Gamini Viyangoda

04 Jan 2014
ඔබ රජෙකි – අප ඔබ හිටපු රජකු කරන්නේ ඒ නිසාය
- ලියනගේ අමරකීර්ති   (ඉදිරිය පුවත්පත ජනවාරි 4)

වර්තමාන ජනාධිපතිවරයා රජෙකු ලෙස නම් කිරීම ආරම්භ කළේ මෙරට සිටින ඊනියා කලාකරුවන් විසිනි.සහේලි ගමගේ නම් ගායිකාවක් මතුව මහරාජණෙනියි ගැයුවාය. වේරලියද්ද නැමත්තාද මහ රජ මහින්දට ප්‍රශස්ති ගයා කලාව නම් මහජන බුද්ධිමය උපකරණය දූෂණය කළේය. මහජන ඡන්දයෙන් බලයට පත් වූ සාමාන්‍ය මිනිසෙකු රජකෙනෙකුට ඇන්දීම ගැන එකල සිටම විචාරශීලීහු අප්‍රසාදය පළ කළහ. ඉන් පසු ජැක්සන් ඇන්තනී වැනි අවස්ථාවාදියෝ උඩ පැන පැන කීවේ මේ නම් රජෙකු බවය. රණවිරු ස්ටාර් නම් රියැලිටි වැඩසටහනෙන් පෙනුණ ප්‍රධානම රියැලිටිය අන් කිසිවක් නොව ජනාධිපතිගේ රාජ උන්මාදයයි. ඒ වැඩසටහනේ ජැකාට පැවරී තිබුණ කොටස මහින්ද රාජපක්ෂ යනු රජෙකු යැයි නම් කිරීමයි. ජැකා එය නියමෙටම කළේය. මහින්ද යනු දුටුගැමුණුට විතරක් නොව සුද්ධෝදන රජුට පවා ඥාතිකම් ඇති කෙනෙකු යැයි ජැකා කීවේය. ඒ වෙනුවෙන් ජැකාට ලැබුණු දේවලින් ටිකක් ලංකා පුවත්පත වරක් පළ කළේය. තව දේවල් එළියට එනු ඇත.
රාජපක්ෂ පවුලම තමන් රජ පවුලක් සේ ඉදිරිපත් කරනු අසා සිටින්නට ආසා කළේය. අර රණවිරු ස්ටාර්වලදී රාජපක්ෂ බෑයන් සහ ඔවුන්ගේ ඇඹේනියන් බැලුන් සේ බුම්බන ලද ජැකාගේ වචන අසා සිටියේ තමන් කුමරකුමරියන් යැයි සලකාගෙන මන්දස්මිත පාමිනි. මේ පවුල රජ පවුලක් කරන්නට වැඩියෙන්ම වෙහෙස වූයේ කුලියට ගත් කලාකාර නඩයයි.
එහෙත් මේ කලාකාරයන් නොදැනුවත්වම කළ කාර්යේ යම් ප්‍රගතිශීලි දෙයක්ද තිබිණ. ඒ නම් අන්කිසිවක් නොව මේ බලකාමී පවුල විනාශ කරන්නට කළ හැකි හොදම දේ ඔවුන් රජුන්ට අන්දවා මුරුංගා අත්තේ යැවීම බව ඒ කුලී කලාකාරයෝ ලෝකයට පෙන්වා දුන්හ. සැබවින් මහින්ද රජුගේ අභ්‍යන්තරික ඛාදනය ඇති කළ බෝක්කු කටා වූයේ ජැකාය.
විධායක ජනාධිපති ව්‍යවස්ථා යටතේ ජනාධිපති ධුරයට පත් වන එතරම් විචාර බුද්ධියක් නැති කෙනෙකුට අත්විය හැකි ඉරණම අර අවස්ථාවාදීන් ඔසවා තබන මුරුංගා අත්තේ කැමැත්තෙන්ම නැග යාමයි. මුරුංගා යනු කඩා වැටෙන අත්තක් බව රජතුමාට දැන් පසක් වී ඇති සෙයක් පෙනේ.
මෛත්‍රීපාල සිරිසේන මහතාත් යුද්ධය ආසන්න වූ දවස්වල තම ජනාධිපතිවරයා රජෙකු යැයි නම් කරන කතාවක් රාජපක්ෂ රජ්ජුරුවන්ගේ වන්දිභට්ට කණ්ඩායම විසින් ඡන්ද ගැරීම පිණිස භාවිත කරනු ලැබේ.
ඒ දැන්වීම සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇති විය. සමහරුන් දැක්කේ එය මෛත්‍රී අතින් සිදුවූ අවාසනාවන්ත වරදක් හැටියටයි. මේ රචනයේදී මා කරන්නේ ඒ කතා බහ ඇසුරින් මතු වූ අදහස් කීපයක්ද ඒ කාරණය ගැන මා සිතන ආකාරයද සටහන් කිරීමයි.
