Dec 29, 2014

29 Dec 2014
දිස්‌ත්‍රික්‌ක 25න් 22ක්‌ ස්‌ථිර ලෙස දිනනවා අවි බලය මැර බලය පරදවනවා
ඒ ගැන අවිශ්වාසයක්‌ තියාගන්න එපා
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හැමෝටම හොඳ කනේ පාරක්‌ ගැහුවා

පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
ලොව සෑම රටක්‌ සමගම මිත්‍රශීලී වඩාත් විනිවිදභාවයෙන් යුත් සෘජු විදේශ ප්‍රතිපත්තියක්‌ තම ආණ්‌ඩුව යටතේ ක්‍රියාත්මක කරන බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 26 වැනිදා හොරණ, හිනිදුම, මොරවක, අකුරැස්‌ස, වැලිගම, බේරුවල, වලස්‌මුල්ල, අම්බලන්ගොඩ පැවැති ජනහමු අමතමින් පැවැසීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

අපි එදා දුටු සුන්දර මහින්ද රාජපක්‍ෂ වෙනුවට රාජාණ්‌ඩුවක රජෙක්‌ විදිහට තමයි පසුගිය කාලය පුරාවම අපට මහින්ද රාජපක්‍ෂව පෙනුණේ. රටේ එල්.ටී.ටී.ඊ ය එයිලු. රට දෙකඩ වෙයිලු. එතුමා මේ රටේ තවදුරටත් ජනාධිපති නොවුණහොත් මේ රටේ අලුතින් දේශපාලන අස්‌ථාවරත්වයක්‌ ඇති වෙන්න දෙයක්‌ නැහැ. දැනටමත් රට දෙකඩ වෙලා හමාරයි. පාර්ලිමේන්තුව, කැබිනෙට්‌ටුව නිහඬ කරලා. අපක්‍ෂපාතී රාජ්‍ය සේවය නිහඬ කරලා. ප්‍රබුද්ධ අධිකරණයේ බලය නැති කළා. ශිරාණි බණ්‌ඩාරනායක මැතිනිය එම තනතුරෙන් ඉවත් කළා. පොලිස්‌ සේවය සම්පූර්ණයෙන් විනාශ කළා. ව්‍යාපාරිකයන්ගේ කට වැහුවා. ව්‍යාපාරිකයෝ රාජපක්‍ෂ පවුලට කප්පම් ගෙවන්න ඕනෑ.
අපි බලයට පත් වුණහම මේ සංවර්ධන කටයුතු මීට වඩා තුන් ගුණයකින් සිදුකරනවා. හැබැයි දැන් සිදුවෙන්නේ සංවර්ධනයක්‌ නොවේ. වංචාවක්‌. දූෂණයක්‌. සියයට 50 කට වැඩි මුදලක්‌ වංචාවට, දූෂණයට ලක්‌වෙනවා. ඒa මුදල කෝටි දසදහසක්‌. මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ බඩගින්නේ දුක්‌ විඳිනවා. ඒ ජනතාව ගැන හිතන්න කියලා අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටියා. ඒත් සංවර්ධන කටයුතුවලින් අතිවිශාල මුදලක්‌ පගා ගහන්න පුළුවන් නිසා දුප්පතුන්ගේ බඩගින්න ගැන හිතන්න ජනාධිපතිට වුවමනාවක්‌ තිබුණේ නැහැ.

