Dec 27, 2014

27 Dec 2014
ජනාධිපතිවරයා එපා නම්  එය තීරණය කළ යුත්තේ ජනතාවයි
රාවණා බළකායේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමි
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එපා නම් ඒක කළ යුත්තෙ ජනතාවයි. ජනාධිපතිතුමා ජීවිත කාලයම සිටිය යුතු නෑ. හැබැයි ඒක කරන්නේ දේශපාලනඥයෝ නම්, කොටි ඩයස්‌පෝරාව නම් රටට ආදරේ කරන, මාතෘ භූමියට ආදරය කරන "රාවණා බලය" ඊට ඉඩ දෙන්නේ නැතැයි එම බළකායේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මේ බව කියා සිටියේ
(23 වැනිදා) කොළඹ, සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති විශේෂ සම්මේලනයට සහභාගි වෙමිනි.
ලංකා දේශපාලනය වෙනස්‌වෙමින්, චලනය වෙමින් තිබෙන මොහොතක්‌. පසුගියදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රාවණා බළකායේ මහ සම්මේලනයෙන් පසුව විශේෂ සම්මේලනයක්‌ පවත්වන්න සිදුවුණා.
අවුරුදු තිහක යුද්ධය අවසන් කරලා, නිදහස්‌ව, නිවහල්ව ජීවත් වෙන්න අපි පටන් ගත්තා. නමුත් යම් උගුල් අටවමින්, මේ සාමකාමී පරිසරය විනාශ කරන්න පිරිසක්‌ කටයුතු කරනවා. හිටපු ජනාධිපතිනිය අවුරුදු දහයක්‌, එකොළහක්‌ බලයේ ඉඳලා විශ්‍රාම ගියා. දැන් එයා මහගෙදර ගැන කියලා අඬන්න පටන් අරන්.
මුස්‌ලිම් අන්තවාදය, කොටි ඩයස්‌පෝරාව එක්‌ක එකතු වෙලා යළි රට අරාජික කරන්න හදන්නේ. ප්‍රභාකරන්ගේ දුවට මල්මාලා යවන නායිකාවෝ එදා රණවිරුවෝ මාතෘභූමිය වෙනුවෙන් දිවි පුදද්දී, ප්‍රභාකරන්ගේ දුවට මල් කළඹවල් යෑවූ කාලයක්‌ තිබුණා.
සෞඛ්‍ය ඇමැති සිරිසේන මහත්තයට, සෞඛ්‍ය පනතවත් සම්මත කරගන්න බැරි වුණා. සිගරට්‌ පෙට්‌ටියේ සෞඛ්‍ය අවවාද සහිත ඡායාරූප පළ කරගන්න බැරි වුණා. එයාට රට පාලනය කරන්න පුළුවන්ද? සරත් ෆොන්සේකාත් රෑ වැටුණ වළේ දවල් වැටිලා. එයත් යුද්ධයේදී අණදුන්, යුද්ධය දිනන වෙලාවේ හිටපු යුද හමුදාපති.

27 Dec 2014

මහින්දගේ හමුදාව යොදාගත් උපක්‍රමයක් වතුරේ යයි

ජනාධිපතිවරණය කෙසේ හෝ ජයග්‍රහණය කිරීම සඳහා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරන මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් එක් උපක්‍රමයක් බිඳවැටී ඇත. හමුදාව යොදවාගෙන ලිපි ලක්ෂ දෙකක් තැපැල් මගින් බෙදා හැරීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී අවසන් මොහොතේ එය වැළැක්වීමට මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කිරීමෙන් එය මුළුමනින්ම බිඳවැටී ඇත.
මෙම ප්‍රචාරක උපක්‍රමය මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් තැපැල්පතිවරයාට කරල ලද නියෝගයක් අනුව එම ලිපි ලක්ෂ දෙක බෙදා හැරීම මුළුමනින්ම අත්හිටුවා තිබේ.මෙවැනි ලිපි ලක්ෂ දෙකක් බෙදා හැරීමට ලැබුණු බව තැපැල්පතිවරයා සනාථ කර ඇති අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක එම ලිපි බෙදා හැරීම සාධාරණීකරණය කිරීමටද උත්සාහ කර ඇත. මාධ්‍ය හමුවකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබුණේ සේනාධිනායකයාගේ රුව යොදා ගත් පමණින් එය ඡන්ද ප්‍රචාරක ව්‍යාපෘතියක් නොවන බවය.හමුදාවේ නිලධාරීන් සහ සෙබලුන් සාතිශය බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමේ නැඹුරුවක් පවතින පසුබිමක හමුදා සාමාජිකයින්ගේ පවුල්වලට බලපෑම් කිරීම සඳහා මෙම ලිපි යොදා ගැනීමට සැලසුම් කර තිබිණ. එමෙන්ම හමුදාපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් වීඩියෝ දර්ශන සහිත දේශන මාලාවක් පැවැත්වීමෙන්ද එම පවුල්වල ඡන්දය කෙරෙහි බලපෑම් කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බව අප මෙයට පෙර අනාවරණය කළෙමු.
27 Dec 2014

