Nov 28, 2014

27 Nov 2014 

Mahinda Rajapaksa vs. The Rest


It all began with the stars. It was apt therefore that less than 24 hours after President Mahinda Rajapaksa declared he would be seeking a third term in office two years ahead of schedule, certain celestial bodies began to wreak all manner of mischief inside his ruling party.
Believers in astrology put last week’s political dramas down to the influence of the planet Saturn, the ‘Great Malefic’ of the astrological firmament. There was a major movement of the planet on 2 November 2014, which astrologers say could result in sudden deaths, bad luck and punishing circumstances. The planet is known to be the great obstructer, moving slowly during transition, slowing momentum and making courage falter in the physical realm. Saturn is the punishing father, the grim reaper and the consummate mischief-maker, creator of controversy and abrupt change in the mortal realm.

Mischief-managed 
Those dwelling in the realms of reason may conclude that the Rajapaksa administration is simply sowing what it has reaped for nine long years. He sowed these seeds when he consistently sidelined and ill-treated senior members of the Sri Lanka Freedom Party over two successive terms in office. He set the stage for this political drama when he repeatedly undermined them and never heeded their counsel.
And when he repeatedly and determinedly sought the support of the more radical and fringe elements – those with much less electoral clout and a highly destructive influence – within his ruling alliance.
For years the disillusionment had been simmering and the highest officials in the regime have known it. Over the years it has used band-aids to cover the wound. But President Rajapaksa, safely ensconced inside a bubble about his own glorious rule, surrounded by sycophants that refuse to bore him with political realities, had in fact been clueless about the depths of the discontentment within his own party. There is no greater indication of this than the fact that his administration, cautious to a fault when it comes to maintaining its edge in political power games, took no precautions to pacify ruling party members before proclaiming the election.
http://www.ft.lk/2014/11/27/mahinda-rajapaksa-vs-the-rest/
27 Nov 2014 - UNP

මේ ජනාධිපතිවරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අත්තනෝමතිකත්වය අතර සටනක් - එජාප

unp logo

‘මේ ජනාධිපති තරගය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අත්තනෝමතිකත්වය අතර සටනකි. යහපාලනය සහ දූෂණය අතර සටනකි. නීතියේ ආධිපත්‍යය සහ දණ්ඩමුක්තිය හෙවත් නීතියෙන් ගැලවී අපරාධ කිරීමට ඇති අයිතිය අතර සටනක් ' යනුවෙන් එක්සත් ජාතික පක්ෂය පවසයි.
එජාපය මේ බව පැවසුවේ අද (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එසේම එම පක්ෂය වැඩිදුරටත් පවසා සිටියේ ‘2015 දී එළැඹෙන ජනාධිපතිවරණය ඓතිහාසික වශයෙන් තීරණාත්මක සටනක් වන බව, හඳහන්වල නොව, මේ රටේ යහපත් සහ යුක්ති ගරුක ජනතා සිත්සතන්වල බොහෝ කාලයක් තිස්සේ ලියැවී තිබුනු' බවයි.
එම මාධ්‍ය නිවේදනය පහතින් පලවේ.
27 Nov 2014 -  Left

මෛත්‍රී, චන්ද්‍රිකා හදන්නේ තමන්ගෙ වේදනාවන්ට පිළිතුරක් හොයා ගන්නයි


dhuminda-nagamuwa-1127

පෙරටුගාමී සමාජවාදි පක්ෂය, නව සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදි පක්ෂය සමඟ තවත් පක්ෂ හා කණ්ඩායක ‍රැසකගේ එකඟතාවයෙන් ගොඩ නැගුණු වමේ පෙරමුණකින් පොදු අපෙක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා තීරණය කර ඇතැයි අද එම පක්ෂ කිහිපයක් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළේය.
මෙහිදී වමේ පොදු අපේක්ෂකයා ලෙසා දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
27 Nov 2014 - Bodu Balaya

