය

 Nov 11, 201

ජනපතිට තුන් වරක් පුළුවන්දැයි කළ විමසුමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුර අරලිය ගහ මන්දිරයට


Nov 10, 2014

තෙවැනි ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය ලබා දීමට ජනපති දුන් කාලය අදින් අවසන්



 Nov 10, 2014

ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් පොදු අපේක්ෂකුයෙකු ඉදිරිපත් කරයිද? විපක්ෂයේ තීරණාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාව (VIDEO)


2014 නොවැම්බර් මස 10
ඉහළ උසාවියෙන් උත්තර නෑ‘
තෙවැනි වරටත් ජනපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි    මහින්ද රාජපක්ෂ ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ ප්‍රශ්නය විවෘත අධිකරණයේ විභාගයට ගන්නා  ද, තමන්ට උත්තර බැඳීමට ප්‍රමාණවත් කාලයක්   දෙන ලෙස ද ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට භාර දුන් ලිපියට මෙතක් පිළිතුරක් නොලැබුණු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

2014 නොවැම්බර් මස 10
‘පොදු අපේක්ෂක සූදානම්‘
‘හය මාසෙන් මැති සබේට බලය‘
ජනාධිපති ධුරයට තේරී පත්වී හය මාසයක් යන්නට පෙර පාර්ලිමේන්තුවට බලතල පවරන, සියලු දෙනාටම පිළි ගත හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, පක්ෂ, ආගම්, කුල බේද නොතකා  ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට එකතු වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බවත් සාධාරණ හෙටක් සඳහා සංවිධානයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.
විපක්ෂ නායක රනිල් වික්‍රම සිංහ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා,  අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, අසාද් සාලි මහත්වරු ඇතුළු පිරිසක් ද එම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
මාධ්‍ය සාකච්ඡාවේ දී දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්...


2014 නොවැම්බර් මස 10
ජනපතිට පුළුවන්ද බැරිද? :තීන්දුව අරලියගහ මැඳුරට
මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනිවරටත් තරග කළ හැකිද නැද්ද පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව  අද සවස අරලියගහ මන්දිරයට යැවීය.
පක්ෂව හා විපක්ෂව ලිඛිත දේශන 38 ක් ගොනු කැර තිබිණි.මොහාන් පීරිස් අගවිනිසුරු ,කේ ශ්‍රී පවාන්,චන්ද්‍රා ඒකනායක,ප්‍රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර,රෝහීණි මාරසිංහ,බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෘ,සරත් ද ආබෘ හා ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දස දෙනා හමුවේ මහින්ද රාජපක්ෂ ජනපති විසින් ඉදිරිපත් කැරුණු ප්‍රශ්නය සලකා බැලිණි.
විනිසුරු මඩුල්ලට නොසිටියේ විදෙස්ගත වු සලීම් මර්ෂුක් විනිසුරු පමණි.
අගමැති දිමු ජයරත්න ,ගෝමීන් දයාසිරි ,ක්ෂණිකා හිරිඹුරේගම,ජේ සී වැලිඅමුණ,මහාචාර්ය සුදන්ත ලියනගේ,මහාචාර්ය සම්පත් බණ්ඩාර අමරතුංග ,ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු,සුනිල් වටගල ,මාධ්‍යවේදී කේ.ඩබ්ලිව් ජනරංජන, ආචාර්ය එන් එල් කේ කරුණාරත්න  ලිඛිත දේශන කළ 38 දෙනා අතර වුහ


Nov 10, 2014

 ‘වෙනසක්’ සඳහා රනිල්, සරත්, සෝභිත හිමි ඇතුළු විශාල පිරිසක් එක්වෙති

පක්ෂයේ දේශපාලන නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් මේ වන විට පිටකෝට්ටේදී මාධ්‍ය හමුවක් පැවැත්වේ.
මෙම මාධ්‍ය හමුවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමග විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග සහ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි යන මහත්වරුන් පිරිසක් එක්ව සිටිති.
මෙම සියලු පාර්ශව එක්ව සිටිනුයේ, ‘වෙනසක් සඳහා එක්වෙමු’ යන තේමාව ඔස්සේ ය.
 Nov 10, 2014
ජනපති මහින්දට තුන්වරක් පුළුවන් ද? ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද
http://newsfirst.lk/sinhala/2014/11/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4/

 Nov 09, 2014

තුන්වැනි ධුර කාලය ගැන අධිකරණයෙන් විමසීමේ සිද්ධියට එජාපය සම්බන්ධ වෙන්නේ නැහැ – රනිල් (VIDEO)


