Nov 28, 2014

27 Nov 2014 

Mahinda Rajapaksa vs. The Rest


It all began with the stars. It was apt therefore that less than 24 hours after President Mahinda Rajapaksa declared he would be seeking a third term in office two years ahead of schedule, certain celestial bodies began to wreak all manner of mischief inside his ruling party.
Believers in astrology put last week’s political dramas down to the influence of the planet Saturn, the ‘Great Malefic’ of the astrological firmament. There was a major movement of the planet on 2 November 2014, which astrologers say could result in sudden deaths, bad luck and punishing circumstances. The planet is known to be the great obstructer, moving slowly during transition, slowing momentum and making courage falter in the physical realm. Saturn is the punishing father, the grim reaper and the consummate mischief-maker, creator of controversy and abrupt change in the mortal realm.

Mischief-managed 
Those dwelling in the realms of reason may conclude that the Rajapaksa administration is simply sowing what it has reaped for nine long years. He sowed these seeds when he consistently sidelined and ill-treated senior members of the Sri Lanka Freedom Party over two successive terms in office. He set the stage for this political drama when he repeatedly undermined them and never heeded their counsel.
And when he repeatedly and determinedly sought the support of the more radical and fringe elements – those with much less electoral clout and a highly destructive influence – within his ruling alliance.
For years the disillusionment had been simmering and the highest officials in the regime have known it. Over the years it has used band-aids to cover the wound. But President Rajapaksa, safely ensconced inside a bubble about his own glorious rule, surrounded by sycophants that refuse to bore him with political realities, had in fact been clueless about the depths of the discontentment within his own party. There is no greater indication of this than the fact that his administration, cautious to a fault when it comes to maintaining its edge in political power games, took no precautions to pacify ruling party members before proclaiming the election.
http://www.ft.lk/2014/11/27/mahinda-rajapaksa-vs-the-rest/
27 Nov 2014 - UNP

මේ ජනාධිපතිවරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අත්තනෝමතිකත්වය අතර සටනක් - එජාප

unp logo

‘මේ ජනාධිපති තරගය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අත්තනෝමතිකත්වය අතර සටනකි. යහපාලනය සහ දූෂණය අතර සටනකි. නීතියේ ආධිපත්‍යය සහ දණ්ඩමුක්තිය හෙවත් නීතියෙන් ගැලවී අපරාධ කිරීමට ඇති අයිතිය අතර සටනක් ' යනුවෙන් එක්සත් ජාතික පක්ෂය පවසයි.
එජාපය මේ බව පැවසුවේ අද (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එසේම එම පක්ෂය වැඩිදුරටත් පවසා සිටියේ ‘2015 දී එළැඹෙන ජනාධිපතිවරණය ඓතිහාසික වශයෙන් තීරණාත්මක සටනක් වන බව, හඳහන්වල නොව, මේ රටේ යහපත් සහ යුක්ති ගරුක ජනතා සිත්සතන්වල බොහෝ කාලයක් තිස්සේ ලියැවී තිබුනු' බවයි.
එම මාධ්‍ය නිවේදනය පහතින් පලවේ.
27 Nov 2014 -  Left

මෛත්‍රී, චන්ද්‍රිකා හදන්නේ තමන්ගෙ වේදනාවන්ට පිළිතුරක් හොයා ගන්නයි


dhuminda-nagamuwa-1127

පෙරටුගාමී සමාජවාදි පක්ෂය, නව සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදි පක්ෂය සමඟ තවත් පක්ෂ හා කණ්ඩායක ‍රැසකගේ එකඟතාවයෙන් ගොඩ නැගුණු වමේ පෙරමුණකින් පොදු අපෙක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා තීරණය කර ඇතැයි අද එම පක්ෂ කිහිපයක් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළේය.
මෙහිදී වමේ පොදු අපේක්ෂකයා ලෙසා දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
27 Nov 2014 - Bodu Balaya

බොදුබලය ජනපති මහින්දට සහාය දෙයි 

බොදුබලය ජනපති මහින්දට සහාය දෙයි 


ඉදිරි ජනපතිවරණයේදී බොදු බල සේනා සංචිධානයේ සහාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානය මේ බව ප්‍රකාශ කර තිබේ.
පොදු අපේක්ෂක පරාජය කිරීමට රට පුරා යන බවත් එසේම මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවතත් ආණ්ඩුවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් එම සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියෝ පැවසූහ.
අප මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ දිනාගත් යුද ජයග්‍රහණය පරාජය කිරීමට කුමන්ත්‍රණයත් පවතින බවත් ඒ හේතුවෙන් දිනූ ජය රැකීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බවත්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයක වේදිකාවකට තමන් සහභාගී නොවන බවත් නමුත් රටට එරෙහි කුමන්ත්‍රණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට බොදුබල සේනා සංවිධානය සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

27 Nov 2014 ....Ranil

මෛත්‍රීට රට බාරදීලා මහ මැතිවරණයට අපි ඉල්ලන්නේ අලියගෙන්

ranil-sirikotha
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය අනුව අලූත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව තිබෙනවා. එවිට ඒ ඒ දේශපාලන පක්‍ෂවලට සිය අනන්‍යතාවය යටතේ ඒ මැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව සහ අවස්ථාව තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂය ලෙස අප ඒ මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ ස්වාධීනව තරග කරනවා. ඒ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයට බහුතර ආසන ප්‍රමාණයක් ලබාදී ජයග්‍රහණය කරවීමට මම ඇපකැප වනවා. යනුවෙන්  විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි............
27 Nov 2014  .MS
මහත්මා ගාන්ධි සහ නෙල්සන් මැන්ඩෙලාගේ
දර්ශන මාගේ ප්‍රතිපත්ති බවට පත්කර ගන්නවා
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන

සියලු දෙනා එකතුවී සිටින්නේ රාජපක්‍ෂ රෙජීමය
පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමටයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ

අපේ රටේ තැලෙන පෙළෙන පොඩි
මිනිහා දිනවන්න කටයුතු කරවනවා
සජිත් ප්‍රේමදාස
http://www.divaina.com/2014/11/27/news36.html

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන සහ එජාප නායක හා ජාතික නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඊයේ (26දා) සිරිකොතදී හමුවීමෙන් පසුව එජාප ආසන සංවිධායකවරු දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ එජාප නියෝජිතයන් ඇමතූ අයුරු හා එම අවස්‌ථාවට පැමිණි පිරිසෙන් කොටසක්‌.

