Jan 5, 2015

පුංචි තොණ්ඩමන් අල්ලන්න නියෝග

2015 ජනවාරි මස 05 17:07:25 |
 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදමින් සිටි ඇල්ල තැපැල් හලේ සේවක පෙරියසාමී ඤාණසේකරට (29) පහරදී නිල ඡන්ද දැන්වීම් 35ක් ද ඔහුගේ රන් මාලය හා ජංගම දුරකතනයද පැහැරගත්තැයි කියන උව පළාත් සභා ඇමැති සෙන්දිල් තොණ්ඩමන් ලබන 23 වැනිදාට පෙර අත්අඩංගුවට ගන්නැයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (05) නියෝග කළේය.............
http://www.lankadeepa.lk/index.php/top_story/287698

ජනපති ජනහමුවට වාරණයක් කඩුවෙල උසාවියෙන් ටීවී හතරකට නියෝග

2015 ජනවාරි මස 05 16:40:19 | .
 අද (5) හෙට සහ අනිද්දා ‘ජනපති ජන හමු‘ නමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඒක පාක්ෂිකව සහයෝගය දක්වන වැඩසටහන් ප්‍රචාරය කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා අයිටීඑන්, ජාතික රූපවාහිනී ස්වර්ණවාහිනී හා දෙරණ ආයතනවලට වාරණයක් නිකුත් කළේය.
ජනපතිට සහයෝගය දක්වමින් ඇමැතිවරුන් ඇතුළු කථිකයන් සහභාගීවන වැඩසටහන් විකාශනය කිරීමෙන් හා එම වැඩසටහන්වල වීඩියෝ වෙනත් ආයතනවලට නිකුත් කිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට බලවත් අසාධාරණයක් සිදුවන බව දක්වමින් වෙන වෙනම පෙත්සම් හතරක් අධිකරණයට ඉදිරිපත් විය.
ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මඟින් ගොනු කළ පෙත්සම් වලින් කියැවුණේ තමාට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන පරිදි එම ආයතන ඒක පාක්ශිකව එම වැඩසටහන් විකාශනය කරන බවයි. එහෙයින් ඒවා නතරකරන ලෙසද නීතිවේදියා ඉල්ලා සිටියේය.
http://www.lankadeepa.lk/index.php/articles/287692

කහවත්ත වෙඩිතැබීම - නියෝජ්‍ය අමාත්‍යවහාම අත්අඩංගුවට ගෙන උසාවි ගේනු‘

06 Jan 2015
කහවත්තේ වෙඩි තැබීමට සැක නි.ඇමැති ඇතුළු තිදෙනා අල්ලන්න
පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් නියෝග කරයි
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි යන මහත්වරුන් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් ලක්‌මාල් පෙරේරා මහතා ඊයේ (5) පොලිසියට නියෝග කළේය.
සැරසිලි කරමින් සිටියදී වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ තිදෙනකු රෝහල් ගතකර ඇත.
රත්නපුර ප්‍රදේශයේ නියෝජ්‍ය ඇමැති ඇතුළු මැර පිරිසක්‌ විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ රැස්‌වීම සඳහා නගරයේ ඉදිකර තිබූ වේදිකාව අසල ආධාරකරුවන් පිරිසක්‌ පෙරේදා රාත්‍රි සිට සැරසිලි කරමින් සිට ඇත.
ඊ අලුයම 2.00 ට පමණ ජීප් රථ තුනකින් පැමිණ ඇති නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු මැර පිරිසක්‌ එහි සිටි මෛත්‍රීපාල මහතාගේ ආධාරකරුවන්ට තර්ජනය කර ඇති බව පැවසේ. පසුව ජීප් රථ තුන නගරයේ වෙනත් ස්‌ථානයකට ගොස්‌ ඇති අතර එහි පැමිණි පිරි සක්‌ පාගමනින් පැමිණ මෛත්‍රීපාල මහතාගේ ආධාරකරුවන් වෙත වෙඩි වර්ෂාවක්‌ එල්ල කර ඇත. ටී 56 ගිනි අවි යොදාගෙන මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ. තුවාලකරුවන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම වෙඩි තැබීම් සිදුකළ සැකකරුවන් කිසිවකු ඊයේ දහවල් වන තුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. කහවත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
http://www.divaina.com/2015/01/06/news05.html

05 Jan 2015
‘චොකා මල්ලිත් උසාවි ගේනු‘
2015 ජනවාරි මස 05 15:41:57 |
   විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා යන තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදරිපත් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (05) නියෝග කළේය.
ජනාධිපති අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩිතැබීම, තිදෙනෙකුට තුවාල සිදුකිරිම, සැරසිලි කඩා දැමීම සම්බන‍ධයෙන් කහවත්ත පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන‍ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. එසේම සැකකරුවන්ට රටින් පිටවීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා යැවීමටද නියම කලේය.
කහවත්ත නගරයේ දි අද (05) අලූයම දෙකට පමණ සිදුවු වෙඩි තැබීමකින් කරුණාදාස වීරසිංහ, ශාන්ත දොඩම්ගොඩ සහ තවත් එක් පුද්ගලයෙක් තුවාල ලදහ. නියෝජ්‍ය අමාත්‍යවරයා, පළාත් සභා මන්ත්‍රීවරයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා තවත් පිරිසක් ද සමග වාහන කිහිපයකින්  පැමිණ අලූයම දෙකට පමණ මෙම වෙඩි තැබීම කර ඇතිබව පොලිසිය අධිකරනයට කරුණු දැන්වීය.
වෙඩිපහරට ලක්වූ ශාන්ත දොඩම්ගොඩ  යන අයගේ තත්ත්වය බරපතල බවද පොලීසිය අධිකරණයට දැන්වීය. කහවත්ත පොලිසිය මේ සම්බන‍ධයෙන් පරීක‍ෂණ පවත්වයි.
http://www.lankadeepa.lk/index.php/top_story/287677

