Dec 20, 2014

20 Dec 2014
නාධිපතිවරණ මහජන රැලි.......
ජනාධිපති
ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන රැලි දෙකක්‌ අම්පාර මහජන ක්‍රීඩාංගණයේදී සහ අක්‌කරපත්තුව මහජන ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැත්වේ. මෙයට අමතරව කල්මුණෙයි, පොතුවිල්, පානම, තිරක්‌කෝවිල් ප්‍රදේශවලදී ද ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ජනහමු පැවැත්වේ. 
මෛත්‍රීපාල 
ජනාධිපතිවරණයට තරග කරන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන හමු 13 ක්‌ අද (20 වැනිදා) සහ හෙට (21 වැනිදා) පැවැත්වේ.

අද ගම්පොළ, පාතදුම්බර, තෙල්දෙණිය, උඩුනුවර, නාවලපිටිය සහ කුණ්‌ඩසාලේද හෙට හඟුරන්කෙත, වලපනේ, නුවරඑළිය, හැටන්, යටියන්තොට, දැදිගම සහ අත්තනගල්ලේදී ද පැවැත්වේ.
19 Dec 2014

video: නඩු දාන හැටි, අයින් කරන හැටි මෙන්න

අද (19) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ තමා ආණ්ඩුවට එක් වීමේ ප්‍රධාන එකඟතාවය වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවර ඇති නඩු ඉවත් කිරීම බව හෙළි කර සිටියේය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් මැදිහත් වන බවට එකඟ වූ බවත්ය.
පසුගිය කාලය පුරාවට රාජපක්ෂ පාලනය රටේ අධිකරණයයට බලපෑම් සිදු කළ අවස්ථා වාර්තා වූ අතර ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ආරක්ෂක ලේකම්වරයාට මෙරටඅධිකරණයේ තීන්දු තීරණනඩු කටයුතු වෙනස් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව බවය.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 2010 ජනාධිපතිවරණයට තරඟ කිරීම නිසා සරත් ෆොන්සේකා මහතාගෙන් පළිගැනීම වෙනුවෙන් ඔහුට බොරු චෝදනා එල්ලකර නඩු  පැවරූ බව සියලු දෙනා දන්නා කරණක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති............
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13190:video-&catid=41:local&Itemid=74

ෆොන්න්සේකාගේ බෑණා ධනුනට ඇප ලැබේ

හමුදාවට යුද උපකරණ මිලදී ගැනීමේදී රජය සතු මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරෙන්තු නිකුත් කර සිටියදී අධිකරණයට භාරවූ හිටපු හමුදාපති සරත් ෆොන්න්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා රුපියල් ලක්‍ෂ 104 ක්‌ වටිනා ඇපයකට යටත් කොට දැඩි කොන්දේසි සහිතව මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගණී පෙරේරා මහත්මිය ඊයේ (19 දා) නියෝග කළාය..........


19 Dec 2014
Positive response on relief for SF: Ketagoda
2014-12-19 21:42:01


Parliamentarian Jayantha Ketagoda who was a member of the Democratic Party led by former army commander Sarath Fonseka said today that both President Mahinda Rajapaksa and Defence secretary Gotabaya Rajapaksa had responded positively to his request to grant relief to Fonseka.

“I had discussions with President Rajapaksa and the Defence Secretary on restoring Mr. Fonseka’s military rank and decorations including his pension. I also requested that the Rs.70 million frozen in his bank account be released to him. They said they will consider my requests positively after the poll. I believe, the release of Dhanuna Tillekaratne’s release today is an indication of that,” Mr. Ketagoda told media at today’s news briefing at the SLFP head office.