ඒ දැන්වීමෙන් ආණ්ඩුව අපේක්ෂා කළේ ගැමි ජනතාවගේ ඡන්දය දිනාගැනීමට නම් ඒ වැඩේ අවුල් විය. බොහෝ දෙනා එය අර්ථකථනය කළේ මෙසේය.
“අර බලන්නකො ඉස්සර ජනාධිපතිතුමාට රජකෙනෙකුට වගේ සලකපු පක්ෂපාතී කෙනෙක්නෙ ඔය මෛත්‍රී මහත්තයා. රජ පවුලෙ මොනව හරි වැරදි ඇති. නැත්නං එහෙම පක්ෂපාතී කෙනෙකුත් යයිද? ජනාධිපතිවරයාට එතරම් ගරු කළ කෙනෙක් අනික් පැත්තට ගිහිල්ල හිටන් ජනාධිපතිට විරුද්ධවම ඡන්දෙ ඉල්ලන්න ජනාධිපති ගැන ඔය චම්පික මහත්තේල අනුර මහත්තේලා කියන එව්ව හරි වෙන්ඩ ඕනෙ.”
සමහරු ඒ ප්‍රකාශය දැක්කේ මෛත්‍රීගේ අවංකකම ලෙසටයි. සමහරු එය තවත් විදියකට දැක්කේය. ඔවුන්ට අනුව මෛත්‍රී යනු රාජපක්ෂගේ රාජ උන්මාදය කලින්ම දැක ඒ උන්මාදයම පාචිච්චි කොට රජපක්ෂගේ ඒකාධිපති වියරුව විනාශ කිරීමට තැත් කළ කෙනෙකි. අනිත් අය අනුගමනය කරමින් ඔහුද එය කියන්නේ ඒ රාජපක්ෂ අසන්නට කැමති දෙය එය නිසාය. රාජපක්ෂ රජුට ඇදගෙන මුරුංගා අත්තේ උඩටම ගොස් සිටින විට මෛත්‍රී එළිය ඇවිත් -හූ රැවටුණා- යැයි කියන්නේ ඒ නිසාය. ඒ තර්කය නිවැරදි නම් මෛත්‍රී යනු ශූර දේශපාලකයෙකි.
මහින්ද රාජපක්ෂ රජෙකු ලෙස ප්‍රතිරූප ගැන්වීම පවතින විධායක ජනාධිපති ක්‍රමයේද අර්බුදය කියාපාන බව හෙමින්සැරේ බලන විට පෙනේ. එවැනි රාජ පිස්සුවක් ඇති රාජපක්ෂ කෙනෙකුට තමන්ගේ සියලු මනස්ගාත ක්‍රියාවට දැමීමට මේ ව්‍යවස්ථාව ඉඩ දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාවක් තුළින් එවැනි රාජ පිස්සුවක් හැදෙන්නේ නම් එය රාජපක්ෂ යන නම දරණ විශේෂයෙන් පිස්සු පවුලක ප්‍රශ්නයක් නොවේ. එය කාටත් වැළදෙන්නට ඉඩ ඇති පිස්සුවකි.
රටට වැදගත් වන දේවල් ගැන කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ විවාද කර පොදු තීරණයකට ඒම ප්‍රජාතන්ත්‍රවාදයේදී සිදුවේ. රජ කෙනෙකු සිටින විට සිදුවන්නේ ඔහුගේ තනි මතය අනුව සියල්ල කිරීමයි. දැන් සිදුවන්නේ එයයි. වර්තමාන ජනාධිපතිවරයා ජාතික අයවැයෙන් අතිබහුතරයක් පාලනය කරන්නේ රාජ භාණ්ඩාගාරයක් පාලනය කරන්නාක් මෙනි. මහ බැංකුවේ අධිපති ලෙස දේශපාලන හෙංචය්යෙකු තෝරාගෙන සිටින්නේද පැරණි රජවරුන් කළ පරිද්දෙනි. ජැක්සන් ඇන්තනී සහ විමල් වීරවංශ වැනි වන්දිභට්ට අන්දරේලා තබාගෙන සිටින්නේ රජකෙනෙකු මෙනි.
රටේ ප්‍රධානම මැතිවරණ තමන්ගේ නැකැත් වෙලාවට සහ ග්‍රහචාරයට අනුව පවත්වන්නේද වර්තමානය නොගැලපෙන වැඩවසම් රජවරුන්ගේ සිරිත් සිහි කරමිනි. බහුතර ජනතාවට සුදුසු වෙලාව වෙනුවට රජ්ජුරුවන්ට සුදුසු වෙලාට තේරීම ප්‍රජාතන්ත්‍රවාදය හා නොගැලපේ.
