Dec 29, 2014

28 Dec 2014
ආණ්ඩුව පරාජයෙන් වියරු වැටෙයි... 
මඩ මෙහෙයුම තිව්‍රර කරයි
"මේ වනවිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තමන්ගේ බලය ගිලිහීමත් පරාජයත් නිසා වියරු වැටිලා. කළබලයට පත්වෙලා. ඔහුගේ ගජමිතුරු ඇමති කැළ කෝපයට පත්වෙලා. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුව අතහරිමින් තිබෙනවා. දිනෙන් දින ජනතාව ආණ්ඩුවෙන් ඈත් වෙනවා. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු පවත්වාගෙන යන වෙබ් අඩවි භාවිතා කරමින් විපක්‍ෂයට එකතුවෙන පිරිස්වලට මඩ ප‍්‍රහාර එල්ලකරමින් තිබෙනවා. අද එළියට ආපු රාවුෆ් හකීම් ඇමතිවරයා ඉලක්කර කරගෙන මේ වනවිටත් මඩ ප‍්‍රහාර එල්ල කරමින් තිබෙනවා. මෙය ආණ්ඩුව ඉතාම සැලසුම්සහගතව සිදුකරමින් තිබෙනවා. ආණ්ඩුවේ ඉන්නවිට ඉතාම හොඳයි කියන පිරිස් එළියට ආවාම මේ විදියට මඩ ගහනවා." යැයි ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (28) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ වනවිට රටේ පවතින ආපදා තත්වය සහ ඊට ආණ්ඩුවේ මැදිහත්වීමේ ස්වභාවය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබූ අතර එහිදී දැක්වූ අදහස් පහත පළ වේ.
"මේ වනවිට දිස්ති‍්‍රක්ක 11ක පමණ ජනතාවක් ගං වතුර උවදුරින්නායයෑම්වලින් ආපදාවට පත්වෙලා තිබෙනවා. ලක්‍ෂ 12කට ආසන්න ජනතාවක් පීඩාවට පත්වෙලා තිබෙනවා. මුලු රටේම මරණ 21ක් වාර්තා වෙලා තිබෙන අතර වගාකළ ඉඩම් අක්කර 46,000ක් පමණ ගං වතුරින් හානි වෙලා තිබෙනවා. අම්පාර දිස්ති‍්‍රක්කයේ පමණක් 3,616ක පමණ ජනතාවක් අවතැන් වෙලා සිටින අතර කඳවුරු 24ක ඔවුන් මේ වනවිට නතරවී සිටිනවා. මුළු රටේම 14,000ක් පමණ ජනතාවක් අවතැන් වෙලා. මෙපමණ කාලයක් නාය යෑමේ අනතුරට පත්වේ යැයි අනතුරු අඟවා නොමැති ප‍්‍රදේශ පවා අද නාය යාමේ අනතුරකට භාජනය වෙලා. විශේෂයෙන් බණ්ඩාරවෙල උඩවෙලහාලිඇල රිල්පොල වැනි ප‍්‍රදේශවලද නාය යෑම් වාර්තා වෙලා. මුළු රටේම පොදු ආපදා තත්වයක් මතුවෙලා තිබෙනවා.
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13355:2014-12-28-12-40-52&catid=36:2011-10-17-04-27-38&Itemid=72

මේ අවස්ථාවේදී ආණ්ඩුව විශේෂ මැදිහත්වීමක් කළ යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුවෙන් ප‍්‍රමාණවත් තරම් මැදිහ්තවීමක් සිදුවෙලා නැහැ. ජනතාව විපතට පත්වී තිබෙන ප‍්‍රමාණයට අනුව ආණ්ඩුවේ මැදිහත්වීමක් නොමැති බව දෙමෝදර ප‍්‍රදේශයේ ජනතාවගේ උද්ඝෝෂණයෙන් ඔප්පු වෙනවා. එම ප‍්‍රදේශයේ ජනතාව පාරට බැහැලා ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කළේ නායයෑමෙන් දෙදෙනෙකු ජීවතක්‍ෂයට පත්වී තිබියදීත් පැය 24ක් යන තෙක් ආණ්ඩුවේ බලධාරීන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ නිසයි. එමෙන්ම විපතට පත් ජනතාවට ආහාරපානඇඳුම් පැළඳුම් ලබාදීමට මේ වනවිටත් කිසිදු ක‍්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. පොළොන්නරුවේ විශේෂ තත්වයක් උද්ගත වෙලා. මොකද ආණ්ඩුව විපතට පත් අයට සහන දෙනවා යැයි කියමින් වෙනත් සංවිධානවලට සහ පුද්ගලයින්ට පෙළොන්නරුව විපතට පත් ජනතාවට උදව් කිරීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. එමෙන්ම ගං වතුරින් සහ නායයෑම්වලින් අබලන් වෙච්චි අතුරු මාර්ග පිළිසකර කිරීමට ආණ්ඩුවට කඩිනම් වැඩපිළිවෙලක් නොමැති නිසා ජනතාව ඇතැම් ගම්වල සිරවී සිටිනවා. රිල්පොල එවැනි ප‍්‍රදේශයක්.
