Nov 25, 2014

24 Nov 2014     JHU

කොටියා පෙන්නලා මුවෝ මරන්න දෙන්න බෑ. බොරු දේශප්‍රේමීන්ට චම්පිකගෙන් උත්තරයක්

යළි බෙදුම්වාදයට මේ රට කැන්දාගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කරන බවට විමල් වීරවංශ ප්‍රමුඛව රෙජීමයට පක්ෂපාත කොටස් ගෙන යන විසුළුකාරී ප්‍රකාශයට උත්තරයක් දෙමින් පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව ඇති බවත් එය යුධ අපරාධ චෝදනාවලට මුවාවෙලා යටපත් කරන්න ඉඩ නොදියයුතු බවත් හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
 'ඒක කොටියො පෙන්නල මුවෝ මරනව වගේ වැඩක්. ඒ නිසා අපි මේ දෙක දෙකක් ලෙස සැලකිය යුතුයි. අපි ජනතාවට ප්‍රකාශ කරනව ව්‍යාජ ප්‍රචාරවලටල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ විදේශගත බලවේගවල ප්‍රචාරවලට අපි හසුවිය යුතු නෑ. අපි බොහොම පැහැදිලිව මේ රටේ ඒකීය භාවයත්, මේ රටේ භෞමික අඛණ්ඩතාවයත්, රණවිරුවන්ගේ අයිතියත් වෙනුවෙන් එදත් පෙනී සිටිය. අදත් පෙනී ඉන්නව. ව්‍යාජ බලවේග කුමක් කීවත් මේ කටයුත්ත අභීතව ඉටුකළේ ජාතික හෙළ උරුමය. ඉදිරියටත් අභීතව ඒ කටයුතු අපි ඉටු කරනව.' යනුවෙන්ද ඔහු පැවැසීය.

අද (24) කොළඹ, කොටුව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට එක්වෙමින් රණවක මහතා මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

24 Nov 2014 - JVP

video: ඒකාධිපති පාලනයට එරෙහිව පුළුල්ම මැදිහත්වීම කරනවා

කාධිපති පාලනය පැරදවීම වෙනුවෙන් ගොඩනගන පුළුල්තම මැදිහත්වීම සිදුකිරීමටත් එය ජනාධිපතිවරණය පවත්වන දිනයෙන් අවසන් නොවන එයින් ඔබ්බට යන පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම දක්වාත් ඉන් දිරියට සිදුකරන ජනතා පෙලගැස්මක් දක්වා කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ වත්මන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ක්‍රියාකාරීත්වය පැහැදිළිකරමින් අද (24) පෙරවරුවේ පැවති මාධය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා පැවසීය.
බත්තර මුල්ල පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැමති එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතාද සහභාගී වූ අතර තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා...
"දැන් ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා. මේ ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධීනීති විරෝධී එකක් විදියටයි අපි සලකන්නේ. ව්‍යවස්ථාව අනුව රාජපක්‍ෂ මහතාට යළි කිසිදු දිනෙක ජනාධිපතිවරණයකට තරඟ කරන්න බැහැ. ඒ වගේම ඔහුගේ දෙවන ධුර කාලයට වසර 4ක් පිරුණු පසුව ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි බවත් ව්‍යවස්ථානුකූලව පැහැදිළියි. නමුත් මහින්ද රාජපක්‍ෂ උපක්‍රමශීලීවඉතාම සටකපට ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් ලබාගෙන තිබෙනවා. ඒ මතය කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ.
අපි හඳුනාගන්නා ලෙස අපේ රට ප‍්‍රධාන අර්බුද 5ක ගිලී තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස පිළිබඳ ප‍්‍රශ්නය පළමුව මතුවී තිබෙනවා. දෙවනුව ආර්ථිකයේ මහා කඩාවැටීමක් මතුවී තිබෙනවා. ආර්ථිකයේ අත්පත්කරගන්නා ප‍්‍රතිලාභ ජනතාව අතරට සාධාරණව නොයෑමේ තත්වයක් මතුවී තිබෙනවා. ඒ නිසා බොහෝ ජන කණ්ඩායම් අධ්‍යාපනයේදීසෞඛ්‍යයේදී එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේදී මහා විෂමතාවයකට ලක්ව තිබෙනවා. විශාල ජනතාවකගේ ජීවිත අර්බුදයකට ලක්ව තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ සමානාත්මතාවය වෙනුවෙන් අපට මැදිහත්වීමට සිදුවී තිබෙනවා. සිව්වනුව අපේ රටේ සිංහල,දෙමළමුස්ලිම්බර්ගර්මැලේ ජන කොට්ඨාශ අතර සහජීවනය ගොනැගිය යුතුව තිබෙනවා. විශාල වශයෙන් ඉහවහා ගිය වංචාවදූෂණය පිටුදැක යහපාලනය උදෙසා වූ අරගලයක් සඳහා මැදිහත්විය යුතුව තිබෙනවා. අවසාන වශයෙන් ජාත්‍යන්තරව මහා හුදකලා තත්වයකට පත්කර තිබෙන රට මුදවා ගත යුතුව තිබෙනවා. වෙනදාට වඩා ලෝකය සමීප වී තිබියදී ඒ සමීප ලෝකය ඇතුලේ අපේ මාතෘභූමිය හුදකලා වීමේ අනතුරකට ලක්ව තිබෙනවා. රාජපක්‍ෂ පාලනයේ දස වසරකට ආසන්න කාලය ඇතුළත පෙන්නුම් කරමින් තිබෙන්නේ අපේ රටේ ක්ෂේත‍්‍ර ගණනාවක් අර්බුදයකට ඇදදමා තිබෙන බවයි.
24 Nov 2014 - රනිල් වික්‍රමසිංහ
මෛත්‍රීපාල ජයග්‍රහණය කරවා යහපත් රටක්‌ බිහිකරමු
එජාප නායක රනිල් වික්‍රමසිංහ කෑගල්ලේදී කියයි

