Dec 8, 2014


08 Dec 2014 news
MR, Maithri hand over nominations

President Mahinda Rajapaksa, common opposition candidate Maithripala Sirisena and 17 other candidates today handed over their nominations at the Elections Secretariat in Rajagiriya for the presidential election in January.

 Ven. Battaramulle Seelarathana Thera, Sirithunga Jayasuriya and Sarath Manamendra were among those who handed over the nominations.
 
“All the 19 candidates who paid their deposits handed over their nominations for the presidential election. The photo copies of the nominations will be displayed outside the Secretariat and any objections with regard to the nominations will be accepted from 11.00 to 11.30 this morning,” Elections Commissioner Mahinda Deshapriya said.
 
At 11.30 a.m. he announced that all 19 candidates were qualified to contest at the election.
http://www.dailymirror.lk/58365/live-handing-over-of-nominations

08 Dec 2014  news
මැතිවරණය නිරීක්ෂණයට පොදු රාජ්‍ය මණ්ඩලයෙනුත් එයි

පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු පිළිගත් සංවිධාන තුනක මැතිවරණ කිරීක්ෂකයනට මෙවර මැතිවරණයේ නිරීක්ෂණයට එන්නැයි අරයුම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද බාලසූරිය මහතා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයේ දී අපේක්ෂකයන් අමතමින් කීවේය.
‘ ඡන්දයේ දී හැම අපේක්ෂකයකුටම පුළුවන් දිවයිනටම ඡන්ද නියෝජිතයෙක් පත් කරන්න. අද එම නියෝජිතයා නම් කර අපට දැනුම් දෙන්න. එහෙම නැති නම් අපේක්ෂකයාම ඡන්ද නියෝජිතයා වන්නේය. ඡන්ද නියෝජිතයා කරන හැම වරදක්ම අපේක්ෂකයා කරන වරදක්ම වන්නේය.
මැතිවරණ කොට්ඨාස 22ටම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් පත් කරන්න පුළුවන්.  මැතිවරණ කොට්ඨාස සියල්ලට නියෝජිතයන් පත් කරන්න පුළුවන්.
අපේක්ෂකයන් තිදෙනකුගේ වත්කම් ලබා දී තිබෙනවා. ඉතිරි අයත් බාර දෙයි කියා බලා පොරොත්තු වෙනවා. ඡන්ද කොට්ඨාසයට එක කාර්යාලය බැගින් පිහිටුවන්න පුළුවන්. නීති පනවා තියෙන්නේ ඡන්දය යහපත් ලෙස පවත්වන්නයි. මේ පනතේ නීතිය අනුව කාර්යාලයයේ වත් කටවුට් ප්‍රදර්ශනය කරන්න බෑ. එහෙම නීති සියලු දෙනා සමග සාකච්ඡා කර වෙනස් කරන්න පුළුවන්.
පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු විදේශීය සංවිධාන තුනක මැතිවරණ නිරීක්ෂකයන්ට ඇරැයුම් කර ඇත.  සෙසු විදේශීය නිරීක්ෂකයන් ගෙන්වන්නැයි කළ ඉල්ලීම් ගැන සලකා බැලිය හැක්කේ අපේක්ෂකයන්ගේ අදහස් අනුවය.
සෑම අපේක්ෂකයකුටම සමාන ගුවන් කාල ලබා දෙන ලෙස ගුවන් විදුලියේ හා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරුන්ට දැන්වීමට නියමිතය. යම් අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයකුට සහාය දැක්වීමේ කතා ගුවන් විදුලියේ ප්‍රචාරය කරනවා නම් ඒ අවස්ථාවේම එය අත්හිටුවීමට පියවර ගන්නවා.

07 Dec 2014 JVP

video: ආණ්ඩුවේ අය බෝම්බයක් දැකපු පිස්සෝ වගේ කලබල වෙලා

"දැන් මේ ආණ්ඩුවත් හරියට පිස්සං කොටුවක පිස්සෝ බෝම්බයකට කලබල වුණා වගේ කළබල වෙලා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. එම් මහතා මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා
"මේ ජනාධිපතිවරණය නීති විරෝධීයි. ආණ්ඩුව යොදාගන්නා ප‍්‍රචාරක කටයුතුත් නීති විරෝධියි. මහින්ද අමරවීර ඇමතිවරයා කිව්වා දැන් ආණ්ඩුවේ අය බඩ පිරෙන්න කාලා ඉන්නේ වටලප්පම් ටිකක් කන්නයි තියෙන්නේ කියලා. අතුරුපසට වටලප්පම් කන්න ගෙනාපු මේ ජනාධිපතිවරණය නිසා ආණ්ඩුවේ අය මහ අකරතැබ්බයකට මුහුණ දීලා. මේකට උපමා කතාවක් කියන්න තියෙනවා. අතීතයේ දඹදිව බමුණන් පිරිසකට පවත්වපු සංග‍්‍රහයකදී එක් බමුණෙක් බඩ පිරෙන්න කාලා ඉස්මුරුත්තාවෙන් අමාරුවෙන් පැත්තකට වෙලා හිටියා. එතනට ආව තවත් බමුණෙක් ඔහුට උපදෙසක් දුන්නා කටට ඇඟිල්ලක් දාලා වමාරන්න එතකොට පහසුවක් දැනෙයි කියලා. එතකොට බඩ පිරෙන්න කාපු බමුණා දුන්නු උත්තරය තමයි ඇඟලිලක් දාන්න පුළුවන්නම් තව කෙහෙල් ගෙඩියක් ඔබාගන්නවා කියලා. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට වෙලා තියෙන්නෙත් ඒකයි. 2005 ඉඳලා මේ ඇමතිවරු බඩ පැළෙන්න කෑවා..................