Dec 11, 2014

11  DEc 2014
විධායකය අහෝසි කරනවා කියන මෛත්‍රී ඊට 
සංශෝධන ගේන බවට ප්‍රතිඥ දෙමින්
හෙළ උරුමය සමග ගිවිසුමක්‌ අත්සන් කළා

උද ගම්මන්පිල කියයි


විහාරමහාදේවි උද්‍යානයේදී දින සියයෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥ දෙමින් ගිවිසුමක්‌ අත්සන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පැය තුනකට පසු විධායක ක්‍රමයට සුදුසු සංශෝධන ගෙන එන බවට ප්‍රතිඥ දෙමින් ජාතික හෙළ උරුමය සමග තවත් ගිවිසුමක්‌ අත්සන් කළ බව හෙළ උරුමය පක්‍ෂයෙන් ඉවත් වූ උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙවන් පරස්‌පර විරෝධී අදහස්‌ දරන්නකු මේ රටේ ජනාධිපතිවීමට උත්සාහ දරන බවද කී ඒ මහතා මේ කතා දෙකෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කියන ඇත්ත කතාව කුමක්‌ද යන්න ප්‍ර්‍රශ්න කළේය........................
http://www.divaina.com/2014/12/12/news24.html
.....................................

JHU splits as Udaya
switches allegiance to President




................................................................................
 JHU splits; Udaya to govt  :Video:
2014-12-11 12:04:16

- See more at: http://www.dailymirror.lk/58729/jhu-splits-udaya-to-govt#sthash.cHEOECrg.dpuf
JHU strongman and ex-Minister of the Western Provincial Council Udaya Gammanpila sat at the government (UPFA) press conference that is being held at the SLFP headquarters now.

The Deputy General Secretary of the JHU Mr. Gammanpila pledged his support to President Mahinda Rajapaksa during the press conference.

"I am resigning from the JHU and will support President Rajapaksa as an independent member," he said.
http://www.dailymirror.lk/58729/jhu-splits-udaya-to-govt

මව්බිමේ බෙල්ල බේරාගන්නයි ආවේ‘ :  video 
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහ පාලනය ගැන ප්‍රශ්න තියෙනවා.නමුත් යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා.පොදු විපක්ෂයක් එක්ක එකතුවෙලා රටට විනාශයක් වුණොත්  එහි කොටස් කාරයෙක් වෙන්න මට බැහැ .ඒනිසා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට මා තීරණය කළා ‘යැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  උදයගම්මන්පිල මහතා කියයි.
පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයා  සමඟ එක්වී සිටින අය ගැන සැක සංකා තියෙනවා. යැයිද මන්ත්‍රීවරයා  පැවසීය...................PHOTOS 
11 Dec 2014
Tissa sworn in as Health Minister
2014-12-11 10:29:22



Former General Secretary of the United National Party Tissa Attanayake, who  crossed over to the Government, sworn in as the Minister of Health a short while ago at the president’s House in Kandy.
 http://www.dailymirror.lk/58695/tissa-new-health-minister
11 Dec 2014   මෛත්‍රිපාල සිරිසේන
රුදුරු ආඥදායකත්වය 8වැනිදා අවසන් කරනවා
-පොදු අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මතුගමදී කියයි




සොඳුරු ආඥදායකත්වයකින් පටන් අරගෙන රුදුරු ආඥදායකත්වයක්‌ කරා ගමන් කරන මේ රටේ පාලනය නතර කිරීමට ලබන ජනවාරි 08 වැනිදා හැකි වනු ඇතැයි විපක්‌ෂයේ ජනාධිපති පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මතුගමදී ඊයේ (10 වැනිදා) පැවැසීය.

"එක්‌වෙමු වෙනසක්‌ කරමු මෛත්‍රී පාලනයක්‌" මැයෙන් මතුගම පෞද්ගලික බස්‌ නැවතුම්පළේදී මෙම ජනහමුව පැවැත්විණි.
රජකමට ලොල් වුණු ඡන්ද තියමින් 'සිනහ වෙමින්' ජනතාවට තාවකාලික සහන දෙමින් අන්ත දූෂණ පාලනයක්‌ රටේ ආරම්භ කළා. දේශපාලන බලය පවුලේ සුඛ විහරණයට භාවිතා කළා. කොටුවේ ජනාධිපති මන්දිරය තුළ කෝටි සිය ගණනක්‌ පසුගිය වසර කිහිපය තුළ නාස්‌ති කර තිබෙනවා. අනුරාධපුර, මහනුවර, නුවරඑළිය ජනාධිපති මන්දර කෝටි ගණන් මුදල් වැය කරමින් ප්‍රාන්ත රජවරයකුගේ මාළිගාවන් ලෙස දියුණු කළා. ඇඹිලිපිටියේත් අලුත් ජනාධිපති මන්දිරයක්‌ හැදුවා. මේවා ජනතාවගේ සල්ලි. ජනාධිපති පවුලේ වියදම දිනකට කෝටි 5 ක්‌ පමණ වෙනවා. මෙය ලෝකයේ කිසිම ජනනායකයකු වියදම් කරන මුදලට වඩා ඉහළයි. ඒත් පවුල් 27 ලක්‌ෂයක්‌ රටේ අධික දුක්‌ විඳිනවා. රජයේ සේවකයන් දුක්‌ විඳිනවා. පෞද්ගලික අංශයේ රැකියා කරන අයට ආණ්‌ඩුවෙන් පිළිසරණක්‌ නැහැ. විදේශ රැකියා කරන පිරිස ලක්‌ෂ ගණනක්‌. ඔවුන්ට ආණ්‌ඩුව ලබා දුන්නේ මොනවාද?................
http://www.divaina.com/2014/12/11/news28.html