මෙවැනි රාජ මානසිකත්වයක් ජනිත වන්නට සහ පවත්වාගෙන යන්නට මෙම ව්‍යවස්ථාව සහ ආණ්ඩු ක්‍රමය ඉඩ දෙන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපේ. ඒ නිසා එය වෙනස් කළ යුතුය. මේ ව්‍යවස්ථාව යටතේ තමන් රජෙකු යැයි සිතාගත් ජනාධිපති කෙනෙකුගේ සිත් දිනාගෙන ජනතාවට සේවය කිරීමට නම් ඇමැති කෙනෙකුට පවා සිදුවන්නේ ජනාධිපතිට රජෙකුට සේ සැලකීමයි.
මීට කලින් සිටි අන් කිසිම ජනාධිපතිවරයෙකුට වඩා මහින්ද මහත්තයාගේ ඇති වෙනස නම් මේ ව්‍යවස්ථාව මගින් ජනිත කළ හැකි බොහෝ විකාර අපට දැක ගන්නට සැලැස්වීමයි. ඔහු ඒවා නියමෙට පෙන්වා දෙයි. ඡන්දෙන් පත්වූ සාමාන්‍ය පවුලක මිනිසෙකු තමා රජෙකු යැයි සිතන්නට පටන්ගත් විට සිදුවන විකාර වැඩ ඔහු කාටත් පෙනෙන්නට සලස්වයි. ඊටම හරියන පුත්තුද ඔහුට සිටිති. තමන් කුමාරයන් යැයි සිතාගත් විට සිදුවිය හැකි දේ ඔවුහු ලැජ්ජා නැතිව පෙන්නා දෙති. එංගලන්තයෙන් අශ්වයන් අවශ්‍ය වන කුමාරයන් බිහිවීම ව්‍යවස්ථාවේ වරදක් නොවන බව ඇත්තය. එය එක්තරා නූගත්කමක පලයකි. ජනාධිපති පුතුන්ගේ අත්තනෝමතික වැඩවලටත් කෑදරකමටත් එක්හේතුවක් වන්නේ ඔවුන්ගේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් බව මහාචාර්ය රජීව විජේසිංහ මහතා දෙසැම්බබර් 19 වැනිදා කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවියට ලියා තිබිණ. එහෙත් ඒ කුමාරයන්ගේ පිස්සු වැඩවලට අවශ්‍ය ධනය සපයා දෙන්නට පියරජුට හැකිවන්නේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබෙන රැකවරණය නිසාය.
“මට රජෙක් කියා කියන්න එපා. මම මහජන ඡන්දෙන් පත් වූ ජනාධිපති කෙනෙක්” යැයි මහින්ද රාජපක්ෂ කාටවත් කියා නැත. ඔහු ජනවාරි 8 වැනිදාට කඩා වැටෙනතෙක්ම රාජවස්ත්‍රෙයන් සැරසී මුරුංගා අත්තේ නැග ඇත. ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය යට කී දැන්වීම අවසන් කරන්නේ “ඔයත් කියනව මං රජෙක් තමයි” යනුවෙන් මෛත්‍රීට කෝචොක් කරමිනි. තමන් රජෙකු යැයි ඔහු ඇත්තටම සිතන බව ඒ දැන්වීමෙන් පෙනෙයි. නැත්නම් මුදලුත් ගෙවා එවැනි පිස්සු අදහසක් ප්‍රචාරය කරන්නේ නැත. එනම් ඔහු තුන්වනවර ඡන්දය ඉල්ලන්නේ නියමෙටම රජෙකු වන්නටය. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී අපේක්ෂාවකි.
ඒ නිසා ජනතාව කළ යුත්තේ ඔහු හිටපු රජෙකු බවට පත් කර ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන පන්නයේ නව නායකයෙකු පත් කර ගැනීමය.
http://thecolombopost.net/?p=6755