කහවත්තේ මැරයන් අල්ලනු නැත්නම් උද්ඝෝෂණයේ

05 Jan 2015
2015 ජනවාරි මස 05 15:30:03 |
   කහවත්තේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ආධාරකරුවන්ට වෙඩි තැබූවැයි සැකකෙරෙන නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම පැය 48ක් තුළ අත් අඩංගුවට නොගතහොත් රත්නපුර පොලිස් අධිකාරි කාර්යාලය අසල උද්ඝෝෂණයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය කියයි.
‘‘කහවත්තේ අහිංසක එජාප ආධාරකරුවන් තිදෙනකුට වෙඩි තැබීම දැඩිව හෙළා දකිනවා. ගිනි අවි රැගෙන අහිංසකයින්ට වෙඩි තබා චණ්ඩි පාට් දැමූ අයට කහවත්තේ ජනතාව අමතක නොවන පාඩමක් උගන්වා තිබෙනවා. මේ එජාප ආධාරකරුවන් තිදෙනාගේ ජීවිතවලට හානියක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්න මම සූදානම්. මැර දේශපාලනයෙන් ජනාධිපතිවරණය දිනන්න අපි ඉඩ තබන්නේ නැහැ‘‘
http://www.lankadeepa.lk/index.php/articles/287675

Monitors say will probe north threats

05 Jan 2015

The foreign election monitors from Asia who are in town for Thursday’s presidential election yesterday said they will look into the complaints they had received on an alleged plan to prevent the Northern people from voting once they visit the area today.
The represents of the Forum for Election Monitoring Bodies of South Asia (FEMBOSA) and the Association of Asian Election Authorities (AAEA) told a media briefing that they have received complains on deploying road blocks in the North from several candidates contesting the election whom they have already met.
The two groups of monitors have met several candidates including the two main ones as of last afternoon.  The Team Leader of the monitors from AAEA Dr. Shahabuddin Yaquoob told the briefing that they have received several complaints on the North but they will have to determine the accuracy once they visit the area. “We will have to take action based on our observances when we visit the North,” Dr. Yaquoob said responding to a question raised by the journalists.
Dr. Yaquoob said he himself would visit the North today.
Team Leader from FEMBOSA Neel Kantha Uprety said his team and the team from AAEA will spread out to all district when engaging in monitoring activities and would also correspond with the local monitors.
He said they will publish a report on the election on January 10th. “We will have to publish our report only on the 10th as we believe that the counting will go on till late on November 9th,” he said. Also he assured that they will focus on counting as well.
The team from FEMBOSA comprises 32 members from India, Pakistan, Maldives, Nepal, Bagaladesh and Butan while the team from AAEA comprises 23 members from countries such as Indonesia, Mongolia, Afghanistan, Kyrgyz and Kazakhstan.  (Yohan Perera)
http://www.dailymirror.lk/60377/monitors-say-will-probe-north-threats

හොර ගිවිසුම් නැති බව මෛත්‍රී කියයි

05 Jan 2015
‘අපි කා  එක්කවත් රහස් ගිවිසුම් ගහලා නෑ.ගෙවී ගිය කාලයේදී සන්ධානය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් කළා. ඒ සියල්ල අපි ඉවසුවා.අපි ස්ථිරවම දිනනවා.ප්‍රතිපත්තිති  ප්‍රකාශනයට තමයි සියළු සංවිධාන එකතු වුණේ.අපි ඒකීය බව ආරක්ෂා කරනවා. .‘ යැයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තිඹිරිගස්යායේ පැවැති විශේෂ හමුවකදී  අද (05) පැවසීය.
සිරිසේන මහතා -
‘රට බෙදන්න කොටින්ට හිස ඔසවන්න ඉඩ තියන්නේ නෑ.සාමය  සංහිඳියාව ඇති කරනවා.දින තුනක කාලයේ  ප්‍රචණ්ඩත්වය  ඇති කරන සැලැසුම් තිබෙන බවට ආරංචි  තියෙනවා අපි සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා.අපි විශිෂ්ට ජයග්‍රණයක් සමග නව පරිවර්තය කරනවා.‘