මහත්මා ගාන්ධි දර්ශනය සහ නෙල්සන් මැන්ඩෙලා දර්ශනය තම ප්‍රතිපත්ති බවට පත් කර ගන්නා බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොතදී ඊයේ (26 දා) පැවැසීය.

එජාප නායකයන්, ආසන සංවිධායකයන්, දිස්‌ත්‍රික්‌ කළමනාකරුවන්, හමු වූ අවස්‌ථාවේ පැවැති උත්සවයේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා - 

මේ රටේ දේශපාලනයේ ඓතිහාසික තීන්දුවක්‌ ගත් අවස්‌ථාවක්‌ මේක. එජාපය නමැති මේ රටේ කීර්තිමත් දේශපාලන පක්‍ෂයේ මූලස්‌ථානයට මේ රටේ කීර්තිමත් ශ්‍රීලනිපයේ මහා ලේකම්වරයා එක්‌කරගෙන ඇවිත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා ලෙස පත් කරන්නට කටයුතු කරන්නට පක්‍ෂයේ නායකයාගේ සිට සියලු පාක්‍ෂිකයා දක්‌වා මට ලබා දුන් ශක්‌තියට මා ස්‌තුතිවන්ත වෙනවා.............



27 Nov 2014  - EC
ජනාධිපතිවරණය නිම වන තෙක්‌
බඳවාගැනීම්, උසස්‌වීම් තහනම්

ජනාධිපතිවරණය අවසන් වන තෙක්‌ රාජ්‍ය ආයතනයන්හි කිසිදු ආකාරයක බඳවා ගැනීම්, පත්වීම් හා උසස්‌වීම් සිදු කිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විශේෂ චක්‍රලේඛයකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ විධිමත් ලෙස සිදුකරන බඳවා ගැනීම්, පත්වීම්. උසස්‌වීම් හා මාරුකිරීම් මීට අදාළ නොවන බවද ඒ මහතා දැනුම් දී ඇත.
26 Nov 2014    BASL

Ready to take legal action against illegal activities in run-up to election: BASL

Nov 27, 2014

26 Nov 2014

මෛත්‍රී පිළිගන්න සිරිකොතට ජන ගඟක් ( ඡායාරූ 28 ක්)

මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පැමිණියේය. පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ පළමු වරටය.
 ඔහුට අතිශය ඉහළ පිළිගැනිමක් එහිදි ලැබුණු අතර පසුගිය කාලයේ වාදබේදවලට හසුව සිටි. එජාපයේ සියළූම නායකයන් පැමිණ ඔහු පිළි ගැනීම විශෙෂයෙන්ම කැපී පෙණුනි.
26 Nov 2014    Bar Association

අපේ ඉල්ලීමට ප්‍රතිචාර නැහැ

"ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (26) පැවති මාධ්‍ය හමුවකදී පවසා පැවසීය.
පිටු 28කින් යුත් වාර්තාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණද එය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතයමදැයි නොදන්නා බවත්,එවැනි මතයක් අධිකරණයෙන් ලබා දෙතියි සිතිය නොහැකි බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සභාපති උපුල් ජයසූරිය මහතා පවසයි.
එහිදී උපුල් ජයසූරිය මහතා වැඩිදුරටත් පවසන්නේ "ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නැහැ. ඇතැම් විට ඔහු එය දකින්නත් ඇත්තේ පුවත්පත්වලින් වෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා දෙන්නැයි අපි දින දහයකට පමණ පෙර ලේඛකාධිකාරීගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. නමුත් තවම නිසිම ප්‍රතිචාරයක් නැහැ." යනුවෙනි.
මැතිවරණ නීතිය උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්......
26 Nov 2014
We have plundered enough: Amaraweera
http://www.dailymirror.lk/57447/we-have-plundered-enough-amaraweera

Presenting an interesting political theory, Disaster Management Minister Mahinda Amaraweera yesterday said voters must not topple this government as chances are minimum for corruption among UPFA members as they may have amassed ill lucre enough by now and if the UNP came to power, they would start afresh to make a killing.

Responding to a journalist at yesterday’s media briefing at the SLFP head office, Minister Amaraweera admitted that there may be corruption and irregularities in the UPFA government but the voters must not make it a reason to topple this regime.

“Yes, there may be corruption in the government. But look what will happen if you voted against this government and bring the UNP back to power. Members of the UNP like Ravi and Daya are hungry to grab power and they will start to amass money afresh. This is not good for the country. The UPFA members do not want to earn further,” he stressed.
- See more at: http://www.dailymirror.lk/57447/we-have-plundered-enough-amaraweera#sthash.5sP8KZVM.dpuf

