Jan 10, 2015

ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දුන් වගයි

09 Jan 2015
ශ්‍රී ලංකාවේ 6 වැනි ජනාධිපති ලෙස
මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දුන් වගයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09 වැනිදා) පස්‌වරු 6.20 ට යෙදුණු සුබ මොහොතින් කොළඹ නිදහස්‌ චතුරශ්‍රයේ පැවැති චාම් උත්සවයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අගමැති ලෙස එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙම අවස්‌ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බිරිඳ සහ දූ දරුවෝ ද එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගි වූහ.
මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට අදාළ ලේඛනය හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් ලබාදෙන ලදී.
ශ්‍රී ලංකාවේ 6 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා පස්‌වරු 6.00 ට පමණ නිදහස්‌ චතුරශ්‍රය වෙත පැමිණියේය.
එහිදී දැරියන් පිරිසක්‌ විසින් ජය මංගල ගාථා ගායනා කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා ලදී.

http://www.divaina.com/2015/01/10/news02.html

Maithripala Prez, Ranil Premier

Ranil appointed PM of National Unity Govt.

 
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=117356

No comments:

Post a Comment