Jan 1, 2015

රාජපක්‍ෂලාගේ ෆයිල් අපි ලඟ - ජවිපෙ

01 Jan 2014
කලාකරුවන්ට පහර දෙමින් බොරු දේශප්‍රේමය ගැන කතා කරන රාජපක්ෂවරුන්ගේ ෆයිල් තමන් ලඟ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.
එහිදී විජිත හේරත් මහතා පළ කළ සම්පූර්ණ අදහස් මෙසේය...
ආණ්ඩුව රාජ්‍ය දේපළරාජ්‍ය මාධ්‍ය නිර්ලජ්ජිතව මේ මැතිවරණයට යොදාගන්නවා. කුමන්ත‍්‍රණ කථාමඩ ප‍්‍රහාරඑල්ල කරන්න පටන් ගත්තා. තත්වය තවදුරටත් බරපතළ වෙද්දී සංවේදී නායකයා තමන්ගේ මැර කණ්ඩායම් යොදාගෙන විපක්‍ෂයට ප‍්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මේ රටේ කලාකරුවන්ට ගහන්න පටන් ගත්තා. වීදියේ විරෝධය ආරම්භ කරපු ජයතිලක බණ්ඩාර කලාකරුවාට එප්පාවලදී පහර දුන්නා. එතැනින් නොනැවතුණු ආණ්ඩුවේ මැරයින් ඔවුන්ට හම්බන්තොටදී නැවත වතාවක් පහර දුන්නා. සෙල්ලම් පිස්තෝලකරුවා ලෙස ප‍්‍රසිද්ධ වුණු නගරාධිපති මැරයින් කලාකරුවන්ට පහර දෙන්න පටන් ගත්තා. එතැනින් එහාටත් ගිහින් මෑත කාලීනව කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී "අලුත් පරපුර" කලාකරුවන් කණ්ඩායමකට ආණ්ඩුවේ පළාත් සභා මන්තී‍්‍රවරයෙකු පහර දුන්නා. එම කලාකරුවන් කිසිදු ප‍්‍රතිලාභයක් බලාපොරෙත්තු නොවී තමන්ගේ සමාජ මෙහෙවර ඉටුකිරීම සඳහා රට වටේ ගිහින් තමන්ගේ අදහස ජනතාවට කිව්වා. එවන් කලාකරුවන් පිරිසට නාමල් රාජපක්‍ෂගේ නිල් බලකායේ මැරයින් පහර දෙන්න පටන් අරගෙන තියෙනවා. තරුණ කලාකරුවන්ට තාරුණ්‍යය නියෝජනය කරන රාජපක්‍ෂගේ පුතණ්ඩියා පහර දෙනවා. අපේ රටේ සමනලීලට ගල් ප‍්‍රහාර එල්ල කරනවා. එහෙම කරන අතරේ මහින්ද රාජපක්‍ෂ බොලිවුඩයෙන් ගෙන්වන නළුවෝ හරසරින් පිළිගන්නවා. ජනතාවගේ මුදල් කෝටි ගණන් ඒ නළුවන්ට වියදම් කරනවා. අද මේ සංවේදී නායකයාගේ ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ සමනලීට ගල්සල්මන්ලට මල් කියන තත්වයයි.

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී විදේශ බලවේගයට යටත්කර දීමට පිරිසක්‌ කුමන්ත්‍රණ කරනවා - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