කවුරුහරි අපේක්ෂකයෙක්ට තරග කරන්න බැරි නම් ඒකට විරුද්ධත්වයක් තියෙනවා නම් ඉස්සල්ලාම ඒක ප්‍රකාශ කරන්න ඕනේ නාමයෝජනා භාර දුන්නාම. නාමයෝජනා භාරදුන්නායින් පස්සේ හැම නීතියේම පැයක් දීලා තියෙනවා විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒ විරෝධතාවයේ තීරණය දෙන්න ඕනේ මැතිවරණ කොමසාරිස් තුමා. මැතිවරණ කොමසාරිස්තුමා ඒ තීරණය දුන්නායින් පස්සේ ඒක පිළිගන්න බැරි නම් උසාවියට යන්න තියෙන්න ඕනේ. එහෙනම් මැතිවරණ කොමසාරිස්ට මේ පිළිබඳව, එහෙම නැත්තන් වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳව ස්වාධීන තීරණයක් අරගන්ට අවස්ථාව තියෙන්න ඕනේ. ඒ අවස්ථාව නැතිවෙනවා මේක උසාවියට දුන්නාම. ඒ නිසා ඒ මැතිවරණ කොමසාරිස්ගේ ස්වාධීන යුතුකමට මේකෙන් පහර ගහනවා. ඒ වගේම මේ කරන උපදේශක අධිකරණ බලය යොදවන්න පොදු වැදගත්කමක් නැති නිසා එක්සත් ජාතික පක්ෂය මේ දැන් ඉදිරිපත් කරලා තියෙන සම්බන්ධ වෙන්නේ නෑ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. 18 වැනි සංශෝධනය සිදු කරද්දි විශාල අඩුපාඩු සිදුවෙලා තිබෙනවා. නීතීය ගෙනාවේ නම් ජනාධිපිවරයාට තුන්වැනි වාරයක් දෙන්න. ඇත්ත වශයෙන්ම නීතියෙන් ඒ ඒ වාරේ නැතිවෙලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් අහන්න තියෙනවා මේ ගැන හොයලා බලලා කවුද වග කියන්නේ කියලා.  මේක සම්මත කරගන්න තුනෙන් දෙකක් තිබුන් නෑ. විරුද්ධ පක්ෂයේ ඉන්න අය ඇදගෙන මේ සම්මත කරලා තියෙන්නේ   විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ පැත්තට අරගත්ත අරගත්ත එකේ විපාකේ විදින්න සිද්ධ වෙලා තියෙනවා ජනාධිපතිතුමාට...........

2014 නොවැම්බර් මස 07
නම් හතරක් පොදු අපේක්ෂක ලැයිස්තුවට?
සෝභිත හිමි,චන්ද්‍රිකා,රනිල් හා කරුගේ නම් සාකච්ඡා වේ

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයෙන්  ලබන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජනපතිවරණයට දින නියම කළ පසු ප්‍රකාශයට පත් කරන බව එහි සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති.
තම වැඩපිළිවෙළට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණද එකඟත්වයක් ගොඩ නැගෙන ලකුණු ඇතැයි ද ඒ හිමියෝ කියති.
සෝභිත හිමි ,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,රනිල් වික්‍රමසිංහ හා කරු ජයසුරීය යන සිව් දෙනාගෙන් කෙනකු බොහෝ දුරට පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීමේ ඉඩකඩ ඇතැයි ද ඒ සඳහා යළි රැස්වීමක් ලබන10 වැනිදා පැවැත්වීමට නියමිත යැයිද දැනගන්නට ඇත.
 Nov 05, 201

