Dec 29, 2014

29 Dec 2014
video: කලා කරුවන්ට ආණ්ඩුවේ මැර ප්‍රහාරයක්!
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික ඇතුළු නිල් බලකායට අයත් විශාල පිරිසක්  අලුත් පරපුර නම් කලා කරුවන්ගේ සංවිධානය කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පවත්වමින් සිටී ප්‍රචාරක කටයුත්තට ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ පිළිබඳව කුඹුක්ගැටේ පොලිසියට පැමිණිලි කිරීමට පවා නොහැකි තත්වයක් ඇති වී කුරුණෑගල පොලිසියට පැමිණිලි කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකරඔහුගේ දියණිය වන අමා විජේසේකරකසුන් කල්හාරසමනලීෆොන්සේකාමොහාන් රාජ් මඩවලජගත් මනුවර්ණඉන්ද්‍රචාප ලියනගේකෞෂල්‍ය කුමාර සිංහ යන කලා කාරුවන් හා කලා කාරියන් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගී වී සිටියහ. පත්‍රිකා බෙදමින්ගී ගයමින් සහ කරුණු පැහැදිලි කරමින් ඔවුන් ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී ඇත.
ඔවුන් සිටී ස්ථානයට කඩා වැදුණු නිල් බලකායේ පිරිස ගල් ප්‍රහාරයක් එල්ල කර බැණ වැදීඅඩම්තේට්ටම් කර බව අනාවරණය වේ. මේ පිළිබඳව වීඩියෝ දර්ශන තමන් සතුව ඇති බව අලුත් පරපුර සංවිධානය ප්‍රකාශ කරයි..
29 DEc 2014
මහියංගනයේ පොදු අපේක්ෂක කාර්යාලයකට වෙඩි
හිටපු හමුදා කර්නල්වරයකුටත් තුවාල
2014 දෙසැම්බර් මස 29 13:15:59
   මහියංගනය   නිදහංගල සොරබොර ජනපදයේ  මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට   වෑන් රථ තුනකින් පැමිණී 15 දෙනෙකුගේ කණ්ඩායමක් පෙර දින රාත්‍රී වෙඩි තබා පලා ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
කාර්යාලයයේ සිටි ආබාධිත හිටපු හමුදා කර්නල්වරයකු ට හා තවත් දෙදෙනකුට ඔවුන් පහර දී ඇතැයි ද, තුවාල ලැබූ හිටපු කර්නල් මහියංගනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඔවුහු පවසති.
29 Dec 2014
මුතුහෙට්ගමට පොලිසි අටකට ඇතුළුවෙන්න බෑ
ගමන් බලපත්‍රයත් තහනම් : උසාවියෙන් තරයේ අවවාද
2014 දෙසැම්බර් මස 29 14:29:53 |
   දැඩි කොන්දේසි සහිතව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප නියම කළ බද්දේගම මහේස්ත්‍රාත් චන්දන එදිරිමාන්න මහතා බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පොලිසි අටකට ඇතුළුවීම තහනම් කළේය. රුපියල් ලක්ෂ පහ බැගින් වූ සමීපත ම ඥාතීන්ගේ ශරිර ඇප දෙකක් මත මුදාහළ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද උසාවි භාරයට ගත්තේය. ඔහුට තරයේ අවවාද කරමින් මහේස්ත්‍රාත් පැවසුවේ ඔහු වරෙන්තු පිට සිටිය දී සිංගප්පූරුවට යන අවස්ථාවේ දී උසාවියට ගරු කරමින් 29 දා උසාවියට ඉදිරිපත් වන්නේයැයි මාධ්‍යයට කළ ප්‍රකාශය සළකා බලමින් ඇප ලබාදෙන බවයි.  ඔහු වැනි මහජන නියෝජිතයන්ගේ චර්යාව දෙස ලෝකයම බලා සිටින බැවින් ආදර්ශවත් ලෙස හැසිරෙන්නැයි ද මහේස්ත්‍රාත් වරයා අවවාද කළේය.
මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු මෙත්සිරි චාමින්ද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම නඩුව අවසන්වනතුරු වදුරඹ, බද්දේගම, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම, නාගොඩ හා පෝද්දල පොලිසිවලට ඇතුළු වීමට අවසර නැත. ඒ යම් පොලිසියකට පැමිණිල්ලක කිරීමට අවශ්‍යනම් එය සහකාර පොලිස් අධිකාරී වරයකුට ඉදිරිපත් කරන ලෙස උසාවිය නියෝග කළේය. නඩුව යලි ජනවාරි 26 දිනට කල් තැබිණි..........
http://www.lankadeepa.lk/index.php/articles/286309
නිශාන්තගේ ගෝලයන්ට දැඩි කොන්දේසි සහිත ඇප
2014 දෙසැම්බර් මස 29 13:59:07 |
 
වදුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාකර රැස්වීමක වේදිකාවට ගිනි තබන ලද සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි තිදෙනා රුපියල් ලක්ෂ හතරක් බැගින් වූ ශරිර ඇප මත මුදා හැරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න අද නියෝග කළේය. ලක්ෂ හතරක ශරීර ඇප තැබීම ලක්ෂ දෙක බැගින් දෙදෙනකු විසින් කළ යුතුයැයි ද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය විය. ඔවුන් පොලිස් අත්අඩංගුවේ සිටිය දී පැහැරගෙන යන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා සම්බන්ධ නඩුව මේ වනවිට බද්දේගම උසාවියේ විභාග වෙමින් පවතී. ඇප මත මුදාහරින ලද තිදෙනාට වදුරඹ පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වීම මහේස්ත්‍රාත්වරයා තහනම් කළේය. නඩුව ජනවාරි 26 දිනට කල් තැබිණි.
http://www.lankadeepa.lk/index.php/articles/286288

මුතුහෙට්ටිගම හිරගෙදරින් උසාවියට
2014 දෙසැම්බර් මස 29 09:02:58 |
 
SAM_2484
කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඉරිදා ගාල්ල බන්ධනාගාරයට ගෙන ආ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර බසයකින් රැගෙන ගියේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකරන ලද වේදිකාවකට වදුරඹ දී ගිනි තැබූ සිද්ධියක් සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පොලිසියේ සිටිය දී පැහැරගෙන යාම සම්බන්ධයෙන් මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන උසාවියට අද (29) ඉදිිරිපත් කරන ලෙස බද්දේගම මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තුවක් නිකුත්කැර තිබිණි....photos
http://www.lankadeepa.lk/index.php/top_story/286188
29 Dec 2014
දිස්‌ත්‍රික්‌ක 25න් 22ක්‌ ස්‌ථිර ලෙස දිනනවා අවි බලය මැර බලය පරදවනවා
ඒ ගැන අවිශ්වාසයක්‌ තියාගන්න එපා
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හැමෝටම හොඳ කනේ පාරක්‌ ගැහුවා

පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
ලොව සෑම රටක්‌ සමගම මිත්‍රශීලී වඩාත් විනිවිදභාවයෙන් යුත් සෘජු විදේශ ප්‍රතිපත්තියක්‌ තම ආණ්‌ඩුව යටතේ ක්‍රියාත්මක කරන බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 26 වැනිදා හොරණ, හිනිදුම, මොරවක, අකුරැස්‌ස, වැලිගම, බේරුවල, වලස්‌මුල්ල, අම්බලන්ගොඩ පැවැති ජනහමු අමතමින් පැවැසීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