***********************************************************************
22 Nov 2014

බෞද්ධයන්ව වැළදූ රාජපක්ෂ දැන් කතෝලිකයන්ව අතුරුපසට ගැනීම



කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා බෞද්ධයන්ව, කිතුණුවන්ව සහ මුසල්මානුවන්ව යාප්පුවෙන් පාවිච්චි කළ රාජපක්ෂ, ජයග‍්‍රහණයේ අවසාන අයිතිය තමාගේ සහ තම පවුලේ භුත්තියට සවි කරගත්තේය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයෙන් පසු මේ රටේ මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් කිසි දවසක දියත් වුණේ නැත. අන්‍ය ජාතිකයන් ඉලක්ක කරගත් එකම සටන් පාඨය වුණේ දෙමළ-විරෝධයයි. එහි අදහස වන්නේ, නිදහසෙන් පසු බලයට පත් කිසි ආණ්ඩුවක් මුස්ලිම් ජනයාට එරෙහි නිල විරෝධයක් පාරට බස්සවා නැති බවයි. එහෙත් රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයේ කීර්තිය තමාගේ සන්තකයට ගෙන, යුද්ධයේ ජයග‍්‍රහණය සඳහා හැම ආකාරයකින්ම සහයෝගය දැක්වූ සෑම සුළු ජන සහ සුළු ආගමික කොටසක්ම මහ ජාතියේ සහ මහ ආගමේ අල්තාරය ඉදිරියේ පුජා කිරීම හරහා එම ජයග‍්‍රහණය දකුණේ මහ ජාතියට පවරා ඒ මහ ජාතියේ අසහාය නායකයා වශයෙන් තමන් රජ වීමට බැලූවේය. ඒ කොන්ත‍්‍රාත්තුව ඔහු පැවරුවේ, සමාජ සහ ජාතික කළමණාකරණය සඳහා තුවක්කුව තරම් කාර්යක්ෂම විසඳුම් මාර්ගයක් තවත් නැතැ යි උදක්ම විශ්වාස කරන, ඔහුගේ බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂටයි............
***************************************************************************************************
November 14, 2014

‘පොදු අපේක්ෂාවක්’ නැති තැන කෙසේ නම් ‘පොදු අපේක්ෂකයෙකු’ සොයාගන්නද?




http://www.vikalpa.org/?p=22258
**********************************************************
October 31, 2014

ඇයි, රටකට හඳහනක් නැද්ද?




http://www.vikalpa.org/?p=22138
************************************************************************
 October 18, 2014

සජින් වාස් මදිවට, මොහාන් පීරීස් ද වතිකානු යාම




http://www.vikalpa.org/?p=22033
**************************************************************************
 September 26, 2014

බුද්ධිමය චෞරත්වය




http://www.vikalpa.org/?p=21853
*********************************************************************
 August 29, 2014

‘මුලින්’ කළ යුත්තේ කුමක්ද හෙවත් උණු වතුරේ පැසවන ගෙම්බාගේ සින්ඩ්‍රෝමය




http://www.vikalpa.org/?p=21639
*********************************************************************
 August 15, 2014

රටක් හමුදාකරණය වීම යනු කුමක්ද?




http://www.vikalpa.org/?p=21525
*******************************************************************************
 August 8, 2014

‘පොදු අපේක්ෂකත්වය’ සහ ‘තනි කාරණය’ ගැන සළකා බැලිය යුතු කරුණු කිහිපයක්




http://www.vikalpa.org/?p=21444
********************************************************************
 June 29, 2014

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ‘පොදු අපේක්ෂකත්වය’ ගැන නැවතත්..