හමුදාවේ වියදමින් ප‍්‍රචාරක පත‍්‍රිකා යැවීම අත්හිටුවන්නැයි මැතිවරණ කොමසාරිස් නියෝග කරයි

යුද හමුදාවේ සෙබළුන් හා මුදල් යොදාගෙන, හමුදා සේවයේ නියුතු අයට තැපෑලෙන් යැවීමට සැලසුම් කර තිබූ මැතිවරණ ප‍්‍රචාරක ලිපි තොගයක් බෙදාහැරීම වහා අත්හිටුවන ලෙස තැපැල්පතිවරයාට නියෝග කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ප‍්‍රකාශ කරයි.
දෙසැම්බර් 26 දා සවස මැතිවරණයට තරග වදින පක්ෂවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවති රැුස්වීමකදී කොමසාරිස්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.
මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ නියෝග කර ඇත්තේ ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය විසින් මෙහෙයවන ‘පොදු දේපළ රැුකගැනීමේ වැඩසටහන‘ මගින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.
යුද හමුදාවේ අරමුදල් යොදාගෙන, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව රැුගත් ‘‘සැබෑ සාමයෙන් පසු අපේ රණවිරුවෝ” හිසින් යුත් ප‍්‍රචාරක පත‍්‍රිකාවක් සියලූ හමුදා නිලධාරීන් වෙත තැපැල් කර යැවීමට කටයුතු කරමින් තිබෙන බවත්, 2014-12-24 වැනිදා සිට මධ්‍යම තැපැල් හුවමාරුව තුළ හමුදා සෙබළුන් යොදවාගෙන මෙම ලිපිවලට මුද්දර ඇලවීමේ කටයුතු සිදුකරමින් තිබෙන බවත් එම පැමිණිල්ලෙහි සඳහන් විය.
25-12-2014 දාතමිින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස්. රනුග්ගේ මහතාගේ අත්සනින් යුතුව යැවූ එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් මෙසේද සඳහන් විය:
‘‘මේ සදහා රුපියල් ලක්ෂ 55ක මුදලක් යුද හමුදාව විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ගෙවූ බව වාර්තා වී ඇත. මේ සියල්ල රාජ්‍ය මුදල්ය. එමෙන් ම පණිවිඩ යැවීමත්, එය ලබාගැනීමත් සිදු කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් විසිනි. මෙය බරපතළ ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීමක්ද වේ.’’
‘හමුදා භටයන් මුද්දර ඇලවීමට යොදා ගත්තේ නැහැ’-තැපැල්පති
මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ රුව ඇතුළත් තැපෑලෙන් යැවෙන ප්‍රචාරක පත්‍රිකා තොගයකට මුද්දර ඇලවීම සඳහා යුද හමුදා සෙබළුන් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විරෝධය පළ කරයි.
මධ්‍යම තැපැල් කාර්යාලය තුළ සිදු කෙරුණ ඉහත කී ක්‍රියාව බරපතළ අන්දමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙන් ම රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීමක් ද වන බවයි, ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්‍ෂ ශාන් විජේතුංග බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ..............
27 Dec 2014
මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ  දේශපාලකයන් ඇතුළු 47 ක්‌ අල්ලන්න පරීක්‍ෂණමැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් 47 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
එක්‌ එක්‌ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.
(24 වැනිදා) වනවිට මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 76ක්‌ වාර්තා වී තිබිණි. ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් 31 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවද නවරත්න මහතා කියා සිටියි

http://www.divaina.com/2014/12/27/news22.html
27 Dec 2014
මකාමී මැතිවරණයක්‌ තබා රටේ ගෞරවය රකින්න
ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු රජයෙන් හා විපක්‍ෂයෙන් ඉල්ලති

පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලින් වැළකී සාධාරණ හා සාමකාමී මැතිවරණයක්‌ පවත්වා රටේ ගෞරවය රැක ගැනීමට කැප වෙන්නැයි ෙත්‍රෙනිකායික මහා නාහිමිවරු රජයෙන් සහ විපක්‍ෂයෙන් ඉල්ලා සිටිති.
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්‌ත, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්‌සර හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි යන මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව මේ සම්බන්ධව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.


