Jan 5, 2015

අද බෙදූ සිල් රෙදි අස්සේ ඡන්ද ප්‍රචාරක පත්‍රිකා

04 Jan 2015
sil redi
ජනපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවක් ඇතුළත්  සිල් රෙදි බෙදා දීමක් විහාරස්ථාන මට්ටමින් අද පොහෝ දා රටේ බොහෝ විහාරස්ථාන කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වූ බව වාර්තා වෙයි.
බෙදා දීම සඳහා සිල්රෙදි තොගයක් ගෙන්වා ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන මෙයට පෙර වාර්තා කළේය.
මෙම කටයුත්ත පිළිබද මාධ්‍ය මගින්, මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මගින් මැතිවරණ කොමසාරිස්වරයා මෙයට පෙර දැනුම්වත් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන විසින් නිකුත් කළ ප්‍රකාශනයක දැක්වුණේ එකක් මීටර් පහක් දිග සිල් රෙදි සඳහා රුපියල් කෝටි සීයක් වැය කර ඇති බවය.
ජනාධිපතිවරණ ව්‍යාපාරය අතර නීතියට පටහැණිව සිදු කරන සිල්රෙදි බෙදා හැරීම නතර කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන ඉල්ලීමක් ද කර තිබිණි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුගත් රනුග්ගේ කියා සිටියේ සිල්රෙදි බෙදා දීම යහපත් බෞද්ධ ප්‍රතිපදාවක් වන නමුත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් වශයෙන් ප්‍රචාරක පත්‍රිකා එම රෙදි අතර බහා එවැනි දී කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන බවය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන මගින් නිකුත් කරනු ලැබ ඇති ප්‍රකාශනය අනුව ඉහත කී සිල් රෙදි ව්‍යාපෘතියට අවශ්‍ය බරපැන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශය මගිනි. මෙ වැඩසටහන සංවිධානය කර ඇත්තේ බුද්ධ ශාසන කටයුතු පිළිබද ජනාධිපති උපදේශකත්වය දරන හිමි නමකගේ අනුමැතිය යටතේය.
මෙම සිල් රෙදි බෙදා දීම සිදු කර ඇත්තේ විවිධ ගිහි පැවිදි පිරිස් හා සංවිධාන මාර්ගයෙනි.
http://thecolombopost.net/?p=6765

සන්ධානය ආනමඩුවෙදි සිල් රෙද්ද ඉරාගනී
2015 ජනවාරි මස 04 12:01:20 |
   ප්‍රධාන අපේක්ෂකයකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් ආනමඩුව ප්‍රදේශයේ විහාරස්ථානවලට බෙදීම මැතිවරණය අවසන්වන තුරු නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා පොලිසියට නියෝග කර ඇත.
ආනමඩුව ශ්‍රී ආනන්දාරාමය, පරමාකන්ද රජමහා විහාරය හා ආනමඩුව වඩත්ත ශ්‍රී සරණංකර පරිවෙන යන විහාරස්ථානවල ගොඩ ගසා තිබූ සිල් රෙදි තොගය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව පොලිසිය යොදවා කළ සොයා බැලීමකදී සිල් රෙදි තොගය හමුවූ බව පොලිසිය කියයි.

No comments:

Post a Comment