Jan 5, 2015

මහින්ද රාජපක්‍ෂ - මම ගෙන්දගම් පොළව පෑගුවේ මගේ හිටපු ලේකම්ටත් කලින්

05 Jan 2015

"මම ගෙන්දගම් පොළොව පෑගුවේ මගේ හිටපු ලේකම්තුමාටත් කලිනුයි. ඒ නිසා මාව අන්දන්න අමාරුයි. එංගලන්තය, ඉන්දියාව, ඇමරිකාව හැම තැනින්ම මාව අන්දන්න හැදුවා ඒත් බැරිවුණා. දැන් ඔහු මෝදිට ඇඳලා. විහිළු සපයනවා. නමුත් ජනතාව මේවාට කිසිසේත් රැවටෙන්නේ නැතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (03දා) ගිනිගත්හේන මහනුවර, ඇහැලියගොඩ හා කන්තලේ නගරවලදී පැවැති ජනරැලිය අමතමින් පැවැසීය.
එහිදී මෙම රැළි අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
අනුකම්පාව ගැනීමට කරන සංදර්ශන තුළින් ඵලක්‌ නොවන බවත් ජනාධිපති මැතිවරණය විහිළුවකට නොගන්නා ලෙසත් ඒවාට බුද්ධිමත් ජනතාව රැවටිය නොහැකිය බවත් සඳහන් කළේය.
මේ රට රුදුරු ත්‍රස්‌තවාදයෙන් මුදවාගෙන අපි ශීඝ්‍ර සංවර්ධනයක්‌ කරමින් පවතිනවා. මෙම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳව අපි පෞද්ගලිකවම සොයා බලනවා. ශ්‍රීපාද අඩවිය පිහිටි මෙම ප්‍රදේශය බෞද්ධ, හින්දු, මුස්‌ලිම් ජනතාව එකට ජීවත්වන ආසනයක්‌ නිසා අපි ඒ තීන්දුව විශේෂයෙන් අරගෙන තිබෙනවා. මේ කාලයේ බොරු ප්‍රචාර ගෙනියනවා. රැස්‌වීමක්‌ තියන්න බෑ. හිස්‌ පුටු දෙකක්‌ තියනවා. නුවරදී පුටු 04 ක්‌ තියලා තිබ්බා. මේ අය කියනවා ඔන්න දැන් ලොක්‌කෙක්‌ එනවා දැන් එනවා කියලා. අන්තිමට ලොක්‌කත් නෑ කවුරුත් නෑ. අට වෙනිදා උදේටත් සමහර විට මේ අය කියයි මහින්ද රාජපක්‍ෂත් අස්‌වෙලා එයි කියලා. ඒවායින් නවත්වන්නේ නෑ. මේ අය දැන් සංදර්ශනයක්‌ පවත්වනවා. පසුගිය දවසේ එක්‌කෙනෙක්‌ එනවා කියලා එයාට උගන්වනවා. තමුන්නාන්සේලා ඒක රූපවාහිනියෙන් දකින්න ඇති. එයාට උගන්වනවා කියන්න ඕන දේවල්. අන්තිමට මරන්න ඉන්න බව කියන්න කියලා උගන්නනවා. මේක තවත් අයෙක්‌ පටිගත කරල ටී. වී. එකේ පෙන්නුවා. මේ රඟපෑම, බොරුව එතනින් නැවතුනේ නෑ. නිළියකට ගැහුවා කියලා බොරු රඟපෑමක්‌ කළා. මේ බොරු දේවල් වලට ජනතාව රවට්‌ටන්න බෑ. චිත්‍රපටි, ටෙලිනාට්‍ය හදනවා වගේ දේවල් දවසින් දවස ඉදිරිපත් කරනවා. ඒ විතරක්‌ නෙවෙයි මේ ළඟදී ගල් ගහපු කථාවක්‌ කියනවා. තව ටික දවසකින් මොනවා කර ගනීද දන්නේ නෑ. මම කියනවා මගේ හිටපු ලේකම්ට අනුකම්පාව ගන්න කරන මේ බොරු සංදර්ශන වලින් වැඩක්‌ නෑ. මේක ජනාධිපති මැතිවරණයක්‌. විහිළුවක්‌ විදිහට සලකන්න එපා කියලා.