27 Dec 2014
මහින්දට එක්‌වෙති

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු එම පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආසන් සංවිධායකවරු 9දෙනෙක්‌, වව්නියාව ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 5දෙනෙක්‌ හා එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළ කරමින් ඊයේ (26දා) ආණ්‌ඩුවට එක්‌ වූහ.

ඊයේ (26දා) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වමින් ආණ්‌ඩුවට සහයෝගය ලබාදෙන බව මොවුහු කියා සිටියහ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි, එම පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ මිනුවන්ගොඩ, ගම්පහ, දිවුලපිටිය,බියගම, වත්තල, මීරිගම, අත්තනගල්ල හා මීගමුව ආසන සංවිධායකවරු මෙලෙස ආණ්‌ඩුවට එක්‌ වූහ.
වව්නියාව ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ කේ. සුබාහරන්, රාමයියා රාජසේකරන්, පාක්‍යනාදන් පාර්තිබන්, ලෙච්චමන් අරුන් ප්‍රකාශ්, බාලචන්ද්‍රන් සජීවන් සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ මෙලෙස ආණ්‌ඩුවට එක්‌ වූහ.

http://www.divaina.com/2014/12/27/news04.html
27 Dec 2014
මුතුහෙට්‌ටිගම රට යයි; 'ආපසු එන විට අල්ලා ගන්නවා'
පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කියයි

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබියදී විදේශගත වූ සුළු අපනයන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ (26 දා) අලුයම 12.50 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස්‌ ඇත.
විදේශගතවන අවස්‌ථාව වන විටදී පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක වේදිකාවකට ගිනි තැබීම, වඳුරඹ පොලිස්‌ අත්අඩංගුවේ සිටි තිදෙනකු බලෙන් රැගෙන යැමට තැත් කිරීම ඇතුළු චෝදනා තුනක්‌ යටතේ මුතුහෙට්‌ටිගම මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබිණි.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නියෝගයක්‌ පැවතිය ද මුතුහෙට්‌ටිගම මහතාට එරෙහිව රටින් බැහැරවීමේ තහනම් නියෝගයක්‌ නොවීමත්, ඔහු විදේශගත වීමට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගයක්‌ ඇති බව ආගමන විගමන නිලධාරීන් නිල වශයෙන් නොදැන සිටීමත් නිසා මුතුහෙට්‌ටිගම මහතාට විදේශගත වීමට හැකිවී ඇති බවද අජිත් රෝහණ මහතා කීය.
මේ අතර විශේෂ ප්‍රකාශයක්‌ කරමින් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා පවසා ඇත්තේ තමා තවත් මිතුරන් දෙදෙනකු සමඟ කෙටි නිවාඩුවක්‌ සඳහා සිංගප්පූරුවට පැමිණි අතර දින දෙක තුනකින් යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවය.
සිංගප්පූරුව බලා යැමට ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු දුරකථනයෙන් ගාල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතා ඇමැතිවරයා එම විශේෂ ප්‍රකාශය සිදු කර ඇත

http://www.divaina.com/2014/12/27/news02.html
27 Dec 2014
පොදු අපේක්‍ෂකයා මගේ අය වැය කොපිකළා වගවිභාගයක්‌ නැති ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ සෑදූ නායකයන් විශ්වාස කළ හැකිද?
ජනපති රුවන්වැල්ලේදී 

පොළොන්නරුවේ කෝටිපති පවුලක්‌ 
පිරිසිදු පාලනයක්‌ ගැන කථා කරනවා
ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා

විපක්‍ෂයේ අපේක්‍ෂකයා තම අයවැය කොපි කර කිසිදු වගවිභාගයකින් තොරව හදන ලද ලියවිල්ලක්‌ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ඉදිරිපත් කොට ඇති බවත් එවැනි නායකයන් පිළිබඳ ජනතාවට විශ්වාස තැබිය හැකි දැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙම අදහස්‌ පළ කළේ 2015 ජනාධිපතිවරණ සටනේ විජයග්‍රාහී රුවන්වැල්ල ජනරැලියට රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පසුගිය දා එක්‌වෙමිනි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‌ෂක, ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණෙන් සංවිධාන කෙරෙන ජනරැලි මාලාවේ රුවන්වැල්ල ජනරැලිය ද අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
අද මෙතැනට මුළු තුන් කෝරළයේම, මුළු සතර කෝරළයේම ජනතාව අපට සහයෝගය දක්‌වන්න පැමිණ සිටිනවා. මේ මහා ඓතිහාසික ප්‍රදේශයක්‌. ඔබ පැවත එන ඒ මහා රජ උරුමයන්ගෙන් හා මේ රට වෙනුවෙන් පෙනී සිටිය උරුමයක්‌ තිබෙන පිරිසකගේ නිජබිමක්‌. මේ රටේ හිටපු වමේ නායකයන්ගේ නිජබිමක්‌. අපි හැමවෙලාවෙම ඒ ඒ ප්‍රදේශවල මේ රට වෙනුවෙන් සේවය කරපු පැරණි නායකයින්, අප රට වෙනුවෙන් ඉදිරිපත් වුණු වමේ නායකයින් සැමරීම අපේ යුතුකමක්‌ ලෙස හැම වෙලාවේම සළකනවා. 

27 Dec 2014
ඡන්ද අක්‍රමිකතා ඇතිවෙන්න ඉඩ දෙන්නේ නෑ
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
මැර බලයෙන් ජනපති  යළි බලය ගන්න හදනවා
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ 


අර්ධ රාජාණ්‌ඩුවක්‌ නිර්මාණය කරගෙන ඇති රාජපක්‍ෂ පාලනයට තවත් වතාවක්‌ බලය දුන්නොත් මේ රට සම්පූර්ණයෙන් රාජාණ්‌ඩුවක්‌ බවට පත්වන බව ස්‌ථිර බව ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (24 වැනිදා) කිරිබත්ගොඩ, කොළොන්නාව, නුගේගොඩ, දොම්පේ, දෙහිවල සහ කැස්‌බෑවේ පැවැති ජනහමුවලදී පැවසීය.

එහිදී තදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
කැලණිය වැනි මහා ඓතිහාසික පුදබිමක සිට ඔබ සමග මෙසේ එක්‌වීමට තරම් මා වාසනාවන්ත වී තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස මේ රැස්‌වීම පවත්වන ස්‌ථානයෙන්ම පැහැදිලි වෙනවා. මට මෙවැනි ස්‌ථානයක කතා කරන්න සිදුවීම ගැන එක්‌ අතකින් සතුටු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය මේ රටේ තිබෙන බවට ජනාධිපති හැමවිටම පුරසාරම් දොඩවනවා. ජනතාවගේ අදහස්‌ ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, රැස්‌වීම් පැවැත්වීමේ අයිතිය, තමන් කැමැති දේශපාලන පක්‍ෂයකට සහයෝගය දැක්‌වීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනයට අයිති මූලික ලක්‍ෂණ කිහිපයක්‌ම ජනාධිපතිතුමාට හෙට මෙතැනට එන්න පුළුවන් නම් දැනේවි රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. අරලියගහ මන්දිරයේ නියෝග අනුව මේ රටේ කිසිම පොදු ස්‌ථානයක්‌ විපක්‍ෂයේ රැස්‌වීම් සඳහා ලබාගන්න බැහැ. 

26 Dec 2014
Video: Police probe on exchange control offences
2014-12-26 20:06:33
The CID said it was currently investigating the detection of some Swiss Francs one million and US$ 200,000 in a house in Mount Lavinia to ascertain whether it involved a breach of Exchange Control laws.
“The CID found a brief case containing foreign currency after a complaint was made by Tharindu Lakshitha that money given by his uncle was in his house. The brief case was opened in the presence of the Mount Lavinia Magistrate,” Police spokesman Ajith Rohana said.
“We investigating whether these funds had any connection to common opposition candidate Maithripala Sirisena” he said.
SSP Rohana said 32 bank accounts belonging to three suspects including a person named Athula Weeraratne and his wife had been frozen.
Media reports had earlier alleged that Mr. Weeraratne was closely associated with Mr. Sirisena.
http://www.dailymirror.lk/59791/video-police-probe-on-exchange-control-offences


Govt. asks Sirisena where huge forex stash came from

 
The UPFA yesterday challenged opposition presidential candidate Maithripala Sirisena to reveal from where the huge foreign exchange stash which was recovered by the CID from a relative of his son’s girlfriend had come from.

