Dec 29, 2014

28 Dec 2014
‘ඡන්දය කල් දාන්නේ නෑ‘
2014 දෙසැම්බර් මස 28 19:02:18 | .
   අයහපත් කාලගුණය නිසා  ජනවාරි 8 වැනිදා  ජනපතිවරණය කල් තැබීම  සඳහා කිසිඳු තීරණයක්  ගෙන නැති බවත්  එසේ කරන ලෙසට තරඟ කරන කිසිදු අපේක්ෂකයකු  හෝ අපේක්ෂකයකුගේ ඡන්ද නියෝජිතයකු  හෝ ඔවුන්ගේ  නීතීඥයින්  හෝ  ඉල්ලා නැතැයි  මැතිවරණ කොමසාරිස්  මහින්ද  දේශප්‍රිය මහතා කියයි.
එනමුදු ජනපතිධූර අපේක්ෂකයින්,එම අපේක්ෂකයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ  ලේකම්වරුන්  ,මැතිවරණ නිරීක්ෂණ කමිටුවේ නිත්‍ය නියෝජිතයින් හා පිළිගත් දේශිය මැතිවරණ නීරීක්ෂණ සංවිධානවල  නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්  පැවැති පසුගිය රැස්වීමේදී දැනට දිවයිනපුරා පවතින අයහපත් කාලගුණය නිසා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යට හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට බාධා ඇතිවන බැවින් ඒ සඳහා අමතර කාලයක් ලබාදීම මැනවි යැයි යෝජනා විය.එබැවින් තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීම 2015.01.03 දින දක්වා දීර්ඝ කිරීමටත්,තැපැල්පතිවරයාගේද එකඟතාව ඇතිව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම2015.01.04 දක්වා දීර්ඝකිරීමට කටයුතු කරන බවද ඔහු කියයි.
http://www.lankadeepa.lk/index.php/top_story/286127
ඡන්දය කල් දාන්නැයි මෛත්‍රී කියයි : සන්ධානය විරුද්ධ වෙයි
2014 දෙසැම්බර් මස 28 08:20:24 |
   දිස්ත්‍රික් 17ක පමණ දශ ලක්ෂයක් අවතැන්වී ඇති තත්ත්වය යටතේ ලබන 8 වැනිදා ජනපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි.
දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි.
ඔහු එම දිස්ත්‍රික්වලට පෞද්ගලිකවම ගොස් දිසාපතිවරුන් හමුවීමට නියමිතය.
එම පෙදෙස්වල ඡන්ද කාඩ් බෙදීමේ අපහසුතා මතුවී ඇත.මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නීතිඥවරුන් ගංවතුර හා නායයාම් ගැන මැතිවරණ කොමසාරිස් අවධානය යොමුකර ඇත.
එහෙත් කිසි ලෙසකින් ඡන්දය කල් දැමීමට එකඟ නොවන බව සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා ඇත.
http://www.lankadeepa.lk/index.php/top_story/285960

No comments:

Post a Comment