අපි එදා දුටු සුන්දර මහින්ද රාජපක්‍ෂ වෙනුවට රාජාණ්‌ඩුවක රජෙක්‌ විදිහට තමයි පසුගිය කාලය පුරාවම අපට මහින්ද රාජපක්‍ෂව පෙනුණේ. රටේ එල්.ටී.ටී.ඊ ය එයිලු. රට දෙකඩ වෙයිලු. එතුමා මේ රටේ තවදුරටත් ජනාධිපති නොවුණහොත් මේ රටේ අලුතින් දේශපාලන අස්‌ථාවරත්වයක්‌ ඇති වෙන්න දෙයක්‌ නැහැ. දැනටමත් රට දෙකඩ වෙලා හමාරයි. පාර්ලිමේන්තුව, කැබිනෙට්‌ටුව නිහඬ කරලා. අපක්‍ෂපාතී රාජ්‍ය සේවය නිහඬ කරලා. ප්‍රබුද්ධ අධිකරණයේ බලය නැති කළා. ශිරාණි බණ්‌ඩාරනායක මැතිනිය එම තනතුරෙන් ඉවත් කළා. පොලිස්‌ සේවය සම්පූර්ණයෙන් විනාශ කළා. ව්‍යාපාරිකයන්ගේ කට වැහුවා. ව්‍යාපාරිකයෝ රාජපක්‍ෂ පවුලට කප්පම් ගෙවන්න ඕනෑ.
අපි බලයට පත් වුණහම මේ සංවර්ධන කටයුතු මීට වඩා තුන් ගුණයකින් සිදුකරනවා. හැබැයි දැන් සිදුවෙන්නේ සංවර්ධනයක්‌ නොවේ. වංචාවක්‌. දූෂණයක්‌. සියයට 50 කට වැඩි මුදලක්‌ වංචාවට, දූෂණයට ලක්‌වෙනවා. ඒa මුදල කෝටි දසදහසක්‌. මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ බඩගින්නේ දුක්‌ විඳිනවා. ඒ ජනතාව ගැන හිතන්න කියලා අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටියා. ඒත් සංවර්ධන කටයුතුවලින් අතිවිශාල මුදලක්‌ පගා ගහන්න පුළුවන් නිසා දුප්පතුන්ගේ බඩගින්න ගැන හිතන්න ජනාධිපතිට වුවමනාවක්‌ තිබුණේ නැහැ.

29 Dec 2014
විපක්‍ෂයේ පොරොන්දු කොළ කෑල්ල 9 වැනිදා කුණු කූඩයට යනවා
එදාටත් ජනපති මමයි එනිසා බියවිය යුතු නැහැ
ජනපති මහින්ද රාජපක්‍ෂ

කොටි ඡන්දවලින් ජාතියේ ඉරණම තීන්දු කරන්න දෙන්න බැහැ
ඇමැති විමල් වීරවංශ


මෙය ගම්සභා ඡන්දයක්‌ නොවෙයි. රටක්‌ පාලනය කරන්න භාරදෙන මැතිවරණයක්‌. ඒ නිසා ආවට ගියාට මොනව හරි කොළ කෑල්ලක ලියලා ජනතාව රවටා ඡන්ද ගන්න සූදානම් වන්නේ නම් එය මහා පාපයක්‌ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පසුගිය 25 වැනිදා පස්‌වරුවේ පැවති ජනාධිපතිවරණ ජනහමුවට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී රැස්‌ව සිටි ජනතාව ඇමැතූ ජනාධිපතිවරයා,

මේ ධාරානිපාත වර්ෂාවේ තෙමි තෙමී මෙතරම් වේලාවක්‌ රැඳී සිටීම පිළිබඳව තමුන්නාන්සේලාට මාගේ ප්‍රණාමය පිරිනැමෙනවා. එදා 2005 දී වගේම 2010 දීත් මේ දකුණු පළාතේ ජනතාව අපි කෙරෙහි වැඩිම විශ්වාසයක්‌ තබා කටයුතු කළා. ඔබ ලබා දුන් ඒ වරම්වලින් අපි හරියට රටට අවශ්‍ය දේ ඉටු කළා.
මේ ගාලු නගරයේ මේ ස්‌ථානයට ආවම අපිට දේශපාලනයේ ඉතිහාසය මතක්‌ වෙනවා. එදා අපි පාද යාත්‍රා යන විට, පළාත් සභාව ගන්න කොට අප සමග සිටි දොඩංගොඩ, රිචඩ් පතිරණ මැතිතුමන්ලා අමතක කරන්න බැහැ. ඒ වගේම දහනායක මහත්තයා අපිට අමතක කරන්න බැහැ.