01 Jan 2014
විවිධ උපක්‍රම යොදා කන්ද උඩරට සිංහල රජුත් සමඟ රාජ්‍යය, අධිරාජ්‍යවාදීන්ට පාවා දී හරියටම 2015 ලබන මාර්තු මාසයට වසර 200 සම්පූර්ණ වන අවස්‌ථාවේ නැවතත් කුමන්ත්‍රණයක්‌ මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය, අධිරාජ්‍යවාදී විදේශ බලවේගයන්ට යටත් කර දීමට කල්ලියක්‌ කටයුතු කරමින් සිටින බව බොදු බල සේනා මහා ලේඛකාධිකාරී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඉකුත් 27 දා ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රයේදී අධිෂ්ඨාන පූජාවක්‌ ආරම්භ කරමින් පැවැසූහ.
සමස්‌ත රටත්, ජාතියත් සතුරු බලවේගයකින් නතුකර ගැනීම පරාජය කිරීම සඳහා දළදා සමිඳුන්ගේ පිහිට ආයාචනා කරමින් පවත්වන මෙම අධිෂ්ඨාන පූජාව ජාතික අධිෂ්ඨාන පූජාවක්‌ බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණෝ පැවැසූහ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදාකාලිකවම මේ රටේ ජනාධිපතිවරයා ලෙස තබා ගැනීමේ අවශ්‍යතාවක්‌ නොවන නමුත් මෙවර මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කළ යුතු වන්නේ නැතැයි උන්වහන්සේ පැවසූහ.
මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට උත්සාහ කරන්නේ මේ රට කැබලිවලට කඩා බෙදා දීමටත් පැකේජය හා සුනාමි මණ්‌ඩල පිහිටුවීම වැනි යෝජනා මගින් කටයුතු කළ නායක නායිකාවන් බව පැවසූ ඥානසාර හිමියෝ මේ රටේ වීරෝදාර ජනතාව සිංහල රටත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමට දුටුගැමුණු රජ දවස සිට පැවත එන පරපුරක ජනතාවක්‌ නිසා දළදා සමිඳුන්ගේ පිහිටෙන්, ශක්‌තියෙන් හා බලයෙන් සතුරු බලවේගවලට කිසිදාක ඉඩ නොතබන බවද පැවැසූහ.
01 Jan 2014
.වි.පෙ - මෛත්‍රි රහස්‌ ගිවිසුම්  හෙළි කිරීමට
 ගුණරත්නම් එනවා- පෙරටුගාමී ප්‍රචාරක ලේකම් කියයි
ජනතා විමුක්‌ති පෙරමුණ සහ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති රහස්‌ ගිවිසුම් හෙළිකිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා (කුමාර් මහත්තයා) අද (01දා) හෝ හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම පක්‍ෂයේ ප්‍රචාරක කම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.
පොදු වාමාංශික අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින පෙරටුගාමී පක්‍ෂයේ දුමින්ද නාගමුව මහතා විසින් මෙම 05 වැනිදා කඩවත නගරයේ පවත්වන අවසන් ප්‍රචාරක රැලිය අමතමින් කුමාර් ගුණරත්නම් මහතා ජනතා විමුක්‌ති පෙරමුණ පිළිබඳ බොහෝ දැ හෙළිකරනු ඇතැයි ජයගොඩ මහතා "දිවයින"ට කීවේය.
ආණ්‌ඩුවේ අවසරය මත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුමාර් ගුණරත්නම් මහතාට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කර ඇත. කුමාර් ගුණරත්නම් මහතාගේ බිරිය වන චම්පා සෝමරත්න මහත්මිය සහ පුතණුවන්ද පසුගිය 26 වැනිදා එස්‌කිව් 468 දරන සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුහු දැනට පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වී සිටිති.

උසස් අධ්‍යාපන නි.ඇමතිගේ සහය ත් මෛත්‍රීපාල සිරිසේනට

01 Jan 2014
උසස් අධ්‍යාපන නි.ඇමතිගේ සහය ත් මෛත්‍රීපාල සිරිසේනට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා මෙ වන විට මාධ්‍ය හමුවකට එක්ව සිටියි.එහිදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය සහය පළ කරන බව ය.
http://www.divaina.com/2015/01/02/news06.html
උසස්‌ අධ්‍යාපන නි.ඇමැති නන්දිමිත්‍ර මෛත්‍රීපිලට යයි

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීමට උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා ඊයේ (01 වැනිදා) ඒකාබද්ධ පොදු විපක්‍ෂය සමග එක්‌විය.
එසේම පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සභාපතිවරුන් දෙදෙනකු, උප සභාපතිවරුන් දෙදෙනකු ඇතුළු ප්‍රාදේශීය මන්ත්‍රීවරු 17 දෙනෙක්‌ සහ ගම්පහ උප නගරාධිපතිවරයාද ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්‌වීමට එක්‌ වූහ.
කොළඹ තිඹිරිගස්‌යායේ පිහිටි පොදු විපක්‍ෂයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් නන්දිමිත්‍ර ඒකනායක මහතා පොදු විපක්‍ෂය සමග එක්‌විය.
මේ සමගම ගම්පහ උප නගරාධිපති අජිත් බස්‌නායක මහතා ද පොදු විපක්‍ෂය වෙත එක්‌විය.
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥනරත්න, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති හේමසිරි මුණසිංහ, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ උප සභාපති, පුෂ්පකුමාර රණසිංහ, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුල සමන්සිරි මහතා ඇතුළු ප්‍රාදේශීය මන්ත්‍රීවරු 17 දෙනෙක්‌ද පොදු විපක්‍ෂය සමග එක්‌ වූහ.
මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්‌ හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු සිවු දෙනෙක්‌ සහ තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු හත්දෙනෙක්‌ මෙසේ මෛත්‍රී පාර්ශ්වය සමග එක්‌වූහ.
මේ අතර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ සංවිධායක චමිල මුණසිංහ මහතා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට ඊයේ එක්‌විය.