http://www.vikalpa.org/?p=21022
*****************************************************************
 June 13, 2014

මාදුළුවාවේ සෝභිත හිමියන් ‘පොදු අපේක්ෂකත්වයට’ නුසුදුස්සෙකු වන්නේ ඇයි?




http://www.vikalpa.org/?p=20830
********************************************************************
 April 4, 2014

රාජකීය ‘පරමාධිපත්‍ය’ ඉරිතැලීමේ පෙරනිමිති




http://www.vikalpa.org/?p=20175
******************************************************************************
 March 21, 2014




විදුලි පුටුවේ ස්වභාවය කෙසේද යත්..

http://www.vikalpa.org/?p=20033
******************************************************************
 March 7, 2014

පුටින් එක්ක ගලේ පැහැරූ අපේ කට්ටිය




http://www.vikalpa.org/?p=19871
************************************************************************
 January 31, 2014

මිස් හිරුනිකා ඇල්සයිම




http://www.vikalpa.org/?p=19393

******************************************************************************
 January 11, 2014

ලංකාවට ‘මැග්නා කාර්ටා’ (මහජන) ප‍්‍රඥප්තියක් අවශ්‍ය කර තිබේ




http://www.vikalpa.org/?p=19189

*********************************************************************
Sept 06, 2013

ලංකාවේ ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙක් ද?




http://www.vikalpa.org/?p=17558

************************************************************************
 May 28, 2013

යුද්ධයේ විජයග‍්‍රහණය සැමරීම ප‍්‍රශ්නයක් ද?




http://www.vikalpa.org/?p=15955
**********************************************************************
May 25, 2013

‘රාවය’ට ආදරය කරන මිනිසුන්ගෙන් ඉල්ලීමක් !




http://www.vikalpa.org/?p=15908
**********************************************************************
 April 28, 2013

විපක්ෂ නායකත්වය යළිත් පරීක්ෂණයට




http://www.vikalpa.org/?p=15496
****************************************************************************
 April 16, 2013

මුස්ලිම් විරෝධයට එරෙහිව නැගෙන මුස්ලිම් චින්තනයේ දරිද්‍රතාව






************************************************************************
 March 18, 2013

බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසැවීම





http://www.vikalpa.org/?p=14892
********************************************************************
January 30, 2013

‘‘අධිකරණය මකබෑවෙද්දෙන්’’





http://www.vikalpa.org/?p=14254
*****************************************************
January 17, 2013

‘ඉනියවන්’: දෙමළෙන් කළ සිංහල සිනමාපටයක්





http://www.vikalpa.org/?p=14087

*******************************************************************
January 13, 2013





රනිල් වික‍්‍රමසිංහ අන්දකයිප්පු කෑම

http://www.vikalpa.org/?p=14026
******************************************************************************

අපි නොදන්න හෘද සාක්ෂිය





http://www.vikalpa.org/?p=13653

***************************************************************************
Dece  19, 2012

නැවත විමර්ශනය කළ යුත්තේ තීන්දුව නොව, සමස්ත ක‍්‍රියාදාමයයි.





මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති නිර්වචනය කරමින් සිටී. ඒ අනුව, එක අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කෙළේය. ආණ්ඩුව ඊට හිස නැමුවේ නැත. තව අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශයක් ඉදිරිපත් කෙළේය. ආණ්ඩුව එය පිළිපැද්දේ නැත. ඊළඟට, පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 12 දෙනෙකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැ යි සිතාසි නිකුත් කෙළේය. ඒ සිතාසි බාර ගැනීමට තමන් බැඳී ..............
http://www.vikalpa.org/?p=13580
***************************************************************************