26 Nov 2014

ඩිව් සටන පාවාදී මහින්දගේ තුරුළේ... අමාත්‍යංශය නැති වුණොත් පක්ෂෙත් ඉවරයි

ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ඩිව් ගුණසේකර ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ රැකියා ලබා දී ඇති ආකාරය පහතින් දැක්වේ.
ලක්ෂ්මන් ද සිල්වා - පෞද්ගලික ලේකම් (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
අගා ජයසේන - මහජන සම්බන්ධතා නිලධාරී (පක්ෂයේ සංවිධායක ලේකම්,දේශපාලන මණ්ඩල සභික)
එල්. ආර්. ස්ටීවන් - මහජන සම්බන්ධතා නිලධාරී (පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලේකම්)
ලැම්බට් බණ්ඩාර - මාධ්‍ය ලේකම් (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
ඊ. ඒ. සමරසිංහ - සභාපති - පුනරුත්ථාපන අධිකාරිය (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
ඩී. කේ. ජිනදාස - ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ - පුනරුත්ථාපන අධිකාරිය (පක්ෂයෙ මධ්‍යම කාරක සභික)
ඩී. එම්. ජයසුන්දර - පාර්ලිමේන්තු කටයුතු ලේකම් (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
සංජීව බණ්ඩාර - පර්යේෂණ නිලධාරී (ලේකම් - ලංකා ජාතික ශිෂ්‍ය සංගමය)
ගා. දේනෙත්ති (මධ්‍යම කාරක සභික)
මොවුන්ගේ වැටුප්වලට අමතරව වාහනඅතිකාල යනාදී සියලු වරප‍්‍රසාද මොවුන් භුක්ති විඳී. කොමියුනිස්ට් පක්ෂ ගොඩනැගිල්ලක අයථා ගණුදෙනුවකින් රුපියල් කෝටි ගණනක අයථා මුදල් ගැරීමක් පිළිබඳව පසුගියදා ලංකාටෘත් හෙළිදරව් කර තිබුණි

ආණ්ඩුව සමග ඩිව්ගේ ගේමක් හෙළිවෙයි



25 Nov 2014 -

විමල් ඇමතිකම බේරාගැනීමේ සටනක.. ඇමතිකම නැතිනම් පක්ෂයකුත් නැහැ

ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් සහ හිතවතුන් නිවාස අමාත්‍යංශයේ ආයතනවල දරණ තනතුරු කිහිපයක් පහතින් දැක්වේ.
සරත් වීරවංශ - ඇමති පුද්ගලික ලේකම් (විමල් වීරවංශ ඇමතිවරයාගේ සහෝදරයෙක්)
ජයන්ත සමරවීර - සභාපති, නිවාස අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
දීපාල් ගුණසේකර - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
මොහොමඩ් මුසම්මිල් - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
වෛද්‍ය වසන්ත බණ්ඩාර - අමාත්‍යංශ උපදේශක (මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය)
පද්ම උදය ශාන්ත - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, නිවාස සංවර්ධන අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ ඌව පළාත් සභා සන්ධාන මන්ත්‍රී)
සුජිත් මුතුකුමාරණ - අලෙවි සංවර්ධන නිලධාරී, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති)
ඒ. එච්. ඉංදික, සුසිල් සමන්ත, කේ.වී.අයි. ප්‍රියංගනී ඇතුළු හැටකට ආසන්න පිරිසක් ඉංජිනේරු සංස්ථාවේ අලෙවි සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන කිසිදු රාජකාරියක් නොමැතිව නිවාස අමාත්‍යංශයෙන් වැටුප් ලබයි.
26 Nov 2014 - මැ. කො. කියයි
ජනාධිපතිවරණ දිනය තීරණය කළේ ස්‌වාධීනවඑක එක්‌කෙනාගේ ඉල්ලීමට නොවේ
- මැ. කො. කියයි

ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කළේ තමා ස්‌වාධීනව මිස නැකැත්කරුවන්ගේ හෝ වෙනයම් අයගේ ඉල්ලීම් මත නොවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පාප්වහන්සේගේ පැමිණීම ඡන්දයට බාධා නොවිය යුතු සේම ඡන්දය පාප් වහන්සේගේ පැමිණීමට බාධාවක්‌ නොවිය යුතු බවත් ඒ දෙකටම මධ්‍යස්‌ථව දිනය තීරණය කිරීමට තමා කටයුතු කළ බවත් ඊයේ (25 දා) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොමසාරිස්‌වරයා කීය.
නීතියෙන් තමාට පැවරී ඇති බලය කාටවත් වෙනස්‌ කළ නොහැකි බවද ඒ අනුව කටයුතු කළ බවද හෙතෙම කීය.
ජනාධිපතිවරණ දිනය තීරණය කිරීමේදී තමාට කිසිදු බලපෑමක්‌ නොපැමිණි බවද නාම යෝජනාවලට අවශ්‍ය දින ප්‍රමාණයත් ප්‍රචාරක කටයුතුවලට නීතියෙන් ඇති දින ප්‍රමාණයත් බලා කටයුතු කළ බවත් කී කොමසාරිස්‌වරයා සඳුදා සහ සිකුරාදා දිනවල මැතිවරණ නොපවත්වන නිසා ඊට සුදුසුම දිනය තීරණය කිරීමට තමාට පහසු වූ බවද කියා සිටියේය.
ජනාධිපති විසින් තමාව පත් කළත් තමා රජයේ නිලධාරියකු මිස ආණ්‌ඩුවේ නිලධාරියකු නොවන නිසා නිදහසේ ස්‌වාධීනව කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

http://www.divaina.com/2014/11/26/news01.html
26 Nov 2014   - JHU
I was the mastermind behind making Maithripala the common candidate -

ast week, the Sri Lanka Freedom Party (SLFP) stalwart and its General Secretary Maithripala Sirisena’s decision to cross over to the opposition and his nomination as the common opposition candidate shocked the country. In an interview with Dailymirror Jaathika Hela Urumaya (JHU) General Secretary and the leading figure of the Pivithuru Hetak (Clean Tomorrow) National Council Ven. Athuraliye Rathana Thera revealed that he had played an instrumental role in this political twist. - See more at: http://www.dailymirror.lk/57389/i-was-the-mastermind-behind-making-maithripala-the-common-candidate#sthash.qANY37ZW.dpuf
http://www.dailymirror.lk/57389/i-was-the-mastermind-behind-making-maithripala-the-common-candidate

