Dec 29, 2014

29 Dec 2014
හකීම් මෛත්‍රීට

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ සභාපති බසිර් සේගුදාවුද් මහතා රවුෆa හකීම් මහතා වැළඳගෙන සුබ පැතූ අයුරු.
ඇමැතිවරුන් දෙදෙනකු සහ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකු සමඟ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ආණ්‌ඩුවෙන් ඉවත්වී විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිsරිසේන මහතාට සහාය දීමට ඊයේ (28 දා) තීරණය කළේය.
අධිකරණ ඇමැති රවුෆa හකීම්, ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති බසීර් සේගුදාවුද්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. එම්. හාරිස්‌, ෆයිසර් කාසිම්, එම්. එස්‌. තව්පික්‌, එම්. බී. ෆdරුක්‌, හසන් අලි, සහ ඡේ. එම්. අස්‌ලාම් යන අය මෙසේ විපක්‍ෂයට එක්‌වූ මුස්‌ලිම් කොංග්‍රසයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෝ වෙති.
ඊට අමතරව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ප
ළාත් සභා මන්ත්‍රීවරුන් 13 ක්‌ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 163 ක්‌ ද විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදීම සඳහා ආණ්‌ඩුවෙන් ඉවත් වූහ.
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්‌ඩලය පසුගිය කාලයේ සාකච්ඡා කිහිපයක්‌ පවත්වමින් මෙවර ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්‌ෂකයා පිළිබඳ තීන්දුවක්‌ ගැනීමට කටයුතු කළේය.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ ද තමන් පසුගිය දිනවල සාකච්ඡා කළ බවද, එහෙත් අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා සහාය දීමට තීරණය කළ බවද ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රවුෆa හකීම් මහතා ප්‍රකාශ කළේය.
තමන් අධිකරණ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය ද ජනාධිපතිවරයා වෙත යෑවූ බව හකීම් මහතා පැවැසුවේය.

http://www.divaina.com/2014/12/29/news01.html
 

No comments:

Post a Comment