19 Dec 2014
SL govt. orders 1.25 lakhs bikes from India

Bajaj Auto has bagged an order for 1.25 lakh units of Discover-125M motorcycles from Sri Lankan government.
The company through its distributor David Pieris Motor Company in Sri Lanka had secured an order for supply of around 50,000 units of Discover-125M motorcycles.
The company has already supplied 48,000 units successfully against this order, Bajaj Auto Ltd said in a filing to the BSE.
“The company has now secured a repeat order from them through the company’s distributor in Sri Lanka for the supply of 1.25 lakh units of Discover-125M, which the company expects to execute in next 3-4 months,” it added.
http://www.dailymirror.lk/59355/sl-govt-orders-1-25-lakhs-bikes-from-india
19 Dec 2014
ගුරු සංගමේ පැමිණිල්ල ලැබුණේ පස්සෙලු
ජනපතිවරණය අවසන්වනතුරු මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිය දී අද (19) පාසල් කිහිපයක විද්‍යාගාර විවෘත කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ද විද්‍යාගාරයක් විවෘත කළ බවත්, ජනපතිගේ රුව සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරමින් නිවාඩු කාලයේ දේශපාලකයන් ගෙන්වා එම උත්සවය පවත්වා ඇති බවත්, වැඩසටහන පැවැත්වීමට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවට දැන්වුවත් එය වැලැක්වීමට පියවරක් ගෙන නැති බවත් ස්ටාලින් මහතා කීවේය.
නිවාඩු කාලයේ පාසල්වල මහින්දෝය විද්‍යාගාර විවෘත කරන්නේ ජනාධිපතිවරණයට ප්‍රචාරයක් ලබා ගැනීමට විනා වෙන දේකට නොවන බවත් ඔහු පැවසීය.
මේ ගැන කළ විමසීමක දී ගම්පහ තේරීම්භාර නිලධාරී හා මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ පරිගණක විද්‍යාගාර විවෘත කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ල ලැබුණේ උත්සවය අවසන්වූ පසු බවයි
19 DEc 2014
වෛරයක් නෑ : පලිගැනීමක් නෑ‘
මෛත්‍රීපාල සිරිසේන

‘ අපිට ඉදිරියට යෑමට නොදී විවිධ කඩාකප්පල්කාරී දෑ කළත් අප කිසිවිටක ඔවුන්ට වෛර කරන්නේ නෑ. පස් වතාවක් බෝම්බ ප්‍රහාර වලට ලක්වන්නට ගිය මා කිසි දිනක මේ රටේ ත්‍රස්තවාදය නැවත හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ.‘ යි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) විහාරමහා දේවී උද්‍යානයේ දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.
උත්සවයට පැමිණි සිරිසේන මහතා බුදු පිළිමවහන්සේට මල් වට්ටියක් පූජා කළේය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරමුණ පැහැදිලි කිරීමෙන් පසු ජයමංගල ගාථා සජ්ජාඣායනා කරන අතරතුර  මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහා සංඝරත්නයට හා පැමිණ සිටි දේශපාලන නායකයන්ට පිළි ගැන්වීය.
එය පිළිගන්වද්දී විදුලිය විසන්ධි වූ අතර සිරිසේන මහතා නැවත කතාව ආරම්භ කර මද වේලාවකින් විදුලි ජනන යන්ත්‍රයක් ආධාරයෙන් විදුලිය ලබා ගත්තේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා -
‘‘නහිවේරේන වේරානි‘ හා ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී‘ කියන ප්‍රතිපත්තිය මත පිහිටා අපි කටයුතු කරනවා. අපිට මොන හිරිහැර කරත් අපි වෛර කරන්නේ නෑ. ක්‍රෝධ කරන්නේ නෑ. අවිහිංසාවාදීව අපි කටයුතු කරනවා.
මා මිත්‍ර මහින්ද රාජපක්ෂ මහත්මා කියනවා අපි බලයට ආවොත් මේ රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති වෙනවා කියා. දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවී තිබෙන්නේ දැනුයි.
යුද්ධ ඉවර කළ ශ්‍රේෂ්ඨ යුද නායකයා ඉන්නේ අප සමගයි. මේ රටේ නැවත යුද්ධයක් ඇති වෙන්න, කොටි සංවිධානයට නැවත හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නෑ.
යුද්ධය අවසන් වන අන්තිම සති දෙකේ ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ මමයි. මා කොටි ප්‍රහාර පහකට ලක් වුණා. එස්ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ මැතිණියගේ දියණිය කොටි ප්‍රාහරයකට ලක්ව ඇහැක් අහිමි වුණා.
මා බලයට එන්නේ දෙවැනි වරත් ඉල්ලන්න නොවෙයි. මාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දෑ ඒ විදියටම ක්‍රියාත්මක කරන බව මා ප්‍රතිඥා දෙනවා.
අවුරුදු නවයක් තිස්සේ මගේ හඬ එක්සත් ජානතා නිදහස් සන්ධානයට වැදගත් වූවාසේම දැනුත් මගේ හඬ නැතිව බැරි වෙලා. ඒ නිසා තමයි මා වසර ගණනාවකට කළ ප්‍රකාශයක් නැවත විකාශය කරන්නේ. ජනතාව දන්නවා දැන් මා කියන ප්‍රකාශ සහ පැරණි ප්‍රකාශ ගැන. රාජ්‍ය මාධ්‍යවල ඉන්න මාධ්‍යවේදීන්ට ඉහළ බලපෑම් හමුවේ අසරණ වෙන්න වෙලා. මා ඒ අයට අනුකම්පා කරනවා. ‘
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා -
‘මේ රටේ ත්‍රස්තවාදය නැති කළාට පස්සේ රාජපක්ෂ උවදුරට මුහුණ දෙන්න වුණා. ජයග්‍රහණය මතින් බලය අරගෙන ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා.
අද මේ පාලනය අවසන් කරන්න සියලු දෙනා එකතු වෙලා ඉන්නවා. 1948 වසරෙන් පසු දැන් තමයි සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ. ඒ රාජපක්ෂ රෙජීමය එළවන්නයි. ඒ සඳහා අපි තෝරා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතායි.‘
සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පහත වෙබ් අඩවියෙන් පිවිසිය හැකිය.
19 Dec 2014
මෛත්‍රී ප්‍රතිපත්ති පිළිගන්වද්දී ලයිට් යයි..video , phtos
DSC_0589
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනය සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මදුළුවාවේ සෝභිත හිමියනට විහාරමාහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසළදී පිළිගැන්වීය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හෙළඋරුමයේ අතුරලියේ රතන හිමි, ලේකම් පාඨලි චම්පික රණවක මහතාද පැමිණ සිටි අතර වූහ.
විධායක ජනාධිපති ක්‍රමය හා 18 වන  සංශෝධනය අහෝසි කිරීම, ආදිය  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත්ය.
ජයමඟුලු ගී ගයා ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වද්දි ප්‍රධාන වේදීකාවේ විදුලිය විසන්ධි විය

