Dec 16, 2014

16 Dec 2014
පක්‌ෂග්‍රාහී නිරීක්‌ෂකයන් උසාවියට 
ශ්‍රීලනිප මහ ලේකම් කියයි
පක්‍ෂග්‍රාහිව කටයුතු කරන බවට හඳුනාගෙන ඇති මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට එරෙහිව වහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (15 වැනිදා) සඳහන් කළේය.
මෙරට ක්‍රියාත්මක වන එවැනි සංවිධාන ගණනාවක්‌ මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරි දින
පක්‌ෂග්‍රාහී නිරීක්‌ෂකයන් කිහිපය ඇතුළත එම සංවිධානවලට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට පක්‍ෂග්‍රාහි ලෙස කටයුතු කිරීමේ අයිතියක්‌ නොමැති බව සඳහන් කළ ශ්‍රීලනිප මහ ලේකම්වරයා ඇතැම් මැතිවරණ නිරීක්‍ෂකයින්ට එම තනතුරුවලට සේවය කිරීමට සුදුසුකම් නොමැති බවත් පැවැසීය.
විදෙස්‌ රටවලින් මුදල් ලබා ගැනීම වෙනුවෙන් එම සංවිධාන ආණ්‌ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් වත්මන් රජය කිසි ලෙසකින් හෝ නීතියට පිටුනොපාන බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
හෙතෙම ඊයේ (15 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

http://www.divaina.com/2014/12/16/news01.html
16 Dec 2014
"පොලිසියට නොපෙනෙන කටවුට්‌ මම පෙන්වන්නම්"- මැ කො කියයි
ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රදර්ශනය කර ඇති නීති විරෝධී පෝස්‌ටර්, බැනර් සහ කටවුට්‌ පොලිසියට නොපෙනෙන්නේ නම් ලබන 18 වැනිදා සිට ඒවා පෙන්වා දීමට මැතිවරණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා "දිවයින" ට පැවසීය. මේ පිළිබඳව සොයා බලා පියවර ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව කණ්‌ඩායම් කිහිපයක්‌ රට පුරා යෙදවීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම කීය.
මැතිවරණ කොමසාරිස්‌වරයා වශයෙන් සියලු අපේක්‍ෂකයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා තමන්ට ගත හැකි සෑම පියවරක්‌ම අනුගමනය කරන බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.
...............
http://www.divaina.com/2014/12/16/news04.html

දරුණු මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා 37 ක්‌  වාර්තා වී තිබෙනවා
නීතිඥ ශිරාල් ලක්‌තිලක
මෙවර ජනාධිපතිවරණයේ මේ වන විට දරුණු ගණයේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා තිස්‌හතක්‌ වාර්තා වී ඇතැයි ද ඉන් සිද්ධීන් දහයක්‌ම වෙඩි තැබීම් හා බෝම්බ ගැසීම් යෑයිද නීතිඥ ශිරාල් ලක්‌තිලක මහතා පොදු අපේක්‌ෂක ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ (14 වැනිදා) පැවැසීය.
විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් සෑම පළාතකටම යවමින් ජනතාව මානසික පීඩනයට ලක්‌ කිරීමට පටන්ගෙන ඇතැයි ද ඔහු පැවැසීය.
මීට අමතරව ආරක්‌ෂක අංශ නිලධාරීන් සිවිල් ඇඳුමින් සෑම පළාතකටම යවා ඇතැයිද ඒ අයගේ නම් ලැයිස්‌තුව තමන් සතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය. එවැනි වැරදි ක්‍රියාමාර්ගවල නිරතවන නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නා බවද හේ කියා සිටියේය. හමුදා නිලධාරීන් ලවා පන්සල්වල ධර්මදේශනා සංවිධානය කරමින් දේශපාලන රැස්‌වීම් පවත්වන තත්ත්වයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මැතිවරණ ව්‍යාපාරය බංකොලොත් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය

http://www.divaina.com/2014/12/16/news14.html
16 DEc 2014
CaFFE claims it provided evidence of polls law violations to EC, but no action
 
article_image
By Madura Ranwala

The Campaign for Free and Fair Election (CaFFE) submitted photographs to the Election Commissioner (EC) Mahinda Deshapriya on Sunday, showing  how the police department misused public money allocated to them to remove cut-outs.

 Executive Director of CaFFE, Ranjith Tennakoon told The Island that most of the big cut-outs in Chilaw, Arachchikattuwa, Anuradhapura, Kadawatha and Ratnapura were being covered haphazardly with paper, pieces of cloths or polythene, instead of removing them completely.

He claimed that they had even informed the Assistant Election Commissioner and Government Agent in Puttalam on Saturday around 10.00 a.m. regarding the matter, but until Monday 12.00 noon nothing had been removed, though they promised verbally to remove them completely within two days.

 "We will provide media tomorrow (December 16) a unique picture of a very senior police officer, if the EC failed to take any action after submitting that picture today (December 15)," he said.