චම්පික රණවක - කේපී අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි‘

05 Jan 2014
‘කේපී අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි‘
2015 ජනවාරි මස 04 22:12:47 | තරිඳු ජයවර්ධන
    ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පැවැති කාලයේ සිදුකළ පිපිරීම් හා ඝාතන සඳහා යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය සැපයූ ප්‍රධානියා වූයේ කුමරන් පද්මනාදන් බවත්, වහා ඔහු අධිකරණයක් ඉදිරියට පැමිණවිය යුතු බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු කොටි ත්‍රස්තවාදීන්ගේ නායකයා වූයේ කේපී බවත්, ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය, රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර  පොලිසියේ වරෙන්තු කරුවකු බවත්, ඔහුට නිදැල්ලේ හැසිරීමට ඉඩ දීම බරපතල අපරාධයක් බවත් රණවක මහතා සඳහන් කරයි.
http://www.lankadeepa.lk/index.php/articles/287590


මෛත්‍රීපාල සිරිසේන - වෙඩි තියලා ගල් ගහලා අපිව නතර කරන්න බැහැ

05 Dec 2015
ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කරන්න සූදානම්
-පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන
ජනතාවට බොරු පොරොන්දු දෙන දේශපාලන සංස්‌කෘතිය අපි හෙළා දකිනවා
-සරත් ෆොන්සේකා 
මේ වතාවේ මහින්ද පරාදයි
-ඌව විපක්‍ෂ නායක හරීන් ප්‍රනාන්දු

වෙඩි තියලා, ගල් ගහලා, වේදිකා ගිනි තියලා අපව නතර කරන්න හදන්න එපා. අපිව බය කරන්න හැදුවට අපි බිය හඳුනන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වුවත් අපි සූදානම් යෑයි විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා
(3 වැනිදා) මහියංගනය, දෙහිඅත්තකණ්‌ඩිය සහ ඊයේ (4 වැනිදා) බදුල්ල, පස්‌සර, උඩුදුම්බර යන ප්‍රදේශවල පැවැති ජනහමු අමතමින් ප්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
මගේ පියා ගොවියෙක්‌. මමත් ගොවියෙක්‌. ගොවි ජනතාවගේ ගැටලු, ප්‍රශ්න අපි හොඳින් හඳුනනවා. ගොවි ජනතාවගේ දහඩිය සුවඳ අපි හඳුනනවා. අපේ ආණ්‌ඩුවක්‌ යටතේ ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු කරනවා. විශේෂයෙන් ජල ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය ඒ අතර ප්‍රධානයි. අපි බාල පොහොර ගෙන්වන්නේ නැහැ. ගොවියා ලෙඩුන් කරන ආණ්‌ඩුවක්‌ වෙනුවට ගොවියා රජුන් කරන ආණ්‌ඩුවක්‌ හදනවා. මේ රජය ගොවියා ගැන සලකන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රශ්න හඳුනන්නේ නැහැ. කොමිස්‌ කුට්‌ටි ඇති මහා පරිමාණ ජල ව්‍යාපෘති විතරයි මේ ආණ්‌ඩුව හදන්නේ. ඒත් කුඹුරට නියරට වතුර එන ක්‍රමයක්‌ හදන්නේ නැහැ. නියං කාලයට විතරක්‌ නොවේ ඇතැම් වර්ෂා කාලයටත් ගොවියාට වතුර ලැබෙන ක්‍රමයක්‌ නැහැ. ජලය අපතේ යනවා. අපේ මේ ජලය රටවල් 10 කට ඇති. ඒත් කුඹුරට වතුර නැහැ. අපේ ආණ්‌ඩුවක්‌ යටතේ කුඹුරට හිඟයකින් තොරව වතුර ටික ලැබෙන්න සලස්‌සනවා.
අද මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව දැනටමත් මේ මැතිවරණයේ පරාජය පිළිඅරගෙන තිබෙනවා. ඔවුන්ට ඒ පරාජය දැන් දරා ගන්න බැහැ. එයින් වියරු වැටී තිබෙනවා. මුලින්ම අපේ වඳුරඹ වේදිකාව ගිනිබත් කළා. දැන් අපි කතා කරන කොට ස්‌ටේඡ්වලට ගල් ගහනවා. කතා කරලා ආවහම වේදිකාවට ගිනි තියනවා. මගේ දැනුවත්භාවය අනුව නම් මේවා කරන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ගැත්තෝ තමයි. අපේ කලාකරුවන්ට පහර දෙනව. ආණ්‌ඩුවට එරෙහිව කිසිම කෙනකුට මුකුත් කරන්න බැහැ. ආණ්‌ඩුව හිතන් ඉන්නේ මේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ නොව රාජාණ්‌ඩුවක්‌ කියලයි. රාජාණ්‌ඩුවල තමයි මෙවැනි කටයුතු සිදු වෙන්නේ. රාජාණ්‌ඩුවක සිටින අසාධාරණ පාලකයෙක්‌ නිසා අද මුළු රටම අසරණ වෙලා.