ත‍්‍රීවීලර් දේශපාලනය සමග විරුද්ධ පක්ෂ දේශපාලනය ‘සෙට්’ වීම







ඊට සපුරා ප‍්‍රතිපක්ෂ මතයක සිටින්නේ, විය යුතු පරිද්දෙන්ම, ආණ්ඩුවත් ඊට සෘජුව යාවූ පක්ෂ/පවුල් දේශපාලනයත් ය. වර්තමාන දේශපාලන සංස්කෘතිය විසින් ඇති කරනු ලැබ තිබෙන මජර ක‍්‍රමය තුළ, එක පැත්තකින් පිරිනැමෙන වරදාන කෙරෙහි ලෝලයත්, අනිත් පැත්තෙන් පැනවෙන දණ්ඩන කෙරෙහි වන අනියත බියත් හේතුකොටගෙන, එකී පක්ෂ/පවුල් දේශපාලනය සඳහා ඕනෑම විෂයයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පාරට බැස්සවිය හැකි සමාජ කොටස් සිටිති. නීතිය සහ ශිෂ්ඨත්වය ගැන අධිකරණයට ‘පාඩමක්’ කියා දීමට, ත‍්‍රීරෝද රථ රියැදුරන් පසුගිය සතියේ පාරට බැස තිබුණේ ඒ අනුව යි. ‘පාර්ලිමේන්තුව උත්තරීතර බව’ ඔවුන්ගේ බැනර්වලින් අපි උගත්තෙමු. ව්‍යවස්ථාවේ කොතැනකවත් ලියැවී නැති එම බොරුව ඒ ආකාරයෙන්ම, ඊට සතියකට පෙර අපට කියා දුන්නේ, ජනාධිපතිවරයා නොව, විරුද්ධ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාය. ඒ ගැන කතානායකවරයාගේ විශේෂ ස්තුතියකින් ද ඔහු පිදුම් ලැබීය..................
**********************************************************************
Dec 4, 2012

අධිකරණයේ මළගම ඉදිරියේ විපක්ෂයේ (දුස්) ශීලය








එයින් ව්‍යුත්පන්න කෙරෙන ඊළඟ කාරණය වන්නේ, මේ අර්බුදයේ නීතිමය පාර්ශ්වය කෙරෙහි සාධනීය ආකාරයකින් මැදිහත් වීමට නීති ප‍්‍රජාව වෙත පැවරෙන වෘත්තීයමය යුතුකමක් සහ වගකීමක් ඇති තරමටම, අර්බුදයේ දේශපාලනික පරාසය ආවරණය කිරීමේ පෘථුල යුතුකම සහ වගකීම පැවරෙන්නේ විරුද්ධ පක්ෂ දේශපාලනයට බව නොපමාව වටහා ගැනීමයි............................
******************************************************************************

කැකිල්ලේ දෝෂාභියෝගය









පළමුවෙන්, ‘ඔව්’ යන පිළිතුර සළකා බලමු.........................
************************************************************************************
 Nov 13, 2012

රටක ව්‍යවස්ථාව, විධායකයේ අතකොලූවක් වන විට










ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීම, රටක ශ්‍රේෂ්ඨාධිකරණයකට පැවරෙන මුලික වගකීමයි. එනම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන බවට වගබලාගන්නා අදීන මුරකරුවා, ශ්‍රේෂ්ඨාධිකරණය යි. ‘දිවි නැගුම’ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව එම වගකීම ඉටු කළ එක් අවස්ථාවකි. එනම්, මුරකරුවා නිසි රාජකාරියේ යෙදී සිටි අවස්ථාවකි. එය, යම් පුද්ගලයෙකු වැරදිකරු කොට විනිශ්චය දීමක් නොව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ යම් ක‍්‍රියාවක ඇති නොපෑහීම පෙන්වා දීමකි. එහෙත් එම විනිශ්චය තමාට සහ තමාගේ බල පරාක‍්‍රමයට එරෙහිව ගන්නා ලද පියවරක් වශයෙන් ජනාධිපතිවරයාට සිතුණි. ඔහුගේ පාර්ලිමේන්තු සගයන්ට සිතුණේ, එය, අධිකරණය විසින් ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) උත්තරීතරත්වයට ඇඟිලි ගැසීමක් වශයෙනි..........................
***************************************************************************

අධිකරණය හීලෑ කිරීමේ පවුලේ ව්‍යාපෘතිය











වරදට පැනවෙන දඩුවම අදාළ වරදට සමානුපාතික නොවීම අසාධාරණ වන්නේ යම් සේ ද, වරදක් වෙනුවෙන් පැනවෙන දඩුවම අදාළ වරදට පරිබාහිර වෙනත් හේතූන් මගින් පොළඹවනු ලැබීමත් අසාධාරණ ය. එසේම, නීතිය සාධාරණ වන්නේ, වරදක් සිදුවූ අවස්ථාවේ දී වරදට දඩුවම් දීමත්, ඒ වරදේම මූලය මිස වෙන කිසිවක් එකී දඩුවම සඳහා පාදක කර නොගැනීමත් මත ය........................
*******************************************************************************
 Oct 29, 2012

විශ්ව විද්‍යාල ආචාර්ය සටනට මොකද වුණේ?