දැනට මාස කීපයකට පෙර රාජිත සේනාරත්න මහතා මට කීවා ජාත්‍යන්තරයේ, කොටි සංවිධානයේ කුමන්ත්‍රණයක්‌ තිබෙනවා. අපේ මන්ත්‍රීවරු දෙන්නෙක්‌ අරගෙන ඒ දෙන්නා හරහා මේ ආණ්‌ඩුව පෙරළීමේ වැඩපිළිවෙළක්‌ තිබෙන බව. එයා කීවා තවත් කට්‌ටිය ගන්න බලනවා. අපේ පක්‍ෂයේ කෙනෙකුට නායකත්වය දීලා මේ කුමන්ත්‍රණය කොටියන් විසින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබෙන බව. මම වගකීමෙන් මේ කථාව කියනවා. රාජිත සේනාරත්න මහතා එහෙම කීවා. දැන් මේ කුමන්ත්‍රණය එළිවෙලා බලනකොට මිනිහත් මේ කුමන්ත්‍රණයට අහුවෙලා. එක දවසක්‌ කියනවා මහාරජාණෝ කියලා. අනික්‌ පාර මම මුරුංගා අත්තේ තියලා හිටියා. මම ඔහේ හිටියා කඩන් වැටෙයි කියලා. දැන් කියනවා මම එක එක ඒවා කියන්නේ නෑ කියලා. එක එක්‌කෙනා කියලා මාව ඇන්දුවා කියලා. බලනකොට මගේ හිටපු ලේකම්තුමානේ මාව අන්දන්න හදලා තියෙන්නේ. මම ගෙන්දගම් පොළව පෑගුවේ එයාට ඉස්‌සරවෙලා. ඒක නිසා මාව අන්දන්න අමාරුයි. එංගලන්තේ, ඉන්දියාවේ, ඇමෙරිකාවේ හැම තැනින්ම මාව අන්දන්න හැදුවා. මාව අන්දන්න බැරිවුණා. දැන් කවුද මෝඩිට ඇඳල ඉන්නේ? තමන් ඉන්න විදිහට ඉන්න එපැයෑ දෙවියනේ. මේක විහිළුවක්‌ කර ගන්න හොඳ නෑ. මම හිතනවා ජනතාව රවට්‌ටන්න හොඳ නෑ කියලා.

http://www.divaina.com/2015/01/05/news39.html

මේ අයගේ මෙගා ඩීල් මෙන්න. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව වික්‌කා. ආසියාතික හෝටල්, සංස්‌ථාව වික්‌කා, රාජ්‍ය ඩිස්‌ටලීස්‌ සංස්‌ථාව වික්‌කා, ලංකා ෂෙල් ගෑස්‌ සමාගම, ටෙලිකොම් සමාගම, එයාර් ලංකා සමාගම වික්‌කා, බෝගල මිනිරන් සමාගම වික්‌කා, පැලවත්ත සීනි කර්මාන්තය වික්‌කා, සෙවනගල සීනි කර්මාන්තය ශාලාව වික්‌කා, සිලෝන් ඔක්‌ෂිජන් සමාගම වික්‌කා. ලංකා මිල්ක්‌ෆqඩ් සමාගම වික්‌කා. අවුරුදු 09 ක පාලන කාලයක්‌ තුළ රාජ්‍ය දේපළ අපි වික්‌කේ නෑ. රනිල් විකුණපු රාජ්‍ය දේපළ වලින් මගේ කාල සීමාවේ ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම, ලංකා ෂෙල් සමාගම, එයාර් ලංකා සමාගම, පැලවත්ත හා සෙවණගල සීනි කර්මාන්ත ශාලා යළි පවරා ගත්තා. මේ නිසා මේ අය අපට පහර ගහනවා.

"අපි මේ රටේ විශාල මහා මාර්ග සංවර්ධනයක්‌ ඇතිකර තිබෙනවා. අති දුෂ්කර මාර්ග රැසක්‌ සංවර්ධනය කර ජනතාවට සහන ලබාදුන්නා.

