Jan 5, 2015

අරලගංවිල සන්ධාන හා විපක්‍ෂ කාර්යාල 9කට ප්‍රහාර

05 Jan 2015
පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක්‌ අතර පෙරේදා (3 වැනිදා) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු පක්‍ෂ කාර්යාල නවයකට මැර ප්‍රහාර එල්ල කර අලාභහානි සිදුකර ඇත.
මෙහිදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කාර්යාල අටකට සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාලයකට මැර ප්‍රහාර එල්ල වී තිබේ.
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අරලගංවිල ප්‍රදේශයේ පැවැති රැලියකට පෙරේදා (3 වැනිදා) රාත්‍රී සහභාගි වී පිටව යැමෙන් පසු එම ස්‌ථානයේ සිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් අතර ගැටුමක්‌ ඇතිවී තිබේ.
එහිදී පුද්ගලයන් පස්‌ දෙනකු සුළු තුවාල ලබා ඇති අතර අහසට වෙඩි තැබීමක්‌ද සිදුව ඇතැයි අරලගංවිල පොලිසියට වාර්තාවී ඇත. මේ සිද්ධීන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ඒ ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (4 වැනිදා) පැවැසීය.
ප්‍රචණ්‌ඩ ක්‍රියා වැළැක්‌වීම සඳහා පෙරේදා (4 වැනිදා) රාත්‍රි යුද හමුදා විශේෂ කාර්ය බලකා භට පිරිස්‌ යොදවා තිබූ බවත් හෙතෙම කීය.
http://www.divaina.com/2015/01/05/news05.html

No comments:

Post a Comment