Jan 5, 2015

'ඡන්ද විමසීම් කාලයේ පක්‍ෂග්‍රාහී වැඩ එපා' මැ.කො. ආගමික සිද්ධස්‌ථානවලට දන්වයි

05 jan 2015
සක්‍රීය ඡන්ද විමසීම් කාලය තුළ කිසිදු විහාරස්‌ථානයක, කෝවිලක හෝ දේවස්‌ථානයකදී පක්‍ෂයකට හෝ අපේක්‍ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු ද්‍රව්‍යමය ආධාර බෙදීමට හෝ එවැනි උත්සව පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා එම ආගමික ස්‌ථාන භාර පූජ්‍ය පූජක පක්‍ෂයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ආගමික උත්සව හරහා දේශපාලනමය කතා පැවැත්වීමට හෝ කිසිවකුට ඉඩ ලබා නොදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.
අපේක්‍ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා විවිධ ද්‍රව්‍යමය ආධාර බෙදාදීම හා මූල්‍යමය ආධාර බෙදාදීමට තොරතුරු රැස්‌කිරීම ආදී නීති විරෝධී ක්‍රියාවන් දේශපාලනඥයන් විසින් සිදුකරන බවට ලැබුණු පැමිණිලි මත කොමසාරිස්‌වරයා මෙම ඉල්ලීම කර තිබේ.
රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්‌ඩ ආධාර බෙදාදීමේ වැඩසටහනක්‌ හා රාජ්‍ය ප්‍රතිපත්ති මගින් සිදුකරන ක්‌ෂේත්‍ර වැඩසටහන් දැනටමත් සංවිධානය කර ඇත්නම් එවැනි වැඩසටහන් මෙම 08 වැනිදායින් පසුව ක්‍රියාත්මක කරන ලෙස කොමසාරිස්‌වරයා අදාළ සියලුම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා තිබේ.
 

No comments:

Post a Comment