Video: Maithri launches manifesto
Common opposition candidate Maitripala Sirisena launched his manifesto titled, ‘A Maithri Administration and a Stable Country’at the Colombo Vihara Maha Devi Park a short while ago.
 One of the highlights in the manifesto is the abolishing of the executive presidency.
http://www.dailymirror.lk/59323/maithri-launches-manifesto
19 Dec 2014

මහින්දත් ගෝඨාභයත් යුද්ධයේ අවසන් මොහොතේ රටින් පැන්නා

maithreepala-warning
මේ රටේ පවත්වන සෑම මැතිවරණයකදීම යුද ජයග්‍රහණයේ ගෞරවය ලබා ගනිමින් මේ රටේ ජනතාව නොමඟ යවා, ජනතා ඡන්දය කොල්ල කන මේ රටේ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බිහිසුණු යුද්ධයේ අන්තිම සටන වෙලාවේ මේ රටේවත් සිටියේ නැහැ.
ඔවුන් ජීවිත ආරක්‍ෂාව සඳහා විදේශගත වුණා. යුද්ධය යුද්ධයක්‌ හැටියට යුද බිමේ සිට මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුලිනුපුටා දමා රට බේරාගත් වීර සෙන්පති ජෙනරාල් ෆොන්සේකා මහතාට යුද ජයග්‍රහණයෙන් පසු අනේක වධ හිංසා පමුණුවා, ඔහුගේ ප්‍රජා අයිතිය පවා අහිමි කළ මහින්ද රාජපක්‍ෂ මහතාට නියම පිළිතුර ලබා දෙන්න මැතිවරණ දිනය එළැඹෙන තුරු මේ රටේ බුද්ධිමත් ජනතාව බලා සිටින බව ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (17 දා) ඇල්පිටිය නගරයේ පැවැති ජන හමුව අමතමින් ප්‍රකාශ කළේය.
 ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.
 එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
 දැන් මේ රජය මට මඩ ගැසීම සඳහා ඉතා පහත් ආකාරයට කටයුතු කරනවා. යුද ජයග්‍රහණයෙන් පසු මා කළ ප්‍රකාශයන් විකෘති කොට ජාතික රූපවාහිනියෙන්, අයි.ටී.එන්. එකෙන් ප්‍රචාරය කරනවා. එදා යුද ජයග්‍රහණයේදී යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයා ගැන මා පමණක්‌ නොවෙයි මුළු රටම කතා කළා. ඒත් මේ රටේ ජනතාව සිතුවේ යුද්ධයේ ප්‍රතිඵල රටේ සමස්‌ත ජනතාවට ලැබේවි කියලයි.
19 Dec 2014
ජනවාරි 9 වැනිදා බිහිවන නව ආණ්‌ඩුවට ජනතා පොරොන්දු ඉටුකරන ලෙස බලකරනවා
- ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි
ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන ආණ්‌ඩුවේ කොටස්‌කාරයන් බවට පත් නොවී ඔවුන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරවා ගැනීම සඳහා බලපෑම් කිරීමේ කටයුත්තට ජනතා විමුක්‌ති පෙරමුණ මැදිහත් වන බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

