Dec 30, 2014

30 Dec 2014
හකීම්-මෛත්‍රී ගිවිසුම රටට හෙළි නොකළොත් දැඩි පියවර ගන්නවා
ගලගොඩඅත්තේ ඥනසාර හිමි
නැගෙනහිර පළාතේ වෙනම පරිපාලන ඒකකයක්‌ සහ තවත් කරුණු රැසක්‌ සම්බන්ධයෙන් රවුµa හකීම් හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් එළැඹ ඇති ගිවිසුම වහා රටට හෙළි කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) අවධාරණය කළහ.
ඔවුන් එසේ නොකළහොත් ඊට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිය සංවිධානය කටයුතු කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රාවුµa හකීම් මහතා දේශපාලන ගණිකාවක්‌ බවත් ඔහු පිල් මාරු කරනුයේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් පමණක්‌ බවත් ඥනසාර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ. නැගෙනහිරට වෙනමම පරිපාලන ඒකකයක්‌ ලබාදීමට ආණ්‌ඩුව කටයුතු කළේ නම් හකීම් මහතා මෙසේ පිල් මාරු නොකරන බවත් උන්වහන්සේ කීහ.
වෙනසක්‌ ඇති කිරීමට අවශ්‍ය යෑයි කියමින් නායකයකු නොමැති රටක්‌ නිර්මාණය කිරීමට විපක්‍ෂය කටයුතු කරමින් සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ. ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 http://www.divaina.com/2014/12/30/news14.html
30 Dec 2014
අපේ හඬට කන් නොදුන් ජනපති අද අපට 
රැස්‌වීම්වල අවලාද නගනවා- අතුරලියේ රතන හිමිපාර්ලිමේන්තුව අද වුවත් රැස්‌කිරීමේ පූර්ණ බලතල ජනාධිපතිවරයාට ව්‍යවස්‌ථා වෙන්ම පැවරී තිබෙනවා. 13 වැනි ව්‍යවස්‌ථාවෙන් මතු වී තිබෙන රටට භයානක එම වගන්ති ඉවත් කර පසුගිය උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අප ජනාධිපතිවරයාට එදා කියා සිටියා. එම වගන්ති සංශෝධනය නොකර ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. අපේ හඬට එතුමා එදා කන්දුන්නේ නැහැ.
එහෙම කටයුතු කළ ජනාධිපතිවරයා අද රැස්‌වීම්වල අවලාද නගනවා. මෛත්‍රී පාලනයක්‌ රටේ බිහිවීමෙන් කොටින්ගෙන් තමන් නිදහස්‌ කර ගත් මාතෘ භූමිය යළිත් කොටින්ට අත්පත් කර දී නැවත බෙදුම්වාදී යුද්ධයකට රට ආපස්‌සට හරවා වි කියා. ඔය අවලාද නොනගා වහාම පාර්ලිමේන්තුව රැස්‌කර බෙදුම්වාදයකට මූලික වන ඉඩම් බලතල, පොලිස්‌ බලතල වැනි වගන්ති 13 වැනි ව්‍යවස්‌ථාවෙන් ඉවත් කර ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ යෑයි හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුවේ ඊයේ
(29 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිඹිරිගස්‌යායේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
තවදුරටත් කතාකරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද පැවසූහ. 

30 Dec 2014
රජය ජාතික ගීයද මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන තිබෙනවා
එය දෝෂාභියෝගයක්‌ ගෙන ආ හැකි වරදක්‌ මාදුළුවාවේ සෝභිත හිමි
ආණ්‌ඩුව මෙරට ජාතික ගීයද තම මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන ඇති බවත් එය දෝෂාභියෝගයක්‌ ගෙන ආ හැකි වරදක්‌ බවත් සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති කෝට්‌ටේ ශ්‍රී නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

