Dec 1, 2014

30 Nov 2014
මෛත්‍රීගේ මංගල රැල්ලට මහ රැල්ලක්
(වීඩියෝ දසුන් සහිතයි)
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජන රැලිය පොළොන්නරුවේ දී ආරම්භ වීමට නියමිතය.
ඊට සහභාගීවීම සඳහා පොළොන්නරුවට ගිය සිරිසේන මහතා ප්‍රදේශවාසීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
 ‘එක් අහසක් යට - එක යායට රට‘ යනුවෙන් භාෂා තුනෙන්ම ලියා ඇති පිටීකාවක් මත සිරිසේන මහතා ජනතාව අමතන ස්ථානය සකසා ඇති අතර එහි ඉහළින් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සහ ඩී එස් සේනානායක මහතාගේ ඡායාරූප දෙකක් ඇත.
සිරිසේන මහතා රැලියට පැමිණෙන තුරු මහා පිරිසක් එහි වූහ.
ජනවාරියෙන් පසු ඇමැතිවරුන්ට රට සූරාකෑමට ඉඩ නොදැන බව හේමකුමාර නානායක්කාර මහතා මෙහිදී කීවේය.
වැඩි කල් යන්නට පෙර මත්තල ගුවන්තොට හා වරාට චීනය පලනයට යටත් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.
photos.....
30 Nov 2014
ෆොන්සේකා සහාය මෛත්‍රීටයි
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහ සිරිසේන මහතා අතර සඳුදා (01) අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ද ෆොන්සේකා මහතා සහභාගී වීමට නියමිතය
30 Nov 2014
රාවනා බලය මෛත්‍රීපාලට එරෙහි වෙයි
රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා   මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම සිංහල ජන නායකයන් බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් බවත්, මෛත්‍රීපාල වෙනුවට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරු යෝජනා නොකළේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති බවත් රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කීහ.
චම්පික රණවක මහතා තම දේශපාලන ගමන් මඟට ඇද ගැනීමෙන් අතුරලියේ රතනහිමියන්  කරනුයේ ඔහුගේ දේශපාලන අනාගතය නැති කිරීමක් යැයි ද ඒ හිමියෝ පැවසූහ.
සමුළුවේ දී පහත සඳහන් යෝජනා සම්මත විය.
මූලධර්මවාදී කණ්ඩායම් බෞද්ධයන් අන්‍යාගම් වෙත හරවා ගැනීම වැළැක්වීමේ නීති රීති සම්මත කරනු,  බුදු දහමට හානි කරන ප්‍රකාශන නතර කිරීම සඳහා බෞද්ධ ප්‍රකාශන නියාමන නීති සම්මත කරනු, විහාර සතු ඉඩ කඩම් හා විහාර ආරක්ෂා කිරීම සඳහා නව විහාර දේවාලගම් පනතක් සම්මත කරනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා බුද්ධ ශාසන පනතක් ගෙන එනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරනු, රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු.

29 Nov 2014

video: මහින්ද ෆයිල් හකුළාගනී

මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිටත් දැවැන්ත පරාජයකට ඇද වැටී නිදහසට කරුණු කීමේ උත්සාහයක නිරතව සිටින බව පෙනී යන්නේ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පසුගිය සිකුරාදා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමත් සමග දැවැන්ත ප්‍රහාරක ස්වරූපයකින් තම බලය පිළිබඳව මවා පෑමට උත්සාහ කළ මහින්ද රාජපක්ෂ මහතා සියලුදෙනාගේ ෆයිල් තමා ලඟ ඇති බව තර්ජනාත්මකව ප්‍රකාශ කිරීමට තරම් ඉදිරිපත් විය.
නමුත් මේ වනවිට එම ප්‍රහාරාත්මක ස්වරූපය පසෙක තබා නිදහසට කරුණු කීමේ තත්වයක් දක්වා මාරු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි. මේ බව තහවුරු කරන්නේ ඊයේ (29) මහින්ද රාජපක්ෂ රඟහලේ පැවති මහා සංඝරත්නය රැස්කළ හමුවකදී ප්‍රකාශයක්ද පදනම් කර ගෙනය.
29 Nov 2014   රනිල්