මේ ජනාධිපතිවරණය රාජ්‍ය බලය පාවිච්චි කිරීම, රාජ්‍ය දේපළ යොදා ගැනීම අතින් ලෝක වාර්තාවක්‌ තියන්නයි යන්නේ. ඒ තරමටම රාජ්‍ය බලය සහ දේපළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් තිබෙනවා. ජනාධිපතිවරණයට දින නියම කරන්න කලින් සිටම මහින්ද රාජපක්‍ෂ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ආරම්භ කළා. මහා මාර්ගවල විදුලි කණුවල කටවුට්‌ එල්ලුවා. පාර වැහෙන තරමටම කටවුට්‌ ගහන්න පටන් ගත්තා. ඒ සඳහා සමාජ විරෝධය එල්ල වීමත් නීතිඥ සංගමය නීතිමය පියවර ගැනීමට සූදානම් වීමත් නිසා මෙම කටවුට්‌ ඉවත් කිරීමට ආණ්‌ඩුවට සිදුවුණා. නමුත් තවමත් නීති විරෝධී කටවුට්‌ මුළුමනින්ම ඉවත් කරලා නැහැ. මේ වනවිටත් බොහෝ රාජ්‍ය ආයතන ඇතුළේ කටවුට්‌ සවිකරමින් තිබෙනවා. පසුගිය කාලයේ අනුලා විද්‍යාලය තුළ ගුරුවරුන්ගේ විරෝධය නොසලකා කටවුට්‌ සවිකළා. අධිවේගී මාර්ග අවසන් වන ස්‌ථානවල මාතර, කොට්‌ටාව වැනි ප්‍රදේශවල විශාල වශයෙන් කටවුට්‌ ප්‍රදර්ශනය කරමින් තිබෙනවා. මෙහි බරපතළකම කොච්චරද කිව්වොත් ආරම්භයේදී කටවුට්‌ සවිකිරීමට පොලිස්‌ නිලධාරීන් පවා යොදාගත්තා. අඟුණකොළපැලැස්‌ස ප්‍රදේශයේ දී පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ වගකීම සහිතව කටවුට්‌ සවිකරලා තිබුණා. මැතිවරණ නීතිය ආරක්‍ෂා කිරීමට ඉන්න පොලිසිය පවා තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්න මහින්ද රාජපක්‍ෂ කටයුතු කළා.
19 Dec 2014
තුරේ හමුදා පාලනයක්‌  
ඇති බවට සම්බන්ධන් කියන කතා 
චම්පික රණවක ස්‌ථිරකර තිබෙනවා
ආචාර්ය ගුණදාස අමරසේකර
හෙළ උරුමයත් ජවිපෙත් දෙකම 
අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරනවා
වෛද්‍ය වසන්ත බණ්‌ඩාර


උතුරේ හමුදා පාලනයක්‌ තියෙනවා, ඒකට විරුද්ධව නැගී සිටින්න යෑයි සම්බන්ධන් මහත්මයා, විග්නේෂ්වරන් මහත්මයා කියන කාරණා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා දැන් ස්‌ථිර කර තිබෙන බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
"හමුදා පාලනයට තිත තැබීමට ඇති අවසාන අවස්‌ථාව මෙයයි. රාජ්‍ය මාධ්‍ය, රජයේ සේවකයන් මැතිවරණ සඳහා යොදා ගන්නවාට අමතරව දැන් හමුදාව ව්‍යාප්ත කිරීමත් කරගෙන යනවා. විරුද්ධ පක්‍ෂයේ රැස්‌වීම්වලට වගේම මාධ්‍ය සාකච්ඡාවලටත් බුද්ධි අංශ සාමාජිකයන් යොදවනවා. ජනතාවගේ සහය ලැබිය යුත්තේ කාටද යන්න ජනතාව තීන්දු කළ යුතුයි. නමුත් ඒ සඳහා හමුදාව විසින් බලපෑම් කරනවා." මෙය හමුදා පාලනයක්‌ ඇති කිරීම සඳහා වු ලක්‍ෂණ බවට පාඨලී චම්පික රණවක මහතා දෙමළ පුවත්පතකට ප්‍රකාශ කර තිබෙන බව ඊයේ (18දා) පෙරවරුවේ බොරැල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමරසේකර මහතා කියා සිටියේය.
චම්පික රණවක මහතා මේ කියන්නේ මොකක්‌ද? සමබන්ධන් මහත්මයා විග්නේෂන්වරන් මහත්මයා කියන දේ මේ අය ස්‌ථිර කරනවා. උතුරේ හමුදා පාලනයක්‌ තියෙනවා, ඒකට විරුද්ධව නැගී සිටින්න යෑයි දැන් රණවක මහතා දෙමළ ජනතාවට කියා සිටිනවා යෑයිද අමරසේකර මහතා පැවසීය.
http://www.divaina.com/2014/12/19/news31.html