29 Dec 2014
හකීම් මෛත්‍රීට

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ සභාපති බසිර් සේගුදාවුද් මහතා රවුෆa හකීම් මහතා වැළඳගෙන සුබ පැතූ අයුරු.
ඇමැතිවරුන් දෙදෙනකු සහ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකු සමඟ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ආණ්‌ඩුවෙන් ඉවත්වී විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිsරිසේන මහතාට සහාය දීමට ඊයේ (28 දා) තීරණය කළේය.
අධිකරණ ඇමැති රවුෆa හකීම්, ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති බසීර් සේගුදාවුද්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. එම්. හාරිස්‌, ෆයිසර් කාසිම්, එම්. එස්‌. තව්පික්‌, එම්. බී. ෆdරුක්‌, හසන් අලි, සහ ඡේ. එම්. අස්‌ලාම් යන අය මෙසේ විපක්‍ෂයට එක්‌වූ මුස්‌ලිම් කොංග්‍රසයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෝ වෙති.
ඊට අමතරව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ප
ළාත් සභා මන්ත්‍රීවරුන් 13 ක්‌ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 163 ක්‌ ද විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදීම සඳහා ආණ්‌ඩුවෙන් ඉවත් වූහ.
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්‌ඩලය පසුගිය කාලයේ සාකච්ඡා කිහිපයක්‌ පවත්වමින් මෙවර ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්‌ෂකයා පිළිබඳ තීන්දුවක්‌ ගැනීමට කටයුතු කළේය.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ ද තමන් පසුගිය දිනවල සාකච්ඡා කළ බවද, එහෙත් අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා සහාය දීමට තීරණය කළ බවද ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රවුෆa හකීම් මහතා ප්‍රකාශ කළේය.
තමන් අධිකරණ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය ද ජනාධිපතිවරයා වෙත යෑවූ බව හකීම් මහතා පැවැසුවේය.

http://www.divaina.com/2014/12/29/news01.html
 
29 Dec 2014

අද රැස්‌වීම්
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හංවැල්ලේදී සහ පැලවත්තේදී ප්‍රධාන මහජන රැලි දෙකක්‌ පැවැත්වේ.පෑලියගොඩ, වත්තල, ජාඇල, ආඬිඅම්බලම, දිවුලපිටිය යන ප්‍රදේශවල ද ජනහමු කිහිපයකට ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (29 දා) මඩකලපුව, මුතුර්, කන්තලේ, මිහින්තලේ, කැකිරාව, අනුරාධපුර යන නගරවලදී ජනහමු ඇමතීමට නියමිතය.
28 Dec 2014
මුස්‌ලිම් කලාපයට ජනපති එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා
- ඇමැති සුසිල් ප්‍රේමජයන්ත
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටියද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට එකඟ නොවීම නිසා කොංග්‍රසය රජය හැර ගිය බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කිසිම විටක දේශපාලන පක්‍ෂවල අන්තවාදී ඉල්ලීම්වලට නතු නොවන බවද හෙතෙම කීය. මුස්‌ලිම් කොංග්‍රසය 2005 දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දුන් අතර 2010 සරත් ෙෆdන්සේකා මහතාටත් 2010 මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඡන්ද ඉල්ලූ බවත් මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.
කල්මුණේ. සමන්තුරේ හා පොතුවිල් එක්‌කර වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ලබා ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය බවද ඇමැතිවරයා කීය.
වාර්ගික පදනමින් දිස්‌ත්‍රික්‌ක ඇතිකිරීම කොහෙත්ම කළ නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

http://www.divaina.com/2014/12/29/news03.html

Refusal to carve out new district is the reason-SLFP
2014-12-28 17:03:52

While claiming that the decision of the SLMC to leave the government would not affect the vote base of President Mahinda Rajapaksa or the election campaign or, the SLFP today said that refusal to carve out an ethnically demarcated new district in the east was the reason for the SLMC to support common opposition candidate Maithripala Sirisena.

