Dec 11, 2014

11 Dec 2014   මෛත්‍රිපාල සිරිසේන
රුදුරු ආඥදායකත්වය 8වැනිදා අවසන් කරනවා
-පොදු අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මතුගමදී කියයි




සොඳුරු ආඥදායකත්වයකින් පටන් අරගෙන රුදුරු ආඥදායකත්වයක්‌ කරා ගමන් කරන මේ රටේ පාලනය නතර කිරීමට ලබන ජනවාරි 08 වැනිදා හැකි වනු ඇතැයි විපක්‌ෂයේ ජනාධිපති පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මතුගමදී ඊයේ (10 වැනිදා) පැවැසීය.

"එක්‌වෙමු වෙනසක්‌ කරමු මෛත්‍රී පාලනයක්‌" මැයෙන් මතුගම පෞද්ගලික බස්‌ නැවතුම්පළේදී මෙම ජනහමුව පැවැත්විණි.
රජකමට ලොල් වුණු ඡන්ද තියමින් 'සිනහ වෙමින්' ජනතාවට තාවකාලික සහන දෙමින් අන්ත දූෂණ පාලනයක්‌ රටේ ආරම්භ කළා. දේශපාලන බලය පවුලේ සුඛ විහරණයට භාවිතා කළා. කොටුවේ ජනාධිපති මන්දිරය තුළ කෝටි සිය ගණනක්‌ පසුගිය වසර කිහිපය තුළ නාස්‌ති කර තිබෙනවා. අනුරාධපුර, මහනුවර, නුවරඑළිය ජනාධිපති මන්දර කෝටි ගණන් මුදල් වැය කරමින් ප්‍රාන්ත රජවරයකුගේ මාළිගාවන් ලෙස දියුණු කළා. ඇඹිලිපිටියේත් අලුත් ජනාධිපති මන්දිරයක්‌ හැදුවා. මේවා ජනතාවගේ සල්ලි. ජනාධිපති පවුලේ වියදම දිනකට කෝටි 5 ක්‌ පමණ වෙනවා. මෙය ලෝකයේ කිසිම ජනනායකයකු වියදම් කරන මුදලට වඩා ඉහළයි. ඒත් පවුල් 27 ලක්‌ෂයක්‌ රටේ අධික දුක්‌ විඳිනවා. රජයේ සේවකයන් දුක්‌ විඳිනවා. පෞද්ගලික අංශයේ රැකියා කරන අයට ආණ්‌ඩුවෙන් පිළිසරණක්‌ නැහැ. විදේශ රැකියා කරන පිරිස ලක්‌ෂ ගණනක්‌. ඔවුන්ට ආණ්‌ඩුව ලබා දුන්නේ මොනවාද?................
http://www.divaina.com/2014/12/11/news28.html

No comments:

Post a Comment