01 Jan 2014
ආපදා ප්‍රදේශවල ඡන්ද කටයුතු සාකච්ඡාවට 
මැ. කො. පක්‍ෂ ලේකම්වරුන් කැඳවයි
ආපදාවට ලක්‌ව ඇති ප්‍රදේශවල මැතිවරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ලබන 02 වැනිදා හෙට තරග කරන සියලු දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් කැඳවා තිබේ.
මේ වනවිට දිස්‌ත්‍රික්‌ක 08 ක ගංවතුර හා නාය යැම් සිදුවී ඇති අතර එම නිසා ලක්‍ෂ පහක පමණ පිරිසක්‌ එම බලපෑමට ලක්‌ව සිටිති.
මෙම ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්‌ථාන පිහිටුවීම, ඡන්ද පත්‍රිකා බෙදීම, ඡන්ද දායකයන් මධ්‍යස්‌ථාන කරා ගෙන යැම, ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආදිය පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
මැතිවරණ කොමසාරිස්‌වරයාගේ මෙම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ද කැඳවා තිබේ.

http://www.divaina.com/2015/01/01/news08.html

ජනාධිපතිවරණය නිරීක්‌ෂණයට 30,000 ක්‌
තව දින 7යි

තව දින හතකින් (8 දා) පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්‌ෂණය කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව හා මැතිවරණ නිරීක්‌ෂණ සංවිධාන විසින් දෙස්‌ විදෙස්‌ නිරීක්‌ෂකයන් තිස්‌ දහසක්‌ (30,000 ක්‌) යෙදවීමට නියමිතය. මැතිවරණ දෙපාර්තමේන්තුව රජයේ මාණ්‌ඩලික නිලධාරීන් දහසකට ආසන්න පිරිසක්‌ යොදවා ඡන්ද මධ්‍යස්‌ථාන කිහිපයක්‌ ඒකාබද්ධ කරමින් නිරීක්‌ෂණ කටයුතු කිරීමට සැලසුම් කර ඇති අතර විදෙස්‌ නිරීක්‌ෂකයන් 48 දෙනකු ද දෙපාර්තමේන්තුව විසින් නිරීක්‌ෂණ කටයුතු සඳහා දැනටමත් යොදවා ඇත. දකුණු ආසියානු මැතිවරණ නිරීක්‌ෂක සංගමයේ ප්‍රධානියා වන නේපාල මැතිවරණ කොමසාරිස්‌ නීල් කාන්ත් උපුට්‌ මහතා කණ්‌ඩායමේ නායකත්වය දරයි. තවත් නිරීක්‌ෂකයන් 12 දෙනකු මෙරටට පැමිණීමට නියමිතය.
පැෆරල් සංවිධානයද දේශීය නිරීක්‌ෂකයන් 13000 ක්‌ මැතිවරණ දිනයේදී නිරීක්‌ෂණයට යොදවන බව එහි විධායක අධ්‍යක්‌ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය. මීට අමතරව මැතිවරණ කොට්‌ඨාසවල දස දහසක්‌ පමණ දැනටමත් නිරීක්‌ෂණ කටයුතු සිදුකරන බවද හෙතෙම කීය.
එමෙන්ම ජාත්‍යන්තර නිරීක්‌ෂකයන් 34 දෙනකු මෙරටට ගෙන්වා ඇති බවත් ඔවුන්ද මේ වනවිට නිරීක්‌ෂණ කටයුතු අරඹා ඇති බවත් ඔහු කීය. මොවුහු දකුණු ආසියානු හා නැගෙනහිර ආසියානු රටවල් නියෝජනය කරති. දේශීය නිරීක්‌ෂකයන්ගෙන් 11200 ක්‌ ඡන්ද මධ්‍යස්‌ථාන තුළ නිරීක්‌ෂණය කරන අතර සෙසු පිරිස ජංගම නිරීක්‌ෂණ කටයුතු සිදුකරනු ලබති.
කැෆේ සංවිධානයද මැතිවරණ දිනයේදී නිරීක්‌ෂකයන් 7200 ක්‌ පමණ යොදවන බව එහි කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.
මෙයට අමතරව තවත් 800 ක්‌ පමණ ශ්‍රී ලංකාව පුරා නිරීක්‌ෂණ කටයුතු දැනටමත් සිදුකරමින් සිටින බවද කීය.
මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා නිරීක්‌ෂණ මධ්‍යස්‌ථානයද ලබන 8 වැනිදා නිරීක්‌ෂකයන් 4200 ක්‌ තෝරාගත් ඡන්ද මධ්‍යස්‌ථානවලට යොදවනු ලබයි. දැනටමත් ආසන හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් 185 දෙනකු නිරීක්‌ෂණ කටයුතු සිදු කරමින් පවතී. ඡන්ද මධ්‍යස්‌ථානවලින් සියයට 65 ක්‌ පමණ ආවරණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
මෙයට අමතරව ජාතික මැතිවරණ නිරීක්‌ෂණ මධ්‍යස්‌ථානය හා මැතිවරණ නිරීක්‌ෂක ජාලය ද ඡන්ද මධ්‍යස්‌ථානයෙන් පිට සිට නිරීක්‌ෂණ කටයුතු සිදුකරනු ලබයි.