බොදුබලය ජනපති මහින්දට සහාය දෙයි 

බොදුබලය ජනපති මහින්දට සහාය දෙයි 


ඉදිරි ජනපතිවරණයේදී බොදු බල සේනා සංචිධානයේ සහාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානය මේ බව ප්‍රකාශ කර තිබේ.
පොදු අපේක්ෂක පරාජය කිරීමට රට පුරා යන බවත් එසේම මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවතත් ආණ්ඩුවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් එම සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියෝ පැවසූහ.
අප මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ දිනාගත් යුද ජයග්‍රහණය පරාජය කිරීමට කුමන්ත්‍රණයත් පවතින බවත් ඒ හේතුවෙන් දිනූ ජය රැකීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බවත්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයක වේදිකාවකට තමන් සහභාගී නොවන බවත් නමුත් රටට එරෙහි කුමන්ත්‍රණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට බොදුබල සේනා සංවිධානය සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

27 Nov 2014 ....Ranil

මෛත්‍රීට රට බාරදීලා මහ මැතිවරණයට අපි ඉල්ලන්නේ අලියගෙන්

ranil-sirikotha
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය අනුව අලූත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව තිබෙනවා. එවිට ඒ ඒ දේශපාලන පක්‍ෂවලට සිය අනන්‍යතාවය යටතේ ඒ මැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව සහ අවස්ථාව තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂය ලෙස අප ඒ මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ ස්වාධීනව තරග කරනවා. ඒ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයට බහුතර ආසන ප්‍රමාණයක් ලබාදී ජයග්‍රහණය කරවීමට මම ඇපකැප වනවා. යනුවෙන්  විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි............
27 Nov 2014  .MS
මහත්මා ගාන්ධි සහ නෙල්සන් මැන්ඩෙලාගේ
දර්ශන මාගේ ප්‍රතිපත්ති බවට පත්කර ගන්නවා
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන

සියලු දෙනා එකතුවී සිටින්නේ රාජපක්‍ෂ රෙජීමය
පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමටයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ

අපේ රටේ තැලෙන පෙළෙන පොඩි
මිනිහා දිනවන්න කටයුතු කරවනවා
සජිත් ප්‍රේමදාස
http://www.divaina.com/2014/11/27/news36.html

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන සහ එජාප නායක හා ජාතික නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඊයේ (26දා) සිරිකොතදී හමුවීමෙන් පසුව එජාප ආසන සංවිධායකවරු දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ එජාප නියෝජිතයන් ඇමතූ අයුරු හා එම අවස්‌ථාවට පැමිණි පිරිසෙන් කොටසක්‌.

මහත්මා ගාන්ධි දර්ශනය සහ නෙල්සන් මැන්ඩෙලා දර්ශනය තම ප්‍රතිපත්ති බවට පත් කර ගන්නා බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොතදී ඊයේ (26 දා) පැවැසීය.

එජාප නායකයන්, ආසන සංවිධායකයන්, දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන්, හමු වූ අවස්‌ථාවේ පැවැති උත්සවයේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා - 

මේ රටේ දේශපාලනයේ ඓතිහාසික තීන්දුවක්‌ ගත් අවස්‌ථාවක්‌ මේක. එජාපය නමැති මේ රටේ කීර්තිමත් දේශපාලන පක්‍ෂයේ මූලස්‌ථානයට මේ රටේ කීර්තිමත් ශ්‍රීලනිපයේ මහා ලේකම්වරයා එක්‌කරගෙන ඇවිත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා ලෙස පත් කරන්නට කටයුතු කරන්නට පක්‍ෂයේ නායකයාගේ සිට සියලු පාක්‍ෂිකයා දක්‌වා මට ලබා දුන් ශක්‌තියට මා ස්‌තුතිවන්ත වෙනවා.............



27 Nov 2014  - EC
ජනාධිපතිවරණය නිම වන තෙක්‌
බඳවාගැනීම්, උසස්‌වීම් තහනම්

ජනාධිපතිවරණය අවසන් වන තෙක්‌ රාජ්‍ය ආයතනයන්හි කිසිදු ආකාරයක බඳවා ගැනීම්, පත්වීම් හා උසස්‌වීම් සිදු කිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විශේෂ චක්‍රලේඛයකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ විධිමත් ලෙස සිදුකරන බඳවා ගැනීම්, පත්වීම්. උසස්‌වීම් හා මාරුකිරීම් මීට අදාළ නොවන බවද ඒ මහතා දැනුම් දී ඇත.
26 Nov 2014    BASL

Ready to take legal action against illegal activities in run-up to election: BASL