දැන් රාජපක්‍ෂ යුගය ඉවරයි - රනිල්

ranil 30

දැන් රාජපක්‍ෂ යුගය ඉවරයි. රාජපක්‍ෂ යුගයේ අවසානය දැන් එළැඹිළා. දැන් අලූත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරනා යුගයයි. දැන් අපි ඉන්නේ සේරම බලවේග එකතු කරගෙන ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කරලා ඔහුව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවන්න. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වාර දෙකක් තනතුරු දරපු නිසා එයාට කියමු අනික් අය වගේ ගෙදර යන්න' යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
 ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 28 දින පැවැති මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ය.
ඒ මහතා කළ ප්‍රකාශය තවදුරටත්.....
28 Nov 2014 - මෛත්‍රීපාල සිරිසේන 
‘ඕනෑනම් සීගිරි ගලෙත් කටවුට් ගහගන්න‘
මෛත්‍රීපාල මහින්දට කියයි
මහින්ද රාජපක්ෂ ජනපති හෝ ඔහුගේ පවුලේ  සාමාජිකයින් හෝ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
දෙමළ ඩයස්පෝරාව මොනවා කිව්වත් එවැනි දේකට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.
‘ලංකාවේ ඉතිරි ලයිට් කණුවලත්,සීගීරි ගලෙත්,සමනල කන්දෙත්, සිංහරාජෙත්,බෝක්කුවලත් ඕනෑ තරම් කටවුට් ගහ ගන්නා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කියන්න කැමැතියි. අට වැනිදා වෙනතුරු ඕනෑ තරම් ගහගන්න.හැබැයි අට වැනිදායින් පසු ඒ කටවුට්  මැතිවරණ කොමසාරිස් හා පොලීසිය ලවා ඉවත් කරනවා.එතෙක් ඕනෑ තැනක පෝස්ටර් කටවුට් ගහගන්න.මා දැක්කා බෝක්කුවකත් කටවුට් ගහලා තියෙනවා.හැබැයි ලංකාව පුරාම කටවුට් ගහන්න මට සල්ලි නෑ.අපේ රැස්වීමක් පවත්වන තැනක පෝස්ටර් හා කටවුට් කිහිපයක් ප්‍රදර්ශනය කරනවා පමණයි.‘
28 Nov 2014 FUTA
අරලියගහ මන්දිරයට කැඳවීම ගැන ෆුටා අප්‍රසාදය!
November 28, 2014  09:38 am
Bookmark and Share
2014 දෙසැම්බර් 01 වැනිදා සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට යෝජිත ‘ප‍්‍රගති සමාලෝචන රැස්වීම’ වූ කලී විශ්වවිද්‍යාල පරිපාලනය දේශපාලනීකරණය කිරීම සඳහා දරන නිර්ලජ්ජිත උත්සාහයක් යැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කරයි. 
එහි සභාපති චන්ද්‍රගුප්ත තේනුවර හා ලේකම් මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් මේ බව අවධාරණය කෙරේ. 
එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය. 