Nov 25, 2014

24 Nov 2014     JHU

කොටියා පෙන්නලා මුවෝ මරන්න දෙන්න බෑ. බොරු දේශප්‍රේමීන්ට චම්පිකගෙන් උත්තරයක්

යළි බෙදුම්වාදයට මේ රට කැන්දාගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කරන බවට විමල් වීරවංශ ප්‍රමුඛව රෙජීමයට පක්ෂපාත කොටස් ගෙන යන විසුළුකාරී ප්‍රකාශයට උත්තරයක් දෙමින් පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව ඇති බවත් එය යුධ අපරාධ චෝදනාවලට මුවාවෙලා යටපත් කරන්න ඉඩ නොදියයුතු බවත් හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
 'ඒක කොටියො පෙන්නල මුවෝ මරනව වගේ වැඩක්. ඒ නිසා අපි මේ දෙක දෙකක් ලෙස සැලකිය යුතුයි. අපි ජනතාවට ප්‍රකාශ කරනව ව්‍යාජ ප්‍රචාරවලටල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ විදේශගත බලවේගවල ප්‍රචාරවලට අපි හසුවිය යුතු නෑ. අපි බොහොම පැහැදිලිව මේ රටේ ඒකීය භාවයත්, මේ රටේ භෞමික අඛණ්ඩතාවයත්, රණවිරුවන්ගේ අයිතියත් වෙනුවෙන් එදත් පෙනී සිටිය. අදත් පෙනී ඉන්නව. ව්‍යාජ බලවේග කුමක් කීවත් මේ කටයුත්ත අභීතව ඉටුකළේ ජාතික හෙළ උරුමය. ඉදිරියටත් අභීතව ඒ කටයුතු අපි ඉටු කරනව.' යනුවෙන්ද ඔහු පැවැසීය.

අද (24) කොළඹ, කොටුව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට එක්වෙමින් රණවක මහතා මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

24 Nov 2014 - JVP

video: ඒකාධිපති පාලනයට එරෙහිව පුළුල්ම මැදිහත්වීම කරනවා

කාධිපති පාලනය පැරදවීම වෙනුවෙන් ගොඩනගන පුළුල්තම මැදිහත්වීම සිදුකිරීමටත් එය ජනාධිපතිවරණය පවත්වන දිනයෙන් අවසන් නොවන එයින් ඔබ්බට යන පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම දක්වාත් ඉන් දිරියට සිදුකරන ජනතා පෙලගැස්මක් දක්වා කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ වත්මන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ක්‍රියාකාරීත්වය පැහැදිළිකරමින් අද (24) පෙරවරුවේ පැවති මාධය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා පැවසීය.
බත්තර මුල්ල පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැමති එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතාද සහභාගී වූ අතර තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා...
"දැන් ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා. මේ ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධීනීති විරෝධී එකක් විදියටයි අපි සලකන්නේ. ව්‍යවස්ථාව අනුව රාජපක්‍ෂ මහතාට යළි කිසිදු දිනෙක ජනාධිපතිවරණයකට තරඟ කරන්න බැහැ. ඒ වගේම ඔහුගේ දෙවන ධුර කාලයට වසර 4ක් පිරුණු පසුව ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි බවත් ව්‍යවස්ථානුකූලව පැහැදිළියි. නමුත් මහින්ද රාජපක්‍ෂ උපක්‍රමශීලීවඉතාම සටකපට ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් ලබාගෙන තිබෙනවා. ඒ මතය කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ.
අපි හඳුනාගන්නා ලෙස අපේ රට ප‍්‍රධාන අර්බුද 5ක ගිලී තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස පිළිබඳ ප‍්‍රශ්නය පළමුව මතුවී තිබෙනවා. දෙවනුව ආර්ථිකයේ මහා කඩාවැටීමක් මතුවී තිබෙනවා. ආර්ථිකයේ අත්පත්කරගන්නා ප‍්‍රතිලාභ ජනතාව අතරට සාධාරණව නොයෑමේ තත්වයක් මතුවී තිබෙනවා. ඒ නිසා බොහෝ ජන කණ්ඩායම් අධ්‍යාපනයේදීසෞඛ්‍යයේදී එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේදී මහා විෂමතාවයකට ලක්ව තිබෙනවා. විශාල ජනතාවකගේ ජීවිත අර්බුදයකට ලක්ව තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ සමානාත්මතාවය වෙනුවෙන් අපට මැදිහත්වීමට සිදුවී තිබෙනවා. සිව්වනුව අපේ රටේ සිංහල,දෙමළමුස්ලිම්බර්ගර්මැලේ ජන කොට්ඨාශ අතර සහජීවනය ගොනැගිය යුතුව තිබෙනවා. විශාල වශයෙන් ඉහවහා ගිය වංචාවදූෂණය පිටුදැක යහපාලනය උදෙසා වූ අරගලයක් සඳහා මැදිහත්විය යුතුව තිබෙනවා. අවසාන වශයෙන් ජාත්‍යන්තරව මහා හුදකලා තත්වයකට පත්කර තිබෙන රට මුදවා ගත යුතුව තිබෙනවා. වෙනදාට වඩා ලෝකය සමීප වී තිබියදී ඒ සමීප ලෝකය ඇතුලේ අපේ මාතෘභූමිය හුදකලා වීමේ අනතුරකට ලක්ව තිබෙනවා. රාජපක්‍ෂ පාලනයේ දස වසරකට ආසන්න කාලය ඇතුළත පෙන්නුම් කරමින් තිබෙන්නේ අපේ රටේ ක්ෂේත‍්‍ර ගණනාවක් අර්බුදයකට ඇදදමා තිබෙන බවයි.
24 Nov 2014 - රනිල් වික්‍රමසිංහ
මෛත්‍රීපාල ජයග්‍රහණය කරවා යහපත් රටක්‌ බිහිකරමු
එජාප නායක රනිල් වික්‍රමසිංහ කෑගල්ලේදී කියයි