Addressing the media at the Sri Lanka Freedom Party head office, Housing, Construction, Engineering Services and Common Amenities Minister Wimal Weerawansa alleged that Swiss francs and US dollars to the tune of Rs. 150 million found by the Criminal Investigations Department acting on a tip-off had been contributed to Sirisena’s campaign by the pro-LTTE diaspora.
He said at present father of Daham Sirisena’s girlfriend and Daham were absconding.

26 Dec 2014
රතුපස්වල ගැමියන්ට මාස 3 න් විසඳුම්
මෛත්‍රීපාල සිරිසේන
අද සොබා දහමත් කම්පාවෙලා
2014 දෙසැම්බර් මස 26 00:56:31 |
 රතුපස්වල  ජනතාවගේ ජල ප්‍රශ්ණය ඇතුලූ ජන ජීවිතයට බලපාන ප්‍රධාන ප්‍රශ්ණ සඳහා   මාස තුනක් ඇතුලත ස්ථිර විසඳුම්  ලබා දීමට ලබන 8 වෙනිදායින් පසු පිහිටුවන  අලූත් ආණ්ඩුවේ පොදු සේවකයා  ලෙස තමන් පෞද්ගලිකව මැදිහත්වන බව   මෛත්‍රීපාල සිරිසේන මහතා  රතුපස්වල ගල්ලොලූව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේදී  විහාරාධිපති තෙරිපැහැ  සිරිධම්ම හිමියන් හමුවේ   ප්‍රතිඥාවක්  දුන්නේය.
 රබර් ඇත්වැසුම් කම්හලක් නිසා රතුපස්වල ප්‍රදේශයේ  ගම්මාන රැසක  ඇති වු ජල ගැටලූව සම්බන්ධයෙන්  ගැමියන් කළ උද්ඝෝෂණයේදී යුධ හමුදාව සහ ගැමියන් අතර වු ගැටුමින්  මිය ගිය පාසැල් සිසුන් දෙදෙනා සහ තරුණයා වෙනුවෙන්  එම විහාරස්ථානයේ පැවති පින්කමට සහභාගීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසුවේය.
ජල ගැටුමින් දිවි පිදු තරුණයින්ට පින් පැමිණවීමේ පුන්‍ය කර්මය ජල සටනේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වු   අංජුල සුරේෂ් පෙරේරා මහතා  ඇතුලු  රතුපස්වල, නැඳුන්ගමුව තරුණ කැළ විසින් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම, රුවන් විජයවර්ධන, සුජීව සේනසිංහ ඇතුළු ප්‍රදේශයේ දේශපාලඥයෝ රැසක්ද, රතුපස්වල අවට ගම්මානවල ගැමියෝද සහභාගී වුහ.

වැඩිදුරටත්  අදහස් දැක්වු මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ............photos

26 Dec 2014
මුතුහෙට්ටිගම පනින බව පොලිසිය දනී
ඒත් වරෙන්තුව තිබුණේ නැතිලු
2014 දෙසැම්බර් මස 26 14:43:05 | .
 
වරෙන්තු නිකුත්ව තිබියදී නියොජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ  මහතාගෙන් ලංකාදීප එසැණ පුවත් ඇසූ ප්‍රශ්න සහ ලැබුණු පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාමට ගුවන් තොටුපළට එන බවට බ්‍රහස්පතින්දා (25) රාත්‍රී 10.56 ට 119 දුරකථන අංකයට යමෙකු දැනුම් දී තිබේද? ඊට පසුව දෙවරක්ම ඔබේ කාර්යාලයටත් දැනුම්දී ඇද්ද?
පිළිතුරු - මට එසේ තොරතුරු ලැබී තිබෙනවා. ලැබුණු දුරකථන අංකය පිළිබඳව රාජකාරි නොකරම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වනවා.
ප්‍රශ්නය - නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ප්‍රකට පුද්ගලයකු ගුවන් තොටුපළින් පලා ගියේ කෙසේද?
පිළිතුරු - ඔහු ගොස් තිබෙන්නේ ප්‍රභූ පර්යන්තය ඔස්සේ එහි පොලිස් නිලධාරීන් නැහැ. අනෙක අප ඔහුට රටින් පිටව යාම තහනම් කර අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණෙත් නැහැ.
ප්‍රශ්නය - බද්දේගම අධිකරණය මේ වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ පොලිස්පතිවරයා වෙතටය.
පිළිතුරු - ඔව්, එය බදාදා තැපැල් කළ බවට ආරංචියි කෙසේ වෙතත් මේ වන විට එය පොලිස්පතිවරයාට ලැබී තිබුණේ නැහැ.
http://www.lankadeepa.lk/index.php/articles/285746