28 Dec 2014
ආණ්ඩුව පරාජයෙන් වියරු වැටෙයි... 
මඩ මෙහෙයුම තිව්‍රර කරයි
"මේ වනවිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තමන්ගේ බලය ගිලිහීමත් පරාජයත් නිසා වියරු වැටිලා. කළබලයට පත්වෙලා. ඔහුගේ ගජමිතුරු ඇමති කැළ කෝපයට පත්වෙලා. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුව අතහරිමින් තිබෙනවා. දිනෙන් දින ජනතාව ආණ්ඩුවෙන් ඈත් වෙනවා. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු පවත්වාගෙන යන වෙබ් අඩවි භාවිතා කරමින් විපක්‍ෂයට එකතුවෙන පිරිස්වලට මඩ ප‍්‍රහාර එල්ලකරමින් තිබෙනවා. අද එළියට ආපු රාවුෆ් හකීම් ඇමතිවරයා ඉලක්කර කරගෙන මේ වනවිටත් මඩ ප‍්‍රහාර එල්ල කරමින් තිබෙනවා. මෙය ආණ්ඩුව ඉතාම සැලසුම්සහගතව සිදුකරමින් තිබෙනවා. ආණ්ඩුවේ ඉන්නවිට ඉතාම හොඳයි කියන පිරිස් එළියට ආවාම මේ විදියට මඩ ගහනවා." යැයි ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (28) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ වනවිට රටේ පවතින ආපදා තත්වය සහ ඊට ආණ්ඩුවේ මැදිහත්වීමේ ස්වභාවය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබූ අතර එහිදී දැක්වූ අදහස් පහත පළ වේ.
"මේ වනවිට දිස්ති‍්‍රක්ක 11ක පමණ ජනතාවක් ගං වතුර උවදුරින්නායයෑම්වලින් ආපදාවට පත්වෙලා තිබෙනවා. ලක්‍ෂ 12කට ආසන්න ජනතාවක් පීඩාවට පත්වෙලා තිබෙනවා. මුලු රටේම මරණ 21ක් වාර්තා වෙලා තිබෙන අතර වගාකළ ඉඩම් අක්කර 46,000ක් පමණ ගං වතුරින් හානි වෙලා තිබෙනවා. අම්පාර දිස්ති‍්‍රක්කයේ පමණක් 3,616ක පමණ ජනතාවක් අවතැන් වෙලා සිටින අතර කඳවුරු 24ක ඔවුන් මේ වනවිට නතරවී සිටිනවා. මුළු රටේම 14,000ක් පමණ ජනතාවක් අවතැන් වෙලා. මෙපමණ කාලයක් නාය යෑමේ අනතුරට පත්වේ යැයි අනතුරු අඟවා නොමැති ප‍්‍රදේශ පවා අද නාය යාමේ අනතුරකට භාජනය වෙලා. විශේෂයෙන් බණ්ඩාරවෙල උඩවෙලහාලිඇල රිල්පොල වැනි ප‍්‍රදේශවලද නාය යෑම් වාර්තා වෙලා. මුළු රටේම පොදු ආපදා තත්වයක් මතුවෙලා තිබෙනවා.
28 dec 2014
ඉරණම වෙනස් කරන්න ලිත්, කැලැන්ඩර් වැසි වස්සයි
ජනාධිපතිවරණයේදී තමන්ට අවාසි සහගතව මේ වනවිටන නිර්මාණය වී ඇති තත්වයන් පිළිබඳව දැනුවත් වීමත් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය වෙනස් කරගැනීම සඳහා ජනතාව අතර තම රුව රැගෙන යාමට විවිධ ක්‍රියාමාර්ගවලට පෙළෙඹෙමින් සිටී.
ඒ අනුව විවිධ රාජ්‍ය ආයතන යොදාගනිමින් මහින්ද රාජපක්ෂ මහතා‍ගේ රුව සහිත ලිත්දින දර්ශන සහ දින පොත් ආදිය මුද්‍රණය කරවා බෙදා හැරීමට මහින්ද පිලේ ප්‍රචාරක කණ්ඩායම කටයුතු කරමින් සිටී.
ඒ අනුව "සමෘද්ධි 2015 දිවිනැගුම ලිත" හා "ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක්" යනුවෙන් ශීර්ෂය ඇතුළත් ලිත් "ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව" ලෙස මුද්‍රණය කර ඇති අතර ඒ සදහා රුපියල් ලක්‍ෂ පන්සියයකට (රු. ලක්ෂ 500) වැඩි මුදලක් වියදම් කර තිබේ. මෙම සියලු ලිත් ජනවාරි 03 හා 04 යන දෙදින තුළ දිවිනැගුම සංවර්ධන නිලධාරීන් හරහා සමෘද්ධි ප‍්‍රතිලාභීන් යොදවාගෙන දිවයිනේ සියලු ග‍්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි බෙදා දීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සදහා මෙම ලිත් ලක්‍ෂ 50 යොදා ගැනීමට නියමිත අතර ගම්පහට ලක්‍ෂ 04ක්කොළඹට ලක්‍ෂ 04ක්කුරුණැගලට ලක්‍ෂ 04ක්රත්නපුරට ලක්‍ෂ 02ක්හම්බන්තොට ලක්‍ෂ 1.5ක් හා අම්පාරට ලක්‍ෂ 1.5ක් බැගින් දිස්ත‍්‍රික්කයන් වෙත මේ වනවිටත් බෙදා දී අවසන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමසාරිස්වරයාට හා සියලුම මැතිවරණ නීක්ෂණ සංවිධාන වෙත පැමිණිලි කර තිබේ.