සිවිල් සමාජය මීට පෙර නොවු විරූ ආකාරයෙන් මේ වෘත්තීය සමිති අරගලය සමග අනන්‍ය විණි නම්, ඒ මේ කියන ඉල්ලීම නිසා බව සැබවි. එහෙත්, වැඩ වැරූ මාස තුනේ පඩිය පමණක් අතට ගෙන, අවශේෂ ඉල්ලීම් පිළිබඳ නොපැහැදිලි ප‍්‍රකාශනයකින් සෑහීමකට පත්ව සියයට 6 පස්සට තැබීම පරාජයක් නම්, එම පරාජයේ වගකීම දැරිය යුත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ම ද යන්න විමසා බැලීම මෙහි අරමුණයි............
*********************************************************************************
 Oct 9, 2012

සරෝජා නංගීව ඝාතනය කළ අක්කීට ‘සාම’ සම්මානයක්













මේ කියන සරෝජා නංගී ගැන පැවති ස්නේහයෙන් ඇළලූනු මහින්ද චන්ද්‍රසේකර කවියා ගීයක් ලීවේය. ‘සරෝජා මගෙ නංගීයේ’ නැමති එම ගීය එදා ඉතා ජනප‍්‍රිය විය. ඒ, ජාතීන් අතර සහෝදරත්වයක් වෙනුවෙන් සමාජ කතිකාවක් මතුවෙමින් පැවති මොහොතකි. දීපිකා ප‍්‍රියදර්ශනී මේ ගීය එදා ලස්සණට ගැයුවාය.
************************************************************************
 Oct 1, 2012

මාධ්‍යයෙන් වදන තරුව, පාලකයා දරු කමට ගැනීම

ජනතාව විසින් නායකයන් බිහි කළ කාලය, අවසන් වෙමින් නොවේ නම් පරළ වෙමින්, තිබේ. අපට කම්කරු නායකයන්, ගොවි නායකයන් සහ ධනපති නායකයන් සිටි කාලයක් තිබුණි. මේ නායකයන් බිහි කෙළේ ඒ ඒ සමාජ පංතීන් විසිනි. මේ සමාජ පංතීන් ඉස්සර අර්ථයෙන් වටහා ගැනීමට අද අප කොපමණ තැත් කළත්, නැවත නැවතත් අප අවසන් වන්නේ එම පංතීන් පිළිබඳ වැරදි කියැවීමක් තුළ සිරවීමෙනි. දේශප්‍රේමී කම්කරු පංතියක්, පොල් ගහන මාක්ස්වාදී නායකත්වයක් සහ රත්තරං බිත්තර වෙනුවට කිකිළිය මස් කරන ධනපති පංතියක්, සම්භාව්‍ය අර්ථයෙන් අපරූපික ය. ඒ සියල්ල අද අප හමුවේ තිබේ.
ජනතාව සහ පාලකයා මුල් කරගෙන නිෂ්පාදනය වන දෘෂ්ටිවාද සමග එම ජනතාව සහ පාලකයාට ඉස්සර පැවති සමීප සම්බන්ධතාව අද වන විට පාලකයා විසින් හිතුමතේට ගොඩනගන බාහිර ප‍්‍රබන්ධයක් බවට පත්වෙමින් තිබේ. එදා ධනපති දෘෂ්ටිවාදය පමණක් සිය අවිය වශයෙන් ගත් ධනපති පාලකයා අද වන විට, එම ධනපති දෘෂ්ටිවාදය විසිතුරු කිරීම සඳහා නිර්ධන පංති දේශපාලනයත් සේවයට කැඳවයි. වාසුදේව නානායක්කාර සහ ඩිව් ගුණසේකර වැන්නෝ එසේ සේවයේ යෙදෙති.
*************************************************************************