මේක මහරජාණන්ට අයිති රටක්‌ නොවෙයි. සියලු ශ්‍රී ලාංකීය ජනතාවගේ රටක්‌. විනාශය කරා ගෙන යන රට මුදවා ගන්නට අද සියලු විපක්‍ෂයේ බහුතර බලවේග එකමුතුවෙලා තිබෙනවා. ඒ සටනට අවතීරණවීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්‌තුති කරනවා. පොදු අපේක්‍ෂකයා හැටියට එතුමා ජයග්‍රහණය කරවා මේ රට තුළ නව දේශපාලන සංස්‌කෘතියක්‌, දියුණු සංවර්ධිත දේශයක්‌ ගොඩනංවන්නට ක්‍රියාකරමු. කෝටි 500 ක්‌ පමණ වියදම් කර මට විරුද්ධව මඩ පෝස්‌ටර් මුද්‍රණය කළා. ඒවා අලවන්නේ නැතිව ළඟින්ම තියාගන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යයි එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22දා) කෑගල්ල ගලිගමුවේදී පැවැසීය.

එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් ශෂීම් මහතාගේ මූලිකත්වයෙන් පැවැති කෑගල්ල දිස්‌ත්‍රික්‌ එජාප බල මණ්‌ඩල රැස්‌වීම අමතා වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද පැවැසීය..............
http://www.divaina.com/2014/11/24/news27.html
24 Nov 2014 -ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
අප පඹයෝ කරන්න පිටරටට ඉඩදෙන්නේ නෑ...
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අරාබි වසන්තය ආකාරයට අප රට සෙලවිය නොහැකි බවත් වෙනත් කිසිදු රටකට අප රට පාලනය කිරීමට හෝ අපිව පඹයින් කරන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
රුපියල් බිලියන දහයක වියදමින් ඉදිකරන ලද දැදුරුඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22 දා) එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
මෙම ඓතිහාසික අවස්‌ථාව දැක බලාගැනීමට අතිවිශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.
ජනාධිපතිවරයා මෙසේද කීවේය.
අද අපේ රටේ වාරි ඉතිහාසයේ තවත් ඓතිහාසික අවස්‌ථාවකට අපි අද සම්බන්ධ වුණා. වයඹ ජනතාවගේ පරම්පරා ගණනක තිබූ ප්‍රාර්ථනාවක්‌ ඉටුවුණා මේ දැදුරු ඔය ජලාශයේ මංගල දියවර නිකුත් කරන අවස්‌ථාව දැක ගන්න. දැදුරු ඔය වැඩ ආරම්භ කරලා කියලා අපි දැනගත්තේ එදා කථානායකතුමාගේ වාහනය වටකරලා කියලා දැනගත්තු වෙලාවේ.

හොඳ වැඩක්‌ කරන කොට මුලින්ම එන්නේ විරෝධය. කොළඹ ගෙවල් හදන කොටත් අපිට මුලින්ම ආවේ විරෝධයක්‌. අරහේ, මෙහේ අරන් යන්න හදනවා, මේක බොරු වැඩ, නොකෙරෙන වැඩ කියලා විරෝධය පෑවා. අපිට මෙතැන විරෝධය පිළිබඳව ආරංචි වුණාම අපි ඒ ගැන සොයා බැලුවා. ඒවා ක්‍රියාත්මක කළේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ මගින්. ඒ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ලැබෙන්නේ කුමන තානාපති කාර්යාලයෙන්ද කියලා අපි දන්නේ නැහැ.

නමුත් ඒවාට අපි පළිගන්න අය නොවෙයි. අපි පළිගැනීමේ දේශපාලනය පැත්තකට දමා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි භාරගන්න කොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 58 ක්‌ හිටපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අද 127 ක්‌ ඉන්නවා. දැන් කීප දෙනෙක්‌ ගිහින් හිටියත් පාර්ලිමේන්තුවේ 161 දෙනෙක්‌ අපේ සන්ධානයේ තබාගන්න හැකිවුණේ අපි මිනිසුන්ට අපහාස නොකළ නිසා. මිනිසුන්ගෙන් පළිනොගත් නිසා...........
http://www.divaina.com/2014/11/24/news26.html


ජනපති සුරතින් සඳ හිරු සෑයේ
සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරේ
සඳහිරු සෑයේ ධාතු තැන්පත් කරද්දී
දශක තුනක කාලයක්‌ අප මාතෘභූමිය වෙලාගෙන සිටි ත්‍රස්‌තවාදයේ භීෂණය නිමාකොට සිරිලක්‌ දෙරණේ සාමය ස්‌ථාපිත කිරීම සනිටුහන් කිරීම පිණිස ඓතිහාසික අනුරාධපුර පුණ්‍යභූමියේ කුරුණෑගල මංසන්ධියේ හමුදා රණවිරුවන්ගේ ශ්‍රමයෙන් ඉදිවෙන ස්‌වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේට පමණක්‌ දෙවැනි වූ සඳහිරුසෑයේ ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ තැන්පත් කිරීම ඊයේ (23 දා) පෙරවරු 9.30 ට සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදුවිය.....................


24 Nov 2014 - JVP
ජනාධිපතිවරණය නීති විරෝධීයි
අපේ විරෝධය ඊට එරෙහිවයි


ප්‍ර. ජනාධිපතිවරණය දැන් ප්‍රකාශයට පත් කරල තියෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණ මොකද කරන්න යන්නේ? 