 He said EC had been informed twice by through two letters coupled with pictures, but Deshapriya had not replied their letters until noon and according to their observation nothing had taken place regarding those violations of election laws by the incumbent President Mahinda Rajapaksa....................
16 Dec 2014

Only LTTE rump can clarify Prabhakaran’s decision – Maithripala’s Camp

Engineering Ranil’s defeat at Nov 2005 poll:

 

article_image
by Shamindra Ferdinando

JHU General Secretary Patali Champika Ranawaka, MP, says the LTTE rump should be asked whether it had received payment from the then Premier Mahinda Rajapaksa Camp in the run-up to Nov. 17, 2005 presidential election.

Referring to a statement made by an Opposition MP (not a UNPer), UNP MP Wijeyadasa Rajapakshe, PC, said that the LTTE had facilitated Rajapaksa’s victory by depriving UNP presidential candidate Ranil Wickremesinghe of Tamil voters in the Northern Province. Rajapaksa alleged that the government was making an attempt to discourage Tamil voters in the run-up to January 8, 2014 presidential election.
Ranawaka and Rajapakshe were addressing the media on Sunday (Dec 14) at Opposition presidential candidate Maithripala Sirisena’s campaign office at Havelock Road.
They side-stepped The Island query whether they believed the LTTE had paved the way for its own annihilation by facilitating Premier Rajapaksa’s win............
16 Dec 2014
‘යුරෝපයේ කොටි පෙන්වා රජය ලංකාවේ මුවන් මරන්න හදනවා‘
යුරෝපයේ කොටි පෙන්වා ලංකාවේ මුවන් මැරීමට ඉඩ නොදෙන්නැයි ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහා පිටකෝට්ටේ දී පැවසීය.
අධිවේගී මාර්ග හදන්න වැඩි පොලියට ගන්නා ණය ගෙවන්නට සියලු දෙනාටම සිදු වන බවත්, ත්‍රීරෝද රථ රියදුරකු, යතුරුපැදිකරුවකු පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයක් වාහනයට ගසද්දී පාරවල් හැදීමට ගන්නා ණය වෙනුවෙන් රුපියල් 60ත් 90ත් අතර මුදලක් ගෙවන බවත්, එසේ ගෙවන ඔවුන්ට අධිවේගයේ ගමන් කිරීම තහනම් බවත් චම්පික රණවක මහතා පැවසීය.
ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය‘ නම් කෘතිය එළි දැක්වීමේ උළේලේ දී රණවක මහතා කීවේ ආර්ථික මෙහෙයවන මෙගා ඩීල් කරුවන් මේ ආණ්ඩුවේ සිටිනා බවයි.......
http://www.lankadeepa.lk/index.php/top_story/282671

රාජපක්ෂගේ අමුඩයත් ගැල වූ 'ආලාපාළු ආර්ථිකය' (video)

කොටි සංවිධානය පරාජය කරමින් ලද යුද ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් ඔහුගේ තනි කාර්යභාරයක් හැටියට හඳුන්වා දෙනු ලැබීම රට නොමග යැවීමක් වන බව ජාතික හෙළ උරුමය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ, ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ විද්වත් හමුවේදී.
15 Dec 2014
ජාත්‍යන්තර නිරීක්‍ෂකයෝ 104 දෙනෙක්‌ ශ්‍රී ලංකාවට 
ජනාධිපතිවරණය නිරීක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් 104 දෙනකු ගෙන්වා ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව සහ පැෆරල්a සංවිධානය පියවර ගෙන ඇත.
දකුණු ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ සංසදය, දකුණු ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ සංගමය, පොදුරාජ්‍ය මණ්‌ඩලය, ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ ජාලය නියෝජනය කරමින් මෙලෙස නිරීක්‍ෂකයන් පැමිණෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර යුරෝපා මැතිවරණ නිරීක්‍ෂණ සංගමය නිරීක්‍ෂකයන් එවීම සම්බන්ධව තීරණයක්‌ ගෙන නැත. එලෙස එම සංගමයෙන් නිරීක්‍ෂකයන් ගෙන්වීමට නම් දේශපාලන පක්‍ෂ විසින් ඉල්ලුම් කළ යුතුව ඇතත් මෙතෙක්‌ කිසිදු දේශපාලන පක්‍ෂයකින් එවැනි ඉල්ලීමක්‌ කර නොමැති බව දැනගැනීමට ඇත.

http://www.divaina.com/2014/12/15/news06.html

කැෙෆ්ට පැමිණිලි 114ක්‌ ලැබෙයි
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමෙන් පසු මේ දක්‌වා කාල සීමාව තුළ මැතිවරණ පැමිණිලි 114ක්‌ කැෙෆ් සංවිධානය වෙත ලැබී ඇත.

ඉන් පැමිණිලි 32ක්‌ ඉදිරිපත්වී ඇත්තේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්‌වේ. ඒ අතර ගිනි අවි හා බෝම්බ භාවිතයෙන් සිදුකළ ප්‍රචණ්‌ඩ ක්‍රියා 9ක්‌ සහ මහජන දේපළ අයථා පරිහරණය පිළිබඳ පැමිණිලි 43ක්‌ද වාර්තාවී ඇතැයි කැෙෆ් සංවිධානය වැඩිදුරටත් නිවේදනය කරයි.

http://www.divaina.com/2014/12/15/news08.html