 තුන් වරක් පුළුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි


2014 නොවැම්බර් මස 06

‘උසාවි යන්න ජනපතිට බෑ’ ජවිපෙ නායක

‘ජනාධිපතිධූරයට යළි තරග කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තියෙනවා. එහෙම විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නෑ.”
අද බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
‘‘මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නුසුදුස්සෙක් වෙලා තියෙනවා. මේක පුද්ගලික ප්‍රශ්නයක්. 18 වැනි සංශෝධනය මඟින්වත් ඔහුට යළි තරඟකරන්න සුදුසුකම ලැබි නෑ. ඒක පොදු වැදගත්කමකින් යුතු කරුණක් නොවෙයි. ඒක නිසා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ.
පසුගිය කාලය පුරාම රාජපක්ෂ පාලනය ඔවුන්ට අවශ්‍ය විදියට ලංකාවේ අධිකරණ පද්ධතියට බලපෑම් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණයට අද විශාල වගකිමක් තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන  නැවතීමට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.
අපි ජනතා විමුක්ති පෙරමුණ  හැටියට නීතිඥ සංගමයත් සමග සාකච්ඡා කරනවා රාජපක්ෂ පාලනයේ නීති විරෝධී ක්‍රියාදාම නැවැත්වීමට. මේ රාජපක්ෂ රෙජිමයේ නීති විරෝධී ගමන පරාජය කිරීමට සියලු දෙනාට එකතුවන්න යැයි ආරාධනා කරනවා.”
2014 නොවැම්බර් මස 05
තුන් පාරක් පුළුවන්ද?
ජනපති උසාවි මතය විමසයි

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි  සංශෝධනය අනුව තමාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාවක් ඇත්දැයි මහින්ද රාජපක්ෂ ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ලබන සිකුරාදා පස්වරු තුනට පෙර ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස සියලු සාමාජිකයනට දන්වන්නැයි සත් පුද්ගල විනිසුරුමඩුල්ලක් අද ශ්‍රී ලංකා නීතීඥ සංගමයට දැනුම් දුන්නේය.
නොවැම්බර 10 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිට යැවීමට නියමිතය.
 Nov 02, 2014

”යම් වරදක් වුණොත් පොලිස් රාළහාමිගෙ පින්තූරෙ ෆේස්බුක් එකේ වැටෙනවා” – ජනපති (VIDEO)

මාතෘ භූමිය තුළ යළි කිසිදු ත්‍රස්තවාදී වැඩපිළිවෙළකට ඉඩක් නැහැ – ජනපති
‘නිසි කලට පෙර ජනපතිවරණයක් එපා‘
ජවිපෙ මැකෝට කියයි
2014 ඔක්තෝබර් මස 23 12:09:29 | තරිඳු ජයවර්ධන , වීඩියෝ සනත් ඩෙස්මන්


ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති නිසා ඉක්මන් ජනාධිපතිවරණයක් නොපවත්වන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ  අද මැතිවරණ කොමසාරිස්ට ලිපියක් බාර දුන්නේය.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වත්මන් ජනපතිගේ නුසුදුසුකම ඉවත් කර නැතැයි ද ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ සඳහන්ය.
මෙම අවස්ථාවට ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී මහත්වරු ද පැමිණ සිටියහ.
යහපාලනය සඳහා වන පුරවැසි සංවිධානයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
2014 ඔක්තෝබර් මස 22 1
යහ පාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරය ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ මුල් කොටස සම්පාදනය කර අවසන් බව සිමොග් සභාපති ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා කියයි.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීමට හේතුවූ පසුබිම එහි සඳහන් කර තිබේ. එහි මෙසේ ද සඳහන් වේ.
‘මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනතාවගේ බලයේ අංගෝපාංග බොහොමයක් දේශපාලකයන්ට තමන් උදෙසා ඩැහැ ගැනීමට හැකියාව ලබා දී තිබේ. ඔවුහු වරක් තේරීපත්වූ පසු ජනතාවගේ වියපැහැදමෙන් ඔවුන් ද, ඔවුන්ගේ ඥාතීන්, මිතුරන් හා ආධාරකරුවන් ද පොහොසත් කිරීම සඳහා ඔවුන්ගේ බලය ප්‍රයෝජනයට ගැනීමට නීත්‍යනුකූල හා නීති විරෝධී යන මාධ්‍යයන් දෙකම භාවිත කිරීමට පසුබට නොවෙති.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදාක රාජ්‍ය හා පෞද්ගලික වත්කම් මංකොල්ලකන, අයථා ලෙස පරිහරණය කරන හා රාජ්‍ය සම්පත් නාස්තිකරන, ඥාති සංග්‍රහවාදයේ යෙදෙන, අපරාධ මුදල් එකතු කරන, ප්‍රතිපාක්ෂිකයන්ට හිංසනයට ඉඩ සලසන, මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් යැපෙන හෝ ලිංගික දූෂණයෙහි හා වෙනත් අපරාධවල යෙදෙනවුන් ඉවත් කිරීමේ විධි විධාන තිබී නැත.
එහෙන් මෙහෙන් කෑලි කෑලි ‘කපා අලවන‘ අභ්‍යාසයක නිරත වීමෙන් නිවැරදි කළ නොහැකි අපේ අතීත හා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මූලික දෝෂ හතරක් තුළ මේ ස්වභාවයේ කටයුතු හඳුනා ගත හැකිය.
එහෙයින් මෙහි ඉදිරිපත් කරනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරනු ලැබ ඇත්තේ ඒ සා දිගු කාලයක් පුරා රටේ මූලික නීතියට හිරිහැරයක්ව තිබෙන අඩුපාඩුවලින් තොර වන සේ පළමු මූලධර්මයන්ගේ සිට ය.‘
  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත  ගැන  දීර්ඝ හැදින්වීමක්  ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා සටහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු කොටස පරිච්ඡේද අටකින් සමන්විතය.
පුරවැසි කමිටු සාමාජිකයකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු, දිස්ත්‍රික් සභා මන්ත්‍රීවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම සඳහා තමා විසින්ම පිරවිය යුතු අයදුම්පත් ද එම කෙටුම්පතේ අමුණුම්වලට ඇතුළත්ව තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා එවා ඇති ලිපියේ සිංහල පරිවර්ථන පහත දැක්වේ.