මේක මහරජාණන්ට අයිති රටක්‌ නොවෙයි. සියලු ශ්‍රී ලාංකීය ජනතාවගේ රටක්‌. විනාශය කරා ගෙන යන රට මුදවා ගන්නට අද සියලු විපක්‍ෂයේ බහුතර බලවේග එකමුතුවෙලා තිබෙනවා. ඒ සටනට අවතීරණවීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්‌තුති කරනවා. පොදු අපේක්‍ෂකයා හැටියට එතුමා ජයග්‍රහණය කරවා මේ රට තුළ නව දේශපාලන සංස්‌කෘතියක්‌, දියුණු සංවර්ධිත දේශයක්‌ ගොඩනංවන්නට ක්‍රියාකරමු. කෝටි 500 ක්‌ පමණ වියදම් කර මට විරුද්ධව මඩ පෝස්‌ටර් මුද්‍රණය කළා. ඒවා අලවන්නේ නැතිව ළඟින්ම තියාගන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යයි එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22දා) කෑගල්ල ගලිගමුවේදී පැවැසීය.

එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් ශෂීම් මහතාගේ මූලිකත්වයෙන් පැවැති කෑගල්ල දිස්‌ත්‍රික්‌ එජාප බල මණ්‌ඩල රැස්‌වීම අමතා වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද පැවැසීය..............
http://www.divaina.com/2014/11/24/news27.html
24 Nov 2014 -ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
අප පඹයෝ කරන්න පිටරටට ඉඩදෙන්නේ නෑ...
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අරාබි වසන්තය ආකාරයට අප රට සෙලවිය නොහැකි බවත් වෙනත් කිසිදු රටකට අප රට පාලනය කිරීමට හෝ අපිව පඹයින් කරන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
රුපියල් බිලියන දහයක වියදමින් ඉදිකරන ලද දැදුරුඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22 දා) එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
මෙම ඓතිහාසික අවස්‌ථාව දැක බලාගැනීමට අතිවිශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.
ජනාධිපතිවරයා මෙසේද කීවේය.
අද අපේ රටේ වාරි ඉතිහාසයේ තවත් ඓතිහාසික අවස්‌ථාවකට අපි අද සම්බන්ධ වුණා. වයඹ ජනතාවගේ පරම්පරා ගණනක තිබූ ප්‍රාර්ථනාවක්‌ ඉටුවුණා මේ දැදුරු ඔය ජලාශයේ මංගල දියවර නිකුත් කරන අවස්‌ථාව දැක ගන්න. දැදුරු ඔය වැඩ ආරම්භ කරලා කියලා අපි දැනගත්තේ එදා කථානායකතුමාගේ වාහනය වටකරලා කියලා දැනගත්තු වෙලාවේ.

