Dec 30, 2014

30 Dec 2014

ලජ්ජා නැති කමත්, තුප්පහිකමත් පිළිබඳ ආණ්ඩුව කුඹුක්ගැටේ දී පෙන්නා දුන්නා

jagath-top
ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට ඉන්දියාවෙන් සල්මන් ඛාන් ආනයනය කිරීමෙන් ප‍්‍රකාශවන්නේ මෙතෙක් ඔහු වටේ සිටි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ ලොම් හැලී නොවැදගත් තත්ත්වයකට පත්ව සිටීම බව සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ කෝට්ටේ අද උදේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය. එබැවින් ඉන්දියාවෙන් ලොං තියන නලූවෙක් ආනයනය කර ඇති බවත්, තුප්පහිකම සහ වනචරකම කියන්නේ කුමක්ද යන්න ‘නව පරපුර’ කලකරුවන්ට කුඹුක්ගැටේදී එල්ල වූ මැර ප‍්‍රහාරයෙන් ආණ්ඩුව වඩාත් හොදින් ජනතාවට පැහැදිලි කර දුන් බවත් හෙතෙම පැවසුවේය.
නවක සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැති එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ කුරුණෑගල කුඹුක්ගැටේදී නව පරපුරේ කලාකරුවන්හට ඊයේ එල්ල කෙරුණු  මැර ප‍්‍රහාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහාය. වත්මන් සමාජ දේශපාලන අර්බුදය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ ප‍්‍රාසාංගික වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටින අතර නව පරපුරේ කලාකරුවන්ට එම ප‍්‍රහාරය එල්ල කර තිබුණේ එම ප‍්‍රදේශයේ ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීවරයෙක්  බව කියන දොන් කමල් ඉන්දික නමැති පුද්ගලයකු මෙහෙයවූ මැර කණ්ඩායමකි. ප‍්‍රහාරයෙන් උදය ධර්මවර්ධන, සමනළී ෆොන්සේකා සහ ලක්ෂ්මන් විජේසේ්කර තුවාල ලබා තිබුණි.
සිද්ධිය විස්තර කරමින් කෞෂල්‍ය කුමාරසිංහ මෙසේ පැවසුවේය.
http://thecolombopost.net/?p=5950
”අපි සංදර්ශනය ඉදිරිපත් කරමින් සිටින අතරේ නිල් බලකායේ ටී ෂර්ට් ඇඳගත්ත කණ්ඩායමක් හූ කියමින් කෑගසමින් එම ස්ථානයට පැමිණියා. පසුව අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කරමින් ගල් මුල්වලින් ගහන්න පටන් ගත්තා. මේ කණ්ඩායම මෙහෙයවමින් පැමිණි දොන් කමල් ඉන්දික කියන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා ලක්ෂ්මන් විජේ්සේකර මහතාට අතින් පයින් පහර දුන්නා.”
මාධ්‍ය හමුවට පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් අතරින් අදහස් දැක්වූ ජයලත් මනෝරත්න මහතා මෙසේ පැවසුවේය.
”මේ සිදුවීම ගැන මෙන්ම රටේ පවතින ඛේද ජනක තත්ත්වය ගැන ජනතාවට අමුතුවෙන් කරුණු පැහැදිලි කරන්නට වුවමනා වේයැයි මම හිතන්නේ නෑ. මේ වන විට රට නැවතත් ගෝත‍්‍රික සමාජයක් දක්වා ආපසු ගමන් කරමින් තියනවා. ශරීර ශක්තියෙන් අනෙකා මැඬළීමේ යුගයක් ඇවිල්ලා තියනවා. නියමිත කාලයට වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා දැනගත යුතුයි ජනාධිපතිවරණයට ඔහු පමණක් නොවෙයි තවත් අපේක්ෂකයන් ඉදිරිපත් වන බව. එහෙත් අද අනෙක් අපේක්ෂකයන්ට ඔවුන්ගේ අදහස් ජනතාව වෙත ගෙනයන්නවත් නොහැකි තත්ත්වයක්් ඇති කොට තිබෙනවා.
මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නොහැකිව ජගත් මනුවර්ණ හඬා වැටුණි. තමන් උපන් අවස්ථාවේම මව්පියන් විසින් බෙල්ල මිරිකා නොමැරුවේ ඇයිදැයි විමසමින් හඬා වැළපුණු ඔහු ‘වෙන කිසි දෙයක් එපා. මුන් එක්ක රේස් පදින්න මට ලැම්බෝගිනි  එකක් අරං දියල්ලා’ යැයි මුරගෑවේය.
සමනළී ෆොන්සේකා, දිල්හානි ඒකනායක, ගාමිණී වියන්ගොඩ, ජෙහාන් ශ‍්‍රීකාන්ත, සෞම්‍ය ලියනගේ, පරාක‍්‍රම නිරිඇල්ල, මොහාන් රාජ් මඩවල සහ උපුල් ශාන්ත සන්නස්ගලද මාධ්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.
ප‍්‍රහාරය එල්ල කෙරුණු අවස්ථාවේ වීඩියෝ දර්ශනද මෙහිදී ප‍්‍රදර්ශනය කෙරිණ.
අලුත් පරපුරේ මාධ්‍ය හමුවට විශාල පිරිසක්
කුරුණෑගල කුමුක්ගැටේ ප්‍රෙද්ශයේදී සිදු වූ අලුත් පරපුරේ කලාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අද කෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේදී පැවති මාධය දැනුවත් කිරීමේ අවස්ථාවට මේ දක්වා පුරවැසි බලය සහ අලුත් පරපුර සහභාගි වන ක්‍රියාකාරකම්වලදී නොදුටු කලාකරුවන් පිරිසක් සහ සහිත්‍යධාරීන් වද්වතුන් පිරිසක් එක් වී සිටීම විශේෂත්වයක් ගනු ලැබීය.
එම අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ..............

No comments:

Post a Comment