උපන් බිමේ අයිතිය නැති කරන්න බෑ‘
කුමාර් ගුණරත්නම් කියයි (වීඩියෝ සහිතයි)
2014 ඔක්තෝබර් මස 17 
http://www.lankadeepa.lk/index.php/articles/269861

බලහත්කාරයෙන් ලංකාවෙන් පිටුවහල් කැරුණු තමා, අවස්ථාවක් ලද වහාම ලංකාවට ඒමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, ලංකාවේ ඉපදුණු තමාගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය අහිමිවීමට හේතුවක් නැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා අයිතියක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයකු වන මුදලිගේ නොයෙල් හෙවත් කුමාර් ගුණරත්නම් මහතා කියයි.
කැනඩාවේ සිට ඔහු එලෙස කීවේ ලංකාදීප එසැණ සමඟ ස්කයිප් ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමිනි.

රතන හිමිගෙන් අලුත් ව්‍යවස්ථාවක්
2014 ඔක්තෝබර් මස 14
පිවිතුරු හෙටක් ජාතික සංවිධානයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළහ.
හිටපු අගවිනිසුරු සරත් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් එම කෙටුම්පත සකස් කැරිණි.
මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  හා ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැති ඩී යූ ගුණසේකර ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.
ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනපතිවරණයක් කැඳවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති  ක්‍රියා කළ හොත් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ කීහ.
සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ පැවසූහ...........

‘‘ඊළම දෙන්නෙ නෑ” ජනපති උතුරේදී කියයි
2014 ඔක්තෝබර් මස 12 13:39:12 |
.
ඇතැම් පිරිස් , ඇතැම් සංවිධාන ඊළමක් ඉල්ලනවා, රට බෙදන්න කියනවා. දෙමළ ජාතික සංධානයත් ඊට උදව් කරනවා. දෙමළ ඩයස් පෝරාවත් රටින් කෑල්ලක් කඩා ගන්න හදනවා. ඒ ඊළාම් ඉල්ලීම් නතර කළොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මුලින්ම කැමති වෙන පුද්ගලයා මමයි. නිකන් කතා කරන බොහෝ දෙනා අකමැති බව මා දන්නවා. මෑතදී ඊළමට ආවඩන ඩයස්පෝරාවේ බ්‍රිතාන්‍යය, ඇමරිකාව හා යුරෝපයේ සිටින කණ්ඩායම් වෙනම රාජ්‍යයක් සඳහා පිඹුරුපත් හැදූ බව ආරංචියි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ඔවුන් හමුවීමට ගිහින් ආ බව ආරංචියි.
‘‘ඊළමක් හෙවත් වෙනම රාජ්‍යයක් අපි ඉල්ලන්නේ නැහැ. උතුරේ ඇතැම් පිරිස් ඊළමක් ඉල්ලනවා. ඊළමක් ඉල්ලීම නතර කළහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සලකා බැලිය හැකියි.” ජනපති පිළිගැනීමට මහ සෙනගක් පැමිණ සිටියහ. අඩු ගණනේ 20,000 ක් පමණ ප්‍රධාන උත්සවයට පැමිණි බව වාර්තාවේ.‘‘ඊළම දෙන්නෙත් නැහැ. රට බෙදන්න දෙන්නෙත් නැහැ.”
‘පොදු අපේක්ෂකයා මමයි : තෙවැනි වරත් දිනනවා‘
ජනාධිපති පොල්ගහවෙල දී කියයි
2014 ඔක්තෝබර් මස 11 19:09:13 | .
http://www.lankadeepa.lk/index.php/articles/268442