මහින්ද රාජපක්‍ෂ - මම ගෙන්දගම් පොළව පෑගුවේ මගේ හිටපු ලේකම්ටත් කලින්

05 Jan 2015

"මම ගෙන්දගම් පොළොව පෑගුවේ මගේ හිටපු ලේකම්තුමාටත් කලිනුයි. ඒ නිසා මාව අන්දන්න අමාරුයි. එංගලන්තය, ඉන්දියාව, ඇමරිකාව හැම තැනින්ම මාව අන්දන්න හැදුවා ඒත් බැරිවුණා. දැන් ඔහු මෝදිට ඇඳලා. විහිළු සපයනවා. නමුත් ජනතාව මේවාට කිසිසේත් රැවටෙන්නේ නැතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (03දා) ගිනිගත්හේන මහනුවර, ඇහැලියගොඩ හා කන්තලේ නගරවලදී පැවැති ජනරැලිය අමතමින් පැවැසීය.
එහිදී මෙම රැළි අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
අනුකම්පාව ගැනීමට කරන සංදර්ශන තුළින් ඵලක්‌ නොවන බවත් ජනාධිපති මැතිවරණය විහිළුවකට නොගන්නා ලෙසත් ඒවාට බුද්ධිමත් ජනතාව රැවටිය නොහැකිය බවත් සඳහන් කළේය.
මේ රට රුදුරු ත්‍රස්‌තවාදයෙන් මුදවාගෙන අපි ශීඝ්‍ර සංවර්ධනයක්‌ කරමින් පවතිනවා. මෙම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳව අපි පෞද්ගලිකවම සොයා බලනවා. ශ්‍රීපාද අඩවිය පිහිටි මෙම ප්‍රදේශය බෞද්ධ, හින්දු, මුස්‌ලිම් ජනතාව එකට ජීවත්වන ආසනයක්‌ නිසා අපි ඒ තීන්දුව විශේෂයෙන් අරගෙන තිබෙනවා. මේ කාලයේ බොරු ප්‍රචාර ගෙනියනවා. රැස්‌වීමක්‌ තියන්න බෑ. හිස්‌ පුටු දෙකක්‌ තියනවා. නුවරදී පුටු 04 ක්‌ තියලා තිබ්බා. මේ අය කියනවා ඔන්න දැන් ලොක්‌කෙක්‌ එනවා දැන් එනවා කියලා. අන්තිමට ලොක්‌කත් නෑ කවුරුත් නෑ. අට වෙනිදා උදේටත් සමහර විට මේ අය කියයි මහින්ද රාජපක්‍ෂත් අස්‌වෙලා එයි කියලා. ඒවායින් නවත්වන්නේ නෑ. මේ අය දැන් සංදර්ශනයක්‌ පවත්වනවා. පසුගිය දවසේ එක්‌කෙනෙක්‌ එනවා කියලා එයාට උගන්වනවා. තමුන්නාන්සේලා ඒක රූපවාහිනියෙන් දකින්න ඇති. එයාට උගන්වනවා කියන්න ඕන දේවල්. අන්තිමට මරන්න ඉන්න බව කියන්න කියලා උගන්නනවා. මේක තවත් අයෙක්‌ පටිගත කරල ටී. වී. එකේ පෙන්නුවා. මේ රඟපෑම, බොරුව එතනින් නැවතුනේ නෑ. නිළියකට ගැහුවා කියලා බොරු රඟපෑමක්‌ කළා. මේ බොරු දේවල් වලට ජනතාව රවට්‌ටන්න බෑ. චිත්‍රපටි, ටෙලිනාට්‍ය හදනවා වගේ දේවල් දවසින් දවස ඉදිරිපත් කරනවා. ඒ විතරක්‌ නෙවෙයි මේ ළඟදී ගල් ගහපු කථාවක්‌ කියනවා. තව ටික දවසකින් මොනවා කර ගනීද දන්නේ නෑ. මම කියනවා මගේ හිටපු ලේකම්ට අනුකම්පාව ගන්න කරන මේ බොරු සංදර්ශන වලින් වැඩක්‌ නෑ. මේක ජනාධිපති මැතිවරණයක්‌. විහිළුවක්‌ විදිහට සලකන්න එපා කියලා.

දැනට මාස කීපයකට පෙර රාජිත සේනාරත්න මහතා මට කීවා ජාත්‍යන්තරයේ, කොටි සංවිධානයේ කුමන්ත්‍රණයක්‌ තිබෙනවා. අපේ මන්ත්‍රීවරු දෙන්නෙක්‌ අරගෙන ඒ දෙන්නා හරහා මේ ආණ්‌ඩුව පෙරළීමේ වැඩපිළිවෙළක්‌ තිබෙන බව. එයා කීවා තවත් කට්‌ටිය ගන්න බලනවා. අපේ පක්‍ෂයේ කෙනෙකුට නායකත්වය දීලා මේ කුමන්ත්‍රණය කොටියන් විසින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබෙන බව. මම වගකීමෙන් මේ කථාව කියනවා. රාජිත සේනාරත්න මහතා එහෙම කීවා. දැන් මේ කුමන්ත්‍රණය එළිවෙලා බලනකොට මිනිහත් මේ කුමන්ත්‍රණයට අහුවෙලා. එක දවසක්‌ කියනවා මහාරජාණෝ කියලා. අනික්‌ පාර මම මුරුංගා අත්තේ තියලා හිටියා. මම ඔහේ හිටියා කඩන් වැටෙයි කියලා. දැන් කියනවා මම එක එක ඒවා කියන්නේ නෑ කියලා. එක එක්‌කෙනා කියලා මාව ඇන්දුවා කියලා. බලනකොට මගේ හිටපු ලේකම්තුමානේ මාව අන්දන්න හදලා තියෙන්නේ. මම ගෙන්දගම් පොළව පෑගුවේ එයාට ඉස්‌සරවෙලා. ඒක නිසා මාව අන්දන්න අමාරුයි. එංගලන්තේ, ඉන්දියාවේ, ඇමෙරිකාවේ හැම තැනින්ම මාව අන්දන්න හැදුවා. මාව අන්දන්න බැරිවුණා. දැන් කවුද මෝඩිට ඇඳල ඉන්නේ? තමන් ඉන්න විදිහට ඉන්න එපැයෑ දෙවියනේ. මේක විහිළුවක්‌ කර ගන්න හොඳ නෑ. මම හිතනවා ජනතාව රවට්‌ටන්න හොඳ නෑ කියලා.