මීට අමතරව වරාය අධිකාරිය මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත දින දර්ශන පනස් දහසක් (50,000) මුද්‍රණයකර ඇති අතර ඊට රුපියල් ලක්ෂ 15ක් වැය කර ඇත.
ඊට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම දිනපොත් හතලිස්පන්දහසක් (45,000) මුද්‍රණය කරවීමට පියවර ගෙන ඇති අතර එම පොත් පන්සල්පල්ලි සහ කෝවිල් ආදී සියලුම පූජනීය ස්ථාන වෙත බෙදා හැරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 27ක් වැය වන බවද පැවසේ.එම දින පොතෙහි පිටු 400ක් ඇති අතර එහි මහින්ද රාජපක්ෂ මහතා‍ගේ රුව සහිත ඡායාරූප 48ක් මුද්‍රණය කර තිබේ.ලේක් හවුස් මුද්‍රණාලය ඇතුළු මුද්‍රණාල 3කට මෙය මුද්‍රණය සඳහා බාර දී තිබේ.
28 Dec 2014
‘ඡන්දය කල් දාන්නේ නෑ‘
2014 දෙසැම්බර් මස 28 19:02:18 | .
   අයහපත් කාලගුණය නිසා  ජනවාරි 8 වැනිදා  ජනපතිවරණය කල් තැබීම  සඳහා කිසිඳු තීරණයක්  ගෙන නැති බවත්  එසේ කරන ලෙසට තරඟ කරන කිසිදු අපේක්ෂකයකු  හෝ අපේක්ෂකයකුගේ ඡන්ද නියෝජිතයකු  හෝ ඔවුන්ගේ  නීතීඥයින්  හෝ  ඉල්ලා නැතැයි  මැතිවරණ කොමසාරිස්  මහින්ද  දේශප්‍රිය මහතා කියයි.
එනමුදු ජනපතිධූර අපේක්ෂකයින්,එම අපේක්ෂකයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ  ලේකම්වරුන්  ,මැතිවරණ නිරීක්ෂණ කමිටුවේ නිත්‍ය නියෝජිතයින් හා පිළිගත් දේශිය මැතිවරණ නීරීක්ෂණ සංවිධානවල  නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්  පැවැති පසුගිය රැස්වීමේදී දැනට දිවයිනපුරා පවතින අයහපත් කාලගුණය නිසා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යට හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට බාධා ඇතිවන බැවින් ඒ සඳහා අමතර කාලයක් ලබාදීම මැනවි යැයි යෝජනා විය.එබැවින් තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීම 2015.01.03 දින දක්වා දීර්ඝ කිරීමටත්,තැපැල්පතිවරයාගේද එකඟතාව ඇතිව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම2015.01.04 දක්වා දීර්ඝකිරීමට කටයුතු කරන බවද ඔහු කියයි.
http://www.lankadeepa.lk/index.php/top_story/286127
ඡන්දය කල් දාන්නැයි මෛත්‍රී කියයි : සන්ධානය විරුද්ධ වෙයි
2014 දෙසැම්බර් මස 28 08:20:24 |
   දිස්ත්‍රික් 17ක පමණ දශ ලක්ෂයක් අවතැන්වී ඇති තත්ත්වය යටතේ ලබන 8 වැනිදා ජනපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි.
දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි.
ඔහු එම දිස්ත්‍රික්වලට පෞද්ගලිකවම ගොස් දිසාපතිවරුන් හමුවීමට නියමිතය.
එම පෙදෙස්වල ඡන්ද කාඩ් බෙදීමේ අපහසුතා මතුවී ඇත.මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නීතිඥවරුන් ගංවතුර හා නායයාම් ගැන මැතිවරණ කොමසාරිස් අවධානය යොමුකර ඇත.
එහෙත් කිසි ලෙසකින් ඡන්දය කල් දැමීමට එකඟ නොවන බව සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා ඇත.
http://www.lankadeepa.lk/index.php/top_story/285960