පි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරල තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ ගැන මතය විමසීමෙන් පසුවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය අපි දන්නේ නැහැ. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් දහදෙනාම ජනාධිපතිවරයාට තවත් වරක්‌ ජනාධිපති ධූරයට ඉදිරිපත්වීම සඳහා නීතියෙන් බාධාවක්‌ නැති බවට ප්‍රකාශ කොට තිබෙන බව. එහෙත් ඔහු එම තීරණයෙන් කොටසක්‌ කියවූවා මිස සම්පූර්ණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ඒ වුණාට අපි කියන්නේ ජනාධිපතිවරයාට තවත් වරක්‌ ඉදිරිපත් විය නොහැකි බවයි. එය ව්‍යවස්‌ථාවට පටහැනි ක්‍රියාමාර්ගයක්‌ හැටියටයි අපි දකින්නේ...........
http://www.divaina.com/2014/11/24/feature01.html

Nov 23, 2014

 23 November 2014 - රනිල්

රාජපක්‍ෂ රෙජිමයට වුණේ සේරම බදා ගන්න ගිහින් මුකුත්ම නැති වීම - රනිල්

නව  ආණ්ඩුව එක්සත් ජාතික පක්‍ෂය පමණක් සීමා නොවී, මේ රාජපක්‍ෂ රෙජිමය නැති කරන්න ආව සෑම කෙනාටම සහ සෑම පක්‍ෂයකටම සහභාගී වෙන්න පුළුවන් පුළුල් ආණ්ඩුවක්. මම අලූත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්නවා. අප අපේ පංගුව අරගන්නවා. අනෙක් පක්‍ෂවලට ඒ ගොල්ලන්ගේ පංගුව දෙනවා. අපි ඔක්කොම බදා ගන්න යන්නේ නැහැ. රාජපක්‍ෂ රෙජිමයට වුණේ සේරම බදා ගන්න ගිහින් මුකුත්ම නැති වීමයි' යනුවෙන් එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ) කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී පැවසීය.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පහතින් පලවේ.
 අද කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ රැස්වීම සංවිධානය කිරීම ගැන අපේ පක්‍ෂයේ සභාපති ඔබේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීතුමාටත්, චම්පික ප්‍රේමදාස මන්ත්‍රීතුමාටත් ඔබ සියලූ දෙනාටම මං මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම කබීර් හෂීම් මන්ත්‍රී තුමා අපේ පක්‍ෂයේ සභාපති හැටියට විශාල සේවයක් කරනවා. රට වටේ එක්කම කෑගල්ල දිස්ත්‍රික්කය වටේ යනවා. චම්පික ප්‍රේමදාස මන්ත්‍රීතුමා හැම වෙලාවේම තමන්ගේ යුතුකම ඉටු කරමින්, මැතිවරණ කොට්ඨාශයේ කටයුතු වලට අමතරව, මුළු රටේම කුඩා ව්‍යාපාරිකයින් සමග සම්බන්ධතා පවත්වමින්, අපේ පක්‍ෂය ශක්තිමත් කරනවා. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා හුගාක් හොඳ ආදර්ශයක් සෑම කෙනාටම දෙනවා. ඒ වගේම  මෙය සංවිධානය කළ අපේ සංවිධායකයින් සියළු දෙනාටම මගේ ස්තුතිය පුද කරනවා.
22 Nov 2014  - චම්පික රණවක කියයි
අපි මුලින්ම බලන්නේමහින්ද නිවැරදි කරවා ගන්න
මේක මෙගා ඩීල්කාරයන්ට යටවුණ ආණ්‌ඩුවක්‌
ආණ්‌ඩුව සමඟ අපි සාකච්ඡා අත්ඇරල නෑ...
පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කියයි

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමය රජය හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ මතවාදී විරසකයක සිටි බව අපි දන්නවා. එහෙත් ඔබලා ඇමැතිකම් අතහැර වගකීම්වලින් නිදහස්‌ව මේ වගේ තීන්දුවක්‌ ගනීවි කියල රටේ ජනතාව විශ්වාස කළේ නෑ. ඇත්තටම මොකද වුණේ

පිළිතුර - අපි 2005 දී එවකට සිටි අගමැති මහින්ද රාජපක්‍ෂට සහයෝගය දෙන්නට තීරණය කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක්‌ මතයි. ජාතික හෙළ උරුමය එහිදී 2005 සැප්තැම්බර් 09 වැනිදා සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කළා. රටේ ඒකීයභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කර ගැනීම සඳහා එකඟව අත්සන් කළ ප්‍රකාශනයේ 07 වන කාරණය ලෙස තිබුණේ විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකියන ලෙස සංශෝධනය කරනවා කියන කරුණයි මැතිවරණ ක්‍රමය ආසන මට්‌ටමට හා අනුපාත මට්‌ටමේ සංයෝජනයකින් හදනවා කියන එකයි. ඒක නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීම කියන එක අද ඊයේ ආපු දෙයක්‌ නොවෙයි. මහින්ද රාජපක්‍ෂත් එදා කියපු සටන් පාඨයක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සටන් පාඨයක්‌. එහෙම නැතුව ඔය සමහර මාධ්‍යවල කියනවා වගේ එන්.ජී.ඕ. සටන් පාඨයක්‌ නොවෙයි. අපිට චෝදනා කරනවනේ මේ වෙලාවේ එන්.ජී.ඕ. සටන් පාඨ අරගෙන ආණ්‌ඩුවට විරුද්ධව පාවිච්චි කරනවා කියලා...........
http://www.divaina.com/2014/11/23/politics01.html

22 Nov 2014
Common candidate a "Western conspiracy," says SLFP stalwarts
Anura Priyadarshana Yapa has been appointed General Secretary of the Sri Lanka Freedom Party, Minister Nimal Siripala de Silva announced at a hastily organized press conference at party headquarters yesterday.
Six party stalwarts including, John Seneviratne, Nimal Siripala de Silva, AHM Fowzie, Dallas Allahaperuma, Susil Premjayanth and Anura Priyadarshana Yapa took the head table 45 minutes behind schedule to make the announcement.
The newly appointed General Secretary will assume duties ceremonially at the party headquarters at an auspicious time yet to be determined.
Addressing the press, Minister de Silva said, "The SLFP is not unaccustomed to having its general secretaries leaving ever since CP de Silva quit.......................