අවසන් මහ රැලි අද - ප්‍රචාරක වැඩ අද රෑ 12ට අවසන්

05 jan 2015
ප්‍රචාරක වැඩ අද රෑ 12ට අවසන් - තව දින තුනයි
හත්වැනි ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු සිදුකිරීමට අපේක්‍ෂකයන්ට ලබා දී තිබූ කාලය අද (05 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අපේක්‍ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (05 වැනිදා) ප්‍රධාන ප්‍රචාරක රැලි හතරකට සහ ජනහමු තුනකට සහභාගිවීමට නියමිතය. තිස්‌සමහාරාමය, අම්බලන්ගොඩ හා මතුගමදී රැලි තුනක්‌ පැවැත්වෙන අතර අවසන් මහ රැලිය අද රාත්‍රි කැස්‌බෑවේදී පැවැත්වීමට නියමිතය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රධාන රැලි හතකට සහභාගිවීමට නියමිතය. ඒ අනුව පෙරවරුවේ නිවිතිගල, දහවල් ඇඹිලිපිටිය, සවස දෙවිනුවර සහ ගාල්ල, සවස 5.00 ට කළුතර, සවස 6.00 ට මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී සහ රාත්‍රි කොළඹ මරදානේදී අවසන් මහා රැලිය පැවැත්වේ.

ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එනම් මධ්‍යම රාත්‍රියෙන් පසුව සියලුම පෝස්‌ටර්, කටවුට්‌ සහ ප්‍රචාරක දැන්වීම් ඉවත් කරන ලෙසත්, පක්‍ෂ කාර්යාල සියල්ල ඉවත් කරන ලෙසත් මැතිවරණ කොමසාරිස්‌වරයා තරග කරන සියලු දේශපාලන පක්‍ෂවලට දැනුම් දී තිබේ. එසේ ඉවත් නොකළහොත් නීත්‍යානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද කොමසාරිස්‌වරයා පොලිස්‌පතිවරයාට නියෝග කර තිබේ.

කහවත්තේ මෛත්‍රී වේදිකාවටත් වෙඩි

05 Jan 2015
   විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ අවසන් ඡන්ද රැලියකට වේදිකාව ඉදිකරමින් සිටි පිරිසකට අද අලුයම වෙඩි තබා ඇතැයිද දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
ප්‍රහාරයට වාහන 6කින් ආ බවටද තොරතුරු ඇතැයිද මැරයන් හා ජීප් රියක් හඳුනාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
http://www.lankadeepa.lk/index.php/articles/287608

'ඡන්ද විමසීම් කාලයේ පක්‍ෂග්‍රාහී වැඩ එපා' මැ.කො. ආගමික සිද්ධස්‌ථානවලට දන්වයි

05 jan 2015
සක්‍රීය ඡන්ද විමසීම් කාලය තුළ කිසිදු විහාරස්‌ථානයක, කෝවිලක හෝ දේවස්‌ථානයකදී පක්‍ෂයකට හෝ අපේක්‍ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු ද්‍රව්‍යමය ආධාර බෙදීමට හෝ එවැනි උත්සව පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා එම ආගමික ස්‌ථාන භාර පූජ්‍ය පූජක පක්‍ෂයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ආගමික උත්සව හරහා දේශපාලනමය කතා පැවැත්වීමට හෝ කිසිවකුට ඉඩ ලබා නොදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.
අපේක්‍ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා විවිධ ද්‍රව්‍යමය ආධාර බෙදාදීම හා මූල්‍යමය ආධාර බෙදාදීමට තොරතුරු රැස්‌කිරීම ආදී නීති විරෝධී ක්‍රියාවන් දේශපාලනඥයන් විසින් සිදුකරන බවට ලැබුණු පැමිණිලි මත කොමසාරිස්‌වරයා මෙම ඉල්ලීම කර තිබේ.
රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්‌ඩ ආධාර බෙදාදීමේ වැඩසටහනක්‌ හා රාජ්‍ය ප්‍රතිපත්ති මගින් සිදුකරන ක්‌ෂේත්‍ර වැඩසටහන් දැනටමත් සංවිධානය කර ඇත්නම් එවැනි වැඩසටහන් මෙම 08 වැනිදායින් පසුව ක්‍රියාත්මක කරන ලෙස කොමසාරිස්‌වරයා අදාළ සියලුම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා තිබේ.
 