කියන තරමට සිල් රෙද්ද සුදු නැත

රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ ස්ථරවලින් පැමිණයවුන් නිසා, ඒ ඒ අය එම සංසිද්ධිය දෙස බලන ආකාරය ද වෙනස් විය හැකිය. ඒ නිසා, කෙනෙකුට එය ‘සාර්ථක’ සැමරුමක් විය හැකි අතර තවත් අයට එය ‘අසාර්ථක’ සැමරුමක් විය හැකිය
අදාළ වන්නේ, එය නොවේ. රාවය නැමති සංඥාව තුළ එම උත්සවය ගත් තැන කුමක් ද යන්න විමසා බැලීමයි. රාවයේ සංඥාව යනුවෙන් අදහස් කරන්නේ, විසිපස් වසරක් තිස්සේ රාවය පුවත්පත ගොඩනගාගෙන සිටි ප්‍රතිරූපය යි. එම ප්‍රතිරූපය පසුබිමේ පැවැත්විය යුතුව තිබූ විසිපස් වැනි සමරු උත්සවය රටේ පාලකයන්ට ප්‍රමුඛත්වය දෙමින් පැවැත්වීම මගින් එය වඩාත් ඔපවත් වී ද නැද්ද යන්න මහින්ද අබේසුන්දර කෙනෙකුගෙන් විමසීමෙන් පලක් නැත.
මේ උත්සවයේ ස්වභාවය විවේචනය කොට මා ලියූ ලිපියක් පාදක කරගෙන පිළිතුරු බඳින වික්ටර් අයිවන් එම ලිපියෙන් එක කාරණයක් සැලකිල්ලට ගෙන, එනම්, ඇති වු අපහසුව පිළිබඳව රාවය පාඨකයන් වෙත කණගාටුව ප්‍රකාශ කිරීම අගය කරමි. එහෙත් ලංකාව පත්ව ඇති අගාධය පිළිබඳව මෙම උත්සවයේ දී ප්‍රදර්ශනය කෙරුණු වාර්තා චිත්‍රපටය තුළ, පසු ගිය අවුරුදු හත පිළිබඳ එක වචනයකවත් විවේචනයක් නැත්තේ මන්ද යන ප්‍රශ්නය ඔහු මගහරී. ඒ වෙනුවට ඔහු කරන්නේ, මා ඇතුලූ තවත් පිරිසකගේ අතීත සහ වර්තමාන ”කැරට්ටුව” පෙන්වා දී, මේ ”විනාශකාරී” පිරිසෙන් පරිස්සම් විය යුතු බවට පාලකයන්ට අනතුරු ඇඟවීම යි.


******************************************************************************

පටිසෝතගාමී චාරිකාවක් අනුසෝතගාමීව සැමරීම


***********************************************************************

ත්‍රස්තවාදී බිල්ලාගෙන් ඔබට ගැලවීමක් නැත


**************************************************************************

ඇතුළෙන් ඉරිතැලීම


***********************************************************************

යටත් වැසියා වෙනුවෙන් තටමන විදග්ධ මලබද්ධය


******************************************************************

මාධ්‍ය සදාචාරය තුළ ලිංගිකත්වය


**************************************************************************

හම්බන්තොටින් බේරුණෙ පූරුවෙ පිනට

************************************************************************
November 20, 2011

ප්‍රජාතන්ත්‍රවාදයේ ‛අසංවර දේශපාලනය’


**************************************************************

කාණු පල්ලේ මියයන රාෂ්ට්‍ර පාලකයෝ


*****************************************************************************
 October 29, 2011

පුද්ගල බලය ඉදිරියේ ජනතාව පනුවන් වීම


*************************************************************************

එන්.ජී.ඕ. කර්මාන්තයත් දැන් සීරුවෙන්



***************************************************************************

මාතර තානායම: රු. 60,000 යි. මාතර වැසිකිළිය: රු. 261,000 යි.

http://www.vikalpa.org/?p=7834
***************************************************************
September 6, 2011

උරුලෑවන්ගෙන් සුවඳ විලවුන් නිපදවීම හෙවත් දූෂණයට එරෙහිව සරත් සිල්වා අභිෂේක කිරීම

http://www.vikalpa.org/?p=7736


.******************************************************************

‛‛අද මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ.’’ – ගාමිණි වියන්ගොඩ

No comments:

Post a Comment