එදා දළ¹ වහන්සේට පහර දුන් වේලාවේ මොනතරම් දුකක්‌ ඔබේ හදවතේ දැවුණද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක මුළු ජාතියටම කරපු ප්‍රහාරයක්‌ වශයෙන් අපිට දැනුණේ. එදා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහින් අහිංසක ස්‌වාමීන් වහන්සේලා පමණක්‌ නොවෙයි අහිංසක උපාසක අම්මලා උපාසක තාත්තලා මරා දාපු හැටි අපි දුටුවා. මේ කුරිරු ත්‍රස්‌තවාදියෝ එතැනින් නතර වුණේ නැහැ. එදා අරන්තලාවේ හාමුදුරුවෝ ඝාතනය කරන කොට, කාත්තන්කුඩි පල්ලියේ ආගම අදහමින් සිටි මුස්‌ලිම් භක්‌තිකයන් ඝාතනය කරන කොට මේ අය මොකද කළේ. එක්‌සත් ජාතික පක්‍ෂය ඒ අය සමඟ ගිවිසුම් ගහලා රට බෙදලා වෙන්කරලා.

අපි 2005 බලයට එනකොට ලංකාවේ එක පැත්තක පාලනය ප්‍රභාකරන්ට දීලා චන්ද්‍රිකා එයාව හඳුන්වන්නේ මිස්‌ටර් ප්‍රභාකරන් කියලා. අනෙක්‌ පැත්ත පාලනය කළේ අපි. මහින්දගේ පාලනය ආවේ 2005 දී. ප්‍රභාකරන්ට වැරදුනේ එතනයි. මට යුතුකමක්‌ තිබුණා මේ රට දෙකට බෙදීම නවත්වන්න. එක පළාතක්‌ තිබුණා කිසිවෙකුට අයිති නැති. මේ පැත්තෙන් ඇවිත් බැහැලා අනෙක්‌ පැත්තට පයින් යන්න ඕනෑ. අපේ හිටපු සමහර අමාත්‍යවරු ඒ පැත්තට ගිහින් පහර කෑවා. මේ පැත්තෙන් බැහැලා අනෙක්‌ පසට ගිහින් අවසර ගන්න ඕනෑ යන්න, එහෙම යුගයක්‌ අපට තිබුණේ.

එදා අපිට තීන්දුවක්‌ ගන්න වුණා. අපට ප්‍රශ්නයක්‌ තිබුණා. හමුදාවට ආයුධ නැහැ හිස්‌ පතොරම් අරගෙන ගියේ. බූට්‌ස්‌ සපත්තු දෙකක්‌, බැනියමක්‌, හිස්‌ වැසුමක්‌ නොදුන් යුගයක්‌ තිබුණා. නැවත අපි මේවා එකතු කරලා හමුදාවන්ට තරුණයින් බඳවා ගැනීමට ආරාධනා කරලා මගේ දරුවන් නාවික හමුදාවට භාර කළේ මේ රටේ ජනතාවට නිදහස අවශ්‍ය නිසා. එහෙම කරලා අපි ජනතාව සූදානම් කළා පමණක්‌ නොවෙයි මුළු ජනතාවම ඒ ජයග්‍රහණයට සූදානම් වුණා. ඒ නිසයි අපට ජයග්‍රහණය ලබන්න හැකි වුණේ.

