Dec 29, 2014

28 dec 2014
ඉරණම වෙනස් කරන්න ලිත්, කැලැන්ඩර් වැසි වස්සයි
ජනාධිපතිවරණයේදී තමන්ට අවාසි සහගතව මේ වනවිටන නිර්මාණය වී ඇති තත්වයන් පිළිබඳව දැනුවත් වීමත් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය වෙනස් කරගැනීම සඳහා ජනතාව අතර තම රුව රැගෙන යාමට විවිධ ක්‍රියාමාර්ගවලට පෙළෙඹෙමින් සිටී.
ඒ අනුව විවිධ රාජ්‍ය ආයතන යොදාගනිමින් මහින්ද රාජපක්ෂ මහතා‍ගේ රුව සහිත ලිත්දින දර්ශන සහ දින පොත් ආදිය මුද්‍රණය කරවා බෙදා හැරීමට මහින්ද පිලේ ප්‍රචාරක කණ්ඩායම කටයුතු කරමින් සිටී.
ඒ අනුව "සමෘද්ධි 2015 දිවිනැගුම ලිත" හා "ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක්" යනුවෙන් ශීර්ෂය ඇතුළත් ලිත් "ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව" ලෙස මුද්‍රණය කර ඇති අතර ඒ සදහා රුපියල් ලක්‍ෂ පන්සියයකට (රු. ලක්ෂ 500) වැඩි මුදලක් වියදම් කර තිබේ. මෙම සියලු ලිත් ජනවාරි 03 හා 04 යන දෙදින තුළ දිවිනැගුම සංවර්ධන නිලධාරීන් හරහා සමෘද්ධි ප‍්‍රතිලාභීන් යොදවාගෙන දිවයිනේ සියලු ග‍්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි බෙදා දීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සදහා මෙම ලිත් ලක්‍ෂ 50 යොදා ගැනීමට නියමිත අතර ගම්පහට ලක්‍ෂ 04ක්කොළඹට ලක්‍ෂ 04ක්කුරුණැගලට ලක්‍ෂ 04ක්රත්නපුරට ලක්‍ෂ 02ක්හම්බන්තොට ලක්‍ෂ 1.5ක් හා අම්පාරට ලක්‍ෂ 1.5ක් බැගින් දිස්ත‍්‍රික්කයන් වෙත මේ වනවිටත් බෙදා දී අවසන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමසාරිස්වරයාට හා සියලුම මැතිවරණ නීක්ෂණ සංවිධාන වෙත පැමිණිලි කර තිබේ.මීට අමතරව වරාය අධිකාරිය මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත දින දර්ශන පනස් දහසක් (50,000) මුද්‍රණයකර ඇති අතර ඊට රුපියල් ලක්ෂ 15ක් වැය කර ඇත.
ඊට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම දිනපොත් හතලිස්පන්දහසක් (45,000) මුද්‍රණය කරවීමට පියවර ගෙන ඇති අතර එම පොත් පන්සල්පල්ලි සහ කෝවිල් ආදී සියලුම පූජනීය ස්ථාන වෙත බෙදා හැරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 27ක් වැය වන බවද පැවසේ.එම දින පොතෙහි පිටු 400ක් ඇති අතර එහි මහින්ද රාජපක්ෂ මහතා‍ගේ රුව සහිත ඡායාරූප 48ක් මුද්‍රණය කර තිබේ.ලේක් හවුස් මුද්‍රණාලය ඇතුළු මුද්‍රණාල 3කට මෙය මුද්‍රණය සඳහා බාර දී තිබේ.

No comments:

Post a Comment