ජනාධිපතිවරයා විපතටපත් ප‍්‍රදේශවල සංචාරය කළ පමණින් ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක ජනාධිපතිවරයාගේ මැතිවරණ වැඩසටහනක් පමණයි. අදාළ ඇමතිවරුන්නිලධාරීන් මේ සඳහා කඩිනමින් මැදිහත්මක් කළ යුතුයි. මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය මාධ්‍ය සංදර්ශන නොවෙයි. අවතැන් වූ ජනතාවට තාවකාලික ලැගුම්හල්කෑම බීමඇඳුම් පැළදුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එමෙන්ම මෙවැනි අනතුරුදායක ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කර ඔවුන්ට ස්ථිර වාසස්ථාන ඉදිකර ගැනීමට ඉඩම් ලබාදීම,නිවාස ආධාර ලබාදීමසිදුකළ යුතුයි.
මීට ඉහතදී කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයේදී සිදුවූ නායයාම් සිද්ධියට මාස ගණනක් ගතවී තිබුණත් අවතැන් වූ ජනතාවට මේ වනතෙක් වාසස්ථාන ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ නැහැ. මැතිවරණය නිසා මීට සතියකට පමණ කලින් ගෝඨාභය රාජපක්‍ෂ මුල් ගලක් තිබ්බා. නමුත් ආණ්ඩුවට හැකියාව තිබුණා මීට කලින් ඔවුන්ට වාසස්ථාන ඉදිකර දීමට. ආණ්ඩුව ජනතාවගේ ප‍්‍රශ්න ගැන නොතකා ඡන්ද පස්සේ දුවනවා. ඇමතිවරුන්රජයේ නිලධාරීන්ආණ්ඩුවේ මැතිවරන වැඩවල නියැළිලා ඉන්නවා. සියලු දෙනා ඡන්දයත් සමඟ පොර බදනවා. මේ වනවිටත් පීඩාවට පත්වෙලා සිටින ලක්‍ෂ 12ක් පමණ ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව අවාධානය යොමුකර නැහැ.
මෙම ආපදා තත්වය මැතිවරණ කටයුතුවලටත් බාධාවක් වෙලා. තැපැල් නිලධාරීන්ට ඡන්ද පති‍්‍රකා බෙදාහැරීමේ අපහසුතාවයක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා මැතිවරණයට බාධා වී ඇති ප‍්‍රදේශවලට විශේෂ මැදිහත්වීමක් සිදුකරන ලෙසට. දිස්ති‍්‍රක් මැතිවරණ නිලධාරීන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කොමසාරිස්වරයාගෙන් ඉල්ලනවා.
මේ වනවිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තමන්ගේ බලය ගිලිහීමත් පරාජයත් නිසා වියරු වැටිලා. කළබලයට පත්වෙලා. ඔහුගේ ගජමිතුරු ඇමති කැළ කෝපයට පත්වෙලා. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුව අතහරිමින් තිබෙනවා. දිනෙන් දින ජනතාව ආණ්ඩුවෙන් ඈත් වෙනවා. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු පවත්වාගෙන යන වෙබ් අඩවි භාවිතා කරමින් විපක්‍ෂයට එකතුවෙන පිරිස්වලට මඩ ප‍්‍රහාර එල්ලකරමින් තිබෙනවා. අද එළියට ආපු රාවුෆ් හකීම් ඇමතිවරයා ඉලක්කර කරගෙන මේ වනවිටත් මඩ ප‍්‍රහාර එල්ල කරමින් තිබෙනවා. මෙය ආණ්ඩුව ඉතාම සැලසුම්සහගතව සිදුකරමින් තිබෙනවා. ආණ්ඩුවේ ඉන්නවිට ඉතාම හොඳයි කියන පිරිස් එළියට ආවාම මේ විදියට මඩ ගහනවා.