විපක්‌ෂ නායක කාර්යාලයේදී ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව කී අතර මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ මෙසේද කීය.
සාධාරණ මැතිවරණයක්‌ සඳහා යෝජිත නීති රීති හැමදාම වගේම මේ මැතිවරණයේදීත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අහෝසි කිරීම නිසා මැතිවරණ කොමිෂන් සභාවක්‌ අද නැහැ. ඒවගේම මැතිවරණ කොමසාරිස්‌වරයාට ඒ බලතල පාවිච්චි කරන්න තරම් ශක්‌තියක්‌ නැහැ. ඒ නිසා මේ මැතිවරණයට නාමයෝජනා භාරදුන් දවසේ සිටම අපට පෙනෙනවා ඉතා නරක විදිහට මැතිවරණ නීති රීති කඩ කරනවා.
මැතිවරණය සඳහා නාම යෝජනා දුන් පසු ජනාධිපතිවරයාත් එක්‌ අපේක්‌ෂකයකු පමණයි. මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්‌ අපේක්‌ෂකයකු පමණයි. මේ අපේක්‌ෂකයෝ කාටත් සම අයිතීන් ලැබිය යුතුයි. ජනාධිපතිතුමා තම විධායක බලය එහෙම පිටින්ම මේ මැතිවරණයට පාවිච්චි කරනවා.

30 Dec 2014

ලජ්ජා නැති කමත්, තුප්පහිකමත් පිළිබඳ ආණ්ඩුව කුඹුක්ගැටේ දී පෙන්නා දුන්නා

jagath-top
ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට ඉන්දියාවෙන් සල්මන් ඛාන් ආනයනය කිරීමෙන් ප‍්‍රකාශවන්නේ මෙතෙක් ඔහු වටේ සිටි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ ලොම් හැලී නොවැදගත් තත්ත්වයකට පත්ව සිටීම බව සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ කෝට්ටේ අද උදේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය. එබැවින් ඉන්දියාවෙන් ලොං තියන නලූවෙක් ආනයනය කර ඇති බවත්, තුප්පහිකම සහ වනචරකම කියන්නේ කුමක්ද යන්න ‘නව පරපුර’ කලකරුවන්ට කුඹුක්ගැටේදී එල්ල වූ මැර ප‍්‍රහාරයෙන් ආණ්ඩුව වඩාත් හොදින් ජනතාවට පැහැදිලි කර දුන් බවත් හෙතෙම පැවසුවේය.
නවක සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැති එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ කුරුණෑගල කුඹුක්ගැටේදී නව පරපුරේ කලාකරුවන්හට ඊයේ එල්ල කෙරුණු  මැර ප‍්‍රහාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහාය. වත්මන් සමාජ දේශපාලන අර්බුදය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ ප‍්‍රාසාංගික වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටින අතර නව පරපුරේ කලාකරුවන්ට එම ප‍්‍රහාරය එල්ල කර තිබුණේ එම ප‍්‍රදේශයේ ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීවරයෙක්  බව කියන දොන් කමල් ඉන්දික නමැති පුද්ගලයකු මෙහෙයවූ මැර කණ්ඩායමකි. ප‍්‍රහාරයෙන් උදය ධර්මවර්ධන, සමනළී ෆොන්සේකා සහ ලක්ෂ්මන් විජේසේ්කර තුවාල ලබා තිබුණි.
සිද්ධිය විස්තර කරමින් කෞෂල්‍ය කුමාරසිංහ මෙසේ පැවසුවේය.
30 Dec 2014
සීඅයිඩිය තිස්ස අත්තනායකගෙන් ප්‍රශ්න කරයි
2014 දෙසැම්බර් මස 30 13:21:35 |
   ‘රනිල් මෛත්‍රී ගිවිසුම‘ ගැන රහස් පොලිසිය එජාපයේ හිටපු මහ ලේකම් හා සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලියා ගත්තේය.
කොළඹ පිහිටි ඔහුගේ නිවසට ගිය රහස් පොලිස් කණ්ඩායමක් පැය එක එමාරක් පමණ ප්‍රශ්න කළ බව ද පොලිසිය පවසයි. මෙවැනි ගිවිසුමක් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිට ලිපියක් යවමින් කියා සිටියේ තමාගේ අත්සන එහි හොරට ගසා ඇති බවයි.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඒ ගිවිසුම බොරුවක් බව ප්‍රකාශ කරමින් තිස්ස අත්තනායකගෙන් රුපියල් කෝටි 250ක් ඉල්ලා එන්තරවාසි යවා ඇත.
http://www.lankadeepa.lk/index.php/top_story/286512