10 Dec 2014
දැන් ඔබට හිතන්න කාලය ඇවිත්
-ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 
සමහර අය ඉතිහාසය අමතක කළත්
අඳුරු යුගය තුරන් කළා
රාජ්‍ය සේවයේ ස්‌වර්ණමය යුගය උදාකළා
අනුර බාලසූරිය


කුමන බාධා, වෙඩි හඬ තිබුණත් ඔබ ඔබෙන් වියයුතු යුතුකම ඉටුකිරීමට ඉදිරිපත්වන්න. මේ රටේ නිල නොලත් අඳුරු නීතිය දමාපු යුගයක්‌ තිබුණා. ඒ භීෂණ යුගයේ කී දෙනෙක්‌ මාතාවන් හා දරුවන් නැතිවුණාද? එහෙම යුගයක්‌ තිබුණා. මේ ඉතිහාසය අපට සමහර වේලාවට අමතක වන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී පෙරේදා (9 දා) පැවැති රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය අමතා ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
ජනාධිපතිවරයා උත්සවය අමතා මෙසේද කීවේය.
ලෝක පවුල් සෞඛ්‍ය සැමරුම් දින උත්සවවලදී මම තමුන්නාන්සේලා හමුවුණා. නිරෝගිමත් දරු පරපුරක්‌ බිහිකරන්න සෞඛ්‍යමත් පවුල් පරිසරයක්‌ ගොඩනගන්න කැපවෙලා කරන සේවය අපි සෑම අවස්‌ථාවකදීම අගය කරනවා. අපි දකින්නේ මෙම සේවාව ඉතාමත් කාරුණික සේවාවක්‌ ලෙසයි.............................

http://www.divaina.com/2014/12/11/news27.html
10 Dec 2014  Puravasi

අපිට කොටි කියපු උන්ටම දැන් කොටි ලේබල් වැදිලා (audio)

Darmasiri-bandaranayaka
එන්ජීඕ කාරයෝ කොටි හිතවාදී ආදී ලෙස තමන්ට ගහපු තහඩු දැන් දැන් උන්ටම එල්ලිලා යැයිද අපේ තහඩු දැන් කොරෝෂන් බැඳිලා යයිද ධර්මසිරි බණ්ඩාරනායක පවසයි. ඔහු මෙසේ කීවේ පුරවැසි බලය අද පැවැති මාධ්‍ය හමුවේදී ය.
ජයතිලක බණ්ඩාරයන්ට පහර දීම ගැන දැඩි හිත්වේදනාවෙන් අදහස් දැක්වූ ධර්මසිරි බණ්ඩාරනායක මේ පුරවැසි බලය සංවිධානය ලබන 8 වෙනිදායින් අහවර නොවී පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් තහවුරු කර ගන්නා තුරු පවත්වාගෙන යන්නක් බවද පැවසීය.

ධර්මසිරිගේ ආවේගශීලී කතාවට මෙතැනින් සවන් දිය හැක.

10 Dec 2014   news
බරපතළ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල 
වගකීම පළාත භාර පොලිස්‌ ලොක්‌කාට
ජනාධිපතිවරණයේදී මිනිස්‌ ඝාතන හෝ බරපතළ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවූවොත් එහි සම්පූර්ණ වගකීම අදාළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා (එස්‌. ඩී. අයි. ජී.) විසින් භාරගත යුතු බවට පොලිස්‌පතිවරයා ලිතව නියෝග කර ඇත.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ගිනි අවි රැගෙන යන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්‌පතිවරයා එක්‌ එක්‌ පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට උපදෙස්‌ ලබා දී තිබේ.
එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටින පුද්ගලයන් සහ වාහනවල අවි ආයුධ තිබේදැයි සොයා දිගින් දිගටම පරීක්‍ෂා කරන ලෙස ද පොලිස්‌පතිවරයා පොලිසිය වෙත උපදෙස්‌ ලබා දී ඇත.
පසුගිය 2010 ජනාධිපතිවරණයේදී මිනිස්‌ ඝාතන 6 ක්‌ සිදුවූ බවත් මෙවර මැතිවරණයේදී කිසිදු මිනිස්‌ ඝාතනයක්‌ සිදු නොවීමට වගබලා ගතයුතු බවත් දන්වමින් පොලිස්‌පතිවරයා සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට ලිතව දැනුම් දී ඇත.
ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක වන කාලසීමාවේදී හදිසි මාර්ග බාධක යොදා වාහන සහ සැකකටයුතු පුද්ගලයන් පරීක්‍ෂා කිරීම පොලිස්‌ ස්‌ථාන මට්‌ටමින් සිදු කිරීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කරමින් සිටියි.
එමෙන්ම රාත්‍රි මුර සංචාර වැඩි කිරීම සහ ජංගම සංචාර, සෝදිසි කිරීම් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට ද පොලිසිය සැලසුම් කර ඇත.

http://www.divaina.com/2014/12/10/news03.html

රට පුරා ඉදිකර ඇති කටවුට්‌ බැනර් මැද
පොලිසිය හිරවෙයි

http://www.divaina.com/2014/12/10/news02.html