අරලියගහ මන්දිරයේ දී පැවැත්වීම යෝජිත ‘ප‍්‍රගති සමාලෝචන රැස්වීම’ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය නිවේදනය. 
අරලියගහ මන්දිරයේදී 2014 දෙසැම්බර් මස පළමු වෙනි දින පස්වරු 3.00 ට පැවැත්වේ යැයි කියන ‘ප‍්‍රගති සමාලෝචන’ රැස්වීමක් සඳහා සියලූම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් වෙත උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ආරාධනා පත‍්‍ර යවනු ලැබ ඇත. කෙසේ වෙතත් මෙම ‘ප‍්‍රගති සමාලෝචන රැස්වීම’ වැඩිදුර පිළිබඳ විස්තර සපයා නැත. 
පළමුවෙන්ම අපගේ අදහස වන්නේ මේ රැස්වීම පැවැත්වෙන වකවානුව අතිශයින් ප‍්‍රශ්නකාරී බවයි. මීට පෙර දී ද, 2010 ජනාධිපතිවරණයට පෙර මෙවැනිම රැස්වීමක් පැවැත්විණි. අපගේ අදහස වන්නේ මෙවැනි ක‍්‍රියා විශ්වවිද්‍යාල පරිපාලනය දේශපාලනීකරණය කිරීම සඳහා දැරෙන නිර්ලජ්ජිත උත්සාහයන් බවයි. 
ජනාධිපතිවරයාට ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට අවශ්‍යනම් මෙය කිසිසේත්ම එය කිරීමට උචිත ක‍්‍රමය නොවේ. ඇත්ත වශයෙන්ම පවත්නා උසස් අධ්‍යාපන ක‍්‍රමය පරීක්ෂාකර බැලීමට සහ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් යෝජනා කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය 2012 සිටම උද්ඝෝෂණය කරයි. 

එම යෝජනා නොතකා හැර, ඒ වෙනුවට ජනාධිපතිවරණය නිවේදනය කළ වහාම ලහි ලහියේ මෙවැනි රැස්වීමක් සඳහා කටයුතු කිරීම අප තුළ කුතුහළයක් ඇති කර තිබේ. මෙවැනි රැස්වීම් හුදෙක් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කොටසක් බවට විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර ඇති සැකය මේ අනුව සාධාරණ එකක් බව පෙනේ. 

ජනාධිපතිවරයාට සිය මැතිවරණ ව්‍යාපාරයේ නියැලීමට ඇති අයිතිය පිළිබඳ සැකයක් නැත. ආචාර්යවරුන්ටද සිය දේශපාලන මත පළ කිරීමට මෙන්ම ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට ද, ඔවුන් තෝරාගනු ලබන අපේක්ෂ්කයෙක් වෙනුවෙන් කටයුතු කිරීමට ද අයිතියක් ඇත. එසේ වුවද, මහජන අරමුදල් සහ තනතුරු භාවිත කිරීම සම්බන්ධයෙන් ගත් කළ සියළු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නියමිත පරිදි මැතිවරණ නීති අනුව කටයුතු කරන බවට වගබලා ගැනීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කරනු ලැබිය යුතුය. 

විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ දේශපාලනීකරණයට විරුද්ධව සටන් කරනු ලැබ ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ ඊනියා ‘‘ප‍්‍රගති සමාලෝචන රැස්වීම’’ සඳහා ලැබී ඇති ආරාධනය සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගනු ඇතැයි අපට විශ්වාසය. 

ඇතැම් උපකුලපතිවරු මේ රැස්වීමට සහභාගී වීම සඳහා ආචාර්යවරුන්ට බලපෑම් කරමින් සිටින බව අපට ආරංචි වී ඇති අතර අප එවැනි උත්සාහයන් තරයේ හෙළා දකිමු. විශ්වවිද්‍යාල ආචාර්ය ප‍්‍රජාව සැමවිටම ශාස්ත‍්‍රීය නිදහස හා විශ්වවිද්‍යාල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කැපවිය යුතුබවත් වෘත්තියේ සහ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගරුත්වය පරදුවට තබා කටයුතු නොකළ යුතු බවත් අවධාරණය කර සිටිමු. 

චන්ද්‍රගුප්ත තේනුවර 
සභාපති 
මහාචාර්ය රොහාන් ප‍්‍රනාන්දු
ලේකම්
28 Nov 2014    - ගලගොඩඅත්තේ ඥනසාර හිමි
මෛත්‍රිපාල විධායක ජනපතිධුරය දින සියයෙන් අහෝසි කර රනිල්ට දෙන්නේ රිටිගලකන්දට නැග බවුන් වැඩීමටද
- ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

"මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසිකර රනිල් වික්‍රමසිංහ මහතාට බලය දෙන්නේ රිටිගල කන්දට නැග බවුන් වැඩීමට" දැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඒ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල මහතාව ඉදිරියට දමා තිරය පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් උත්සාහ ගන්නේ රටට යහපතක්‌ කිරීමට නොව ඔවුන්ගේ වෛරී සිතුවිලි සාක්‍ෂාත් කර ගැනීමට පමණක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (27 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජනාධිපතිවරණයේදී සිය සංවිධානයේ සහාය කාටද යන්න හෙළි කිරීම වෙනුවෙන් කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

28 Nov 2014    මෛත්‍රිපාල සිරිසේන 
තුන්වැනි වර ජනපති වීමට හදන්නේ රටේ සියලු දේශපාලන පක්‍ෂ බිමට සමතලා කර මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමටයි 
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන

ශිරාන් රණසිංහ

වත්මන් ජනාධිපතිවරයා තුන්වැනි වාරයටත් ජනාධිපති වීමට සිතන්නේ වෙන කිසිදේකට නොව මේ රටේ සියලු දේශපාලන පක්‍ෂ බිමට සමතලා කර මානව නිදහස, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම නැතිකර දැමීමට යෑයි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ලෙස තරග වදින හිටපු ඇමැති මෛත්‍රීපාල සිsරිසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ නව නගර ශාලාවේ ඊයේ (27 වැනිදා) පැවති එක්‌සත් වෛද්‍ය නිලධාරීන්ගේ හමුවක්‌ අමතමිනි.

මෙම හමුව සඳහා විපක්‍ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හා බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී (එජාප) හර්ෂණ රාජකරුණා යන මහත්වරුද පැමිණ සිටියහ.

එහිදී තවදුරටත් කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා -

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ලෙස මාව තෝරා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපය ගත් තීරණය, විශාල කැපකිරීමක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පක්‍ෂය හා තවත් දේශපාලන පක්‍ෂ ගණනාවක්‌ හා සංගම් රැසක්‌ එක්‌ව නව දේශපාලන සංස්‌කෘතියක්‌ වෙත යොමු වී සිටිනවා. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය යළි මේ රටේ ඇති කිරීමටත්, වංචාව, දූෂණය නැති කර මේ රටේ දූෂිත දේශපාලන ක්‍රමය අහෝසි කිරීමට අනිවාර්යයෙන්ම මම කැපවෙනවා. මා ගැන විශ්වාසය තබන්න. 2015 ජනවාරි 08 වැනිදා මම ජනාධිපති ලෙස ජනතාව තෝරා ගන්නා බව ස්‌ථිරයි. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවුරුදු පහක කාලය තුළ කටුක අත්දැකීම් වින්දා. මම විතරක්‌ නොවෙයි රාජිත ඇමැතිතුමා විතරක්‌ නෙවෙයි අපිත් එක්‌ක ආණ්‌ඩුවෙන් එළියට බැහැපු අයත්, තාමත් ආණ්‌ඩුවෙ ඇතුළෙ ඉන්න අයටත් එය පොදුයි. ඔවුන්ගේ හෘද සාක්‍ෂිය ඒ බව දන්නවා.

27 Nov 2014
වමේ පෙරමුණේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව 
රනිල් ධර්මසේන
වමේ ව්‍යාපාරයේ පොදු අපේක්‍ෂක ලෙස පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික දුමින්ද නාගමුව මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට වාමාංශික පක්‍ෂ කිහිපයක්‌ එක්‌ව තීරණය කර ඇත.

"වමේ පෙරමුණ" පක්‍ෂයෙන් දුමින්ද නාගමුව මහතා තරග කරන අතර නව පක්‍ෂ ලාංඡනයට අද හෝ හෙට මැතිවරණ කොමසාරිස්‌වරයාගේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

වමේ පොදු අපේක්‍ෂකයාට වාමාංශික දේශපාලන පක්‍ෂ හතකින් සහාය ලැබෙනු ඇති බවත් පෙරටුගාමී පක්‍ෂයට අමතරව නව සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්‍ෂයද ඊට ඇතුළත් බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (27 වැනිදා) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ජනාධිපතිවරණයට තරග කිරීමට දැන් ඉදිරිපත් වී සිටින අධිරාජ්‍යවාදී කඳවුරු දෙකටම විකල්පයක්‌ ලෙසත් රටේ වැඩකරන ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ වමේ ව්‍යාපාරය තුළ බවත් ජයගොඩ මහතා කීය.

