Dec 30, 2014

30 Dec 2014
රජය ජාතික ගීයද මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන තිබෙනවා
එය දෝෂාභියෝගයක්‌ ගෙන ආ හැකි වරදක්‌ මාදුළුවාවේ සෝභිත හිමි
ආණ්‌ඩුව මෙරට ජාතික ගීයද තම මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන ඇති බවත් එය දෝෂාභියෝගයක්‌ ගෙන ආ හැකි වරදක්‌ බවත් සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති කෝට්‌ටේ ශ්‍රී නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

විපක්‌ෂ නායක කාර්යාලයේදී ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව කී අතර මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ මෙසේද කීය.
සාධාරණ මැතිවරණයක්‌ සඳහා යෝජිත නීති රීති හැමදාම වගේම මේ මැතිවරණයේදීත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අහෝසි කිරීම නිසා මැතිවරණ කොමිෂන් සභාවක්‌ අද නැහැ. ඒවගේම මැතිවරණ කොමසාරිස්‌වරයාට ඒ බලතල පාවිච්චි කරන්න තරම් ශක්‌තියක්‌ නැහැ. ඒ නිසා මේ මැතිවරණයට නාමයෝජනා භාරදුන් දවසේ සිටම අපට පෙනෙනවා ඉතා නරක විදිහට මැතිවරණ නීති රීති කඩ කරනවා.
මැතිවරණය සඳහා නාම යෝජනා දුන් පසු ජනාධිපතිවරයාත් එක්‌ අපේක්‌ෂකයකු පමණයි. මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්‌ අපේක්‌ෂකයකු පමණයි. මේ අපේක්‌ෂකයෝ කාටත් සම අයිතීන් ලැබිය යුතුයි. ජනාධිපතිතුමා තම විධායක බලය එහෙම පිටින්ම මේ මැතිවරණයට පාවිච්චි කරනවා.

http://www.divaina.com/2014/12/30/news13.html
ඒ වගේම එතුමා, වැඩිපුරම රැස්‌වීම්වලට යන්නේ හෙලිකොප්ටරයෙන්. ඒ වුණත් එතුමාගේ අනෙක්‌ වාහනත් ගොඩබිම් මාර්ගවලින් ගෙනියනවා. විශාල ආරක්‌ෂක භට ප්‍රමාණයකුත් වටකරගෙනයි යන්නේ ජනාධිපතිවරයාගේ රැස්‌වීම්වලට ලංගම බස්‌ රථ වලින් සෙනග ගෙනියනවා.

ඒ සඳහා සියලු වියදම් දරන්නේ පොදු මහජනතාව, ඒත් මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔය කිසිවක්‌ නෑ. තමන්ගේ අතින් වියදම් කරගෙනයි මැතිවරණ ව්‍යාපාරය කරන්න වෙලා තිබෙන්නේ, ඒවගේම මේ රජය ජනමාධ්‍ය හසුරුවණ ආකාරය ගත්තොත් ඉතාම නින්දිතයි. දැන් මෛත්‍රිපාල සිරිසේන මහතාට රැස්‌වීමක්‌ තියන්න පිටියක්‌ ගන්නත් බැහැ. දුන්නොත් දෙන්නේ මඩ වළක්‌ තියෙන පිටියක්‌. ශාලාවක්‌ ගන්න බෑ. පෞද්ගලික හෝටලයක්‌ ශාලාවක්‌වත් දෙන්න ඒ අය බයයි දුන්නොත් ගහයි කියලා.

මේ වගේ දැඩි මර්දනයකට ලක්‌වෙලා තිබෙනවා විපක්‌ෂය. මේ මැතිවරණයේදී ඒවගේම දිගින් දිගටම මැතිවරණ නීති කඩ කරනවා. විශාල කටවුට්‌ ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒවා ඉවත් කරන්නත් විශාල මුදලක්‌ යනවා. ඒවාත් අපේ මුදල්. මැතිවරණ නීති කඩ කරන්නේ අපි ඒත් ඒවාට දඩ ගෙවන්නේ අපි.

දැන් මෙහෙම ඇවිත් අලුතින්ම තිබෙන තත්ත්වය තමයි ජාතික ගීයත් ජාතික කොඩියත් මැතිවරණ ව්‍යාපාරයට රජය යොදා ගන්නවා. මෙහෙම එක එක්‌ කෙනාට ඕන විදිහට මේවා භාවිත කරන්න බැහැ. එය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම තහවුරු කර තිබෙනවා. මේ බලන්න දැන් පුවත්පත් දැන්වීම් සඳහා යොදා තිබෙනවා. අප ශක්‌තිය ඔබවේ. අප අනුප්‍රාණය ඔබ, අප ආලෝකය ඔබ, අප ජීවය ඔබ.

ජාතික ගීය මේ ජනාධිපතිවරණයේදී එක්‌ පුද්ගලයකු විසින් තමන්ගේ ජයග්‍රහණය සඳහා භාවිත කරනවා. ඒ නිසා එය එහෙම්පිටින්ම ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ පරිදි දොaෂාභියෝගයක්‌ පවා ගෙන ආ හැකි බරපතල චෝදනාවක්‌. මේ මැතිවරණය තුළින් මර්දනය, භීතිය රජකරවලා තිබෙනවා. අපිට ලේ විලක්‌ ඕන නැහැ. අපට ඕනේ සාමකාමී මැතිවරණයක්‌. කව්රු ජයග්‍රහණය කළත් අපිට කමක්‌ නැහැ. 
 

No comments:

Post a Comment