Common candidate’ is a foreign conspiracy: SLFP

Nov 22, 2014


22 Nov 2014

මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ අදහස් පළ වූ නිදහස් පක්ෂයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව (FULL VIDEO)

http://newsfirst.lk/sinhala/2014/11/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6/
21 Nov 2014  Al Jazera ....

Clinging to power in Sri Lanka? [ video]


21 Nov 2014

පොදු අපේක්ෂකයා පිළිබඳව ජනපති අදහස් පළ කරයි (VIDEO)

21 Nov 2014  - JVP
නීති විරෝධී ජනාධිපතිවරණය හමුවේරට තුළ දේශපාලන කැළඹිල්ලක්‌ නිර්මාණය වී තිබෙනවා
- ලාල් කාන්ත කියයි

http://www.divaina.com/2014/11/22/news16.html
21 Nov  2014  President :
මට කියන්න තියෙන්නේ අනේ පව් මෛත්‍රී
- ජනාධිපති දිවිනැගුම ජාතික සම්මේලනය අමතා කියයි


දැන් ඉදිරි ජනාධිපතිවරණයට අපේ පක්‍ෂයේ මහලේකම් තුමා ඉදිරිපත් වී සිටිනවා. එක්‌සත් ජාතික පක්‍ෂයට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නෙ අපේ පක්‍ෂයේම කෙනෙක්‌. මේ හරියට එ.ජා.ප. මහලේකම් තිස්‌ස අත්තනායක මහතා අපේ පක්‍ෂයෙන් ඇවිත් ජනාධිපතිවරණයට ඉල්ලනවා වගේ වැඩක්‌.
දැන් රනිල් වික්‍රමසිංහ මහතාට ගෙදරටත් මෛත්‍රි, පිටත් මෛත්‍රි. එදා සරත් ෙµdන්සේකා මහතා අහුවුණා. අද අපේ පක්‍ෂයේ මහලේකම්තුමා අහුවෙලා. මට කියන්න තියෙන්නෙ අනේ පව් මෛත්‍රී කියලා.
දිවිනැඟුම වැඩ පිළිවෙල දිළිඳුකම තුරන් කිරීමට වගේම ගම හදන ගමේ නායකයෝ හදන රටට නායකයන් බිහිකරන පුළුල් පරාසයක්‌ ආවරණය කරගත් වැඩපිළිවෙලක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
කොළඹ, කැම්බල්පිටියේ දී ඊයේ (21 දා) පැවැති දිවිනැඟුම ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය..........................
http://www.divaina.com/2014/11/22/news15.html
21 Nov 2014

ආණ්ඩුව දැනටමත් පරාදයි - වික්ටර් අයිවන්

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141121_ivon_mahinda_maithreepala
21 නොවැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:36 GMT

පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැවැන්ත අභියෝගයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රකාශ කරයි.
විරුද්ධ පක්ෂ විසින් හොඳ ඉත්තෙකු යොදා ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සියලු දේශපාලන ව්‍යාපාර එක හඬින් ජනාධිපතිවරයා පරාජය කිරීමට එක්ව සිටින බව පවසන ඔහු සමස්ත සටනම ජනාධිපතිවරණයකට යාමට පෙර අවසන් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“විශාල කඩා වැටීමක්, බිඳ වැටීමක්, කල් තියා පරාජය පේන්න සැලැස්වීමක්,” යනුවෙනුයි ඔහු තවදුරටත් අලුත්ම දේශපාලන පෙළ ගැස්ම ගැන අදහස් දක්වමින් කියා සිටියේ.
ජනාධිපතිවරණ සටන සියයට 70 කින් අවසන් වී ඇති බව පවසන ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, ජනාධිපතිවරයා සියලුම තුරුම්පු ගසා අවසන් වී ඇති බවත් විපක්ෂය තම සටන ආරම්භ කළා පමණක් බවත් සඳහන් කළේය.
ජනාධිපති පරාජය වීමේ ඉඩකඩ වැඩියි -වික්ටර් අයිවන්
21 Nov 2014 TNA opinion
මෛත්‍රීපාල ජනපති ක්‍රමය අහෝසි කරාවි - ටීඑන්ඒ
පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා බලයට පත්වුවහොත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරනු ඇති බවට දෙමළ ජාතික සන්ධානය විශ්වාසය පළ කරයි.
පක්ෂය රැස්ව මෙතෙක් තීරණයක් ගෙන නැති නමුත් පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ට සහයෝගය පළ කරන්නේද යන්න පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා රූපවාහිනිය ඔස්සේ දැක්වූ අදහස් සාධනීය යැයි තමන්ට ඒත්තු ගිය බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා දේශපාලන කාර්යභාරය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් පැහැදීමක් ඇති වූ බව වැඩිදුරටත් සඳහන් කළේය............


