Jan 5, 2015

කහවත්ත වෙඩිතැබීම - නියෝජ්‍ය අමාත්‍යවහාම අත්අඩංගුවට ගෙන උසාවි ගේනු‘

06 Jan 2015
කහවත්තේ වෙඩි තැබීමට සැක නි.ඇමැති ඇතුළු තිදෙනා අල්ලන්න
පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් නියෝග කරයි
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි යන මහත්වරුන් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් ලක්‌මාල් පෙරේරා මහතා ඊයේ (5) පොලිසියට නියෝග කළේය.
සැරසිලි කරමින් සිටියදී වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ තිදෙනකු රෝහල් ගතකර ඇත.
රත්නපුර ප්‍රදේශයේ නියෝජ්‍ය ඇමැති ඇතුළු මැර පිරිසක්‌ විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ රැස්‌වීම සඳහා නගරයේ ඉදිකර තිබූ වේදිකාව අසල ආධාරකරුවන් පිරිසක්‌ පෙරේදා රාත්‍රි සිට සැරසිලි කරමින් සිට ඇත.
ඊ අලුයම 2.00 ට පමණ ජීප් රථ තුනකින් පැමිණ ඇති නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු මැර පිරිසක්‌ එහි සිටි මෛත්‍රීපාල මහතාගේ ආධාරකරුවන්ට තර්ජනය කර ඇති බව පැවසේ. පසුව ජීප් රථ තුන නගරයේ වෙනත් ස්‌ථානයකට ගොස්‌ ඇති අතර එහි පැමිණි පිරි සක්‌ පාගමනින් පැමිණ මෛත්‍රීපාල මහතාගේ ආධාරකරුවන් වෙත වෙඩි වර්ෂාවක්‌ එල්ල කර ඇත. ටී 56 ගිනි අවි යොදාගෙන මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ. තුවාලකරුවන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම වෙඩි තැබීම් සිදුකළ සැකකරුවන් කිසිවකු ඊයේ දහවල් වන තුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. කහවත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
http://www.divaina.com/2015/01/06/news05.html

05 Jan 2015
‘චොකා මල්ලිත් උසාවි ගේනු‘
2015 ජනවාරි මස 05 15:41:57 |
   විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා යන තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදරිපත් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (05) නියෝග කළේය.
ජනාධිපති අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩිතැබීම, තිදෙනෙකුට තුවාල සිදුකිරිම, සැරසිලි කඩා දැමීම සම්බන‍ධයෙන් කහවත්ත පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන‍ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. එසේම සැකකරුවන්ට රටින් පිටවීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා යැවීමටද නියම කලේය.
කහවත්ත නගරයේ දි අද (05) අලූයම දෙකට පමණ සිදුවු වෙඩි තැබීමකින් කරුණාදාස වීරසිංහ, ශාන්ත දොඩම්ගොඩ සහ තවත් එක් පුද්ගලයෙක් තුවාල ලදහ. නියෝජ්‍ය අමාත්‍යවරයා, පළාත් සභා මන්ත්‍රීවරයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා තවත් පිරිසක් ද සමග වාහන කිහිපයකින්  පැමිණ අලූයම දෙකට පමණ මෙම වෙඩි තැබීම කර ඇතිබව පොලිසිය අධිකරනයට කරුණු දැන්වීය.
වෙඩිපහරට ලක්වූ ශාන්ත දොඩම්ගොඩ  යන අයගේ තත්ත්වය බරපතල බවද පොලීසිය අධිකරණයට දැන්වීය. කහවත්ත පොලිසිය මේ සම්බන‍ධයෙන් පරීක‍ෂණ පවත්වයි.
http://www.lankadeepa.lk/index.php/top_story/287677

No comments:

Post a Comment