ඇමැතිගෙන් සී.අයි.ඩී. එක ප්‍රශ්න කරයි

සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (30 වැනිදා) පැය 4 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කර කටඋත්තර ලබා ගත්තේය.
ඇමැතිවරයාගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර රහසිගත ගිවිසුමක්‌ ඇති බවට කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන්ය.
ඊයේ පෙරවරු 8.30 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සෞඛ්‍ය ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදී ඇත................

http://www.divaina.com/2014/12/31/news07.html
30 Dec 2014
As Sri Lanka heads to polls, UN chief calls for ‘peaceful and credible’ election


29 December 2014 – United Nations Secretary-General Ban Ki-moon has conveyed his “strong expectation” that the Government of Sri Lanka will ensure “the peaceful and credible conduct” of its upcoming Presidential election, scheduled for the beginning of the New Year.
In a phone call last week with G.L. Peiris, Sri Lanka’s Minister of External Affairs, Mr. Banreaffirmed the UN’s continuous support for reconciliation, political dialogue and accountability as the country heads towards the election on 8 January 2015.
Sri Lanka has experienced a spate of ethnic and sectarian attacks since its 26-year civil conflict, which pitted the Government against Tamil insurgents, ended in 2009.Most recently, a tide of violence and recrimination against Sri Lanka’s Muslim and Christian communities by Buddhist groups with extremist views has threatened to divide the country once again.
According to the Office of the UN High Commissioner for Human Rights (OHCHR), more than 350 violent attacks against Muslims and over 150 attacks against Christians have been reported in Sri Lanka in the last two years. Muslim and Christian communities are reportedly subjected to hate speech, discrimination, attacks and acts of violence throughout Sri Lanka frequently.
On 15 June, a local group promoting extremist Sinhalese nationalist views, Bodu Bala Sena (The Buddhist Power Force, or “BBS”), staged a large protest rally in Aluthgama that resulted in inter-communal violence, during which four people died and about 80 were injured. Homes and shops owned by Muslims, as well as mosques, were vandalized and some set ablaze.In his conversation with Mr. Peiris, the Secretary-Gneral noted the importance of inclusive participation of all Sri Lankan voters, including minority communities, in the election process without any fear.
30 Dec 2014
ටී.එන්.ඒ සහය මෛත්‍රීට
(වීඩියෝ සහිතයි)
2014 දෙසැම්බර් මස 30 10:59:35
ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ආර්.සම්බන්ධන් මහතා කියයි.
කොළඹදී දෙමළ සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවක් දැන් පැවැත්වේ.
ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටදැයි සාකච්ඡා වට කිහිපයක්ම පැවති අතර ඊයේ (29) යාපනයේදී පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවත් තම පක්ෂය දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුමක් ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන බවත් ඔහු කීවේය
http://www.lankadeepa.lk/index.php/articles/286483


Video: TNA decides to support Maithri
2014-12-30 11:00:05
The Tamil National Alliance (TNA) has decided to extend support to Opposition Common Candidate Maithripala Sirisena at the Presidential Elections, TNA Parliamentary Group Leader R. Sampanthan announced a short while ago in Colombo.
- See more at: http://www.dailymirror.lk/60007/tna-decides-to-support-maithri#sthash.ukAPVlna.dpuf

(Text of Media Release Issued by the Tamil National Alliance on December 30th 2014)
http://dbsjeyaraj.com/dbsj/archives/36808?utm_medium=twitter&utm_source=twitterfeed
30 Dec 2014
Maithripala’s petition against TV adverts
 
The Colombo District Court yesterday gave time till January 5, 2015 to the Sri Lanka Rupavahini Corporation and three other television stations to file objections to an application for an Interim injunction filed by common opposition candidate at the forthcoming Presidential polls Maithripala Sirisena.
 The plaintiff Sirisena has said these TV stations telecast a speech made by him, in 2009 in which he praised President Rajapaksa. He had alleged that it was in violation of presidential election laws to advertise an extract of a speech made a couple of years ago.
He wants the advertisement stopped by an injunction of the Court. On Friday last, the District Judge Ms. Sujatha Alahapperuma had refused to grant the enjoining order against the respondents and fixed the hearing of the plaint. When the case was called before Additional District Judge Ms. Kumari Abeyratne yesterday, the respondent TV Stations and other connected respondents were given time to file objections.Ali Sabry PC appeared for the defendants. Ronald Perera PC appeared for the plaintiff.