22 Nov 2014 - Vaasu

බරපතල පහරක්, ඒත් මගේ සහාය මහින්දට: වාසු

21 නොවැම්බර් 2014 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉවත්වීම බරපතල පහරක් සහ පාඩුවක් වුවත් ජනපතිවරණයේදී ජනාධිපති රාජපක්ෂට සහාය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයකුට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් මැලිකමක් දක්වනු ඇති බව පවසන ජාතික භාෂා සහ ඒකාග්‍රතාවය පිළිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර, විශේෂයෙන්ම සිරිසේන හිටපු අමාත්‍යවරයා මැතිවරණයේදී "බටහිර අධිරාජ්‍යවාදී, ප්‍රතිගාමී කඳවුර" නියෝජනය කිරීම ඔහුට අවාසියක් වනු ඇති බවත් සඳහන් කළේය.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තමාද විරුද්ධ නමුත්, "කඳවුර ආරක්ෂා කරගැනීම පිණිස" එයට පක්ෂව ඡන්දය දීම පිළිබඳව කිසිදු කණගාටුවක් නොමැති බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේ.
මැතිවරණයෙන් ජයග්‍රණය කිරීමෙන් අනතුරුව දින 60 ත්, 100 ත් අතර කාලයක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂට බලපෑම් කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
දින 100 ක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට විපක්ෂයේ පොදු අපේක්ෂකයාත් ප්‍රතිඥා දී තිබෙන්නේ නොවේ දැයි විමසූ විට අමාත්‍ය නානායක්කාර කියා සිටියේ හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මේ වන විට සිටින්නේ 'ජනතාවාදී බලවේග සමඟ නොවන' බවයි.......
22 Nov 2014
ශ්‍රීලනිප නව ලේකම් අනුර ප්‍රියදර්ශන
මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හිස්වූ ශ්‍රීලනිප මහලේකම් හැටියට අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ඇත
http://www.lankadeepa.lk/index.php/articles/277315
21 Nov 2014
නම් දීම දෙසැම්බර අට : ඡන්දය ජනවාරි අට
ජනාධිපතිවරණයට නාම යෝජනා දෙසැම්බර අට වැනි දා ද, ඡන්දය ජනවාරි අට වැනි දා ද පැවැත් වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේය
http://www.lankadeepa.lk/index.php/articles/277237
21 Nov 2014 - town Hall  චන්ද්‍රිකා
එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ -චන්ද්‍රිකා
http://www.lankadeepa.lk/index.php/articles/277183
‘මාදුළුවාවේ සෝභිත හිමි,අතුරලියේ රතන හිමි,එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු තවත් බෝහෝ දෙනා එකතු වී සාධාරණ නීතී ගරුක රටක් ඇති කිරීමට  සුදානම් වෙනවා‘ යැයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නවනගර ශාලාවේදී   අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය.
කුමාරතුංග මහත්මිය මෙසේද කීවාය.
මට යළි මගේ දේශපාලන මහ ගෙදරට එන්න අවස්ථාව ලැබීම ගැන මා සතුටු වෙනවා. ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වාඩි වුණාට පසු හුඟ දෙනකුගේ සහභාගීත්වයෙන් මා පක්ෂයේ සභාපතිත්වයෙන් යැව්වේ ඔබතුමාට එය නිල වශයෙන් භාර දෙන්න අවස්ථාව දෙන්න කියා මා ඉල්ලද්දී එ අවස්ථාව වත් නොදී.
නමුත් නීති විරෝධී දේ කරමින් කැත වැඩ කරමින් සිටිය දී මා බොහෝ කාලයක් නිහඩව බලා සිටියා. මා මේ නිහඬ බව රකිමන් සිටියත් යළි දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න මා තීරණය කළා. ඒ කළේ මට සිදුකළ වද හිංසා හා කෙනෙහිළිකම් නිසා නොවෙයි. සාමාන්‍ය පුද්ගලයකුට දරා ගත නොහැකි තරම් වද හිංසා මට සිදුවුණා. ඒවා එකිනෙක කියන්න මට ලැජ්ජයි.

21 Nov 2014
ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

http://www.lankadeepa.lk/index.php/articles/277264
21 Nov 2014  -
gossip  news  - මෛත්‍රීට ජනාධිපති කුණු හරුපයෙන් බැණ එලවා ගනී!
21 Nov 2014 -
 Mayithripaala sirisena - Town Hall full video

https://www.youtube.com/watch?v=Ok11EYeeP8M&feature=youtu.be
21 Nov 2014  - Town Hall video
එජාපෙනුත් මෛත්‍රීට හරසර
21 Nov 2014   LAnka Truth news

18 බරපතල වැරැද්දක් - මෛත්‍රී

අද රටේ ආර්ථිකය පරිපාලනය එක පවුලක් අතට අරගෙන. නීතියේ ආධ්‍ය පත්‍ය බිඳවැටිලා. සොඳුරු අඥාදායකත්වයක් කරා රට ගමන් කරමින් තිබෙනවා.
රටේ ජනතාවගැන හිතලා ජාතික ‍ඖෂධ ප්‍රතිපත්තියක් ගේන්න දැඩි වෙහෙසක් ගත්තා (ඇස්වල කඳුළු)
විධායක ජනාධිපති ධුරය දින 100කින් අහෝසි කරන්න මට බලය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රටේ ජනතාවට ජීවත්වෙන්න හොඳ ආර්ථිකයක් නැහැ. මම නියෝජනය කරන පළාතේ ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමක් කළ යුතුයි.
මම පොදු අපේක්ෂකයෙක් ලෙස මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. සියලු හමුදාපතිවරුන්ගේ පොලිස්පති තුමාගෙන් නිදහස් මැතිවරණයකට කටයුුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
නිදහස් මාධ්‍යයකට, මාධ්‍යවේදියාට මේ රටේ අවස්ථාවක් නැති බව අපේ සහෝදර මාධ්‍යවේදීන් දන්නවා. නිදහස් මාධ්‍ය වළ දමා ති‍බෙනවා.
ඉදිරියේදී ජනතා ඡන්දයෙන් බලයට පත්වන අපේ ආණ්ඩුවක් යටතේ මාධ්‍යට සම්පූර්ණ නිදහස ලබාදෙන බවට පොරොන්දුවෙනවා. මේ රටේ තිබෙන වංචාව දූෂණය හමාර කරලා සාධාරණ සමාජයක් ගොඩනගන්න බලාපොරොත්තු වනවා.
17වන සංශෝධනය බලාත්මක කරන අතර 18වන සංශෝධනය අහෝසි කරනවා.
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12707:18-&catid=36:2011-10-17-04-27-38&Itemid=72