Dec 16, 2014

15 Dec 2014
ජාත්‍යන්තර නිරීක්‍ෂකයෝ 104 දෙනෙක්‌ ශ්‍රී ලංකාවට 
ජනාධිපතිවරණය නිරීක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් 104 දෙනකු ගෙන්වා ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව සහ පැෆරල්a සංවිධානය පියවර ගෙන ඇත.
දකුණු ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ සංසදය, දකුණු ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ සංගමය, පොදුරාජ්‍ය මණ්‌ඩලය, ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ ජාලය නියෝජනය කරමින් මෙලෙස නිරීක්‍ෂකයන් පැමිණෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර යුරෝපා මැතිවරණ නිරීක්‍ෂණ සංගමය නිරීක්‍ෂකයන් එවීම සම්බන්ධව තීරණයක්‌ ගෙන නැත. එලෙස එම සංගමයෙන් නිරීක්‍ෂකයන් ගෙන්වීමට නම් දේශපාලන පක්‍ෂ විසින් ඉල්ලුම් කළ යුතුව ඇතත් මෙතෙක්‌ කිසිදු දේශපාලන පක්‍ෂයකින් එවැනි ඉල්ලීමක්‌ කර නොමැති බව දැනගැනීමට ඇත.

http://www.divaina.com/2014/12/15/news06.html

කැෙෆ්ට පැමිණිලි 114ක්‌ ලැබෙයි
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමෙන් පසු මේ දක්‌වා කාල සීමාව තුළ මැතිවරණ පැමිණිලි 114ක්‌ කැෙෆ් සංවිධානය වෙත ලැබී ඇත.

ඉන් පැමිණිලි 32ක්‌ ඉදිරිපත්වී ඇත්තේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්‌වේ. ඒ අතර ගිනි අවි හා බෝම්බ භාවිතයෙන් සිදුකළ ප්‍රචණ්‌ඩ ක්‍රියා 9ක්‌ සහ මහජන දේපළ අයථා පරිහරණය පිළිබඳ පැමිණිලි 43ක්‌ද වාර්තාවී ඇතැයි කැෙෆ් සංවිධානය වැඩිදුරටත් නිවේදනය කරයි.

http://www.divaina.com/2014/12/15/news08.html

No comments:

Post a Comment