මිහින්තලේ කාර්යාල 4කට නිවාසවලට මැර ප්‍රහාර

05 Jan 2015
මිහින්තලේ මැතිවරණ බල ප්‍රදේශයේ පිහිටුවා තිබෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාල හතරකට සහ නිවාස කීපයකට කැබ් රථයකින් පැමිණි මැර කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (3 දා) අලුයම් කාලයේ පැය හතරක්‌ තුළ ප්‍රහාරයක්‌ එල්ල කොට ඇත.
තිරප්පනේ මුරියාකඩවල අලගොල්ලෑව, ඇතුන්ගම සහ පුංචි කුලම යන ප්‍රදේශවල පිහිටි පක්‍ෂ කාර්යාල සහ නිවාසවලට මෙලෙස ප්‍රහාර එල්ල කොට තිබේ.
මේ පිළිබඳව තිරප්පනේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි
http://www.divaina.com/2015/01/05/news06.html

අරලගංවිල සන්ධාන හා විපක්‍ෂ කාර්යාල 9කට ප්‍රහාර

05 Jan 2015
පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක්‌ අතර පෙරේදා (3 වැනිදා) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු පක්‍ෂ කාර්යාල නවයකට මැර ප්‍රහාර එල්ල කර අලාභහානි සිදුකර ඇත.
මෙහිදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කාර්යාල අටකට සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාලයකට මැර ප්‍රහාර එල්ල වී තිබේ.
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අරලගංවිල ප්‍රදේශයේ පැවැති රැලියකට පෙරේදා (3 වැනිදා) රාත්‍රී සහභාගි වී පිටව යැමෙන් පසු එම ස්‌ථානයේ සිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් අතර ගැටුමක්‌ ඇතිවී තිබේ.
එහිදී පුද්ගලයන් පස්‌ දෙනකු සුළු තුවාල ලබා ඇති අතර අහසට වෙඩි තැබීමක්‌ද සිදුව ඇතැයි අරලගංවිල පොලිසියට වාර්තාවී ඇත. මේ සිද්ධීන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ඒ ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (4 වැනිදා) පැවැසීය.
ප්‍රචණ්‌ඩ ක්‍රියා වැළැක්‌වීම සඳහා පෙරේදා (4 වැනිදා) රාත්‍රි යුද හමුදා විශේෂ කාර්ය බලකා භට පිරිස්‌ යොදවා තිබූ බවත් හෙතෙම කීය.
http://www.divaina.com/2015/01/05/news05.html

ජාතික හෙළ උරුමය - උතුරේ ඡන්ද අයිතියට බාධා නොකරන්න’- භික්ෂූ එකමුතුව

04 Jan 2015


ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කරන භික්ෂූන්ට කොටි ලේබලය නොගසන මෙන් ජාතික සංඝ සභාවේ සහ ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
උන්වහන්සේ එම ඉල්ලීම කළේ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වුන භික්ෂු විරෝධතා ව්‍යාපාරයක දී.
එම භික්ෂු උද්ඝෝෂණයේ අරමුණ උතුරේ දෙමළ ජනතාවට ජනවාරි අට වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසන මෙන් ලෙස රජයට කියා සිටීමයි. 2005 ජනාධිපතිවරණයේ දී මෙන් කොටි ත්‍රස්තවාදීන් යොදා ගෙන උතුරු පළාතේ ජනතාව ඡන්දය දීමෙන් වළක්වා ලීමට යළි කටයුතු නොකරන ලෙසයි භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටියේ.
තමන්ට කොටි ලේබලය ගැසුවත් කොටි සිටින්නේ අරලිය ගහ මන්දිරයේම බවයි භික්ෂු එකමුතු විරෝධතා ව්‍යාපාරයේ දී අදහස් පළ කළ ජාතික සංඝ සභාවේ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළේ.
ජනවාරි අට බිය වැද්දීම්
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ජනාධිපතිවරණය දිනයේ උතුරු පළාතේ ජනතාව බිය වද්දමින් මහජනයා ඡන්ද පොලට පැමිණීම වළක්වා ලීමේ සැලැස්මක් පිළිබඳව දැන ගන්නට ලැබී ඇති බවයි.
‘දෙමළ මිනිසුන් බිය වද්දමින් ඔවුන් ඡන්ද පොළවලට නොපැමිණ සිටීමේ තත්වයක් ඇති කිරීමට හදනවා. අන්න ඒ තත්වය ගැන ලෝකයට කියන්නයි අපි අද අරලිය ගහ මන්දිරය ඉදිරියට ආවේ’ පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කියා සිටියහ. සිංහල දෙමළ සහ මුස්ලිම් හැම පුරවැසියකුගේ ම ඡන්ද අයිතිය සහතික කරන මෙන් උන්වහන්සේ ඉල්ලීමක් ද කළහ.
මහජන කැමැත්තට බාධා
එම විරෝධතා ව්‍යාපාරය අමතා කතා කළ ජාතික හෙළ උරුමයේ පස්සරමුල්ලේ දයාවංශ හිමියන් සඳහන් කළේ යුද ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය තනිකර සිය අයිතිය යටතට ගැනීමට කටයුතු කරන ජනාධිපතිවරයා ඊට දායක වූ වෙනත් කොටස් වලට කොටි ලේබලය අලවමින් සිටින බවයි.
‘ජනාධිපතිතුමා උතුරේ ප්‍රජාතන්ත්‍රීය ලෙස බලයට පත් කණ්ඩායම යටපත් කරමින් කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙමින් උතුරු පළාතේ ජනයාගේ ඡන්ද අයිතිය වළක්වාලීමට කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. මහ ජනතාවට සහජීවනයෙන් වාසය කිරීමට ඇති පරිසරය මහජන කැමැත්ත උරගා බලන මොහොතක වැරදි ආකාරයට පාවිච්චි කිරීම ගැන අපි කනගාටු වෙනවා’ පස්සරමුල්ලේ දයාවංශ හිමියෝ පැවසූහ.
විරෝධතා ව්‍යාපාරයට හවුල් වූ භික්ෂූන් වහන්සේ පිරිත් දේශනා කරමින් සත්‍යග්‍රහයක ද නිරත වූහ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150103_lanka_monks_templetrees

