Dec 8, 2014


08 Dec 2014  news
මැතිවරණය නිරීක්ෂණයට පොදු රාජ්‍ය මණ්ඩලයෙනුත් එයි

පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු පිළිගත් සංවිධාන තුනක මැතිවරණ කිරීක්ෂකයනට මෙවර මැතිවරණයේ නිරීක්ෂණයට එන්නැයි අරයුම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද බාලසූරිය මහතා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයේ දී අපේක්ෂකයන් අමතමින් කීවේය.
‘ ඡන්දයේ දී හැම අපේක්ෂකයකුටම පුළුවන් දිවයිනටම ඡන්ද නියෝජිතයෙක් පත් කරන්න. අද එම නියෝජිතයා නම් කර අපට දැනුම් දෙන්න. එහෙම නැති නම් අපේක්ෂකයාම ඡන්ද නියෝජිතයා වන්නේය. ඡන්ද නියෝජිතයා කරන හැම වරදක්ම අපේක්ෂකයා කරන වරදක්ම වන්නේය.
මැතිවරණ කොට්ඨාස 22ටම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් පත් කරන්න පුළුවන්.  මැතිවරණ කොට්ඨාස සියල්ලට නියෝජිතයන් පත් කරන්න පුළුවන්.
අපේක්ෂකයන් තිදෙනකුගේ වත්කම් ලබා දී තිබෙනවා. ඉතිරි අයත් බාර දෙයි කියා බලා පොරොත්තු වෙනවා. ඡන්ද කොට්ඨාසයට එක කාර්යාලය බැගින් පිහිටුවන්න පුළුවන්. නීති පනවා තියෙන්නේ ඡන්දය යහපත් ලෙස පවත්වන්නයි. මේ පනතේ නීතිය අනුව කාර්යාලයයේ වත් කටවුට් ප්‍රදර්ශනය කරන්න බෑ. එහෙම නීති සියලු දෙනා සමග සාකච්ඡා කර වෙනස් කරන්න පුළුවන්.
පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු විදේශීය සංවිධාන තුනක මැතිවරණ නිරීක්ෂකයන්ට ඇරැයුම් කර ඇත.  සෙසු විදේශීය නිරීක්ෂකයන් ගෙන්වන්නැයි කළ ඉල්ලීම් ගැන සලකා බැලිය හැක්කේ අපේක්ෂකයන්ගේ අදහස් අනුවය.
සෑම අපේක්ෂකයකුටම සමාන ගුවන් කාල ලබා දෙන ලෙස ගුවන් විදුලියේ හා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරුන්ට දැන්වීමට නියමිතය. යම් අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයකුට සහාය දැක්වීමේ කතා ගුවන් විදුලියේ ප්‍රචාරය කරනවා නම් ඒ අවස්ථාවේම එය අත්හිටුවීමට පියවර ගන්නවා.

No comments:

Post a Comment