http://www.divaina.com/2015/01/01/news01.html
01 Jan 2014
නි. ඇමැති ෆයිසර් මුස්‌තාපා මෛත්‍රී පිලට එක්‌වෙයි

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්‌වීමට ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සහ වයඹ පළාතේ ආණ්‌ඩු පක්‍ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 18 දෙනෙක්‌ ඊයේ (31 දා) එක්‌වූහ.විපක්‍ෂනායක කාර්යාලයේ දී ඊයේ පැවැති මාධ්‍ය හමු දෙකකදී මෙම පිරිස්‌ එක්‌වූහ.
විපක්‍ෂයට පැමිණි මුස්‌තාපා මහතා පිළිගැනීමට ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පළාත් සභා මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර් යන මහත්වරුද පැමිණ සිටියහ.
ඊයේ එක්‌වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක්‌ පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී දයාසිරි ජයසේකර සහ ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහත්වරුන් වෙනුවෙන් කටයුතු කළ අය බව විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඔවුහු කියා සිටියහ.

ඒ අනුව රෝහණ ශ්‍රී ලාල් දිනපූර්ණ (නාරම්මල ප්‍රා. සභාව) සමන්ත ලක්‍ෂ්මන් යත්තල්ගොඩ (අලව්ව ප්‍රා. සභාව) එච්. එම්. හිරාන් (උඩුබද්දාව ප්‍රා. සභාව), ඩී. එම්. රත්නායක (කොබෙයිගනේ ප්‍රා. සභාව), නිමල් ප්‍රේමසිරි දයානන්ද, එම්. කේ. එදිරිසිංහ, සුනිල් දිසානායක (පඬුවස්‌නුවර ප්‍රා. සභාව), අයි. පී. රණවීර (නිකවැරටිය ප්‍රා. සභාව) යන මන්ත්‍රීවරු ඉකුත් පළාත් සභා මැතිවරණයේදී දයාසිරි ජයසේකර මහතාට සහයෝගය දී ඊයේ විපක්‍ෂය සමඟ එක්‌වූවෝ වෙති.
නිකවැරටිය ප්‍රා. සභාව නියෝජනය කරන අනුර බණ්‌ඩාර වන්නිනායක, සමන් ආලෝක බණ්‌ඩාර, කපිල බණ්‌ඩාර ජයසුන්දර, වීරසුන්දර බණ්‌ඩාර, ආනන්ද කුමාර රොද්‍රිගූ යන මන්ත්‍රීවරුද කොබෙයිගනේ ප්‍රා. සභාවේ විජිත ප්‍රේමලාල්, අයි. එම්. නවාස්‌ යන මහත්වරු ද මේ අතර වෙති.
හේරත් බී. ජයසුන්දර, එස්‌. කේ. දිසානායක, සිරිල් සේනානායක, ජයතිස්‌ස මාකූඹුර යන මන්ත්‍රීවරුද මේ අතර වේ.......

http://www.divaina.com/2015/01/01/news02.html

Faizer Mustapha respects Mahinda, backs Sirisena

 
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=116923
ජීවිතයේ ගත් අමාරුම තීන්දුව - අන්තවාදය ඇති තැන මම නෑ
December 31, 2014  03:17 pm




01 Jan 2015
අද රැස්‌වීම්


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ මීළඟ ප්‍රධාන ජනරැලිය අද (01 වැනිදා) පස්‌වරුවේ මහනුවරදී පැවැත්වේ. ප්‍රධාන ජනරැලියට අමතරව ජනාධිපතිවරයා දෙහිඅත්තකණ්‌ඩිය, ගිරාඳුරුකෝට්‌ටේ හා වියලුව ප්‍රදේශවල පැවැත්වෙන ජනහමුවලට සහභාගි වීමට නියමිතය

.විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01 වැනිදා) මීරිගම, ගම්පහ, මීගමුව, කටාන, බොරැල්ල යන ප්‍රදේශවල පැවැත්වෙන ජනාධිපතිවරණ රැලි සඳහා සහභාගී වේ