Polls chief’s directive against ‘Janapathi Jana Hamuwa’ telecast

04 Jan 2015
Elections Commissioner Mahinda Deshapriya has directed all State and private electronic media not to air the ‘Janapathi Jana Hamuwa’ television programme scheduled for telecast tomorrow. His directive follows a complaint lodged by United National Party (UNP) MP Wijedasa Rajapaksa.
Mr Rajapaksa told the Sunday Times that during a meeting with the Elections Commissioner, they were informed that he has written to the Ministry of Mass Media and Information and the heads of media not to allow such TV programmes to be aired.
Meanwhile, Mass Media and Information Minister Keheliya Rambukwella said, “If this particular TV programme comes within the guidelines issued by the Elections Commissioner, government will not allow its telecast, if not, we will allow it to be aired,” he said.
“State lawyers will decide whether it comes within the guidelines or not,” he said.
http://www.sundaytimes.lk/150104/news/polls-chiefs-directive-against-janapathi-jana-hamuwa-telecast-129780.html

ඡන්ද ගැරිල්ලට ගෙනගිය බුදුපිළිම අත්අඩංගුවේ

04 Jan 2015

2015 ජනවාරි 04 වෙනි ඉරිදා, 21:54 0 COMMENTS  ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ තිබෙන දිවිනැගුම දෙපාර්ගමේන්තුවෙන් බෙදා දීමට ගෙන ගිය බුදුපිළිම කන්ටේනර් 10ක් කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත ක්‍රීඩාංගනයේ මේ වනවිට ගාල් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දය ව්‍යාපෘතියට සෘජුවම බුදුපිළිම යොදාගැනීමට සූදානම් කර තිබිණ. එහි මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින බුදු පිළිම ප්‍රධානය කරන බව එම කන්ටේනර් රථවල ප්‍රධර්ශනය කර තිබේ.
අද (04) රටපුරා පිහිටි විහාරස්තානවලදී සිල් රෙදි බෙදා දෙනු ලැබීය. මේ ආකාරය‍ට මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද අල්ලස් ව්‍යාපාරයට බුදුදහමද යොදාගනිමින් සිටී.
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13493:2015-01-04-16-26-08&catid=41:local&Itemid=74

අද බෙදූ සිල් රෙදි අස්සේ ඡන්ද ප්‍රචාරක පත්‍රිකා

04 Jan 2015
sil redi
ජනපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවක් ඇතුළත්  සිල් රෙදි බෙදා දීමක් විහාරස්ථාන මට්ටමින් අද පොහෝ දා රටේ බොහෝ විහාරස්ථාන කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වූ බව වාර්තා වෙයි.
බෙදා දීම සඳහා සිල්රෙදි තොගයක් ගෙන්වා ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන මෙයට පෙර වාර්තා කළේය.
මෙම කටයුත්ත පිළිබද මාධ්‍ය මගින්, මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මගින් මැතිවරණ කොමසාරිස්වරයා මෙයට පෙර දැනුම්වත් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන විසින් නිකුත් කළ ප්‍රකාශනයක දැක්වුණේ එකක් මීටර් පහක් දිග සිල් රෙදි සඳහා රුපියල් කෝටි සීයක් වැය කර ඇති බවය.
ජනාධිපතිවරණ ව්‍යාපාරය අතර නීතියට පටහැණිව සිදු කරන සිල්රෙදි බෙදා හැරීම නතර කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන ඉල්ලීමක් ද කර තිබිණි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුගත් රනුග්ගේ කියා සිටියේ සිල්රෙදි බෙදා දීම යහපත් බෞද්ධ ප්‍රතිපදාවක් වන නමුත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් වශයෙන් ප්‍රචාරක පත්‍රිකා එම රෙදි අතර බහා එවැනි දී කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන බවය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන මගින් නිකුත් කරනු ලැබ ඇති ප්‍රකාශනය අනුව ඉහත කී සිල් රෙදි ව්‍යාපෘතියට අවශ්‍ය බරපැන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශය මගිනි. මෙ වැඩසටහන සංවිධානය කර ඇත්තේ බුද්ධ ශාසන කටයුතු පිළිබද ජනාධිපති උපදේශකත්වය දරන හිමි නමකගේ අනුමැතිය යටතේය.
මෙම සිල් රෙදි බෙදා දීම සිදු කර ඇත්තේ විවිධ ගිහි පැවිදි පිරිස් හා සංවිධාන මාර්ගයෙනි.
http://thecolombopost.net/?p=6765

සන්ධානය ආනමඩුවෙදි සිල් රෙද්ද ඉරාගනී
2015 ජනවාරි මස 04 12:01:20 |
   ප්‍රධාන අපේක්ෂකයකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් ආනමඩුව ප්‍රදේශයේ විහාරස්ථානවලට බෙදීම මැතිවරණය අවසන්වන තුරු නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා පොලිසියට නියෝග කර ඇත.
ආනමඩුව ශ්‍රී ආනන්දාරාමය, පරමාකන්ද රජමහා විහාරය හා ආනමඩුව වඩත්ත ශ්‍රී සරණංකර පරිවෙන යන විහාරස්ථානවල ගොඩ ගසා තිබූ සිල් රෙදි තොගය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව පොලිසිය යොදවා කළ සොයා බැලීමකදී සිල් රෙදි තොගය හමුවූ බව පොලිසිය කියයි.

