Dec 27, 2014

27 Dec 2014

හමුදාවේ වියදමින් ප‍්‍රචාරක පත‍්‍රිකා යැවීම අත්හිටුවන්නැයි මැතිවරණ කොමසාරිස් නියෝග කරයි

යුද හමුදාවේ සෙබළුන් හා මුදල් යොදාගෙන, හමුදා සේවයේ නියුතු අයට තැපෑලෙන් යැවීමට සැලසුම් කර තිබූ මැතිවරණ ප‍්‍රචාරක ලිපි තොගයක් බෙදාහැරීම වහා අත්හිටුවන ලෙස තැපැල්පතිවරයාට නියෝග කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ප‍්‍රකාශ කරයි.
දෙසැම්බර් 26 දා සවස මැතිවරණයට තරග වදින පක්ෂවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවති රැුස්වීමකදී කොමසාරිස්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.
මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ නියෝග කර ඇත්තේ ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය විසින් මෙහෙයවන ‘පොදු දේපළ රැුකගැනීමේ වැඩසටහන‘ මගින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.
යුද හමුදාවේ අරමුදල් යොදාගෙන, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව රැුගත් ‘‘සැබෑ සාමයෙන් පසු අපේ රණවිරුවෝ” හිසින් යුත් ප‍්‍රචාරක පත‍්‍රිකාවක් සියලූ හමුදා නිලධාරීන් වෙත තැපැල් කර යැවීමට කටයුතු කරමින් තිබෙන බවත්, 2014-12-24 වැනිදා සිට මධ්‍යම තැපැල් හුවමාරුව තුළ හමුදා සෙබළුන් යොදවාගෙන මෙම ලිපිවලට මුද්දර ඇලවීමේ කටයුතු සිදුකරමින් තිබෙන බවත් එම පැමිණිල්ලෙහි සඳහන් විය.
25-12-2014 දාතමිින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස්. රනුග්ගේ මහතාගේ අත්සනින් යුතුව යැවූ එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් මෙසේද සඳහන් විය:
‘‘මේ සදහා රුපියල් ලක්ෂ 55ක මුදලක් යුද හමුදාව විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ගෙවූ බව වාර්තා වී ඇත. මේ සියල්ල රාජ්‍ය මුදල්ය. එමෙන් ම පණිවිඩ යැවීමත්, එය ලබාගැනීමත් සිදු කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් විසිනි. මෙය බරපතළ ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීමක්ද වේ.’’
‘හමුදා භටයන් මුද්දර ඇලවීමට යොදා ගත්තේ නැහැ’-තැපැල්පති
මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ රුව ඇතුළත් තැපෑලෙන් යැවෙන ප්‍රචාරක පත්‍රිකා තොගයකට මුද්දර ඇලවීම සඳහා යුද හමුදා සෙබළුන් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විරෝධය පළ කරයි.
මධ්‍යම තැපැල් කාර්යාලය තුළ සිදු කෙරුණ ඉහත කී ක්‍රියාව බරපතළ අන්දමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙන් ම රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීමක් ද වන බවයි, ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්‍ෂ ශාන් විජේතුංග බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ..............

No comments:

Post a Comment