'2009 වසරේ කළ කතාව නැවත විකාශය වළක්‌වන්න'
මෛත්‍රී කළ ඉල්ලීම උසාවිය ප්‍රතික්‍ෂේප කරයි
ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක්‌ ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක්‌ නැවත විකාශනය කිරීම වළක්‌වන වාරණ නියෝගයක්‌ දෙරණ, ශ්‍රී ලංකා රූපවාහිනිය, හිරු සහ ස්‌වර්ණවාහිනිය යන විද්යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක්‌ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ප්‍රතික්‍ෂේප කළාය.

30 Dec 2014
කොළොන්නාවේ ප්‍රචණ්‌ඩත්වය
වළක්‌වන්න වැඩපිළිවෙළක්‌ යොදන්නපැµරල් සංවිධානය පොලිස්‌පතිට කියයි
කොළොන්නාව ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය වළක්‌වා ගැනීමට සුදුසු ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ යොදන ලෙස පැµරල් සංවිධානය පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා සිටී.
කොළොන්නාව ප්‍රදේශයේ ඉකුත් දින කිහිපය තුළ වෙඩි තැබීම් සිද්ධි දෙකක්‌ ඇතුළුව ප්‍රචණ්‌ඩ ක්‍රියා කිහිපයක්‌ වාර්තා වූ බවද ඉකුත් පළාත් පාලන මැතිවරණ සමයේදී එම ප්‍රදේශයේ සිදුවූ සිද්ධියකින් වටිනා ජීවිත අහිමි වූ බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
එම නිසා ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය පිළිබඳ සලකා බලා විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්‌ එම ප්‍රදේශයට යොදන ලෙසත් ප්‍රචණ්‌ඩව හැසිරුණු පිරිස්‌ අත්අඩංගුවට ගන්නා ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටී.

http://www.divaina.com/2014/12/30/news21.html
30 Dec 2014
මහියංගනයේ මැරයෝ පැන යති
කර්නල් අයිසීයූ එකේ
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහියංගන සොරබොර ජනපදයේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පෙරේදා (28 වැනිදා) රාත්‍රි කඩාවැදුණු මැර පිරිසක්‌ එහි සිටි හිටපු හමුදා කර්නල්වරයකු ඇතුළු තිදෙනකුට අමානුෂික ලෙස පහර දී කාර්යාලය ද විනාශ කර හතර අතට වෙඩි තබමින් පලාගොස්‌ ඇත.
මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ හිටපු යුද හමුදා කර්නල් චන්ද්‍රසේන මහතා මහියංගනය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
පහළොස්‌දෙනකුගෙන් පමණ සමන්විත වූ සන්නද්ධ මැර පිරිස පැමිණ ඇත්තේ වාහන තුනකින් බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.ප්‍රහාරයට පැමිණි පිරිස අතර සිටි මහියංගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු, වෙළෙඳ සංගමයේ නිලධාරියකු, බස්‌ සංගමයේ නිලධාරියකු ඇතුළු සිව්දෙනකු හඳුනාගෙන තිබේ.
මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පෙරේදා උදේ වරුවේ විවෘත කළ අතර ඊට එදිනම රාත්‍රි ප්‍රහාර එල්ල කිරීම විශේෂ සිදුවීමකි.ප්‍රහාරය එල්ල වන විට කාර්යාලයේ සිටි කුඩා දරුවන් දෙදෙනකු හා පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා මහියංගන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාලකරුවන්ගේ තත්ත්වය හා සුවදුක්‌ පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (29 දා) දහවල් මහියංගන මූලික රෝහල වෙත පැමිණියේය.

30 Dec 2014
මහින්දගේ අද රැස්‌විම් 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩදී අද (30 දා) පස්‌වරුවේ ප්‍රධාන මහජන රැලිය පැවැත්වේ.
මෙයට අමතරව ජනාධිපතිවරයා අද මහර මල්වතුහිරිපිටිය, කිරිබත්ගොඩ, දෙල්ගොඩ, කිරිඳිවැල, ගම්පහ, අත්තනගල්ල, මීරිගම හා මීගමුව ප්‍රදේශවල පැවැත්වෙන ජනහමු කිහිපයකටද සහභාගි වීමට නියමිතය.