අද මේ අයට අපිට මේ විදිහට මඩ ගසන්නේ වෙන කියන්න දෙයක්‌ නැති නිසා. දැන් අපිට ගමනක්‌ යන්න තිබෙනවා. අද යහපාලනය ගැන විස්‌තර කළා. බටලන්ද තිබුණේ කොළඹ. මෙහේ සමහරු බටලන්දට ගෙන ගියා. නමුත් වැඩි ඈතක්‌ නෙවෙයි මෙතැන තිබුණු සිල්වෙස්‌ටර් පාසලේ මතකද? ඒ පාසල පාවිච්චි කළේ සිර කඳවුරකට. ඒකේ හිටපු තරුණයින් අරගෙන ගිහින් පේරාදෙණිය වටේ, වටරවුම වටේ බෙලි කපලා දැම්මේ කියා මතක තබාගන්න. මම ඒ දවස්‌වල ඒ විස්‌තර එකතු කළා. ජිනීවාවලට අරන් ගියා. එදා අපි කළේ එහෙමයි. ඒ කාලේ සිරිසේන මහත්තයලා සිටියේ නැහැ. මේ රටේ කොල්ලෝ කෙල්ලෝ විතරක්‌ නෙවෙයි මේ කුණ්‌ඩසාලේ මහවත්තේ ගමේ හිටපු බලු පැටියාවත් මරලා දැම්මා. මේකයි ඇත්ත කථාව. මේ තමයි එයාලගේ යහපාලනය.

නමුත් අපට හොඳ විශ්වාසයක්‌ තිබෙනවා. අට වෙනිදා උදේට රනිල් වික්‍රමසිංහ නම් හෙමිහිට මග හරිනවා විධායක ජනාධිපතිs ක්‍රමය එයාලා පාවිච්චි කළ විදිහට මම පාවිච්චි කළේ නැහැ. රටේ යහපතට, දියුණුවට පාවිච්චි කළා. ඒ නිසා තමයි කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියලා. පළමු සාකච්ඡාවේදී එයා කියනවා මහින්ද රාජපක්‍ෂ සොඳුරු ආඥදායකයෙක්‌ කියලා හිත හොඳ ආඥදායකයෙක්‌ කියලා.

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා

යුද්ධයකින් අල්ලා ගැනීමට අපොහොසත් වුණු උඩරට රාජ්‍යය, කුමන්ත්‍රණයක්‌ මගින් අල්ලා ගැනීමට එදා සුද්දන් කටයුතු කළ ආකාරයටම අදත් මේ රට බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත්කර දීමට කුමන්ත්‍රණයක්‌ මගින් පොදු අපේක්‌ෂකයා යොදා ගෙන කල්ලියක්‌ කටයුතු කරනවා.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා 2005 දී වගේම 2010 දී දුන් පොරොන්දුව ඉටුකළා. මහින්ද රාජපක්‌ෂ මහතා දෙන පොරොන්දුව ඉටුකරන නායකයෙක්‌.

චන්ද්‍රිකා කොටි නායක ප්‍රභාකරන්ට මිස්‌ටර් කියන්නේ ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය මිස්‌ටර් සිරිසේනට ලබා ගන්ටයි. මෙයා මිස්‌ටර් සිරිසේන නොවෙයි මිස්‌ටේක්‌ සිරිසේන යහපාලනයක්‌ ඇති කරන්නට යනවා කියන්නේ රට යන ගමන ආපස්‌සට හරවන්ටයි. යුද්ධයෙන් කරගන්ට බැරි වූ දේ කොටින්ට සම්බන්ධන් මාර්ගයෙන් ලබාදීමට යැම යහපාලනයද?

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා, අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා, සෞඛ්‍ය අමාත්‍ය තිස්‌ස අත්තනායක මහතා, උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා , පෞද්ගලික ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක, සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක, මස්‌කෙළිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්. ජී. රණසිංහ යන මහත්වරුද කතා කළහ.

මහනුවර රැළියේදී ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවායිස්‌ හඡ්ජියාර් යන මහත්වරු සහ සුසන්තිකා ජයසිංහ මහත්මිය ද මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාද කන්තලේ භාතියගම පැවැති ජන රැළිය අමතා නිලපොල කරඳගොල්ල පඤ්Æසේන නාහිමි, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විඡේසේකර, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීනී ආර්යවතී ගලප්පත්ති මහත්මිය ඇතුළු රැසක්‌ම කතා කළ අතර නැගෙනහිර ආණ්‌ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම මහතාද ඊට සහභාගි විය. ඇහැලියගොඩ රැළියේදී ජාතික ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානාක්‌කාර මහතා සහ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු කිහිප දෙනකුම ජනතාව ඇමතූහ.

No comments:

Post a Comment