http://www.divaina.com/2014/12/29/news14.html
රාජපක්‍ෂ පවුල පොලිසිය, නීතිය, අධිකරණය, පාර්ලිමේන්තුව, කැබිනෙට්‌ටුව තම අතට අරගෙන තිබෙනවා. එයින් දේශපාලන අස්‌ථාවරත්වයක්‌ ඇති කර තිබෙනවා. අපි එල්ටීටීඊයට ඔළුව උස්‌සන්න දෙන්නේ නැහැ. රට දෙකඩ වෙන්නේ නැහැ. දැන් අපට එරෙහිව විශාල මඩ ප්‍රචාර ගෙන යනවා. එල්ටීටීඊයෙන් අපට සල්ලි එනවාලු. දෙමළ ඩයස්‌පෝරාව සමඟ අප සම්බන්ධලු. අපි කවදාවත් එහෙම කරයි කියලා ඔබ හිතනවාද? රතන හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ, චම්පික ඇමැති, ෆොන්සේකා මහතා අපි එල්ටීටීඊයට අහුවෙනවාද? අපි දෙමළ ඩයස්‌පෝරාව, එල්ටීටීඊය සමඟ සම්බන්ධතා පවත්වයිද?

බලයෙන් ඉදිමුණු, බලයෙන් උඩඟු වුණු රාජපක්‍ෂ පවුල නොයෙක්‌ අභූත චෝදනා අපිට කරනවා. ජන බලයෙන් අවි බලය, මැර බලය පරදවලා පොදුජන ආණ්‌ඩුවක්‌ හදනවා. ඒක සර්වපාක්‍ෂික, ජාතික ආණ්‌ඩුවක්‌. දින 100 වැඩපිළිවෙළට අපි ප්‍රමුඛතාවය දෙනවා. එයිනුත් බඩගින්නේ සිටින ජනතාවට තුන්වේල කන්න පුළුවන් ක්‍රමයක්‌ ඇති කරනවා. ඡන්ද දායකයන්ට දැන් ආණ්‌ඩුව අල්ලස්‌ දෙනවා. අසරණ අඩු ආදායම්ලාභී පවුල්වල ඡන්දය කොල්ල කන්න හදනවා. බයිසිකල්, සිල්රෙදි, ෆොaන් වගේ ආණ්‌ඩුව බෙදන හැම දෙයක්‌ම ගන්න. අරගෙන එම දූෂිත ආණ්‌ඩුව පන්නන්න ඡන්දය දෙන්න.

රාජ්‍ය සේවය ස්‌වාධීන, අපක්‍ෂපාතී කිරීමට අපි කටයුතු කරනවා. පළමු මාස තුන ඇතුළත රාජ්‍ය සේවයේ මූලික වැටුපට රුපියල් දසදහසක්‌ එකතු කරනවා. පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක්‌ ලබාදෙනවා. විදේශ සේවයේ රැකියාවල නියුතු ලක්‍ෂ 25 ක ජනතාවටද විශ්‍රාම වැටුපක්‌ ලබා දෙනවා. ඔවුන් ජනාධිපති මන්දිර හදන්න නොවෙයි. රටට සල්ලි එවන්නේ. එම ජනතාව ජනාධිපති අමතක කරලා තිබෙනවා. ගෙවීගිය අවුරුදු 10 ඇතුළත එක දේශීය කර්මාන්තයක්‌ මේ රජය ආරම්භ කර නැහැ.

මේ රටේ දේශීය කර්මාන්ත දියුණු කළ විට හොරකම් කරන්න ලැබෙන්නේ නැහැ. අපි දේශීය කාර්මිකරණයක්‌ සිදුකර රටට කර්මාන්ත ඇති කරනවා. ශක්‌තිමත් කර්මාන්ත ඇති කරනවා. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ තරම් මේ රට සදාචාර වශයෙන් විනාශ වුණු අවධියක්‌ මේ රටේ තිබුණේ නැහැ. පළාත් සභා මැති ඇමැතිවරු, ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරු දූෂණ, වංචා, ලිංගික අපචාරවලට කොපමණ වැරැදිකරුවන් වූවත් ඔවුන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැහැ.