මෛත්‍රීගේ අද රැස්‌වීම්ජනාධිපතිවරණයට තරග කරන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30 වැනිදා) සහභාගි වන ප්‍රචාරක රැස්‌වීම් මන්නාරම, වව්නියාව, නල්ලූර් හා යාපනය යන ප්‍රදේශවලදී පැවැත්වේ
29 Dec 2014
අනේ මගේ විඩියෝව බලන්න - ගෝඨාභය
තමන් විසින් දෙසැම්බර් 27 වැනි දින ස්වර්ණවාහිනී රතුඉර වැඩසටහන සඳහා කරන ලද සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ (youtube) නරඹන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාවට නියෝග කර තිබේ.ඒ අනුව ත්‍රිවිධ හමුදාවල ප්‍රධානීන් විසින් සෙබළුන් හා නිලධාරීන් එය නැරඹීමට උනන්දු කරවීම සඳහා චක්‍රලේඛ නිකුත් කොට ඇත.
2014 දෙසැම්බර් 28 දාතමින් SL AF/17/1/ AIR අංකයෙන් යුතුව ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් ලේකම් කාර්යාලයේ සී.එච්.ආර්. සොයිසා (GpCapt) විසින් මෙම වැඩසටහන නරඹන ලෙසට සියලු හමුදා නිලධාරීන් උනන්දු කරවීම සඳහා අණදෙන නිලධාරීන් වෙත කරන ලද නියෝගයෙන් මේ බව සනාථ වේ.එම නියෝගයේ සඳහන් වන්නේ ආරක්ෂක ලේකම්වරයා ජාතික ආරක්ෂාවට අදාල අතිශය වැදගත්කමක් ඇති කරුණු ගණනාවක් පිළිබඳව එහිදී අදහස් පළකර ඇති බවයි. කෙසේ වුවත් එය ජනාධිපතිවරණය අභිමුව කරන ලද දේශපාලනික අදහස් දැක්වීමකි. ආරක්ෂක ලේකම්වරයා විසින් මෙවැනි වැඩසටහන් කිහිපයක් පුද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයක්ම යොදාගෙන ඉදිරිපත් කරන ලදී. මෙම ප්‍රවෘත්තිය පළකරන අවස්ථාව වන විටත් එම විඩියෝව අන්තර්ජාලය ඔස්සේ නරඹා තිබුණේ 17දෙනෙකු පමණි.
29 Dec 2014 -The Hindu
Salman shares stage with Rajapaksa
MEERA SRINIVASAN
283274-01-02

The actor participated in a health camp organised by the youth wing of Sri Lanka’s ruling party
Actor Salman Khan and Sri Lanka-born actor Jacqueline Fernandez on Monday shared the stage with President Mahinda Rajapaksa at a health camp organised by the youth wing of the island’s ruling party.
Amid speculative reports in local media that claimed the actor was in town to help the incumbent drum up support in his re-election bid, the actor participated in the event, though he did not speak. Media spokespersons at the President’s office were not available for comment.
Salman Khan is known to be a close friend of Namal Rajapaksa, the President’s son and a parliamentarian here. In November, journalist Rajat Sharma, also a friend of Salman Khan, was in Colombo to invite President Mahinda Rajapaksa and his son Namal Rajapaksa for the wedding of Arpita Khan, the actor’s sister. Namal Rajapaksa attended the wedding and tweeted about it then.
http://www.thehindu.com/news/international/south-asia/salman-shares-stage-with-rajapaksa/article6735611.ece?homepage=true
29 Dec 2014
සල්මන් ඛාන් මහින්ද වේදිකාවේ
2014 දෙසැම්බර් මස 29 14:46:09 | . , ඡායාරූප ඒ එෆ් පී
   283280-01-02

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ  ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බොරැල්ලේ ජන හමුවකට සහභාගී වූහ....photos
http://www.lankadeepa.lk/index.php/articles/286315
සලමන් සහ ජැකී ශ්‍රී ලංකාවේ
2014 දෙසැම්බර් මස 29 07:17:19 |
   බොලිවුඩ් සුපිරි නලු සලමන් ඛාන් සහ ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිලි ජැකලයින් ෆර්ඩිනැන්ඩස්  ඇතුලු  හය දෙනෙක් අද  අළුයම  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියහ.
ජෙට් ගුවන් සේවයට අයත් 9ඩබිලිව් 256 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට අද අලුයම පහට ඔවුන් මෙරටට පැමිණ ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/286173