වමේ පොදු අපේක්‍ෂකයාගේ පොදු වැඩපිළිවෙළ ළඟදීම රටට ඉදිරිපත් කරන බවත් ඉන්පසුව වැඩකරන ජනතාව පාරට ගෙන සැබෑ ජනතා හඬ අවදි කරන බවත් හෙතෙම කියා සිටියේය.


http://www.divaina.com/2014/11/28/news31.html
දූෂිත සංධාන ආණ්‌ඩුවේ එකට හොරා කාපු අය අද
විපක්‍ෂයට ගොස්‌ යහපාලනය ගැන විහිළු සපයනවා 
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ 

වමේ පෙරමුණ ඊයේ (27 වැනිදා) කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතා අදහස්‌ දැක්‌වූ අයුරු.ඡායාරූපය - සමන් රණවීර

රනිල් ධර්මසේන

අවුරුදු 18 ක්‌ පුරා දූෂිත සන්ධාන ආණ්‌ඩුවේ එකට හොරා කාපු අය අද කොටස බෙදා ගන්න බැරිව විපක්‍ෂයට ගොස්‌ පොදු අපේක්‍ෂකයා වී යහ පාලනයක්‌ ගැන රටටම විහිලු සපයන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ප්‍රතිපත්තිගරුක දේශපාලනය වෙනුවට කුමන්ත්‍රණ පිරි, නූල් සූත්තර පිරි පිට්‌ටනියක්‌ බවට අද ජනාධිපතිවරණය පත්වී ඇතැයිද ඊයේ (27 දා) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජයගොඩ මහතා කීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය. 

27 Nov 2014
'මෛත්‍රී පරදවනවා'
බොදුබල සේනාව කියයි

සිරිමන්ත රත්නසේකර
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව පරාජය කිරීමට බොදුබල සේනා සංවිධානය කටයුතු කරන බව එම සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (27 වැනිදා) විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළහ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පුද්ගලයකු ලෙස නරක මිනිසකු නොවූවත් ඔහු වටා සිටින්නේ රට ගිල ගැනීමට මාන බලන කුමන්ත්‍රණකරුවන් පිරිසක්‌ බැවින් මෙම තීරණය ගත් බව උන්වහන්සේ කීහ.

පොදු අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවා රටේ අනාගතය ලේ විලක්‌ වීමට ඉඩදිය නොහැකි බවත් විජාතික කුමන්ත්‍රණ පැරදවීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයක්‌ කිරීමට සිය සංවිධානය කටයුතු කරන බවත් ඥනසාර හිමියෝ පැවසූහ.

රජයට සහාය දීම, පොදු අපේක්‍ෂකයාට සහාය දීම, ස්‌වාධීනව සිටීම හා ජාතික නායකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යන විකල්ප හතරක්‌ සිය සංවිධානය තුළ තිබූ බවත් ඉන් අවසන් විකල්ප ත්‍රිත්වයෙන් ඉවත් වීමට සිය සංවිධානය තීරණය කළ බවත් උන්වහන්සේ කීහ.

මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දෙන බවට සෘජුව ප්‍රකාශ නොකරන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගෙන් විමසූ කල උන්වහන්සේගේ පිළිතුර වූයේ "තම තම නැණ පමණින් දැනගත යුතු" බවයි.
http://www.divaina.com/2014/11/28/news02.html


Bodu Bala Sena yesterday declared its support ....
 

article_image

Bodu Bala Sena yesterday declared its support to President Mahinda Rajapaksa to secure a third term. Addressing the media at BBS headquarters at Baudhaloka Mawatha, its General Secretary Ven. Galagodaatte Gnanasara Thera pledged unconditional support to the incumbent President.
27 Nov 2014

JHU still undecided

No more talks with MR - Ranawaka



MP Patali Champika at yesterday’s meeting 
(pic Kamal Bogoda)

Jathika Hela Urumaya (JHU) General Secretary Patali Champika Ranawaka yesterday said that his party would take its final decision within next few days as they were still having discussions with Opposition common candidate Maithripala Sirisena.