ආණ්ඩුව මුලින්ම කුමන්ත‍්‍රණ කතාවක් කියන්න පටන් ගත්තා. මේ ජනාධිපතිවරණය ගෙනාවේ ඇමරිකාවේ ඔබාමා හෝ දෙමළ ඩයස් පෝරාවේ රුද්‍ර කුමාරන් නෙවෙයි. තව අවුරුදු දෙකක් තිබියදී මහින්ද රාජපක්‍ෂ මේ ජනාධිපතිවරණය කැඳෙව්වා. ඒ නිසාම ජනතාව මේ කුමන්ත‍්‍රණ කථා පිළිගත්තේ නැහැ. මෛතී‍්‍ර එළියට බැස්සට පස්සේ රාජපක්‍ෂ පවුලේ අයිය මලෝ තවත් වියරු වැටුනා. ඒ නිසාම මහින්ද රාජපක්‍ෂ සිහි විකල් වෙලා ෆයිල් කථාවක් කිව්වා. ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. කාන්තාවන්ගේ නිරුවත් මේනියාවකින් පෙළෙනවා. අනෙක් අධ්‍යාපන ඇමති බන්දුල නැට්ට නැති බල්ලෝ ගැන කියනවා. එවැනි තත්වයකට අද ආණ්ඩුවේ ඇමතිවරුන් පත්වෙලා තිබෙන්නේ පරාජයෙන් කෝපයට පත්වෙලා තිබෙන නිසයි.
ආණ්ඩුව මේ වනවිට විශාල ලෙස ප‍්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් තිබෙනවා. වේදිකා ගිණි තියනවා. වේදිකාවලට වෙඩි තියනවා. පොලිස් හිර කූඩුවේ ඉන්න සැකකරුවන් ඇමතිවරු ඇවිල්ලා බලෙන් පැහැරගෙන යනවා. උසාවියෙන් වරෙන්තු කරන නියෝජ්‍ය ඇමතිවරු ගුවන් තොටුපොළේ ප‍්‍රභූ පර්යන්තයෙන් රට අත්හැරලා යනවා. පොලීසියට ඔවුන් අත්අඩංගුවට ගන්න බැරිවෙලා තියෙනවා. එවැනි විහිළුකාරී තත්වයකට අද පොලීසිය පත්වෙලා. පසුව ජනතාවගේ විරෝධයක් මතුවීම නිසාම පොලීසියට එම ඇමතිවරයා අත්තඅඩංගුවට ගන්න සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි. ආණ්ඩුව විපක්‍ෂයේ මැතිවරණ කටයුතුවල යෙදෙන පුද්ගලයින්ට පහරදෙනවා. මැදිරිගිරියේදී දෙණියායේදී ජවිපෙ සාමාජිකයින්ට ආණ්ඩුවේ මැරයින් බරපතළ ලෙස පහර දුන්නා. ආණ්ඩුව ආරක්‍ෂක අංශයේ පිරිසක් යොදවාගෙන ඔවුන්ට ආයුධ දීලා පෝස්ටර් ව්‍යාපාරයට යොදා ගන්නවා.
ඒ වගේම ආණ්ඩුව නිර්ලැජ්ජිත ලෙස ජනතාවගේ බදුමුදල්වලින් යැපෙන රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විපක්‍ෂයට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන විමල් වීරවංශගේ පක්‍ෂයේ නමින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මඩ පෝස්ටර් අලවනවා. මේ වනවිටත් අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ රුව යොදාගනිමින් මඩ පෝ්ස්ටර් මුද්‍රණය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ ආණ්ඩුවේ මෙම මඩ ව්‍යාපාරය දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. අපි ජනතාවගෙන් ඉල්ලනවා ආණ්ඩුවේ මෙම මඩ ප‍්‍රචාරවලට අහු වෙන්න එපා කියලා. එම මඩ ප‍්‍රචාර ප‍්‍රතික්ෂේප කරන ලෙසත් අපි ජනතාවට කියනවා. ආණ්ඩුවේ මෙම පරාජිත හැසිරීම්වලින් සිදුවන්නේ තව තවත් ජනතාව ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කිරීමයි. ආණ්ඩුවේ ඒකාධිපතිවියරු පාලනය පරාජයට පත්කිරීම සඳහා ශක්තිමත්ව ඉදිරියට එන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා.
මේ වන විට මහින්ද රාජපක්‍ෂගේ පරාජය ස්ථිර වෙලා තිබෙනවා. සියලුම දෙනා තුළ සැකයක් මතුවෙලා තිබෙනවා මෙම පරාජය වහගන්න කුමක් හෝ හොරකමක් කරයිද කියලා. අතීතයේ සිදුවුණු ජිල්මාට් වැඩ නිසා ජනතාවට සාධාරණ සැකයක් මතුවෙලා. විශේෂයෙන් අපි ජනතාවට කියනවා ඒ ජිල්මාට් වැඩවලට ඉඩ තියන්න එපා කියලා. මොකද ජනතාව අවදියනේ ඉන්නවා නම් සැක සහිත සිදුවීම්වලට එරෙහිව මැදිහත් වෙනවා නම් එවැනි සිද්ධි පිළිබඳව පොලීසියටමැතිවරණ කොමසාරිස්වරයාටමැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලටදේශපාලන පක්‍ෂවලට දැනුම් දෙනවා නම් එවැනි නීති විරෝධී කි‍්‍රයා අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා. එනිසා ඒ පිළිබඳව අවදියෙන් ඉන්න ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා."
මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...
"ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට දේශපාලන පක්‍ෂ නියෝජිතයින් සහභාගි වෙනවා. ඡන්ද ගණන් කරන මධස්ථානවල අක‍්‍රමිකතාවයක් සිදුවෙනවා නම් එම නියෝජිතයින්ටමැතිවරණ නිලධාරීන්ට මැදිහත් වීමේ හැකියාව තිබෙනවා. නිලධාරීන් අපක්‍ෂපාතීන් නම් දූෂණ අවම කරගන්න පුළුවන්. නිරීක්‍ෂණ සංවිධානවල වගකීම තමයි හැකිතාක් සාධාරණ මැතිවරණයක් පවත්වාගැනීමට මැදිහත් වෙන එක.
අපි හිතනවා මේ මැතිවරණ කොමසාරිස්වරයාට නම් ආතතිය හැදෙන එකක් නැහැ කියලා. පොඩි කිතියක් හැදෙන්න පුළුවන්. එවැනි තත්වයක් මතුවෙන්න කලින් ඒ සඳහා අපි ගන්නා පියවර පිළිබඳව සඳහන් කළ නොහැකියි. නමුත් වගකිව යුතු පාර්ශ්වයන්ගේ සුපරීක්‍ෂාකාරිත්තවය මත එවැනි තත්වයන් මගහරවා ගන්න පුළුවන්. අපි ප‍්‍රාර්ථනා කරනවා මේ මැතිවරණ කොමසාරිස්වරයාට නමවැනිදාට ආතතියක් වැළඳෙන්න එපා කියලා.
අපේ පක්‍ෂයේ ඇතැම් නායකයින් ආණ්ඩුවට එකතු වෙන බවට විවිධ කට කථා පතුරුවනවා. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුවේ එම මඩ ප‍්‍රචාරවලට සහයෝගය දෙන්න එපා කියලා. අපි නිශ්චිතව කියනවා අපේ කිසිදු නායකයෙක් ආණ්ඩුවට යන්නේ නැහැ කියලා. ඒ නිසා ආණ්ඩුව කරන්නේ අපේ පක්‍ෂයෙන් ඉවත් කරපුපක්‍ෂය විසින් විනය පරීෂක්‍ණ පවත්වාගෙන යන නඩු තිබෙන පුද්ගලයින් යොදා ගෙන මාධ්‍ය සාකච්ඡා පවත්වන එකයි. ඡන්දය පවත්වන දිනයේත් මේ ආකාරයේ ව්‍යාජ ප‍්‍රචාර දියත් කරන්න පුළුවන්කම තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ කාගෙවත් කොන්ත‍්‍රාත් කරන පක්‍ෂයක් නෙවෙයි. ඇතැම් පුවත්පත්වල පළකරලා තිබුණා අපි විවිධ කොන්ත‍්‍රාත් බාරගත්තා කියලා. අපි කරන්නේ ජනතාවගේ කොන්ත‍්‍රාත් පමණයි. ඒ වගේම කියන්න ඕනෑ අපි විවිධ පාර්ශ්ව සමඟවිවිධ සංවිධාන සමඟපුද්ගලයින් සමඟ මේ රාජපක්‍ෂ ආණ්ඩුව පළවා හැරීම සඳහා විවිධ සාකච්ඡා පවත්වනවා. නමුත් එම සාක්ච්ඡා හොර රහසේ කරන ඒවා නොවෙයි. බොහොම එළිපිට කරන දේවල්.
පොදු විපක්‍ෂයක් ගොඩනැගීම සඳහා කිසිදු ආරාධනාවක් අපට ලැබී නැහැ. විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයින් සමග කරන සාකච්ඡා දේශපාලන පක්‍ෂ අතර සිදුවන නිල සාකච්ඡා ලෙස පිළිගන්නේ නැහැ. මේ මොහොතේ පොදු විපක්‍ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි පක්‍ෂයක් විදියට අපේ ඡන්ද ව්‍යාපාරයේ නිරත වෙන අතර විපක්‍ෂයේ අනෙකුත් දේශපාලන පක්‍ෂ ඔවුන්ගේ මැතිවරණ කටයුතු කරගෙන යනවා. එනිසා මේ හදිසියේ පොදු විපක්‍ෂයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා අවශ්‍ය වෙන්නේ නැහැ."

No comments:

Post a Comment