අති බහුතර ජනතාවක්‌ මේ රජයට එරෙහිව තීරණයකට එළැඹ තිබෙනවා. මෙතනම පැහැදිලියි අපේ රටේ නව ආණ්‌ඩුවක්‌ බිහිවෙන බවට. කළුතර දිස්‌ත්‍රික්‌කය අපි වැඩි ඡන්ද එක්‌ලක්‍ෂ පනස්‌දහසකින් මෙවර ජය ගන්නවා. රටේ පරිපාලන දිස්‌ත්‍රික්‌ක 25 න් 22 ක්‌ම අපි ස්‌ථිර ලෙස ජය ගන්නවා. ඒ ගැන අවිශ්වාසයක්‌ තියා ගන්න එපා. තක්‌කඩිකම්, මැතිවරණ දූෂණ සිදුකරන්න හැදුවට අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන සිදුකරනවා. සදාචාර සම්පන්න, ප්‍රබුද්ධ සහ පැහැදිලි විදේශීය ප්‍රතිපත්තියක්‌ සහිත රටක්‌ අපට ඕනෑ කරනවා.

මේ ආණ්‌ඩුව යටතේ ලෝකයේ රටවල් සියයට 5 ක්‌ පමණයි. අපේ රට සමඟ දැන් මිත්‍රව සිටින්නේ. රටවල් තරහ කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව හරි දක්‍ෂයි. එයින් අපට සිදුවුණු පාඩුව අපමණයි. ඒත් අපි ලබන 09 වැනිදා බිහිකරන ආණ්‌ඩුව යටතේ සෑම රටක්‌ සමඟම මිත්‍රශීලී වූ රටක්‌ ඇති කරනවා.

ඔබේ හෘද සාක්‍ෂියෙන් අහන්න ජනවාරි 08 වැනිදාට ඡන්දය දෙන්නේ රට රකින්නද, රාජපක්‍ෂ පවුල රකින්නද කියන ප්‍රශ්නයට? පොලිසිය, අධිකරණය, රාජ්‍ය සේවය, දේශීය ආර්ථිකය ශක්‌තිමත් කර රට රකින අපේ පක්‍ෂයට මෙවර ඡන්දවලින් සියයට 60 කට වඩා ලැබෙන බවට දැනටමත් වාර්තා වෙලා තිබෙනවා. ජනමතය පැහැදිලි ලෙස අලුත් ආණ්‌ඩුවක්‌ හදන පැත්තට යොමුවෙලා තිබෙනවා. ඒ ගැන අවිශ්වාසයක්‌ නැහැ. ලබන 09 වැනිදා අපි අලුත් ආණ්‌ඩුවක්‌ හදනවා. ඒ සඳහා දායකත්වය ලබාදී මේ පාලනය තුරන් කිරීමට සිදුකරන මහා පුණ්‍යකර්මයක්‌ බඳු දෙයට ඔබත් දායක වෙන්න. අපි ස්‌ථාවර, ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ හදනවා. මේ ආණ්‌ඩුව යටතේ අධික බදු බර, දූෂණය, අල්ලස පගාව නතර කරනවා. ජනතාවට සුත මුදිත සමාජයක්‌ අපි ඇති කරනවා. පවුල් වාදයට නැවතීමේ තිත තබනවා