Addressing a meeting at the New Town Hall, Colombo, Ranawaka said that there would be no further talks with President Mahinda Rajapaksa.


















http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=114994

කුමන්ත්‍රණ... කුමන්ත්‍රණ... කියා කෑමොර දුන්නත්...
සැබෑ කුමන්ත්‍රණය ආණ්‌ඩුව ඇතුළේමයි
- පාඨලී චම්පික රණවක

http://www.divaina.com/2014/11/28/news30.html
පාඨලී චම්පික රණවක මහතා රැස්‌වූ පිරිස අමතමින්

සිරිමන්ත රත්නසේකර

කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ කියා ආණ්‌ඩුව කෑ මොර දුන්නද සැබෑ කුමන්ත්‍රණය පවතින්නේ ආණ්‌ඩුව ඇතුළතම බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය සිටින්නේ මැරි මැරී ඉපදෙමින් බවත් හොඳ දෙමාපියන් සිටින පවුල්වල දරුවන් ගෙදරින් පැන නොයන බවත් හෙතෙම පැවැසීය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (27 වැනිදා) එම අදහස්‌ පළ කළේ එම පක්‍ෂ ජාතික හමුව කොළඹ නව නගර ශාලාවේදී පැවැති අවස්‌ථාවේදීය.

"විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කරනු, යහපාලනය සඳහා ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපිත කරනු, ජනතාවට වගකියන මැතිවරණ ක්‍රමයක්‌ ඇති කරනු යන මැයෙන් මෙම ජාතික හමුව කැඳවා තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලී චම්පික රණවක මහතාá

27 Nov 2014  Maithripala Sirisena 

Presidency won't be abolished
Sirisena may hold some portfolios

* Opposition MoU to be signed on Dec 1
* CBK endorses two-year power sharing pact
* Referendum likely

 
article_image
by Shamindra Ferdinando

UNP MP Mangala Samaraweera, at a media briefing at UNP headquarters, Sirikotha, explaining the Opposition strategy to win January 8, 2015 presidential poll . (Pic by Gamini Munasinghe)
The UNP yesterday declared that the joint Opposition would retain the executive presidency sans what it called dictatorial powers currently exercised by incumbent President Mahinda Rajapaksa. Maithripala Sirisena would remain the President, it said.


මෛත්‍රීපාල ජනපති වූ පසුව ඔහු පාපිස්‌සක්‌ නොකර2016 තෙක්‌ පාර්ලිමේන්තුව ගෙන ගොස්‌ මහ මැතිවරණයෙන් පසු වසර දෙකක ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවනවා
- මංගල සමරවීර

http://www.divaina.com/2014/11/28/news22.html
අකිත පෙරේරා

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති ලෙස පත් වූ පසුව යම් බලතල ප්‍රමාණයක්‌ හිමිවන බවත් ඔහුව පාපිස්‌සක්‌ නොකරන අතර පවතින පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් තෙක්‌ ගොස්‌ පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් අනතුරුව වසර 2 ක කාලයක්‌ සඳහා ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කීය.

සිරිකොතදී ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

1948 දී නිදහස ලැබීමෙන් පසුව පැවැත්වෙන ඉතාමත්ම තීරණාත්මක ජනාධිපතිවරණයකටයි මේ සූදානම් වෙන්නේ. අපි 1951 ශ්‍රීලනිපය ආරම්භ වූ දා සිට ඉඳලා එජාපය හා ශ්‍රීලනිපය අතර දිගින් දිගටම තිබුණේ දේශපාලන අරගලයක්‌. ඒ නිසා මේ කාලය තුළ ශ්‍රීලනිපයත්, එජාපයත් පාර්ලිමේන්තුවේ සිට ගම් මට්‌ටම දක්‌වා සතුරු ආකල්පවල සිටයි කටයුතු කළේ.