අනුර දිසානායක - රාජපක්ෂලා ඇමරිකාවේ පුරවැසියෝ - මේ අය කරන්නේ කොන්ත්‍රාත් එකක්

04 Jan 2015


රාජපක්ෂලා ඇමරිකාවේ පුරවැසියෝ - මේ අය කරන්නේ කොන්ත්‍රාත් එකක්
2015 ජනවාරි 04 වෙනි ඉරිදා, 15:41
''රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයටත් මේ රට එකට තියෙන්න ඕන නැහැ. ගෝඨාභය,බැසිල්, ඩලස්, චන්දිම රාසපුත‍්‍ර මේ රටේ ජීවත් වෙන්න බලාගෙන ඉන්න අය නෙවෙයි. එනිසා තමයි ඔවුන්ට ඇමරිකාවේ ගෙවල් තියෙන්නේ. ඇමරිකන් පුරවැසියෝ. ඔවුන් ලංකාවට ඇවිත් අවුරුදු 09ක් වෙනවා. එහෙත් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කළේ නැහැ. පුරවැසිභාවය අලූත්කරගන්න ඇමරිකාවට දුවනවා. මේ අය කරන්නේ කොන්ත‍්‍රාත් එකක්. ඒ කොන්ත‍්‍රාත් එකෙන් හම්බවෙන සල්ලි පාවිච්චි කරලා ඇමරිකාවෙන් දේපල ගන්නවා. ඒ අයගේ මව්බිම ඇමරිකාවයි. ඒ නිසා රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය මේ අයට ඕනෑ.'' යැයි අද (04) ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකශ කළේය.

එහිදී අනුර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
මේ ජනාධිපතිවරණය ගෙනාවේ ව්‍යවස්ථාවට, රටේ නීති රෙගුලාසිවලට, අණපනත්වලට පටහැනිවයි. ඒ නිසා මේ ජනාධිපතිවරණය නීති විරෝධියි. මෙම ජනාධිපතිවරණයට රාජපක්‍ෂ තරඟ වැදීමත් නීති විරෝධියි. ඒ වගේම මේ මැතිවරණයේදී රාජපක්‍ෂගේ කටවුට්, දන්සැල්, භාණ්ඩ බෙදීම්, බැලූවාම මේ මැතිවරණයට මොනතරම් මුදල් ප‍්‍රමාණයක් පොම්ප කරනවාදැයි රටේ ජනතාවට බලාගන්න පුළුවන්. අනුරාධපුර ආණ්ඩුවේ රැලියට ලංගම බස් විශාල ප‍්‍රමාණයක් යොදාගත්තා. මැතිවරණ නිලධාරීන් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ඒ ගැන ප‍්‍රශ්න කරද්දී බස්වලට කෝටි දෙකහමාරක් ගෙවු බව කිව්වා. අනුරාධපුරයේ සල්ගාදු පිට්ටනිය කෝටි ගාණක් වියදම් කරලා කොංකී‍්‍රට් කළා. රැලිය අවසන්වෙලා නැවත කෝටි ගාණක් වියදම් කරලා තණකොළ ඉන්දනවා. අපි මේරටේ ජනතාවගෙන් අහනවා රාජපක්‍ෂගේ එක ජනහමුවකට පමණක් කෝටි 7ක්-8ක් වියදම් කරන්න  ඕනැද? මේ තරම් ජනතා මුදල් ප‍්‍රමාණයක් මේ රාජපක්‍ෂ ජනාධිපතිවරයා නාස්ති කරනවා.
ඒ වගේම රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය විශාල ලෙස රාජපක්ෂගේ මැතිවරණයට යොදාගෙන තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය මුළුමනින්ම ශී‍්‍රලනිපයේ ශාඛා සමිතියක් බවට පත්කරගෙන. රාජපක්‍ෂගේ වර්ණනාව, ප‍්‍රතිපත්ති උත්කර්ෂයට නගමින් විපක්‍ෂයට විශාල ලෙස මඩ ගහමින් තිබෙනවා. දැන් ක‍්‍රමාණුකූලව ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් තිබෙනවා. විපක්‍ෂයේ වේදිකාවලට ගිණි තබමින්, වෙඩි තබමින් බම් මට්ටමේ සාමාන්‍ය ජනතාව භීතියට පත්කරමින් තිබෙනවා. ඊයේ අම්බලංගොඩදී අපේ පක්‍ෂයේ සාමාජිකයෙකුට පහර දී නිවසට අලාභහානි කරලා තිබෙනවා.