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා -

මෛත්‍රියි, රනිලුයි ගිවිසුමක්‌ ගහලලු. නොවැම්බර් 21 වැනිදා වන තුරු මෛත්‍රියි රනිලුයි මුණගැසුණේ නැහැ. මමයි හැම රහස්‌ සාකච්ඡාවක්‌ම පැවැත්වුවේ. සාකච්ඡා වට දෙකක්‌ අපි පැවැත්වුවා මේ ගිවිසුම ගහලා තිබෙන්නේ නොවැම්බර් 01 වැනිදාලු. එතකොට මොන ගිවිසුම්ද? සීපී ද සිල්වා අතීතයේ ආණ්‌ඩුවෙන් එළියට බැස්‌සා වගේ තමයි මෛත්‍රි මහතා ආණ්‌ඩුවෙන් එළියට ආවේ. ඩඩ්ලිලා, සීපීලා කළ රත්‍රන් දේශපාලනය තමයි අද මේ ආරම්භ වෙලා තිබෙන්නේ. ඩඩ්ලි කළ පරිත්‍යාගය තරම්ම රනිල්ගේ පරිත්‍යාගයත් ඉහළයි. අපි 7 දෙනෙක්‌ මුලින්ම එළියට ආවා. පපුවක්‌, ඔළුවක්‌, ආත්ම ශක්‌තියක්‌ තිබෙන දේශපාලකයෝ තවමත් මේ රටේ ඉන්නවා කියලා අපි එදා පෙන්නුවා. දැන් 16 ක්‌ එළියට ඇවිත් ඉන්නවා. මහින්ද රාජපක්‍ෂගේ 2/3 දැන් ඉවරයි.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචJද්‍ර මෙනවිය - 2011 අගෝස්‌තු මාසයේදී මාගේ පියා කුරිරු ලෙස ඝාතනය කර තිබුණා. වෙඩි උණ්‌ඩ 42 ක්‌ ශරීරයට පත්තු කරලා ඒත් හුස්‌ම නොයන විට අවසන් වෙඩි උණ්‌ඩය මගේ පියාගේ හිසට එල්ල කර මගේ පියාව මරා දමන්න තරම් ඒ නරුමයන් කටයුතු කර තිබෙනවා. මම තාත්තා වෙනුවෙන් කතා කරද්දී ජනාධිපති මට තහංචි දැම්මා. මම තාත්තාගේ නඩුවට යන විට මගේ තාත්තාව ඝාතනය කළ පුද්ගලයෝ මගේ දිහා රවාගෙන බලනවා. මම බිම බලා ගන්නවා. ඒත් එයාලට බය නොවී නඩුවට ගියා. මට ඒ සඳහා නොයන ලෙස ජනාධිපතිතුමා මගෙන් ඉල්ලා සිටියා. මම ඒවට සැලුනේ නැහැ. අවසානයේ මං තීරණයක්‌ ගත්තා. මගේ පියාගේ ඝාතකයන්ව ආරක්‍ෂා කරන ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා මෛත්‍රිපාල මහතා දිනවීමට. ආණ්‌ඩුව පැත්තේ ඇමැතිවරු කඳුළු පෙර, පෙර හොටු හූර හූරා තීරණයක්‌ ගන්න බැරිව ඉන්න කොට අවුරුදු 27 ක කෙල්ලෙක්‌ විදිහට කොන්ද පණ ඇති තීරණයක්‌ ගන්න මට හැකි වුණා. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හැම දෙනාටම හොඳ කනේ පහරක්‌ ගහලා මම තීරණයක්‌ ගත්තා.

කොළඹ ජනතාව අද සතුටු වෙනවා මාව බස්‌නාහිරෙන් පළමුවැනියා කිරීම ගැන. මල් වට්‌ටියක්‌ අතේ තියාගෙන, කුඩුකාරයෝ එක්‌ක සන්ධාන ගහන්න ගිය ගෙම්මන්පිලට වඩා මට ඡන්දය දුන්නු එක ගැන ජනතාව සතුටු වෙනවා. පොදු විපක්‍ෂයක්‌, පොදු සන්ධානයක්‌ ඇතිව අපි එක ප්‍රතිපත්තියකට පැමිණ තිබෙනවා. ඒ පිරිසිදු නිවැරැදි ජනාධි පතිවරයෙක්‌ පත් කිරීමට. මෛත්‍රිපාල මහතායි, රාජිත මහතායි පමණයි මගේ තාත්තාගේ ඝාතනය ගැන ආණ්‌ඩුවේ ඉඳගෙන කෙළින් කතා කළේ. අනෙක්‌ හැමෝගෙම කොන්ද කඩලා.

පානදුර නගර සභාවේ හිටපු නගරාධිපති නන්දන ගුණතිලක, අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීහුද අදහස්‌ දැක්‌වූහ.

No comments:

Post a Comment