හොඳ වැඩක්‌ කරන කොට මුලින්ම එන්නේ විරෝධය. කොළඹ ගෙවල් හදන කොටත් අපිට මුලින්ම ආවේ විරෝධයක්‌. අරහේ, මෙහේ අරන් යන්න හදනවා, මේක බොරු වැඩ, නොකෙරෙන වැඩ කියලා විරෝධය පෑවා. අපිට මෙතැන විරෝධය පිළිබඳව ආරංචි වුණාම අපි ඒ ගැන සොයා බැලුවා. ඒවා ක්‍රියාත්මක කළේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ මගින්. ඒ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ලැබෙන්නේ කුමන තානාපති කාර්යාලයෙන්ද කියලා අපි දන්නේ නැහැ.

නමුත් ඒවාට අපි පළිගන්න අය නොවෙයි. අපි පළිගැනීමේ දේශපාලනය පැත්තකට දමා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි භාරගන්න කොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 58 ක්‌ හිටපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අද 127 ක්‌ ඉන්නවා. දැන් කීප දෙනෙක්‌ ගිහින් හිටියත් පාර්ලිමේන්තුවේ 161 දෙනෙක්‌ අපේ සන්ධානයේ තබාගන්න හැකිවුණේ අපි මිනිසුන්ට අපහාස නොකළ නිසා. මිනිසුන්ගෙන් පළිනොගත් නිසා...........
http://www.divaina.com/2014/11/24/news26.html


ජනපති සුරතින් සඳ හිරු සෑයේ
සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරේ
සඳහිරු සෑයේ ධාතු තැන්පත් කරද්දී
දශක තුනක කාලයක්‌ අප මාතෘභූමිය වෙලාගෙන සිටි ත්‍රස්‌තවාදයේ භීෂණය නිමාකොට සිරිලක්‌ දෙරණේ සාමය ස්‌ථාපිත කිරීම සනිටුහන් කිරීම පිණිස ඓතිහාසික අනුරාධපුර පුණ්‍යභූමියේ කුරුණෑගල මංසන්ධියේ හමුදා රණවිරුවන්ගේ ශ්‍රමයෙන් ඉදිවෙන ස්‌වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේට පමණක්‌ දෙවැනි වූ සඳහිරුසෑයේ ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ තැන්පත් කිරීම ඊයේ (23 දා) පෙරවරු 9.30 ට සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදුවිය.....................


24 Nov 2014 - JVP
ජනාධිපතිවරණය නීති විරෝධීයි
අපේ විරෝධය ඊට එරෙහිවයි


ප්‍ර. ජනාධිපතිවරණය දැන් ප්‍රකාශයට පත් කරල තියෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණ මොකද කරන්න යන්නේ? 

පි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරල තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ ගැන මතය විමසීමෙන් පසුවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය අපි දන්නේ නැහැ. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් දහදෙනාම ජනාධිපතිවරයාට තවත් වරක්‌ ජනාධිපති ධූරයට ඉදිරිපත්වීම සඳහා නීතියෙන් බාධාවක්‌ නැති බවට ප්‍රකාශ කොට තිබෙන බව. එහෙත් ඔහු එම තීරණයෙන් කොටසක්‌ කියවූවා මිස සම්පූර්ණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ඒ වුණාට අපි කියන්නේ ජනාධිපතිවරයාට තවත් වරක්‌ ඉදිරිපත් විය නොහැකි බවයි. එය ව්‍යවස්‌ථාවට පටහැනි ක්‍රියාමාර්ගයක්‌ හැටියටයි අපි දකින්නේ...........
http://www.divaina.com/2014/11/24/feature01.html